කලින් පෝස්ටුවේ කොච්චියා සිය ඇබ්බැහිවීම් ගැන ඉඟි දුන්නේය. එයින් එකක් නම් කෝපිය. කොච්චියා කෝපි බීමට මනාපය. ඒ අදක ඊයෙක නොවේය. කොච්චියා හිච්චියා සන්දියේ සිටම මහ ගෙදර වත්ත පිටිපස්සේ තිබ්බේ කෝපි ගස් ය. පරණ කෝපි ගස් වල දෙබල වල් මත හිද කුඩා කොච්චියා අපමණ පොත් කියවා ඇත්තේය. ඉන් අමතක නොවන පොතක් නම් වීදිය බණඩාරය. කතුවරයා අමතකය. ජයෝ බණ්ඩාර මරා සමුද්‍රා අත් පත් කර ගන්නා වීදිය නොහොත් වේධය මට වීරයෙක් වූවේය. මායාදුන්නේ හා ටිකිරි බණ්ඩාර රාජසිංහ ව කම්පනය කළ වේධය … සමුද්‍රා දියේ ගිල්වා මරා දැමූ වේධය… දෙමළුන් හා පරංගි පෙති ගැසූ වේධය...ජාති වාදී ආගම් වාදී වේධය...මට වීරයෙක් උනේය… ඒ කෝපි ගසක් උඩ හිද ගෙන පොත කියවද්දීය. කොච්චියා පිස්සු වැටුනේ ඒ නිර්භීත කමටය… ළමා කාලයේත් කොච්චියා වීර ප්‍රේම කතා වලට ප්‍රේම කළේය… එදා සූරිය දේවිය කොච්චියාගේ සිහින කුමාරිය වූවාය...ඈ මායාදුන්නේ ගේ දියණියය...කිරි සුවදට පෙර ලේ සුවදට පෙම් කළ ටිකිරි බණ්ඩාර ගේ සොයුරියය...ඈ සිය රාජ්‍යයේ සතුරාට පෙම් කළාය...විවාහ වූවාය… ඔහු බේරා ගැනීමට උමගක් කැණුවාය…එදා කොච්චියා සිහින මැව්වේ එවන් ගැහැණියක් ය…
කෝපි බීමට එකල කොලොම්පුරේ තිබූ හොදම තැන බැරිස්ටාවය….කොච්චියා එහි කෝපි බීම උමතුවක් කර ගත්තේය… උණුවෙන් එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකක් ය… කෝපි බොන්නේ ඒ තද ඇරෝමාව විද ගන්නටය.. ලතේ(latte) වගේ ලාමක ඒවා කොච්චියාට හරි යන්නේ නැත… කොච්චියා hardcore පොරක් ය… සෙක්ස් කිව්වත් කොච්චියා කැමති hardcore ය… එහෙම කිව්වාට environmental variables මත රසය වෙනස් වන අවස්ථා ද නැත්තේම නොවේය… ඉදලා හිටලා අයිස්ඩ් කැෆේ ලතේ ද කොච්චියා බොන්නේය… සෙක්ස් ද ඒ වගේය.. කොෆී ෆ්ලේවර්ඩ් හොට් චොක්‍ලට් උනත් අවස්ථාව අනුව බොන්නේය….සමහර විට ඊට උඩින් විප්ඩ් ක්‍රීම් ද තිබ්බොත් හොදය... හැබැයි බයි ඩිෆෝල්ට් කොච්චියා හාඩ්කෝර් ය.
අදටත් මා කෝපි පිස්සෙක් ය.. ස්ටාර්බක්ස් හෝ කොස්ටා හෝ කොෆී බීන් කියා නැත්තේය...කෝපි එකක් එක්ක පොතක් කියවීම තෘප්තිය දෙන්නක්මය..අද ලංකාවේ ගොඩ දෙනෙක් කොෆී ෂොප්ස් වලට යන්නේ පොෂ් වෙන්නය.. ලව් කරන්නට වටාපිටාවක් සොයා ගන්නටය.ගිහිල්ලා බොන කෝපියක් නැතිය...තොල ගාන්නේ ජූස් ය..තාමත් ලංකාවේ හරි හමන් කෝපි සංස්කෘතියක් නැත්තේය.
ලෝකයේ ඉස්තර්ම්ම කෝපි රැසක් රස බලා ඇති කොච්චියා අදත් ආසා කරන්නේ ගෙදර කෝපි ගස් වලින් රතු පැහැ ගෙඩි කඩා අවුවේ වේලා ගෙවල් තුනකට එහායින් සිටි ඇමී ආච්චී නම් ගැහැනිය විසින් කොටා දෙන ලද ඒ හෝම් මේඩ් කෝපිය… කොච්චියා ඒ සුවද අදත් සිතින් විදින්නේය. කෝපි වලට පෙම් කළ..ඒ නිසාම කෝපි වැවූ කොච්චියා ගේ ආදරණීය ආච්චීත් අසල්වැසි ඇමී ආච්චීත් දෙදෙනාම අද ඇත්තේ සුර ලොව යයි සිතීමට කොච්චියා මනාපය. ආච්චී හදා දුන් බිත්තර කෝපි රසය අදටත් මනසින් කොච්චියාගේ රස නහර ස්ටිමියුලේට් කරන්නේය.
කොච්චියා ඉස්සර සීදුවේ නෑයන්ගේ මළගෙවල් වල නයිට් ගැසීම ඉතා උනන්දුවෙන් කළේය. කැරම් අතක් ගසමින් හෝ ඕමියක් බලමින් ඉන්නා අතරේ අහල පහල ගෙවල් වලින් ගෙනෙනා කෝපි කෝප්පය ගෙන එන්නේ දිව්‍යමය සැපයකි.දැන් දැන් කොළඹ පමණක් නොව ගමේ ගොඩේ ද බොහොමයක් මල ගෙවල් වල නිදි මරන්ට කිසිවෙක් නැතිවා මෙන්ම එහා ගෙදරින් ගෙන ආ කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය.
කොච්චියා ඉස්සර සීදුවේ නෑයන්ගේ මළගෙවල් වල නයිට් ගැසීම ඉතා උනන්දුවෙන් කළේය. කැරම් අතක් ගසමින් හෝ ඕමියක් බලමින් ඉන්නා අතරේ අහල පහල ගෙවල් වලින් ගෙනෙනා කෝපි කෝප්පය ගෙන එන්නේ දිව්‍යමය සැපයකි.දැන් දැන් කොළඹ පමණක් නොව ගමේ ගොඩේ ද බොහොමයක් මල ගෙවල් වල නිදි මරන්ට කිසිවෙක් නැතිවා මෙන්ම එහා ගෙදරින් ගෙන ආ කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය.
සිරි පොද ඇද හැලෙන නුවර ටවුමේ හැන්දෑ යාමයන්හි පරණ බේක් හවුසියේ ආලින්දයේ කොච්චියා කෝපි බී ඇත්තේය.. වරක් දෙවරක් නොව කීපවරකට වඩා වැඩි වාර ගණනක්ය. කෝපි කෝප්පය තොල ගානා අතර එලිය බලනා කොච්චියාට පෙනෙන්නේ තෙත සුවදට ඇද හැලෙනා පොද වැස්සය...කුඩ ඉහලා ගෙන යන ඔසරි හැදි ළදුන් ය.. එකී මෙකී හැඩ තල කොච්චියා ගේ මන දොළ පිරවූ අතර කෝපි කෝප්පය ඒ දැකුම් හැගුම් සේ අවදි කරවූයේ නැතුවාද නොවේය.. නුවර ළදුන් හැඩකාරය. කෝපි වලට වඩා සෞම්‍ය ය..එනම් hardcore නෙවේ වගේය…. ඒත් බැලූ බැල්මට පෙනෙන දේ පිළි නොගත යුත්තේය. කෝපි වුනත් බීලාම බලන්නට ඕනාය.ඇතැම් තද කලු කෝපි සැර නැති අතරම ලා පාට කෝපි තද සැර වන අවස්ථාද ඇති බව කෝපි ලෝලියෝ දන්නවෝය.
වීදිය බණ්ඩාර සමග මුහුණට මුහුණ සටන් කළ හැක්කෙක් එදා ලක් දිව නොසිටියේය. රාජසිංහ මෙන්ම අසවේදු ද ඒ නම අසා දෙදරුවෝය.. හත්වෙනි බුවනෙකබා ගේ හයිය වීදිය බණ්ඩාර ය...පොන්නයා යයි නම් ලද දොන් ජුවන් ධර්මපාලගේ පියා ඔහුය...වේධය යාපනයේ වාගරාජගේ සෙබළුන් අතින් මරා නොදැමුණා නම් හා ජුවන් තම පියාව ඈත් කර නොගත්තේ නම් අද දොන් ජුවන් කියා පොන්නයෙක් ගැන අප අසන්නේ නැත්තේය...ඒ වෙනුවට අසන්නේ සීතාවක රාජසිංහට පහරට පහර ගැසූ ධර්මපාල ගැනය...වේධය එසේය… ඔහු ලේ පිපාසිතයෙක්ය...රාජ ලේ පරංගි ලේ හෝ දෙමළ ලේ ඔහුට අදාල නූයේය… ලේ නම් ලේය.. පිපාසා නම් පානය කළ යුත්තේය..මා හැදෑරූ..දැන ගත් වීදිය බණ්ඩාර එසේය.. වීදිය බණ්ඩාර ගේ අවසන් සටන ඔහුගේ වීරත්වයේ ක්ලයිමැක්ස් එකය. සිය මිතුරු බංගෙයි රාල හා එක්ව සතුරන් සියයකට වඩා තනිව පොලු ගැසූ වීදිය බණ්ඩාරව මුහුණට මුහුණ සටන් කර පැරදවිය නොහැකි බැව් අවබෝධ කර ගත් සතුරු සෙබළෙක් සියඹලා ගසක් මතට නැගී පසු පසින් ගැසූ හෙල්ල පහරකින් මහ පොළව සිප ගත්තේ එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දරුණුතම සටන් කරුවා යැයි සිතන්නට කොච්චියා කැමතිය.
කෝපි ගැන කියනා විට කොච්චියාගේ සිත් ගත් අනෙක් කෝපිය නම් තුර්කි කෝපිය. Turkish coffee කියන්නේ වෙනම සංගිස්කුරුතියක් ය..Espresso එකක රළු බව, ලාංකීය අපට හුරු මඳක් සෞම්‍ය ඇරෝමාවක් ඔබ්බවා ඇති තුර්කි කෝපි කොච්චියා බොන්නේ සීනි නැතුවය.. මේ දාලා ඇත්තේ එහි පින්තූරයක් ය.
ශීෂා කියන්නේ හූකා වලටමය..දැන් දැන් ලංකාවේද හූකා කැෆේස් තියෙන්නේය..ඇපල් මින්ට් රස කැවූ දුම්කොල දුම උරමින් බොන තුර්කි කෝපි එක ඔබව දිව්‍ය ලෝකය කරා ගෙන යන්නේය.. ශීෂා ගැන වෙනම ලිවිය යුත්තේය. අර්ධ දහනයකට ලක් වන දුම්කොළ වලින් එන ඒ සැර ටද කොච්චියා මනාපය..කාලයක් හැම බ්‍රහස්පතින්දාම කොච්චියා නෝනාත් සමග ශීෂා උරන්නට ගියේය..ශීෂා ගසමින් තුර්කි කෝපි බොමින් රමී ක්‍රීඩා කළ යුගය අමතක නොවන්නේය. . එදා සහ අදත් ඕමානයේදී ශීෂා වලට කොච්චියා යන්නේ ඇඩ්‍රස් කැෆේ එකටය. එතන අපට ගෙදර වගේය. ඇඩ්‍රස් කැෆේ එක සබැඳි කතාද එමටය. ඒ හා බැඳි චරිතද ක්‍රීඩාවේ උන්මත්තක භාවය ගැනද ඉදිරියේදී ලියවෙනවාය.
කොච්චියාගේ හිත ගත් ඊලග කෝපිය නම් අරාබි කෝපි ය..අරාබි කිව්වාට මෙහේ වැවෙන කෝපියක් නැත්තේය..රට ඉදි හැරුණාම තණකොල වත් නොවැවෙනා අරාබිකරයේ කෝපි කියන්නේ උන්ගේ සංගිස්කුරුතියේ ප්‍රධාන අංගයක් ය. ඕමානයට ආ මුල් කාලයේම කොච්චියා හොඳම අරාබි කෝපි සෙවීමට වෙහෙසුණේය.දවසක් කොච්චියා හිතවත් ඕමානියෙක් ගෙන් ඇසුවේ හොදම kahwa (කෝපි) හොයා ගන්නේ කෙසේද කියාය..මිනිහා කීවේ කඩේට ගොස් කහ්වා සිලානියා ඉල්ලන්නට කියාය. බලාගෙන ගියාම මේ කියන්නේ අපේ ලංකාවේ කෝපිය. ඒ කෝපි වලට විවිධ කුළුබඩු එක් කර බ්ලෙන්ඩ් කර සාදන්නකිය මේ අරාබි කෝපි. අරාබීන් කෝපි නොහොත් කහ්වා බොන්නේ කුඩා කෝප්ප වලය..රට ඉදි හපමින් කෝපි බොමින් හවස් වරු ගත කරන අරාබි ගැහැනුත් පිරිමිත් කොච්චියාට හුරු පුරුදුය. ඔය අරාබි කෝපි බීමේ ද එක් එක් රීති තියෙන්නේය..කෝපි වක්කරන්නේ ගෙදර මූලිකයා ය. කෝප්පය ඉවර වූ සැණින් ආපහු පුරවන්නේය. දැන් ඇති නම් කෝප්පය සෙමෙන් සෙලවිය යුතුය. නැත්නම් ආයෙත් පුරවනු ඇත්තේය.
වීදිය බණ්ඩාර ගැන වූ ඒ පොත කොහේට උනා දැයි නැත්තේය. එය කියවා වසර විසි පහකට වැඩිය...තවමත් ජයෝ බණ්ඩාර හා වීදිය බණ්ඩාර අතර සටන සිතින් මවා ගත හැකි තරම් ඒ පොත ප්‍රබලය. ඒකට වෙච්ච දේ ගැන හිතමින් මේ මොහොතේ කොච්චියා ඉන්නේ ඉන්දීය අවන්හලක් ඇතුලේය. පෙර පෝස්ටුවක කිව්වා වගේ සිකුරාදා පාතරාසය ගන්නට ඇවිල්ලාය. කොච්චියාගේ ඉදිරියේ දැන් තියෙන්නේ තවත් කෝපි කෝප්පයක් ය. ඒ එදා පෝස්ට් එකේ කිව්වා වගේ ෆිල්ටර් කෝපි එකක් ය. ෆිල්ටර් කෝපි රසය නිකන් විදින්නට බැරිය. දකුණු ඉන්දීය ගිතෙල් රසය දිවේ යට තියෙද්දි ෆිල්ටර් කෝපි වඩා රසය.
වීදියේ බණ්ඩාර ව බැක්ග්‍රවුන්ඩ් එකේ තබාගෙන කොච්චියා ලියූ කෝපි කතාව මෙසේ නිම වෙනවාය. සෙක්ස් සහ විස්කි ගැනත් මේ විදියට ලියවෙන්නේය. සුරුට්ටු සහ හූකා ගැනත් ලියනවාය...සිගරට් ගැන කොච්චියා දන්නේ අබැටක් තරම්ය. නොදන්නා නිසා ඒ ගැන ලියන්නේත් නැත්තේය. කෝපි ගැන අන්තිම ට ආයෙත් කියන්නේ මූඩ් එක හා කාලගුණය වගේම වේලාව වගේ variables පදනම් කරගෙන තෝරා ගැනීම කල යුතු බවය.
පසු සටහන : මේ පෝස්ටෙක ලියා නිම කළේ සිකුරාදා පාතරාසය සමග මය.සෙනසුරාදා කොච්චියාගේ නෝනා ගේ උපන්දිනය යෙදී තිබුණේය. ඈට සුබ පතා වෙනම පෝස්ටුවක් ලියන්නට කොච්චියා සිතා සිටියේය. ඉරිදා වැඩ දවසක් බැවින් අපි ඇගේ උපන් දිනය සිකුරාදා රෑ සැමරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොච්චියා සෙනසුරාදා කිසිවක් ලියා ගත හැකි මට්ටමක නොසිටියේය. ඒ ගැන සාක්ෂි දරන්නට හැලපයා ඇත්තේය.
කොච්චියාට නෝනා ගැන කියන්නට අපමණ කතා ඇත්තේය..නමුත් මේ විතරක් කියා ඈට සුබ පතන්නේය. කොච්චියා සමග පවුල් කෑම පහසු නැත්තේය..ජීවිතය ගැන කිසිම බරක් නැතිව ඒ මොහොතේ පමණක් ජීවත් වන මිනිහෙක් සමග වාසය ගැහැණියකට පීඩනයක්ය.උද්දච්ච, වගකීම් විරහිත කොච්චියාට ආදරය කිරීමම ඉතා වටින්නේය. ඒ ගැන කීමට වචන නැත්තේය..
මගේ ආදරණීය නෝනාට සුබම සුබ උපන්දිනයක් වේවා!




