කොච්චියා වර්තමානයේ ජීවත් වෙන්නෙ ඕමානයේ. අවිවාදයෙන්ම ගල්ෆ් කලාපයේ තියෙන සුන්දරම සහ මිත්‍රශීලී කම අතින් ඉතා ඉහලම රටේ. ඕමානය ඇතුලු සියලු ගල්ෆ් රටවල් සති අන්තය ලෙස සලකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. මමත් නෝනාත් ඕමාන් ආ මුල් මාස හයක වගේ කාලයේ අපේ සති අන්තය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ලෙසට තිබුනත් පසුව එය සිකුරාදා සහ සෙනසුරාදා බවට නිවේදනය කරනු ලැබුවා. සියලු මුස්ලිම් බැතිමතුන් සිකුරාදා (ජුමා) පල්ලි යාම අනිවාර්යයෙන් කරන්නක්. සංස්කෘතීන් දෙස බලා රසවින්දනය ලැබීමට හුරුවූ මට සිකුරාදා දවල් රොතු බුරුතු පිටින් පල්ලි යන බංගාලි ඉන්දීය හා පාකිස්තාන ජාතිකයනුත් ඕමාන ජාතිකයිනුත් දැකීම ප්‍රිය උපදවන්නක්. සෑම අවන්හලකම පවා එදිනට විශේෂ බිරියානි බතක් ඉදෙනවා. සිකුරාදාව තමයි ඔවුන්ගේ විශේෂ දවස.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඕමානයේ බහුතරයක් නිවෙස් වල රාත්‍රී සාද පැවැත්වෙනවා. මතට ප්‍රිය කේරළ ජාතිකයන් වගේම ලාංකිකයන් එහි මුල් තැන් ගන්නවා.ලාංකික ප්‍රාමාණ සමීක්ෂකයන් රැසක් සිටින මස්කට් හි විවිධ තැන් වල පැවැත්වෙන සාදයන් ඉතා රසවත්. අපේ නිවසේත් බ්‍රහස්පතින්දා රෑ සාදයක් අනිවාර්ය අංගයක්. බොහෝ මිතුරන් කාලයක සිටම අපේ ගෙදර සාද වලට කැමැත්තක් දක්වන්නේ ඉන්දියානු ආරේ කෑම වලින් හෙම්බත් වෙච්ච කටට අපේ රසට මගේ නෝනා පිසින කරවල බැදුමක් හා පොල් සම්බෝලයක් සමග බත් කටක් කෑමට ලැබෙන නිසා මයි.
සිකුරාදා උදෑසන කියන්නේ සතියේ පාලුම වරුව කිව්වොත් නිවැරැදියි . රෑ සාද වලට සහභාගී වූවන් මහ දවල් වන තුරු නිදා ගැනීම අනිවාර්ය අංගයක්. මොකද සිකුරාදා හවසටත් කොහෙන් හරි හොයාගෙන අඩියක් ගහන එක අපේ අය වරද්දන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැවත ලැබෙන්නෙ ඔය නින්දෙන්. බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන් උදෙන් පල්ලි යන අතර හින්දු භක්තිකයන් සිකුරාදා උදේ කෝවිල් යාමට යොදා ගන්නවා. මුස්ලිම්වරුන් දවල් පල්ලි යාමට ඇති නිසා නිවෙස් වලින් පිට යන්නේම නැති තරම්. ඉහත කුලක වලට අයත් නොවූවත් බහුතරයක් දෙනා සිකුරාදා උදෑසන හොද නින්දක් වෙනුවෙන් භාවිත කරනවා.
කොච්චියාගේ එදා ඉදන් පුරුද්දක් තමයි පාන්දර පහට නිදා ගත්තත් හත හමාර වෙනකොට අවදි වෙන එක. ඕක මට අදටත් වලංගුයි. මම උදෙන් නැගිටිද්දි මගේ නෝනාත් සති අන්තය අපි එක්ක අපේ ගෙදර ගත කරන අතිජාත මිත්‍රයා ඩිස්තිත් බොහෝ විට රාත්‍රි සාදයෙන් පස්සෙ අපේ ගෙදරම රැය පහන් කරන දිනුශත් ඇහැරෙන්න හිතලා වත් නැහැ. ඒ වෙද්දි ඇහැරලා ඉන්නෙ අපේ ගෘහ සේවිකාව විතරයි. නානකාමරයට වැදිලා මුහුණ කට සෝදා ගෙන කොට කලිසමකින් සැරසෙන මට සිකුරාදා උදේ කරගන්න වැඩ ගොඩයි. කාමරෙන් එලියට එනකොටම ,

"සර් තේ එකක් හදන්නද?"
කියලා අහන්නෙ අපේ ගෘහ සේවිකාව විතාන. කවදාවත් ඇගේ තේ එකක් නොබිව්වට යාන්ත්‍රිකව වගේ උන්දෑ හැමදාමත් ඕක අහනවා.
විතාන කියන්නෙ මැදි වියේ ගැමි ගැහැනියක්, දවස පුරාවටම සිනා මුසු මුහුණින් ගෙදර වැඩ ටික කරන විතාන මගේ නෝනාට ලොකු පහසුවක්.
සිකුරාදා උදෙන්ම එලියට බැහැලා වාහනෙත් පණගන්වාගෙන මම මුලින්ම යන්නෙ පාතරාසය ගන්න. කවදත් මගේ තේරීම දකුණු ඉන්දීය ආහාර. එයිනුත් උප්පුමා විශේෂයි.ළමා කාලයේදී මට උප්පුමා මුලින්ම හදලා දුන්නේ පොඩි මහම්මා විසින්...මහම්මා කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ ඇගේ ද්‍රවිඩ මිතුරියකගේ රෙසිපියට තමයි පාන්දරක මම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉද්දි හදලා ගෙනත් දුන්නෙ.. එදා සීනි එක්ක මිශ්‍ර කරගෙන කෑවත් අද මම සීනි එක්ක කන්න කැමති නැහැ.දැන් නම් ඉතින් කන්න හොඳත් නැහැ.කොහොම උනත් මගේ නෝනා හදන උප්පුමා එකට ගහන්න පුලුවන් කිසිම අවන්හලක් මට හම්බ වෙලා නැහැ මස්කට් වල නම්.. වගකීමෙන් කියන්නෙ මොකෝ මම නොකාපු දකුණු ඉන්දීය අවන්හලක් මස්කට් වල තියෙන්න විදියක් නැති නිසා.පසු ගිය සතියේ මම ගියේ අසෙයිබා වල තියෙන වසන්ත භවාන් එකට..උප්පුමා වෙනුවට එදා තිබ්බෙ කිචඩි. යටින් තියෙන්නෙ පින්තූරෙ.
මේ තියෙන්නෙ කිචඩි. රුලං පිටි නොහොත් රවා වලින් හදන්නෙ. |
කෑමෙන් පස්සෙ මගේ ප්‍රියතම පානය තමයි ෆිල්ටර් කෝපි. තමිල්නාඩු අවන්හල් වලට ආවේණික ෆිල්ටර් කෝපි කෝප්පයක් බිව්වම දැනෙන හැගීම මට නම් මාරයි. ඔන්න දැම්මා ෆිල්ටර් කෝපි පින්තූරෙත්.
මම ආසම ෆිල්ටර් කෝපි තියෙන්නෙ අපේ ගෙවල් ලගම තියෙන ඉන්දියන් ඩිලයිට් එකේ..ෆිල්ටර් කෝපි හදන එක වෙනම කලාවක් වගේම ඒක සම්මත ක්‍රමේට බොන එකත් එක්තරා කලාවක්.
ෆිල්ටර් කෝපි කෝප්පය |
ඉන්දියන් ඩිලයිට් එකෙන් කෝපි බොන්න කැමති අනෙක් හේතුව තමයි ඔවුන් ගේ කෝපි එකට මට කැලරි රහිත සීනි ආදේශක එකතු කර ගන්න පුලුවන් වීම. අනෙක් තැන් වල සීනි මිශ්‍ර කරලම තමයි ලැබෙන්නෙ.ඩිලයිට් එකේ තියෙන නිදහස් පරිසරයටත් මම කැමතියි, ඒ උනාට එතන ටිකක් පොශ් වගේ නිසා සුපුරුදු දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ එතන අඩුයි වගේ.
ආයෙත් උප්පුමා ගැන ......උප්පුමා වල මූලික ප්‍රභේද දෙකක් තියෙනවා..එකක් තමිල්නාඩු ක්‍රමයට සහ අනෙක කේරල ක්‍රමයට නොහොත් මලයාලි ක්‍රමයට. කේරලේ මිනිස්සු උප්පුමා හදද්දී ගිතෙල් දාන්නෙම නැහැ...විශේෂයෙන් අබ එකතු කරනවා..ඔවුන්ගේ උප්පුමා එක වියලියි..පපඩමක් මිශ්‍ර කරගෙන සමහරු සීනි හෝ කෙසෙල් ගෙඩියක් සමග තමයි කන්නෙ. මම නම් කෙසෙල් ගෙඩිය කන්නෙ නැහැ .. පපඩම එක්ක කේරල උප්පුමා එක තමයි මගේ කැමැත්ත. තමිල්නාඩු ක්‍රමේට ගිතෙල් එකතු කරලා හදද්දී උප්පුමා එක තෙතයි..ඔවුන්ගේ ක්‍රමයට සීනි එක්ක කන්න බැහැ කොහෙත්ම...නමුත් ඒකෙත් අමුතු රහක් තියෙනවා.
කේරල ක්‍රමයට උප්පුමා |
බඩ කට පුරෝ ගත්තට පස්සෙ මම යන්නෙ බාබර් කෙනෙක් ලගට. ඒ රැවුල කපන්න. කොච්චියා සතියට එක දවසයි රැවුල කපන්නෙ.. සතියක් රැවුල වැවුනම ස්ටයිල් එක සතිපතා වෙනස් කරන්න පුලුවන් අවශ්‍ය නම්.. දැන් නම් කාලෙක ඉදන් මම ෆ්‍රෙන්ච් කට් එක තමයි තියන් ඉන්නෙ නෝනාගේ කැමැත්ත අනුව.රැවුල් කැපීමේ දක්ෂයො තමයි තුර්කි ජාතිකයො. ඒ උනාට බ්‍රහස්පතින්දා රෑ ශීෂා කැෆේ වල ගත කරන ඔවුන්ව සිකුරාදා උදේට අල්ල ගන්න එක ලේසි නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට සිදු වෙන්නෙ පකිස්තාන හෝ ඉන්දියානු බාබර් සාප්පුවක සේවය ලබා ගන්න.
වාහනේ හෝදගන්න පෝලිම් වල ඉන්න එකත් මට නම් මහ එපා කරපු වැඩක්. දවසක් ඇර දවසක් ඇවිත් බංගාලි ජාතිකයෙක් වාහනේ හේදුවට මිනිහා කරන්නේ අමු බොරුවක්. ඔය වාහන හෝදන බංගාලි ඔක්කොම බොරු කාරයො නිසා මිනිහගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඒ නිසා සති අන්තයේ car wash එකකට ගිහින් වාහනේ හෝදගන්න එක තමයි කරන්නෙ.
උදේ 7.30 ට ගෙදරින් එලියට ගියාම 9.30 වෙනකොට ඔය වැඩ සේරම කරගෙන ඉවර වෙනවා. ඒත් තාම නෝනා නිදි, මොකෝ එයා නැගිට්ටා නම් කෝල් එකක් අනිවාර්යයි. එලියට එද්දිම පොතකුත් දාගෙනම එන්නෙ ඒ නිසාමයි.ලංකාවෙ වගේ නෙවෙයිනේ, මෙහේ ෆ්ලැට් එකක් ඇතුලේ ඉන්නකොට පුදුම කම්මැලිකමක් තියෙන්නෙ. ගෙදර ලගම තියෙන පාක් එකට ගිහින් ලග කඩෙන් වතුර බෝතලයකුත් ගෙන්න ගෙන පැයක් විතර පොත කියවද්දි තමයි නෝනාගෙන් කෝල් එක එන්නෙ.

" උප්පුමා " කන්න සෝස් එකක් හෝ හොද්ද්ක් හෝ ඕන වෙන්නේ නැද්ද?
ReplyDeleteජයවේවා!!!
මලයාලි ක්‍රමයට චට්නි හෝ සාම්බාර් නැතුව තමයි කන්නේ. නමුත් තමිල්නාඩු ක්‍රමයට නම් මම පින්තූරෙ දාලා තියෙන විදියට චට්නි සාම්බාර් එහෙම දෙනවා.
ReplyDeleteලංකාවේ නම් ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙ හොද්දක් එක්ක කන්න.නමුත් සම්ප්‍රදායික ක්‍රම ඔයිට වෙනස්.
ඔය කෝපි එක තමිල්නාඩුවේදී ඕනෑ තරං බීල තියෙනව නමුත් නම දැනගත්තෙ අද. ඔය කියන කඩෙන් උප්පුමා කන්න ආසාවක් ඇතිවුණා.
ReplyDeleteයමු අපි දවසක. උදේට තමයි ඉතින් තියෙන්නෙ
Deleteපරන මතකයන් අලුත් උනා කොච්චිගේ මේ පෝස්ට් එක කියෙව්වම...!
ReplyDeletechef-architect දැන් ඕමාන් නෙවෙයි නේද ඉන්නෙ?
ReplyDelete1987 සිට 2000 කාලය ඕමානයේ හිටියා. නොමැකෙන මතක සටහන් රාශියක් ඉතිරිව තියෙනවා. නැවත මතක්වුනා.
ReplyDeleteකොච්චි, බ්ලොග් එකේ සෙටින්ග්ස් වල මොකක් හරි කේස් එකක් ඔයාගේ...අටම් වගේ කෙනෙක් මේකට උපහැරණයක් දේවි කියලා හිතෙනවා..කමෙන්ට්ස් වලට යටින් රිප්ලයි බොක්ස් එකක් අවශ්‍යයි හැබැයි ඒක දාගන්න හැටි ඉතින් අටමා වගේ ලොක්කෙක්ගෙන් තමා අහගන්න වෙන්නේ...
ReplyDeleteකොච්චිගේ ප්‍රශ්නෙට උත්තරේ, 1991 ඉඳන් 2013 වෙනකන් එක දිගටම ඕමාන් වක ඉඳලා, සිටිසින්ෂිප් දෙයි කියලා බයේ ආපහු ආවනේ..හැක්..නෑ කොච්චි, ලංකාවට ආවා යුද්ධෙන් ඉවර උන නිසාත්, වයස නිසාත්, ඔය රටේ කරපු දේවල් ඉදිරියට කරන්න තරම් සුපුරුදු දේශපාලන වාතාවරනයක් නැති නිසාත් බ්ලා බ්ලා රීසන්ස් නිසා.. මිස්ට හැලපේනිස් ගෙන් මගෙ විස්තර හොයාගතෑකි...ජයවේවා..!
ඩැෂ් බෝඩ් එකෙන් සෙටින්ග් වල ට ගිහින් කමෙන්ට් සෙටින්ග් වල කමෙන්ට් කරන්න තියන විදිහ ( location ) Embedded විදිහට වෙනස් කරන්න
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteස්තුතියි.
ReplyDeleteදැන් චෝයි....!
Deleteවැඩක් නෑ මූ ලියන එව්වා ගූ හතයි.
Deleteමරු මරු
ReplyDeleteමගේ හිතවතුන් දෙතුන් දෙනෙකු ඉන්නවා ඕමානයේ. උන් වැඩ කරන්නේ විශ්වවිද්‍යාලයේ යි!
ReplyDeleteමෙහේ ලාංකිකයන් 15000 පමණ ඉන්නවා. ඉන් වැඩි කොටස ගෘහ සේවිකාවන්. ඒ වගේම උගතුන් අධික ප්‍රමාණයක් ඉන්නවා. රටේ ඉන්න ප්‍රමාණ සමීක්ෂකවරුන්ගෙන් 95% ලාංකිකයන්
Delete