Tuesday, November 28, 2017

කූඹියෝ,ෆැන්ටසි,තිර රචකයෝ සහ සිරිලංකාකාරයන් ගේ දේශපාලන නාටක

බැලූ බැලූ අත මූණු පොත පුරා කූඹියෝය. පැණියෝ ඇඹලයෝ මෙන්ම කඩියෝ ද මේ දවස්වල ඉන්නේ කූඹි කාලාය. කොච්චියා ද කූඹි බලන්න පටන් ගත්තේය. කන්සෙප්ට් එක නම් පට්ටය. ටාගට් එක ගොන් දෙපැය බැලූ බවලත් සෙට් එක නෙවේය. වෙනදාට ටීවී එකේ ප්‍රවෘත්ති හා දේශපාලන නරි නාටක බැලූ පිරිමින් ය. කූඹි ගැන කතා වන්නාවූ එකදු තලත්තෑනි ගෑනියෙක් වත් කොච්චියා ට අද වනතුරුත් හමු නූණේය. උන්ගේ රසය අද ඇත්තේ දෙවෙනි ඉනිමේය.

මනුස්සයා කියනා සතා ඉන්නේම ෆැන්ටසි ඇතුලේය. තම ෆැන්ටසිය ෆීල් වෙන්නේ කොතැනද මනුස්සයා එතැන රැඳෙන්නේ ය. බහුතරයක් පිරිමි පොරත්වයට ආසා කරන්නෝය. හැබැයි පොරත්වය සඳහා වූ රිස්ක් එකට ගූ බයය. ඒ නිසා උන් ඒවා ෆීල් කර ගන්නේ තිරය මත පමණක්මය. හැම පිරිමියාම වාගේ ජෙහාන් මෙන් වන්නට යටි හිතෙන් කැමැත්තෝය.. ඒත් කෙළවෙනවාට බයය..

කොච්චියා සිය ජීවිතයේ ජෙහාන් ලා දැක ඇත්තේය … ඒ විතරක් ද නෙවේය..කොච්චියා හට ජෙහාන් ෆැන්ටසියක් ද නෙවේය.. ඒ රියැලිටියේද මා කරක් ගසා ඇත්තේය. දකුණු ආසියාතික දේශපාලනය තුල සිටි හා ඉන්නා සියලු ඩීල් කාරයෝ ජෙහාන් ඉක්මවූ ජෙහාන් ලාය. මගේ වීරයා කූඹියෝ තිර රචකයාය. ගේම් ගසා කප්පිත්තෙක් නොවූ කිසිවෙක් හට ජෙහාන් නිර්මාණය කළ නොහැක්කේය. එපමණක්ද නොව තිර රචනය ඇතුලේ ජෙහාන්ට පවා කෙළවෙන ගේම් දෙන්නට නම් එලෙසින් ම බැට කෑවෙක් ද වීම අනිවාර්ය ය. ඒ කියන්නේ අත්දැකීම් බහුල ඩීල් කාරයෙක් විය යුත්තේය.

සිරි ලංකාවේ දේශපාලනය කියන්නේද කූඹියෝ වාගේය. ඔහෙලා අපි බලා ඉන්නේ නලුවන් දිහාය. තිර රචකයෝ කවුදැයි ඔහෙලා අපි දන්නේ නැතිය. කොටින්ම කාස්ට් එකේ ඉන්නා ගොඩක් එවුන් ද දන්නේ නැතිය. හිටපු රජ්ජුරුවෝ හා හිටං මෙන්ම රනිල් හා අනුර ලාද නලුවෝ විතරමය. හැමෝම රඟන්නේ රචකයන් කීප දෙනෙකුගේ හවුල් පිටපතකටය. උන් ආතල් දෙන්නේද අපේ ෆැන්ටසි වලටය. ලාබෙට කාර් හා පෙට්‍රල් මෙන්ම ඒකීය හෝ ෆෙඩරල් ලංකාවක් කියන්නේද අපි එකිනෙකාගේ ෆැන්ටසි මිසක් අනෙකක් නොවන්නේය.

වැඩේ අල වෙන්නේ නලුවන් ජනප්‍රියත්වයෙන් අන්ධ වී තිර රචකයාට නොදන්වා අධිරංගන වල නිරත වෙද්දී ය. බලය ධනය හා ජනප්‍රිය භාවය කියන්නේ අලි උගුල් ය. ඕවා තියෙන්නේ රචකයාගේ අතේ කියා උන්ට අමතක වන්නේය. හිටපු රජ්ජුරුවන්ට මෙන්ම මයිලෝ විරෝධී සරල ගැමියාටද උක්ත සාධකය පොදු ය. රචනය කෙසේ වුවත් රංගනය අල වූ කල නිර්මාණය ට කෙලවෙන්නේය. ආණ්ඩු වැටෙන්නේත් රජවරු බයිසිකල් පදින්නේත් එතකොටය.

මහ උල්පතගම ගේ රංගනය අති විශිෂ්ට ය. හරියටම කිව්වොත් විමලසිරි හා නානසාර වගේය. හැබැයි තමා පිටපතේ සහය නලුවන් බව අමතක නොකරන තාක් ය. ප්‍රේක්ෂක ප්‍රතිචාර මත සිය භූමිකාව අමතක කර ප්‍රධාන නලුවාට ඇඳීමට යන ඕනෑම මොහොතක රචකයා විසින් ටොක්කක් ඇන නැවත නියම චරිතයේ පිහිටුවනවා ඇත්තේය. ඔය එක් එක් කොමිසන් ඇත්තේ ඒකටය. ඒවා පොඩි පොඩි ටොකු විතරක්මය.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ මුල්ම වතාවට ඊයේ පෙරේදා ප්‍රධාන නලුවෙක් ටොක්කක් කෑවේය. ඒ රනිල් ය. භයානක ආරම්භයක් ය. හිටං මෙන්ම රජ්ජුරුවෝ ද ඊළඟ මාස තුන හතර ඇතුලේ තද ටොකු කන බව අද කොච්චියා ටක්කෙටම කියන්නේය. ඔය තිර රචකයන් ගැන කොච්චියා හොඳ හැටි දන්නේය. ඔය කෝකා ටොකු කෑවත් ජහමනයා දෙපැත්ත ගෙන හුරේ දමන්නේ හෙනහුරා කවදා කෙසේ වත් තමන් හැර යන්නේ නැති බව අමතක කොරලාය. ටොකු කන එවුන් අද කෑවත් හෙට කෑවත් දවල්ට කන්නේ තරු පහේ හෝටල් වලින් ය. උන්ගේ ගුරු මෙන්ම සිකුරු ද සැමදා උච්චය. හෙනහුරා නිසා හතේ හත වැදී ඉන්නා සමස්ත සිරිලංකාකාරයන්  ඉන්නේ පෙට්ටි කඩයෙන් කන්නවත් තුට්ටුව නැතිවය.

තව ලියන්නට තිබ්බත් මෙතැනින් නවත්තන්නේය. මේ දවස් වල පැය තිහක් වත් දවසකට තිබ්බා නම් හොඳ යැයි හිතෙන්නේය. කොච්චියා ගේ රථාචාර්‍යයා වන බිලාල් ගොයියා තදබල හෘදයාබාධයකින් රෝහල් ගතව ඉන්නේය. ඒ නිසා මිනිහාගේ වැඩ කොටසද කරන්නට වී ඇත්තේ මටමය. ඉතුරු ටික ලියන්නට යැයි හිතමින් කල් මරණවාට වඩා මෙසේ එය අවසන් කිරීම සුදුසු බැව් සිතුවේය.