අද කියන්නේ පහුගිය සතියේ පැවති කොච්චියාගේ නෝනාගේ සරල උපන්දින සාදය ගැනය. සරල කිව්වාම හිටං ද කියා අහන්නට එපාය. 22 වෙනි දාට යෙදුනු උපන්දිනය අපි සැමරුවේ 21 රෑය. ඒ නිවාඩු ගලපාගන්නට ඇවැසි වූ නිසාය. යම් යම් හේතු මත ආරාධිතයින් ගණන හිතුවාට වඩා සීමා කරන්නටද උනේය. ආ යුතුම වූ කීප දෙනෙක් මග හැරුණු එක ගැන යම් කණගාටුවක් මගේත් නෝනාගේත් හිත්වල තිබුණත් අදාල තත්වයන් සලකා ගත් ඒ තීරණය නිවැරදි බව මේ සති අන්තය වන විට ප්‍රත්‍යක්ෂ වී ඇත්තේය.
ආරාධනය කළ සැණින්ම රහමෙර සැපයීම බාර ගත්තේ හැලපයාය. හැලපයා සහ හැලපි දෙදෙනාගේම පැමිණීම බලාපොරොත්තු වුවත් හැලපයා ගෙන් ආරංචි වූයේ හැලපිය රෑ පානේ සාදයන්ට සහභාගි වීමට මැලි කමක් දක්වන බවය. එසේම ගෑනු කාටත් වගේම සතා සර්පයා ටද පොදුවූ කාපු බීපු තැනක වැඩි වේලා නොසිටීමේ පුරුද්ද එතුමියටද උරුම බැවින් අපේ හැලපයා ඈව හිතා මතාම හලා ආවාද නොවිය නොහැකිය. කොච්චියාගේ නෝනාද එම ලක්ෂණ උපරිමයෙන් පිහිටා ඇත්තියක බැවින් එහි දුක දන්නා මා හැලපයා තනිව පැමිණීම සිතින් සාධාරණීකරණය කර ගත්තේය.
අනෙකුත් ආරාධිතයින් වූයේ දිනූශ,සඳමාල් හා ශාලින්ද මෙන්ම ගුජරාටියෙක් වූ ජානි බායි ය. ගෙදර සාමාජිකයෙක් තරමටම සමීපව ඇසුරු කරනා දිනූශව ආරාධිතයෙක් සේ හැඳින්වීමට හිතෙන්නේද නැත්තේය.සෑම සති අන්තයම අපේ නිවසේ ගත කරන ඩිස්ති මෙන්ම බ්ලොග් ලෝකයට අලුතින් කල එලි බසිමින් ඉන්නා ජහුටාද මේ සාදයට සහභාගී වූ අයවලුන් ය. ජහුටා සහ කොච්චියා අතර සම්බන්ධය පසු කාලීනව කියන්නට යෙදෙන්නේය.
දිනූශ හරහා සඳමාල් හඳුනා ගත් මුත් ඔවුන් දෙදෙනාම මුල් වරට අපේ ගෙදරට ආවේ එකටමය.කොච්චියා දිනූශ හඳුනාගන්නේ ඕමානයේදී වුවද අපේ මව්වරුන් එකිනෙකා හඳුනන්නේ බොහෝ කලක සිටය. කොච්චියාගේ නංගී කුඩා කාලයේදී දිනූශගේ අක්කා විසින් අධ්‍යක්ෂණය කළ ටෙලියකද රඟපෑවාය.නමුත් මේ දිනූශයා ඒ අක්කාගේ මල්ලී බව කොච්චියා දැන ගත්තේ ඕමානයේදී හමුවී බෝතල් කීපයක්ම හිස් කළාට ද පසුවය. දිනූශට අපේ ඕමානි මිතුරෙක් වූ මන්සූර් දමූ නම "බකයා" ය. ඒ නම රෙජිස්ටර් කර ප්‍රචාරය කළේ කොච්චියාය. මේ කතාවේද බොහෝ තැන් වලදී දිනූශව බකයා ලෙස හැඳින්වෙනවාය.
කැත්තට පොල්ල මෙන් පොරක් වන මාතර උපන් සඳමාල් සමගද දිගු කාලීන මිත්‍ර සබඳතා ඇත්තේ සීමිත පිරිසකටය. ශාලින්ද අපට සෙට් වෙන්නේ සඳමාල් හරහාය.ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ පොරක් වන ශාලින්ද කියන්නේ සඳමාල්ට ඉතාම හොඳින් ගැලපෙන සගයාය.උන් දෙදෙනා එකිනෙකා හඳුන්වා ගන්නේ මාලෙ හා සාලෙ ලෙසය. අප මුණගැසුණු මුල් අවදියේ මතින් තොර නිර්මාංශිකයෙක් වූ ශාලින්ද අද එහි අනෙක් පැත්තය. එකල මාලෙ බිවූ අතර සාලෙ වාහනය පැදෙව්වේය. අද එහි වාඩුව ගන්නට මෙන් සාලෙ බොන්නේය...මාලෙ නොබී ඉන්නේ රථාචාර්‍යයා ලෙසින්ය.
දිනූශ හරහා සඳමාල් හඳුනා ගත් මුත් ඔවුන් දෙදෙනාම මුල් වරට අපේ ගෙදරට ආවේ එකටමය.කොච්චියා දිනූශ හඳුනාගන්නේ ඕමානයේදී වුවද අපේ මව්වරුන් එකිනෙකා හඳුනන්නේ බොහෝ කලක සිටය. කොච්චියාගේ නංගී කුඩා කාලයේදී දිනූශගේ අක්කා විසින් අධ්‍යක්ෂණය කළ ටෙලියකද රඟපෑවාය.නමුත් මේ දිනූශයා ඒ අක්කාගේ මල්ලී බව කොච්චියා දැන ගත්තේ ඕමානයේදී හමුවී බෝතල් කීපයක්ම හිස් කළාට ද පසුවය. දිනූශට අපේ ඕමානි මිතුරෙක් වූ මන්සූර් දමූ නම "බකයා" ය. ඒ නම රෙජිස්ටර් කර ප්‍රචාරය කළේ කොච්චියාය. මේ කතාවේද බොහෝ තැන් වලදී දිනූශව බකයා ලෙස හැඳින්වෙනවාය.
කැත්තට පොල්ල මෙන් පොරක් වන මාතර උපන් සඳමාල් සමගද දිගු කාලීන මිත්‍ර සබඳතා ඇත්තේ සීමිත පිරිසකටය. ශාලින්ද අපට සෙට් වෙන්නේ සඳමාල් හරහාය.ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ පොරක් වන ශාලින්ද කියන්නේ සඳමාල්ට ඉතාම හොඳින් ගැලපෙන සගයාය.උන් දෙදෙනා එකිනෙකා හඳුන්වා ගන්නේ මාලෙ හා සාලෙ ලෙසය. අප මුණගැසුණු මුල් අවදියේ මතින් තොර නිර්මාංශිකයෙක් වූ ශාලින්ද අද එහි අනෙක් පැත්තය. එකල මාලෙ බිවූ අතර සාලෙ වාහනය පැදෙව්වේය. අද එහි වාඩුව ගන්නට මෙන් සාලෙ බොන්නේය...මාලෙ නොබී ඉන්නේ රථාචාර්‍යයා ලෙසින්ය.
බකයාම කියනා පරිදි ඌ හොයන්නේ විමුක්තියය. තමා තුල ඉන්නා තමන්වමය. කොච්චියා මිනිහාගේ නිර්වාණය සෙවීමේ කෝර් කන්සෙප්ට් එක සමග ගැඹුරින්ම එකඟය. නමුත් ඊට ඇති උගේ ප්‍රායෝගික ඇප්‍රෝච් එක කුජීතය.මේ කිව්වේ මට හැඟෙන පරිදිය. එනම් නිර්පේක්ෂ යථාර්ථය නොවන අතර කොච්චියාගේ මනසට ගෝචර වූ ප්‍රමාණයය.හෙතෙම ශුන්‍යත්වය සෙවීමේ මාධ්‍යය ලෙස භාවිත කරන්නේ ඇල්කොහොල්ය. මෑතකදී මිනිහා මහ පාන්දර වෙනකන් කොච්චියාගේ ගෙදර බීමෙන් පසුව යන්න එපා කියද්දී බලෙන්ම පිටව ගියේ තමාව සොයා ගනු වස්ය. විනාඩි පහක් ඇතුලත බකයා ට තමා හමුවී තිබුණේය.. එක්ස්ප්‍රස් වේ එකේදීය.කාර් එක කුඩු පට්ටම් වීමෙන් අනතුරුවය.අලාභය රුපියල් වලින් ලක්ෂ හයක් විතරය.
බිව්වොත් වලියකට පොටක් පාදා ගැනීම බකයාගේ ක්‍රමයය. කොටින්ම හේතු විරහිතවය. අහක යන පුද්ගලික ඇරියස් එකක් කවර් කිරීමට යාමෙන්ය.ඒ නිසාම මස්කට් හි රාත්‍රී සාද රැසකින් හෙතෙම කොන්වී ඇත්තේය. බොහෝ විට මිනිහා බොන්නේ දැන් දැන් තනියෙන්මය. බ්‍රහස්පතින්දා පමණක් කොච්චියාගේ ගෙදර ඇවිත් බොන්නේය. හිත හොද මිනිහෙක් වුනාට කට සවුත්තුය …ගුටි නොකා එළියට එන්නේ එහෙමත් තැනකින්ය.
කේක් කැපීම ලංකාවේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට එනම් ඕමානයේ 10.30 ට කරන්නට යොදා ගෙන සිටි නිසා ඊට පැයකට හමාරකට කලින්ම කට්ටිය වැඩේට බැස්සෝය. වෙලාව ඔය විදියට වෙනස් කර ගත්තේ කේක් කපන වෙලාවට සියල්ලෝ පියවි සිහියෙන් සිටිය යුතු බැව් නෝනා අවධාරණය කළ නිසාය.
ජානි බායි ආවේ කේක් කැපුවාටත් පසුවය. අපි ජානිව අමතන්නේ ඩොක්ටෝර් කියාය. අරාබීන් ඩොක්ටර් ට කියන්නේ ඩොක්ටෝර් ය. ඩොක්ටෝර් කිව්වාට මිනිහා ෆාමසිස්ට් ය. කොච්චියා ඉන්නා බිල්ඩිමේ යට තට්ටුවේ ඇති ෆාමසියේ හිමිකරු මේ ඩොක්ටෝර් ය. ගුජරාටයේ උපන් බ්‍රාහ්මණ වංශිකයෙක් වන ඩොක්ටෝර් ගේ ජීවිතයම ෆාමසියය. උදේ හතට අරිනා ෆාමසිය වහන්නේ රෑ එකට විතරය. වයස හැටකට ආසන්න ජානි ගේ බිරිද වසර දහයකට පමණ පෙර මියැදී ඇති අතර එකම දියණිය කැනේඩියානු පුරවැසි භාවය ඇත්තියක් ය. මුදල් යහමින් ඇති ඩොක්ටෝර් ගත කරන්නේ අහිගුණ්ඨික ජීවිතයක්ය. මිනිහා නිදාගන්නේද ෆාමසියේමය. උදේට කන්නේ චපාති දෙකක් මාමයිට් සමගය. දවල්ට චපාති දෙකක් සමග අලූ මසාලාය. රෑට ඇපල් ගෙඩියක් හා කෙහෙල් ගෙඩියක් ය.
බිරිදට අසීමිතව ආදරය කළ ජානි බායි brain tumor එකකින් ඈ මියයන තුරුම ඈට ඇප උපස්ථාන කළේය. සුන්දර ගෘහ ජීවිතයක් ගෙවූ ඔහුට අද ගෙදරක වාසය සුව නොදෙන්නේය. එය ඔහුට ගෙනෙන්නේ බිරිද ගැන මතකයන්ය. මස්කට් ෆාමසියේ සේවය කළ ඩොක්ටෝර් තමාගේම කියා ෆාමසියක් අරින්නේද සිය ජීවිතයම එය තුල දිය කරන්නටය. හොඳ කාර් එකක් පාවිච්චි කිරීම, හොඳ ඇඳක නිදා ගැනීම, උයා ගෙන කෑම වැනි බොහෝ දෑ ගෙදරක ජීවත් නොවීම යන පදනම මතම ජානි බායි විසින් අත හැර ඇත්තේය.එක එක මිනිසුන් දුක ශුන්‍ය කර ගැනීමට යොදා ගන්නේ එකිනෙකට වෙනස් වූ විධික්‍රමය.නිර්වාණය පවා සෙවිය යුත්තේ තමාගේම ක්‍රමයටය. කවුරුත් නිවන් නොයන්නේ ඒ සොයන්නේ බුදුන් ගියා යයි සිතා උගන්වන මග ඔස්සේ නිසාය.තමාගේ ක්‍රමයට හෙවූ දාට නිවන සොයා ගන්නා උන් හිසේ කෙස් ගානට සිටිනු ඇත්තේය.මෙහෙම හිතන්නේ කොච්චියාය. ඔහේලා ඒ ගැන තම තමන්ට කැමති විදියට සිතා ගත යුත්තේය.
මුල සිටම බකයා කා හෝ සමග එල්ලීමට දත කෑවත් ඒ බව දන්නා කිසිවෙකුත් මිනිහාගේ කතා තඹයකටවත් ගණන් නොගෙන එකිනෙකා හා කතාවෙන් පසු වුණෝය. විශේෂයෙන්ම මේ දිනවල දිනූශ සමග වැඩි ගනුදෙනුවක් නැති සඳමාල් ඉතා සංයමයෙන් හැසිරුණේ කොච්චියාගේ නෝනාගේ සාදය ගෝරියකින් කෙළවර නොවනු පිණිසය. කාලීන දේශපාලනය, ආගම වැනි විවිධ මාතෘකා වලියකට ඇවැසි තුරුම්පු සේ විසි කරමින් බකයා බලාපොරොත්තු වූයේ වාචික සටනක් බව සියල්ලෝ අවබෝධ කර ගත් මොහොතක සැපත් වූයේ අසරණ ඩොක්ටෝර් ය. දිනුශට ඩොක්ටෝර් සමග ඇරියස් එකක් තිබ්බේය. ආ සැණින්ම ඇරියස් එක දිග හැරියේය.
![]() |
ප්‍රශ්නයට තුඩු දුන් අයිතමය |
ඒ කෙසේ වේවා දිනුෂගේ හිතේ තැන්පත් වූයේ ඩොක්ටෝර් කුප්ප කමට රින්ග් එක නොදුන් බවය..මේ අල්ලන්නේ ඒ ඇරියස් එකය. කොටින්ම කිව්වොත් අංගජාතය කම්පනය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ය.පරිණත මිනිසෙක් වූ ඩොක්ටෝර් බකයාගේ වාග් ප්‍රහාර සරල සිනහවකින් නිදැල්ලේ යන්ට හැරියේය. එමෙන්ම පසු දින ෆාමසියට එන ලෙසත්, සාම්පල් වලින් එකක් නොමිලේම දෙන්නටත් පොරොන්දු වූයේය. අවශ්‍යතාවය ලෙස එලියෙන් පෙනුනේ එය වුවද ඒ උත්තරය බකයාට වැඩක් නැත්තේය. ඕනෑ වූයේ ගේමක් ඇද ගැනීමය. ඒ ප්‍රයත්නයද වතුරේ ගියේය.
බකයා Durex සමාගමේ ඉහත කී නිෂ්පාදනයේ සන්නාම තානාපති වගේය. මීට පෙර වරක් ඩිස්තිට එකක් නොමිලේ ගෙනත් දුන්නේය. එසේම තවත් කාට කාටදෝ තම වියදමින්ම ඕවා අරන් දුන් බවක් කොච්චියාට මතකය.
ඔය සාදයේ තව එක් ජෝඩුවක්ද සිටියෝය. අලුත විවාපත් ඔවුන් ගැන වැඩි විස්තර ඕනෑ නැත්තේය. ඔය මාතෘකාව යන අතරේ අලුත් ජෝඩුවේ කොල්ලා මගෙන් කණට කර ඇසුවේ අදාල අයිතමයේ ගුණ දොස් ය. ගුණ දොස් කීමට එය පාවිච්චි කර නොමැති නමුත් කොච්චියා කීවේ ඕක මරු බඩුවක් කියාය. නැවතත් කණට ලංවූ කොල්ලා මගෙන් ඇසුවේ “සිරාවටම ඩොක්ටෝර් ගාව ඕක තියෙනවාද” කියාය. උත්තරේ නොදී එතැනින් මාරුවූ කොච්චියා ට තිබූ ඊළග ප්‍රශ්නය වූයේ හැලපයාට ප්‍රවාහන පහසුකම් සැපයීමය. වැඩි වෙලා ඒ ගැන කරදර වීමට නොවූයේ මාලෙ හා සාලෙ ඒ සද්කාර්‍යය සතුටින් බාර ගත් නිසාය.
දෙවෙනි බෝතලයේ මැද හරියේදී අකමැත්තෙන් වුවත් සාලෙ හා මාලෙ ට සමු දෙන්නට වූයේ උන් හට සෙනසුරාදා වැඩ දිනයක් වූ බැවින්ය. දුකසේ වුවද අසරණ හැලපයියාද ඒ සමගම සමු ගත්තේ දිනුෂ සහ ජානි සමග අප තනි කරමින් ය. නෝනාත් ජහුටාත් ඩිස්තිත් පවසන අන්දමට ඉන් ටික මොහොතකට පසු කොච්චියා සුපුරුදු පරිදි හිටගෙන නිදන්නට වී ඇති අතර බකයා විවිධ වූ මාතෘකා අදිමින් මා හට බැණ වැදී ඇත්තේය. උගේ හා මගේ වාසනාවට මට ඒ කිසිවක් ඇසී නැත්තේය.