Sunday, October 9, 2016

රහීමාවට පෙම් බැඳි සිහින දකින ඩීල්කාරයා

කොච්චියා මොන්ටිසෝරි යන පොඩි එකා කාලයේ සිටම කඩෙන් කෑම ප්‍රිය කලේය. මීගමුවේ නිව්ස්ටෙඩ් විද්‍යාලය අසල වූ මොන්ටිසෝරියට ගිය කුඩා කොච්චියාට ඉන්ටවල් එකට කන්නට නයෝමි බේකරියෙන් බැටර් ෆ්‍රයි කරන ලද ඉස්සන් දැමූ බනිසක් සමග චොකලට් කේක් කෑල්ලක් අම්මා අරන් දෙන්නීය. අදටත් නයෝමි බේකරියේ ඒ prawn bun එක ඒ රසින්ම ඇත්තේය.


රස එලෙසම පවත්වාගත් හෝටලයක් ලෙස කොච්චියා එදත් අදත් ප්‍රිය කරන තවත් තැනක් නම් රහීමා හෝටලයයි. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ අසලම වූ රහීමාව දිගු කලක් කොච්චියාගේ උදේ සහ දවල් කෑම සැපයූවාය. කොයි තරම් කාලයක සිට මා රහීමා හෝටලයෙන් කා ඇත්දැයි සිතෙන්නේ තරුණ වියද ඉක්මවමින් ඉන්නා මා හට එහි වියපත් වේටර් වරු අදටත් “බබා” කියා අමතන විටය. අවසන් වරට මා එහි ගිය කල හුරු පුරුදු වේටර් වරයා මට කතා කොට
“ බබා, එන්න මේ මේසෙට “
යැයි කී අතර එය ඇසූ අසල සිටි තර්ස්ටන් එකේ පොඩි කොල්ලෙක් උඩබිම බැලුවේ මේ දඹ නාකියාට බබා කියන්නට වේටර් අන්දකයිප්පු කාලාද කියාය…ඒ දුටු කොච්චියාට කියන්නට හිතුනේ
“අපේ සබදකම්නෑ නේ උඹ දන්නේ” කියාය.
නාවලපිටියේ මිනිහෙක් වූ ඒ වේටර් අංකල් මෙන්ම ගම්පොල සුදු පුතා නොහොත් සුද්දාද මට විශේෂයෙන් සැලකුවෝය. අංකල්ගේ දුවකගේ මගුලට වරක් කොච්චියා මුදලින් උදව්වක් කල අතර මගුලට සෑදූ වටලප්පන් භාජනයක්ම මට ගෙනාවේය.


රහීමා එකේ උදේ කෑමට එකල පරාටා,බිත්තර රොටි,ආප්ප මෙන්ම ඉදිආප්පද තිබුණේය. කොච්චියා එකල වැඩියෙන්ම කෑවේ පරාටාය. පරාටා 5 හෝ 6 අනිවාර්ය ය. එසේ නැත්නම් පරාටා 3 සමග බඩේ ඉඩ පාඩුවට ඉදිආප්පය. බොහෝ විට බිත්තර කරි සහ පරිප්පු සමගය.. ඒ මුට්ටා කරිය පට්ට රසය..මාලු හෝ මස් හොද්දට තම්බපු බිත්තරයක් අත ඇරලා නෙවේය.. බිත්තරම හොද්දක්‍ ය. කොලෙස්ටරෝල් ප්‍රෙශර් ෂුගර් ගැන හිතලාවත් නැති එකල ජීවත් වෙන්නට කෑවා නොව ජීවත්වූයේ කන්නටය. කෑමෙන් පසු බොන්නේ ස්පෙශල් ටී එකක් හෝ බිත්තර කෝපි වීදුරුවක්‍ ය. ඔය කිව්වේ පාසල් සමය හා ඉන්පසු උසස් අධ්‍යාපනයේ යෙදුන කාලයේ කොච්චියාගේ පාතරාසයය.


රහීමා එකේ උදේ කෑමට එන්නවුන් අතර බොහෝ ප්‍රභූන්ද වූවෝය.. ඒ අතරේ මැති ඇමතිවරුන්ද දැවැන්ත ව්‍යාපාරිකයන් හා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද අඩු නැතිව සිටියෝය. වරෙක දඹර අමිල හිමියෝ කොච්චියා සමග එක මේසයේ වැළදුවා මතකය. මා දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ ගේ ගෙදරට එදා සිට අද දක්වා පරාටා ගන්නේ රහීමා හෝටලෙන්ය.


පසු කාලීනව නැවත රහීමා එන්න උනේ කොච්චියාට දේශපාලන උණ වැළදුන කාලයේය. නීතිය ඉගෙනගැනීමට සිතූ කොච්චියාට එදා තිබූ ඉක්මන්ම ක්‍රමය වූයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව නීති විද්‍යාලයට ඇතුල් වීමයි. නීති ප්‍රවේශය සදහා වූ දේශන පැවැත්වූයේ රාජකීය විද්‍යාලයේ නව රගහලේ වූ අතර සෙනසුරාදා හා ඉරිදාය. එකල දවල් කෑම සදහා කොච්චියා ගියේ පුරුදු රහීමාවටය. දවල් කෑමට රහීමා එකේ චිකන් බිරියානිය සුපිරිය. සුවද මතක් කළත් මේ දැන් බඩගිනි එනවාය. ඊට සම මට්ටමේ තිබ්බේ මරදානේ බුහාරි හා ඔඩෙල් එක එහා පැත්තේ ඇති රහුමානියා හෝටලයත්‍ ය.


නීති ප්‍රවේශයට උගන්නා කාලයේ කොච්චියා ගේ ගුරුවරු වූයේ සාලිය පීරිස් , කේ ඩබ්ලිව් ජනරංජන , අජිත් පී පෙරේරා හා නන්ද මුරුත්තෙට්ටුවේගම වැන්නවුන්‍ ය. අජිත් පෙරේරාද ප්‍රසිද්ධ දේශපාලනයට එන්නට පෙර බොගක් දැම්මේය. දැන් නම් ඒ බ්ලොගේ පෙනෙන්නට නැත්තේය. බණ්ඩාරගම හා සබැදි ආකර්ෂණීය ලිපි තිබ්බා මතකය. මීට අමතරව එකල ශිරාල් ලක්තිලක ඇරඹූ දේශපාලන විද්‍යා අධ්‍යාපන ආයතනයක ද කොච්චියා ලියාපදිංචි උනේය.එකල මා ඔහු සමග බොහෝ දින රාත්‍රියේ දේශපාලනය කතා කල අතර වැඩක් කල හැකි දක්ෂයෙකු වන ඔහු අද ඉන්නා ස්ථාවරය ගැන මට ඇත්තේ අතිශය කම්පාවක්‍ ය.

එකල Platform for Freedom ලෙසින් රට පුරා ගෙනගිය වැඩසටහන් මාලාවටම කොච්චියා සහභාගී වුනේය. එහිදී බ්‍රිටෝ ප්‍රනාන්දු, ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු හා පාකියසෝති සරවනමුත්තු වැනි සමාජ ක්‍රියාකාරීන් රැසක් මුණ ගැසුනු අතර දේශපාලනයට ඇති ඇම්ම උපරිමයටම වැඩි වුනේය.


අද පාර්ලිමේන්තුවේ කොච්චියාගේ මචං ලෙවල් එකේ මිතුරන් රැසක් මෙන්ම එවැන්නන් රැසකගේ පියවරුන්ද ඇත්තේය. ඒ ඇත්තන් ගැසූ කරණම් හා ඒ පිටිපස්සේ ඇති ගේම් මෙන්ම ඒ ගේම් පිටිපස්සේ සිටි මහ මොළ කරුවෝ ගැනද කොච්චියා දන්නේය. ඒවා හරියට ටයිම් කරලා ගැහුවොත් වැඩේ ගොඩය.පොඩ්ඩ එහා මෙහා වුනොත් කෙළවෙන්නේය.ලාංකීය දේශපාලනයේ බැක්ස්ටේජ් ඩීල් කරුවෙකුගේ භූමිකාවට පණ පොවන්නට මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වීමේ සිහිනයද මිය නොගොස් එසේම ඇත්තේය. පරහකට ඇත්තේ ඒ නරාවලට මා පනිනවාට නෝනාගේ කැමැත්ත නොලැබීමය.ජීවිතයේ ඇතැම් සිහිනවල උපරිම රසය සිහින ලෙසින්ම මිස හැබෑ ලොවේ නැති බව දන්නා කොච්චියා ඒ ගැන දුක් නොවන්නේය.


රහීමා එකේ එකල බූන්දි ද තිබුණේය. කහ පාට බූන්දි කමින් පාසල නිමවී ස්කූල් වෑන් එක එනතෙක් සිටි යුගයක් කොච්චියාට තිබූ අතර මලා සිකම් ලෙසින් නාමකරණය වූ ප්‍රසාද් ශ්‍රීමාල් නම් වූ මිතුරෙක් ද එකල සිටියේය. මලා සිකම් හා මා ඉස්කෝලේ ඇරුණු සැණින් යන්නේ කිරි බොන්නය. එකල කොත්මලේ කිරි අලෙවි හලක් ඒ පැත්තේ විය. එය තිබ්බේ බගතලේ පාරේ මුලටම වෙන්නය.දැන් නම් එය තිබූ තැනක් හොයන්නත් නැතිය. අතේ සල්ලි තිබ්බෝතින් එකා පැකට් දෙක බැගින් බිව්වෝය.


මලා සිකම් සමග කොච්චියා වෑන් එක එනතුරු ඉන්නේ අද Midnightdivas ඉස්සරහට වෙන්නය. එදත් තිබ්බානම් කියා හිතෙන්නේය..

midnightdivas ගැන නොදන්නා කෙනෙක් ඇත්නම් උන්ගේ වෙබ් අඩවියට ගොස් බලා ගැනීම මනාය. නෝනලාට තෑගි ගන්න කැමති මහත්තුරුන් ට යන්න කියාපු තැනය….මොකද ඒ දෙන තෑග්ග අපතේ නම් නොයන්නේය..තෑග්ගේ ආතල් එක මහත්තයාටමය.

රහීමා හෝටලයේ තේ කෝප්පය මට හොඳින් මතකය. එකල ඔවුන් සතුව දම් පාට සහ කහ පාට කෝප්ප තිබුණේය.කිරි තේ එක මෙන්ම ඉඟුරු ප්ලේන්ටියද රසයෙන් විශිෂ්ටය. පසුගිය දෙසැම්බරයේ එහි ගිය විටද රසය එසේමය...දුකක් දැනුනේ අර කෝප්ප සෙට් එක ඉවත් කර තිබූ නිසාය. අළුත් කෝප්පය කොච්චියාට හිතට වැදුනේ නැතිය.


කොච්චියාගේ නෝනාද රහීමාවෙන් කන්නට ප්‍රියය. එයා විතරක් නොව කලින් එක්කෙනාද එසේමය....ඒ දෙන්නාට අමතරව කොච්චියා තවත් එක එක නෝනලාටද රහීමාවේ රස විඳින්නට සලස්වා දී ඇත්තේය. කොච්චියාට රහීමා හෝටලය ජීවිතේ විශේෂ ස්ථානයක්ය.ඒ ගැන ලිව්වේත් ඒ නිසාය. මා වෙනස් වී ඇත්තේය...මා හා ආ ගිය අය වෙනස් වී ඇත්තේය..නමුත් මා කෙසේ කවදා කා හා ගියත් ඔවුන් ගේ කෑම වල එදා රසයම මට අදත් දැනෙන්නේය...


"වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා

නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා"

රහීමා හෝටලය කොච්චියාට දැනෙන්නේ ඔය විදියටය.







66 comments:

  1. සූටික්කත් ඉස්සර දවස ගානේ රහීමාවෙන් කාපු උන්තමයි හරිය.....

    චැහ්..... කාලෙකින් යන්ඩ බැරිවුනා.... ගිහින් බලන්ඩෝනෙ.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සූටික්කත් ඔය පැත්තෙ කැරකුණු කෙනෙක් හරිය? එහෙනම් අතීතෙ මතක් වෙන්නත් එක්ක ගිහින් ගොඩ වෙලා අපිටත් කාපුවයැ අප්ඩේට් එකක් දෙන්න.

      Delete
  2. කොච්චියාට මුල මතක තියෙන එක කොච්චර එකක්ද. අද හුඟක් මිනිස්සුනට නැත්තෙත් ඒක.
    කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක තම්බලා කාලා නෑ නේද?...

    ReplyDelete
    Replies

    1. කොච්චි සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක කාලා තියෙනවා...හැබැයි ඒක වැව් ඉස්මත්තක ඉදන් රා කට්ටක් ගහගෙන කරලා නැති එක පොඩි අඩුවක්.
      මුල අමතක කරලා කොහොමද...මුල් ඇදගෙන ජීවත් වෙන්නෙ නම් නැහැ අතීතයේ..ඒ උනාට මුල මැද අග යා කරගන්න නම් ඒ මතකයන් ෆීලින්ග්ස් එක්කම දැනෙන්න ඕන.

      Delete
    2. කැමතිද වැව් ඉස්මත්තක ඉඳන් රා කට්ටක් ගහන්න....රා නිකං රා නෙවෙයි තල් රා

      Delete
    3. වැව්ට wowලු. wow කියන්නේ wonders ofthe world කියන එකද. වැවක් අයිනේ රා විතරක් නෙමේ වෙන ඕනම දෙයක් වොන්ඩර් එකක්ම තමයි.

      Delete
    4. ආයෙ wonder දත් අහනවා...මතක් වෙද්දිත් පිස්සු වගේ නේ

      Delete
    5. ආයෙ wonder දත් අහනවා...මතක් වෙද්දිත් පිස්සු වගේ නේ

      Delete
  3. Replies
    1. බය හිතෙනව බයහිතෙනවා බයේ බැ

      Delete
    2. අර මක්කටැයි උඹ බය උනේ

      Delete
    3. අර සොප් එකේ විස්තර බලල හා නෑ කියහං

      Delete
  4. රහීමාවට ජයවෙවා...

    ඊට පොඩ්ඩක් එහා බගතලේ පාරේ ඉස්සර තිබුනු වෙනිස් එකෙන් අයිස් කිරින් එහෙමෙ කාලා නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොත්මලේ කිරි තිබ්බ ප්ලේස් එක තමයි ඔය කියන අයිස්ක්‍රීම් කඩේ බවට පත් වුනේ කියලයි මට හිතෙන්නෙ

      Delete
  5. ඒපැත්තෙ යනවෙලාවක කාලම බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න. කැමති වේවි කියලා හිතෙනවා.

      Delete
  6. හෙක්.. හෙක්.. මේක කියෙවුවම ගිහිල්ල කාල බලන්නම හිතුන.

    ReplyDelete
  7. කෑම වගේම පෝස්ට් එකත් පට්ට රහයි.

    ReplyDelete
    Replies

    1. හැලපයා වගේ පොරක් එහෙම කිව්වාම පොඩි ආඩම්බරයක් වගේ එකකුත් හිතට එනවාය.

      Delete
  8. සිවු වසරක සරසවි දිවියේ සොඳුරු ප්‍රේම මතක සටහන් ගොඩක් මේ රහීමා එකත් එක්ක බැඳිලා තියෙනවා කොච්චි... සත්වසරක නිර්මාංශ ජීවිතේට මම සමු දදීලා සර්ව භක්ෂික වුණේ රහීමා එකේ බුරියානි එකෙන් වැඩ පටන් අරන්. එයාලාගේ ලයිම් ජූස් එකත් අපි දෙන්නා අතරේ ගොඩක් ජනප්‍රිය වුණු ආදර පානයක් කිවුවොත් හරි. ඉතිං හිත රිදීගෙන යන දුකක් දැනෙනවා ගොඩ දවසකින් ඒ පැත්තේ යන්න බැරි වුණ එක ගැන.

    ReplyDelete
    Replies
    1. රන්දුලා වැඩ අල්ලලා තියෙන්නෙ හරි තැනින්. ලයිම් ජූස් එක රුපියල් 7 ට තිබ්බ කාලෙ ඉදන් 15 හෝ 20 දක්වා ඉහල යන කල්ම මට මතකයි. හැබැයි අන්තිම කාලෙනම් ගණන් නොබලා තමයි කෑවෙ බිව්වෙ. දැන් ගණන් ඇති.

      Delete
  9. ඈ බොල කවුද කවුද අර උඹ රහීම එකේ කන්න අරං ගියැයි කියන තේඋඩිච්චියො? මම හිතුවෙ මාව විතරයි අරගෙන ගියේ කියල. එතනින් කන්න දීල ඊට පස්සේ මාව අරන් ගිය තැනට ඒ ගෑණුවත් අරන් ගියාද? මේ මිනිහ දහයට ගණින්න බැහැ වගේ ගෙදර හිටියට කොරල තියෙන දේවල්. මගේ අම්මල කිව්ව මේවගේ එකෙක් සහේට ගන්න එපා කියල. මගේ මෝඩ කම තමයි. වරෙන්කො අද ගෙදර.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මගේ දහයට ගැනිලි ගැන ගෙදර උන්දෑ දන්නවා. මොකෝ ඔය කිව්වත් වගේ අපි සීයට එකසිය විස්සට එහෙමත් ගැනලා තියෙනවා

      Delete
  10. baබස්සාගේ පාරෙන් ආවා. සටහන් කිහිපයක්ම කියෙව්වා. දන්න කියන කෙනෙක් වගෙයි ලියලා තියෙන සටහන් බැලුවම.

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද දන්න කියන කෙනෙක් නම්... ඔහේගෙ බ්ලොගක් එහෙම ඇතෙයි අපිට කියවන්න එහෙම?

      Delete
  11. හප්පා මේක කියවලා මට රහීමා එකෙන් කන්නට දොළක් ඉපදුනේය, දැන් ඉතින් කන එක කනවාමය.රහුමානියා එකෙන්නම් කීපවරක්ම කා ඇත.පොඩි කාලෙ රසය ඒ විදියටම තියෙන එකනම් කොච්චර දෙයක්ද

    ReplyDelete
    Replies
    1. ශානි ගිහින් කාලා එන්න. midnightdivas එකටත් ගොඩ වෙලාම එන්න. කොච්චියාගේ බ්ලොගේ පැත්තේ ආවාට තුති.

      Delete
    2. දොලක් නම් ඩි සොයිසා මැටනිටි එක පැත්තෙත් ගිහින් එන්න කිව්වනම් නරකද?

      Delete
    3. හී හී මම රහීමා එකෙන් කන අතරේ හබියාට තමා midnightdivas ගිහින් එන්න කියන්න ඕනේ එයා ඒකට එක පයින් කැමති වෙයි.

      දොළක් කිව්වට ඉතින් මේක ඒවායේ යන්න තරම් දොළක් නෙවෙයි
      රහට කන තැනක් ගැන ඔත්තුවක් ලැබුනම හොට දාලා බලන්නම හිතෙන මෙව්ව එකක් තියෙනවා පොඩි කාලේ ඉදලම.

      Delete
    4. ඔව්....රස විදින කෙනා එපායැ තෝරන්න ඕනා. ඒ අසරණයා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන්න සුදුසු කළමනා තෝරන අතරේ ඔයාට පුලුවන් කැලරි වැඩියෙන් ශරීරගත කර ගන්න.

      Delete
    5. ඔව්....රස විදින කෙනා එපායැ තෝරන්න ඕනා. ඒ අසරණයා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන්න සුදුසු කළමනා තෝරන අතරේ ඔයාට පුලුවන් කැලරි වැඩියෙන් ශරීරගත කර ගන්න.

      Delete
  12. රහීමා හෝටලයේ ගෝදම්බ රොටී සහ එළු මස් එක ගැන තවමත් මා සිහින මවනවා

    ReplyDelete
    Replies
    1. වේටර් විසින් එලු මස් කෑලි වලට කපන ආකාරය බලා සිටීමත් මම ප්‍රිය කළ දෙයක්

      Delete
  13. මෙය කියවීමෙන් පසු මීලඟ නෙලුම්යාය උත්සවය රහීමා එකේ තියමුද කියලා කොලඹ ගමයා අහනවා.

    ReplyDelete
  14. හ්ම්ම්.....ලියපු ලිවිල්ලෙන් කාපු රස දැනේ....!
    http://cyberheartblog.blogspot.com/

    ReplyDelete
  15. කොච්චිගේ පෝස්ට්වල එන පරිසරයන් මට බොහොම සමීපයි. ඔමානය, බම්බලපිටිය, රහීමා, පාසල මේ සියල්ලම. රහීමා එක මුලින්ම තිබුනේ දැන් තියන තැනට මෙහායින් . පස්සේ තමයි ඔතනට ආවේ. ඔතන තමයි ඉස්කෝලෙට වඩ කාලය ගතකරේ. ඉස්සර පරෝටා නැහැ. ගෝදම්බ රොටි. ඒකට තිබුනා කෑලි නැති මස් හොද්දක්. ඉස්කෝලේ කොල්ලන්ටම හදපු එකක්ද කොහෙද. උනු උනු ගෝදම්බයි, දෙකඩ කඩා ගන්න ප්ලේන්ටියයි, බ්‍රිස්ටල් එකයි. අමතක නොවන දේවල්. කොච්චිගේ කාලෙට වඩා පොඩ්ඩක් අතීතයට යන්න ඕන නම්, ඔය පරිසරයත් එක්කම. මම ලිව්ව අරූගේ අඩවිය වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක කියවලා බලන්න. "ඒකේ අවුල් වන්නට පෙර" කියන පෝස්ට්ස් ටික කියවන්න. රසවත් සිදුවීම් හමුවෙයි.

    ReplyDelete
    Replies
    1. අරුණ ගේ කතාව ඇත්ත. ඔතන තමයි ඉස්කෝලෙන් පැනලා යුනිෆෝම් මාරු කිරීම පවා කළේ.
      අයියා ගේ බ්ලොගේ පැත්තේ එන්නම්. ඕක තමයි අපිව හදපු වපසරිය..කොළඹ 7 /3/4 අවට ගත කල ළමා සහ නාඹර තරුණ කාලය

      Delete
  16. පෝස්ට් ඔක්කොම කියවල ඉවර උනේ මේ දැන්...
    රහට ලියනවා. එළ...

    ReplyDelete
    Replies
    1. සතුටක් අහන්න ලැබීම. ස්තුතියි

      Delete
  17. කඩවල් වල කෑම පොඩි කාලේ ඉදන් මගේ ප්‍රියතම කෑම, ගෙදර මොනවා හැදුවත් මට ඒවා රස නැ, ඒ නිසා තාත්තා කඩෙන් ගේනවා එක එක දේවල්.. කොච්චෙගේ මේ පොස්ට් එක කියෙව්වම ඒ රස ආයෙත් දැනෙනවා. මෙහෙ ඒ රසට කන්න නැති එක නම් හරි අඩුවක්..

    ReplyDelete
    Replies
    1. මටත් එලියෙන්මයි කන්න හිත. මම ඒකට වහල් වෙලා කියලා දවසක් හැලපයාත් කිව්වා. දැනටත් ගෙදර කෑම නොකා හොරෙන් එලියෙන් කාලා නෝනා ගෙන් බැනුම් අහනවා

      Delete
    2. මටත් ඉන්නේ නොණින බානා කෙනෙක්. ඒ නම් කෑමට නෙමේ බීමට. මට කොකා කෝලා, ස්ප්‍රයිට්, රෙඩ්බුල් අරහං. "සෝඩා එපා"වගේ කේස් එකක් :

      Delete
    3. අපේ නෝනා නම් බීමට අවුලක් නැති මුත් මගේ එලියෙන් කෑමේ මේනියාවට එරෙහියි

      Delete
    4. අපේ නෝනා නම් බීමට අවුලක් නැති මුත් මගේ එලියෙන් කෑමේ මේනියාවට එරෙහියි

      Delete
  18. 'කොච්චියාගේ නෝනාද රහීමාවෙන් කන්නට ප්‍රියය. එයා විතරක් නොව කලින් එක්කෙනාද එසේමය....ඒ දෙන්නාට අමතරව කොච්චියා තවත් එක එක නෝනලාටද රහීමාවේ රස විඳින්නට සලස්වා දී ඇත්තේය.' - හුටා! මේක ගෙදර උන්දැ දැක්කොත් හැමදාම කඩෙන් තමයි කන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෝනා කොච්චියාගේ වැඩ ගැන දනී

      Delete
  19. යකඩෝ පරාටා 5 ක් 6 ක් එක වෙලකට ??? නොදොකිං මූ වගේ බඩ ජහරියෙක් ... හාමිනේ එක්ක ගොහින් කොලස්ටරෝල් චෙක් කොර ගනින් :-D

    කොච්චියෝ උඹ නම් මහා බූරුවෙක් ... අද සිකුරාදා තාම උදේට කාලත් නැහැ ... බඩගින්න දෙගුණ උනා මේක කියවල ... මට වගේම බොටත් බඩේ අමාරුවම හැදෙන්න ඕන.. ඕං මං කෙළ ගිල්ල @$@$%@$ !!! :-(


    මොන අවුල තිබ්බත් ලියපු දේ නම් රහයි හොඳේ :-D අපිට ඔය වගේ තිබ්බේ ධවලගිරි , සල්ගාදු බේකරිය සහ බුහාරි තමයි !

    ReplyDelete
  20. ඒ කාලේ පරාටා හයක් සිම්පල්.. උඹ කිව්වා වගේ ඒවයේ ප්‍රතිඵල අද භුක්ති විදිනවා බේත් එක්ක. නෝනා මැර බලය පාවිච්චි කරන නිසා ලෙඩ ටික කන්ට්‍රෝල් කරන් ඉන්නවා.
    සිකුරාදා මම නම් උදෙන්ම කනවා. ගල්ෆ් වල සිකුරාදා උදේ තියෙන පාලුවට මම ආසයි.
    උඹගේ අලුත් පෝස්ට් එක කියවන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. ආදරබර හාමිනේල හම්බ උනහම එහෙම තමයි ! , බොලව මේච්චල් කරන්න අවම බලය හරි යන්නේ නෑ ... මර බලයම ඕනේ !!!

      සිකුරාදා උදේ පාරේ බල්ලෙක් තියා ඔටුවෙක්වත් නැති හන්ද මාර නිස්කලංක කමක් තියෙන්නේ ... දවල් වෙනකොට ලතෝනි තියන එක තමයි පොඩි අවුලකට තියෙන්නේ ...

      මට පල්ලි වල ගෝසාව විතරක් නෙමෙයි පන්සල්, කෝවිල් මේ හැම එකකම ශබ්ද දුෂණය නම් පෙන්නන්න බෑ ... !

      ඇයි හත් ඉලව්වේ.. මෙච්චර හයියෙන් ලතෝනි දෙන්න දෙයියන්ගේ කං පොට්ටද මං අහන්නේ ?

      Delete
  21. ඈ බං කොච්චියෝ.. උඹයි මමයි රහීමා එකේ එක මෙසේ කාල ඇති සමහර විට.. අම්බලංගොඩයාත් අවුරුදු පහක් හයක් එක දිගට රහීමා එකෙන් තමා උදේට දවල්ට කෑවේ.. හෆොයි බෝලාගේ ඉස්කෝලේ ඇරුන වෙලාවට ඔතන ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ.. දැන් ඉතින් කෝ අපිට ඒ රස පරාට.. ඒකට ඉතින් ලංකාවට යන්නම වෙනවා.. උඹේ මේ පොස්ට් එක කියවල මට දැන් පරාට කන්න පෙරේතකමක් ඇවිත් තියෙන්නේ..ඉතින් කෝ ඒවා මෙහෙ....?????????????

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලා ඇති සමහර විට.. කොහොම උනත් මම නම් ලංකාවට ගියොත් රහීමා එකට ගොඩ වෙනවාමයි.

      Delete
  22. "කොච්චියාගේ නෝනාද රහීමාවෙන් කන්නට ප්‍රියය. එයා විතරක් නොව කලින් එක්කෙනාද එසේමය....ඒ දෙන්නාට අමතරව කොච්චියා තවත් එක එක නෝනලාටද රහීමාවේ රස විඳින්නට සලස්වා දී ඇත්තේය. "

    හාමිනේ මේ වගක් දැනගත්තොත් කොච්චියාට කොච්චි සිරප් එකක් පොවනවා නොවනුමානය.
    ඉස්සර නිපොන් හෝටලයේ චිකන් බිරියානිය අදටත් මට මතක්වෙන්නේය . කුකුළා ගෙන් පාලුවක් බත සමග දෙන්නේ වී නම් ඒ මුස්ලිම් හෝටලයක් ම විය යුතුය යන්න කුඩා කල මගේ හිතට කාවැදුනේ මෙතනින් ය .

    ReplyDelete