අද ගොඩාරියක් එව්වෝ කතා කරන්නේ ලකා ධර්මරත්න ගැනය. කූඹියෝ හි මහ මොළ කරු ගැනය. ඔය කාටත් කලින් ඔය ගැන කිව්වේ කොච්චියා ය. ඒ කලින් පෝස්ටුව ඇතුලේය. දැන් කූඹි ගුල කියා එකක්ද ඇත්තේය … කොච්චියා ඕක කියද්දී එහෙව් ගුලක් තිබ්බේද නැත්තේය. මා ඒ බැව් කිව්වේ ඔය කියනා බුවාගේ නම වත් දන්නේ නැතුවය. ඔය කූඹි ගුලේ පොඩි රවුමක් ගැසූ කල්හි මා එදා කිවූ ඇරියස් එක සහිත පිරිමින් රැසක් සොයා ගත හැකිය. පිරිමි කියන්නේ ම වැඩයට වඩා පොර ටෝක් වැඩි එව්වෝය. කොච්චියා ලැජ්ජාවක් නැතිවම ඒ ගොඩට පනින්නට ලෑස්ති ය. පට්ටම ගේම් කාරයෝ පවා තමන්ගේ ගේම් වල ආතල් එක තමාටම දැනෙන මොහොතේ පොර ටෝක් දී චොර වෙන්නෝය. සැබෑ ගේම් කාරයෝ නම් ගැහැණු ය. අදටත් පුරුෂ මූලික ලෝකයේ එවන් ගේම් කාරියන් ගැන සාහිත්‍යයක් හෝ කලාවක් තවම බිහිවී නැතිය. ඔය කූඹියෝ ඇතුලේම එහෙම එකක් මතුවී ඔය සීසන් එක ඉවර වන්නටද පුලුවන් ය. කතාව පුරාවට ආතල් ගත් පිරිමි පරාණයන් දියාරු කර කුජීත කරන්නටද ලකා ට බැරි නැතිය. එහෙම වෙනවාට ඇයිදැයි කියන්නට නොදන්නා මුත් කොච්චියා ආසාය.
ගැහැනියක් පරද්දන්නට එක විට බැරිය. දිනන්නට ඕනා කම ඇති තාක් කොහෙත්ම බැරිය. එසේ කරන්නට නම් අසීමිත ලෙස ගැහැනියකට පරදින්නට තරම් ඉවසීමක් අවශ්‍යය. අසීමිතව පරදිනවා කියන්නේ ම සීමිතව දිනීමය. ඔය කිවූ කන්සෙප්ට් එක තේරුම් ගන්නට හදාරන්නට වටේ පිටේ ඉන්නා ලේසියෙන්ම සොයා ගත හැකි චරිතය නම් රනිල් ය. ගැහැනු කතාවක් ඊට අදාල නොවන මුත් ඊයේ පෙරේදා නැටුමක් නටා රනිල් ගැසූ ගේම නම් මනහරය. කවුරුන් කෙසේ කීවත් ඒ නම් රනිල් ගේ මීඩියා යුනිට් එකේම වැඩක් යැයි කොච්චියා හිතන්නේය.
ගැහැනුන් හා කටයුතු කළ යුත්තේ ටෙස්ට් ක්‍රිකට් ගහන්නාසේය. කඩුල්ලේ නොවදින පන්දු දෙවරක් නොසිතා නිදැල්ලේ යැවීම හා කඩුල්ලටම එන පන්දු වලට ඉදිරි පාදයේ හෝ පසු පාදයේ ආරක්ෂක පහරක් පමණක් එල්ල කිරීම හැර ප්‍රවේගකාරී පහරවලට යාම නිකරුණේ දැවී යාමට හේතුවක් බැව් කොච්චියා උගෙන ඇත්තේය. ඒ අත්දැකීමෙන්මය. කොච්චියා ගේ ජීවිතයේ සිටි ගැහැනුන්ගෙන් දෙදෙනෙක්ම වනාහී මුරලිදරන් හා ශේන් වෝන් පවා විහිලුකාරයන් බවට පත් කළ හැකි මට්ටමේ ඇත්තියන් ය. ඒ දෙදෙනෙක් ගැන ඕනෑ නම් එරන්දී හා මගේ ලෝකය ලියනා අටියා ගෙන් අසා ගත හැකිය. එකී බ්ලොග් කරුවන් දෙදෙනාම ඔය කියූ පන්දු යවන්නියන් ගේ දරුණු පන්දු වලට මුහුණ දී ඇත්තෝය. වේග පන්දු යවන්නියකවූ අනෙක් එකියගේ පන්දු යැවීම අවතක්සේරු කර නිදැල්ලේ පහර දෙමින් සිටි කොච්චියා වරෙක ඈ විසින් එවන ලද මාරාන්තික බවුන්සර් පන්දුවකට පාලනයකින් තොර හුක් පහරක් එල්ල කර ෆයින් ලෙග් කලාපයට පහසු උඩ පන්දුවක් දී දැවී ගියේ ලොවෙත් නැති ලෙස චාටර් වෙලා ය. ඔය කිව්වේ කොච්චියා ගේ අම්මාත් බිරින්දෑවරුන් දෙදෙනාත් ගැනය.
මගේ ලෝකය ලියනා අටියා ගැන කොච්චියා දන්නේ කාලයක සිටය. එහෙත් මිනිහා මා අඳුනන්නේ නැතිය. මාසයකට වැඩි කාලයක් මිනිහාව වටේ යැවූ කොච්චියා අද පෝස්ටුවෙන් බරපතල ඉඟියක් ලබා දී ඇත්තේය. කොච්චියා කවුදැයි දැන්වත් සිතා ගත නොහැකි නම් අටියා බ්ලොග් ලෝකයේ ඉන්නා ලෝකෝත්තර අයියලා අතරේ ඉඳීමෙන් තවත් පලක් නැත්තේය.
ජීවිතයේ ලඟින්ම සිටි අනෙක් ගැහැනිය නම් නංගීය. ඈ ගැන නොකීවොත් මඳ වේග පන්දු යවන්නියක් වන ඈ ද හැඩ්ලි හෝ කපිල් දේව් ආකාරයෙන් ඇතුලට දෝලනය වන පන්දුවක් මට එවන්නට පුලුවන් ය. ඒ කෙසේ වෙතත් අර කිවූ තිදෙනා ගේ පන්දු වලට ප්‍රැක්ටිස් කර ඇති කොච්චියා ට මේ වන විට ඈ කිසිදාක තර්ජනයක් වී නැත්තේය. තරුණ දක්ෂ නීති වේදිනියක් වන ඈ හට නීති උපදෙස් දෙන්නට තාමත් කොච්චියා ට හැක්කේය.
රනිල් ගේ නැටුම ගැන වූ විශිෂ්ටතම ලියමන කොච්චියා දුටුවේ මාතලන්ගේ බ්ලොගේය. අත ලඟ එන මැතිවරණය වෙනුවෙන් ජෙප්පන්ට කඩේ යන මාතලන් තරම් රනිල් වාදීන් ඇත්තේ අතේ ඇඟිලි ගානටය. ඔහෙලා මක්කක් සිතුවත් මාතේ කිමක් කිව්වත් ඇත්ත දන්නේ උන්දෑම විතරක්මය. මාතලන් ලා වාගේ ලොකු පොරවල් ගැන අපේ හිච්චි බ්ලොග් පඩංගු ඇතුලේ කතා කරන්නට ගොස් ටිං කිරි ගාගන්නට ඇති අකමැත්ත නිසාම කොච්චියා ඒ ගැන මීට වඩා නොකියන්නට සිතා ගත්තේය.
සෑම වසරකම වාගේ බිග්මැච් ගිය අප හට ඔයිට වැඩියෙන් සුපිරි ආතල් එකේ ඉන්නා රනිල් අරුමයක් නොවේය. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේම අයියා කෙනෙක් වන මාතලන් ද ඒ බව හොඳින් දන්නේය. කොච්චියා දන්නා ආකාරයට නම් රනිල් කියන්නේ නොම්මර එකේ රසවතෙක් ය. සාහිත්‍යය සංගීතය මෙන්ම නර්තනය ද හැදෑරූ ජොකියෙකු වන මිනිහෙක් පාටියක නැටීම මාතෘකාවක් වීමම ඒ සමාජයේ ප්‍රාථමික භාවය පෙන්වන්නේ යැයි කොච්චියා හිතන්නේය. හිටපු රජ්ජුරුවෝ මෙන්ම මා දන්නාකාරයට හිටං ද රසවතුන් ය. ඒ ඒ රස ඒ ඒ මොහොතේ විඳින්නට බැරි එවුන් ලොකු පුටු වලට නුසුදුස්සෝය. රටකට ඕනෑ වන්නේ මනුස්ස නායකයන් මිස වින්දනය පවා අකැප යැයි සිතනා මන්ද මානසිකයන් නොවේය. කොච්චියා සිතනාකාරයට නම් රනිල් හා මහින්ද මෙන්ම සිරිසේන ද හිටියේ මෙන්ම ඉන්නේද ඔවුනොවුන් ඉතා සුදුසු වූ පුටු වලමය.
හෝ... ඒ කියන්නේ එරන්දි වගේම කළණත් ඔබේ මව්තුමියගේ ගෝලයෙක් වෙන්නට ඕනාය.අර මැඩම්ගේ පෝස්ට් එකට ඔයා දාපු කමෙන්ට් වලින්ම මට තේරුනා ඔයා එයාව හොදට දන්න කෙනෙක් කියලා.
ReplyDeleteපෝස්ට් එක ගැහැණු ගැන නිසා ඒ ගැනනම් මුකුත් නොකියා අයින්වෙලා පයින් යන එක ඇඟට ගුණය.
කලන අපේ අම්මාගේ ගෝලයෙක් නොවන අතර ඔහු ඈ හඳුනන්නේ නැතිය. මැඩම් පෝස්ටුවේ මා කමෙන්ට් කළේ එකී මැඩම් මගේ අතිශයම සමීපතම කෙනෙක් නිසාය.
Deleteගැහැණු ගැන කීවේ බොරුවක් නොවනා බැව් පිලිගන්නවා ඇතැයි හිතන්නේය.
ඔය කියන බ්ලොග් වල ලින්ක්ස් දාන්න.
ReplyDeleteඕන් දැම්මා...අමතක උනා කලින්
Deleteලංකාවෙ බහුතර ජහමන චන්දදායකයො කැමති තමන්ට වඳින්න පුදන්න පස්සෙන් වැටිල යන්න පුලුවන් නායකයොනෙ
ReplyDeleteලංකාවෙ ටීම් එක වගේ ක්‍රිකට් ගැහුවනං බලාගන්න තිබ්බ වෙන දේ. හැක්..
ReplyDeleteලොවක් නෑ එහෙනම්
Deleteකොච්චියා ගේ ජීවිතයේ සිටි ගැහැනුන්ගෙන් එක්කෙනෙක් අටියා දන්නා මැඩම් බව ආටියාට වැටහෙන්නේ ය . සත්‍ය වශයෙන් ම මුරලිදරන් හා ශේන් වෝන් පවා විහිලුකාරයන් බවට පත් කළ හැකි මට්ටමේ ඇත්තියක් බව ආටියා දන්නේය . මැඩම් වනාහි බ්‍රයන් ලාරා ලකුණු 299 ගසා ඇති මොහොතක දිවා ආහාරයට / තේ පානයට පෙර හෝ දිනය අහවර වෙන අන්තිම ඕවරයේ විකට්ටුව ලබා ගත හැකි ගණයේ සුපිරි පන්දු යවන්නියකි .
ReplyDeleteවරෙකේ බිරිදගේ මහගෙදර දී සංගක්කාර හමු වී කියූ දෙයක් සංගක්කාර කියන්නටත් බොහෝ කාලයකට පෙර මට වැටහු අතියකි . එදා ඔහු කීවේ , තාම කරන්නේ මුණගැහෙන සෑම පන්දු යවන්නකුගේ උපක්‍රම මතක තබා ගනිමින් තම ඩෙටබේස් එක දිනෙන් දින අප්ඩේට් කරගන්නා බවක් ය . මැඩම් ද මුණගැහෙන හැම කෙකුගේ ම හොද නරක අඩුපාඩු ඩෙටබේස් එක නොකඩවා යාවත්කාලින කරගන්නා සුපිරි ගණයේ චරිතයක් ය . ඇය වනාහි පළමු පන්දුවෙන් කඩුල්ලක් ලබාගැනීමේ අරමුණෙන් පන්දු යවන්නියක නොවූ වද අවැසිනම් එසේ නොකර සිටින්නටද බැරිකමක් කොහෙත් ම නැති චරිතයක් බව අටියා දන්නේ ය . දුර්වල තැන හොදින් වටහා ගනිමින් තරගයේ නිරතවන ඇය සතුව යම් අපේක්ෂාවක් ඇත්ද එය ජය ගැනීම පමණක් මය . ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීම ඇයට අදාල නැත්තේය . වස්සවලාහක දෙවියන් හදිසේයේම වැස්සක් තරගයට පතිත කරහොත් දෙවියන් කරදේ වැරදි යැයි දෙවියන්ට පවා කීමට හැකි ඇත්තියකි .
කොච්චියා කියන්නේ බලන් හිටියා වගේය. සත්‍ය වශයෙන් ම අටියා වනාහි ඇගේ දරුණු පන්දු වලට මුහුණ දුන් අයෙක් ය . ලාමක ටිං ටිං කෙනෙක් නම් ඇගේ පන්දු වලට මුහුණ නොදී ස්වකීය ක්‍රීඩාගාරයට වී උණුසුම් කොපි කෝප්පයක් සමග ක්‍රීඩාගාරයට ලැබෙන දිනපතා පුවත් පත කියවා සිටීම මානසික සෞක්යට මෙන්ම ශාරීරික සෞක්යටද හිත කර බව අටියා කියනවා ය .
මම පළමුව කොච්චියගේ ඉගි වලින් සිතුවේ කොච්චියා වනාහි මැඩම් ගේ ඉස්කෝලේ යන කාලේ ඉදන් දන්නා හිතවතෙක් ප්‍රියත් අය්යා කියා ය . එහෙත් December 22, 2017 at 7:21 AM දින "ජොලි සීයාගේ ලලක්කා " පොස්ටුව යටතේ කොච්චියා මගේ ඇසූ පැනයක් හේතුවෙන් කොච්චියා යනු ප්‍රියත් අය්යා නොවන බව වටහා ගතිමි . කොච්චියගේ මාසයක් පුරා මා වටේ යැව්ව බව හැබැකි . එහෙත් ඔහු වටේ යැව්වේ ඉගි සහිතව බව කියන්නට ඕනෑ ය . එකී ඉගි අටියා තේරුම් නොගනීම අටියගේම පරශ්නයක් මිස එහි වූ වැරද්දක් කොච්චියා ගේ නැති ය .
කොච්චියා යනු ලේසි පහසු පොරක් නොවන බව ආටියා අවභෝද කරගත්තේ "කොච්චි මිරිස්" හි සියලුම පොස්ට් අවභෝදයේන් යුතුව කියවා ඇති නිසා ය .
අද කොච්චියා කියනා පරිදි මැඩම් ගේ පන්දු පිලිබදව හොද අවභෝදයකින් පසුවන්නටනම් කොච්චියා නිසැක වශයෙන් ම මැඩම් ගේ ස්වාමිපුරුෂයා විය යුතු ම ය .
කලණ :) :) මගේ බෙල්ලෙන් අල්ලාගත්තේය. ඉතිං කොච්චියා දැන් ද සොයාගෙනය. :) :)
Deleteඑරන්දිගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ කෙසේ දැයි මා දන්නේ නැතිය..
Deleteඅදවත් හරි පාරේ ගිය කලනට මගේ සතුට..
ෆේස් බුක් එකෙන් හොයාගෙන තිබුණා අයියේ :)
Deleteඒ කොහොමද ? ඔයාව ඕකට අහු උනේ කොහොමද ?
Deleteකොච්චියා වෙත :-
Deleteඅටියා වෙනුවෙන් සතුට පලකිරීමට කොච්චියා කටයුතු කිරීම අටියාට සතුටු ය .
ඔබ හා මා හදුනා ගත් මගේ ලෝකය බ්ලොගයේ "මැඩම්" පොස්ටුවේ අවසන් ජේදය නැවත මෙහි ලා සදහන් කරනු කැමැත්තෙමි . "අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අද වන විට මැඩම් ගේ ආදරය යමෙක් ලබනවා නම් මේ මිහිපිට වෙසෙන වාසනාවන්තම පුද්ගලයා ඔහු බව පමණක් ය යන වග ය."
අද නිලවශයෙන් හදුනාගත් ඔබ දෙපලට (මඩම් සහ කොච්චියා) මගේ උණුසුම් සුභ පැතුම් !
එරන්දී වෙත :-
සතියේ අවසානය ඔයාගේ බ්ලොග් එක කියවන ගමන් ගතකරන්න තීරණය කරා .
තුති වේවා , ඔයාගේ මුණු පොතේ මිතුරු ලැයිස්තුවට මාව වද්දා ගත්ත එකට . Mutual Friends ගොන්නේ අපේ විදානේ අය්යා (Lakmal Kandevidane)ත් හිටිය මම දැක්ක .
බොහොම ස්තුතියි
Deleteකුඹියාගෙන් පටන් ගෙන මාතලන්ලා මැඩම්ලා තව රනිල්ලා ගැන මගුල් ලියනවාට වඩා
ReplyDeleteරෙන්නගිය සිරිපාල ගැන ලියන කතා වලට මද්දා මනාපය.
දේශපාලන ගූ ගොඩේ රගන එකෙක්ට වඩා කොච්චියා ගැන මද්දා මවා ඉන්නා ප්‍රතිරූපය ෙගාඩක් වෙනස් නිසා දැමුවෙමි.
කොච්චියා දේශපාලන ගූ ගොඩේ රැඟූ කාලය දැන් අහවරය.. රනිල් ගැන ලීවේ සමාජ කියැවීමක් ලෙසම පමණක්මය ..
Deleteරෙන්න ගිය සිරිපාලගේ කතාවට වැඩි මනාපයක් කාගෙන් වත් තිබ්බේ නෑ වගේ මතකය
රනිල් ගේ නැටුමවත් මාතලන්ගේ ජේවීපී කැම්පේන් එකවත් ගැටළුවක් නොවිච්චි එකෙක් මං.. ඒත් අර ගෑණුන්ගේ හීන් නූල් ගේම් ගැන නම් බොහොම අවධානයෙන් ඉන්න ඕනි.. හැක්.
ReplyDeleteඅයින්ස්ටයින් ගේ මොළයෙන් ප්ලෑන් කළත් ගෑනුන්ට හොරෙන් වැඩක් කිරීම කල නොහැක්කක් මය
Deleteමේ තමයි පොස්ට් එක.. :) :) ගෙදර මිනිබාර් තියෙද්දී ත් ගැහැණියක් මිස වෙරි නොවන්නට ජීවිතය කියා දුන් ඒ උතුම් ගැහැණිය ගැන මා මියෙනතුරු ද ලියවෙනු ඇති. මේ ලියවිල්ල අස්සේ මට මැවී පෙනුනේ "මං එයාගේ හස්බන්ඩ් ය"
ReplyDeleteතව පහදන්න තිබ්බා ඔයාගේ හස්බන්ඩ්ව මැවුණු විදිය ගැන
Deleteමං එරන්දි , මං එරන්දිගේ හස්බන්ඩ් දැන් අලුත් කෙනෙක් , මං එයාගේ හස්බන්ඩ් - කොරපන්කෝ ඉතින්
DeleteBeautiful things do not ask for attention...😂
ReplyDeleteSean O Connel - watched it last week
DeleteGhost Cat....😂
Deleteසටහන අගෙයි. පසුව ඇති සංවාදද අගෙයි.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමී
Deleteඅසීමිතව පරදිනවා කියන්නේ ම සීමිතව දිනීමය. - හොඳ දර්ශනයක්. බලාගෙන ඕක අර ඇන්ජලෝ මැතිව්ස් , හතුරුසිංහ, චන්දිමාල් , දයාසිරි , බුකි මෑන් හෙමත් කියන්න ගනියි.
ReplyDeleteකට්ටිය සීමිතව දිනලානේ ඉන්නේ
සීමිතව හරි දිනනවා නම් ලොකු දෙයක් ඔය කිව්ව සෙට් එක
Deleteබොහොම අගෙයි ලියමන, එරන්දිගේ වෛරය මෙන්ම අටියාගෙ මැඩම් ද කියෙව්වෙමි.මමද මේ කාලපරිජ්ජේදයේ අපමණ හැමිණීම් රැසකට ලක්ව සිටින්නෙමි, නොමතිනම් මලක සුවද මැද කතාකල යුත්තකි මෙය.
ReplyDeleteඔහේ සලාලා වල තනියෙන් හිටියා ඇති...කිරිල්ලිය ගෙනියපන් එහාට
Deleteරස වින්දින්න බැරී උන් මොකොටද බන්... එල... හැබැයි රනිලා ගේ ම් කාරයා...
ReplyDeleteඋඹව අද හවස දැක්කා මම
Deleteඋපන්දින සාදය ගැන පෝස්ට් එකක් ලියන්නෙ නැද්ද කොච්චියො?
ReplyDeleteමේ පාර ඒක ඒ තරම් සරු නෑ නොවැ
Deleteela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
මට මේ පොස්ට් එක මග අරුණ බං ... කිරි කැට්, දේසපාලුව සහ ගැහැණු කියන තුනම ඕනෑවට වඩා කරට නොගැනීම ශරීර සහ මානසික සෞඛ්‍යයට සුවදායක බව මගේ හැඟීමයි.
ReplyDeleteකිරිකැට් ගැන කියනවා නම් මේ දවස් වල අපි හැමෝම එළි පහලියට බහින්නේ ඔළු සාක්කුවේ දාගෙනය. UAE ලන්තයේ අම්මට සිරි ලංකාවෙන් ආපු එවුන් හොයා ගැනීම කළු නික, පියාඹන ඉබ්බන් සහ ගල් වලින් ලබා ගන්නා පට්ට යන කොයිකටත් වඩා දුර්ලභය. කණ්ඩාද ඇෆ්ගනිස්තානේ පුරවැසි බව ලබා ගැනීමට උත්සාහ ගත්තෝත් හොඳය :)
RIP සිලිලංකන් කිරි කැට් !!!
Sometimes work feels stressful, and long hours can drain your focus quickly. A boring break doesn’t help, and scrolling social media just wastes time. The good news is Khelraja’s Virtual games for office bring quick, enjoyable breaks that refresh your mind without disrupting your work. These games are easy to access, don’t take much time, and help you relax and laugh with coworkers. When everything feels lighter, your productivity feels better too. Khelraja solves that mid-day slump with entertainment that fits right into your schedule — no extra setup, no confusion, just fun
ReplyDelete