Monday, October 31, 2016

බකයාගේ වයිබ්‍රේටරය, ජානිගේ ෆාමසිය සහ උපන් දින සාදය

අද කියන්නේ පහුගිය සතියේ පැවති කොච්චියාගේ නෝනාගේ සරල උපන්දින සාදය ගැනය. සරල කිව්වාම හිටං ද කියා අහන්නට එපාය. 22 වෙනි දාට යෙදුනු උපන්දිනය අපි සැමරුවේ 21 රෑය. ඒ නිවාඩු ගලපාගන්නට ඇවැසි වූ නිසාය. යම් යම් හේතු මත ආරාධිතයින් ගණන හිතුවාට වඩා සීමා කරන්නටද උනේය. ආ යුතුම වූ කීප දෙනෙක් මග හැරුණු එක ගැන යම් කණගාටුවක් මගේත් නෝනාගේත් හිත්වල තිබුණත් අදාල තත්වයන් සලකා ගත් ඒ තීරණය නිවැරදි බව මේ සති අන්තය වන විට ප්‍රත්‍යක්ෂ වී ඇත්තේය.

ආරාධනය කළ සැණින්ම රහමෙර සැපයීම බාර ගත්තේ හැලපයාය. හැලපයා සහ හැලපි දෙදෙනාගේම පැමිණීම බලාපොරොත්තු වුවත් හැලපයා ගෙන් ආරංචි වූයේ හැලපිය රෑ පානේ සාදයන්ට සහභාගි වීමට මැලි කමක් දක්වන බවය. එසේම ගෑනු කාටත් වගේම සතා සර්පයා ටද පොදුවූ කාපු බීපු තැනක වැඩි වේලා නොසිටීමේ පුරුද්ද එතුමියටද උරුම බැවින් අපේ හැලපයා ඈව හිතා මතාම හලා ආවාද නොවිය නොහැකිය. කොච්චියාගේ නෝනාද එම ලක්ෂණ උපරිමයෙන් පිහිටා ඇත්තියක බැවින් එහි දුක දන්නා මා හැලපයා තනිව පැමිණීම සිතින් සාධාරණීකරණය කර ගත්තේය.

අනෙකුත් ආරාධිතයින් වූයේ දිනූශ,සඳමාල් හා ශාලින්ද මෙන්ම ගුජරාටියෙක් වූ ජානි බායි ය. ගෙදර සාමාජිකයෙක් තරමටම සමීපව ඇසුරු කරනා දිනූශව ආරාධිතයෙක් සේ හැඳින්වීමට හිතෙන්නේද නැත්තේය.සෑම සති අන්තයම අපේ නිවසේ ගත කරන ඩිස්ති මෙන්ම බ්ලොග් ලෝකයට අලුතින් කල එලි බසිමින් ඉන්නා ජහුටාද මේ සාදයට සහභාගී වූ අයවලුන්‍ ය. ජහුටා සහ කොච්චියා අතර සම්බන්ධය පසු කාලීනව කියන්නට යෙදෙන්නේය.

දිනූශ හරහා සඳමාල් හඳුනා ගත් මුත් ඔවුන් දෙදෙනාම මුල් වරට අපේ ගෙදරට ආවේ එකටමය.කොච්චියා දිනූශ හඳුනාගන්නේ ඕමානයේදී වුවද අපේ මව්වරුන් එකිනෙකා හඳුනන්නේ බොහෝ කලක සිටය. කොච්චියාගේ නංගී කුඩා කාලයේදී දිනූශගේ අක්කා විසින් අධ්‍යක්ෂණය කළ ටෙලියකද රඟපෑවාය.නමුත් මේ දිනූශයා ඒ අක්කාගේ මල්ලී බව කොච්චියා දැන ගත්තේ ඕමානයේදී හමුවී බෝතල් කීපයක්ම හිස් කළාට ද පසුවය. දිනූශට අපේ ඕමානි මිතුරෙක් වූ මන්සූර් දමූ නම "බකයා" ය. ඒ නම රෙජිස්ටර් කර ප්‍රචාරය කළේ කොච්චියාය. මේ කතාවේද බොහෝ තැන් වලදී දිනූශව බකයා ලෙස හැඳින්වෙනවාය.

කැත්තට පොල්ල මෙන් පොරක් වන මාතර උපන් සඳමාල් සමගද දිගු කාලීන මිත්‍ර සබඳතා ඇත්තේ සීමිත පිරිසකටය. ශාලින්ද අපට සෙට් වෙන්නේ සඳමාල් හරහාය.ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ පොරක් වන ශාලින්ද කියන්නේ සඳමාල්ට ඉතාම හොඳින් ගැලපෙන සගයාය.උන් දෙදෙනා එකිනෙකා හඳුන්වා ගන්නේ මාලෙ හා සාලෙ ලෙසය. අප මුණගැසුණු මුල් අවදියේ මතින් තොර නිර්මාංශිකයෙක් වූ ශාලින්ද අද එහි අනෙක් පැත්තය. එකල මාලෙ බිවූ අතර සාලෙ වාහනය පැදෙව්වේය. අද එහි වාඩුව ගන්නට මෙන් සාලෙ බොන්නේය...මාලෙ නොබී ඉන්නේ රථාචාර්‍යයා ලෙසින්ය.

බකයා කියනා පරිදි ඌ හොයන්නේ විමුක්තියය. තමා තුල ඉන්නා තමන්වමය. කොච්චියා මිනිහාගේ නිර්වාණය සෙවීමේ කෝර් කන්සෙප්ට් එක සමග ගැඹුරින්ම එකඟය. නමුත් ඊට ඇති උගේ ප්‍රායෝගික ඇප්‍රෝච් එක කුජීතය.මේ කිව්වේ මට හැඟෙන පරිදිය. එනම් නිර්පේක්ෂ යථාර්ථය නොවන අතර කොච්චියාගේ මනසට ගෝචර වූ ප්‍රමාණයය.හෙතෙම ශුන්‍යත්වය සෙවීමේ මාධ්‍යය ලෙස භාවිත කරන්නේ ඇල්කොහොල්ය. මෑතකදී මිනිහා මහ පාන්දර වෙනකන් කොච්චියාගේ ගෙදර බීමෙන් පසුව යන්න එපා කියද්දී බලෙන්ම පිටව ගියේ තමාව සොයා ගනු වස්ය. විනාඩි පහක් ඇතුලත බකයා ට තමා හමුවී තිබුණේය.. එක්ස්ප්‍රස් වේ එකේදීය.කාර් එක කුඩු පට්ටම් වීමෙන් අනතුරුවය.අලාභය රුපියල් වලින් ලක්ෂ හයක් විතරය.

බිව්වොත් වලියකට පොටක් පාදා ගැනීම බකයාගේ ක්‍රමයය. කොටින්ම හේතු විරහිතවය. අහක යන පුද්ගලික ඇරියස් එකක් කවර් කිරීමට යාමෙන්ය.ඒ නිසාම මස්කට් හි රාත්‍රී සාද රැසකින් හෙතෙම කොන්වී ඇත්තේය. බොහෝ විට මිනිහා බොන්නේ දැන් දැන් තනියෙන්මය. බ්‍රහස්පතින්දා පමණක් කොච්චියාගේ ගෙදර ඇවිත් බොන්නේය. හිත හොද මිනිහෙක් වුනාට කට සවුත්තුය …ගුටි නොකා එළියට එන්නේ එහෙමත් තැනකින්ය.

කේක් කැපීම ලංකාවේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට එනම් ඕමානයේ 10.30 ට කරන්නට යොදා ගෙන සිටි නිසා ඊට පැයකට හමාරකට කලින්ම කට්ටිය වැඩේට බැස්සෝය. වෙලාව ඔය විදියට වෙනස් කර ගත්තේ කේක් කපන වෙලාවට සියල්ලෝ පියවි සිහියෙන් සිටිය යුතු බැව් නෝනා අවධාරණය කළ නිසාය.

ජානි බායි ආවේ කේක් කැපුවාටත් පසුවය. අපි ජානිව අමතන්නේ ඩොක්ටෝර් කියාය. අරාබීන් ඩොක්ටර් ට කියන්නේ ඩොක්ටෝර් ය. ඩොක්ටෝර් කිව්වාට මිනිහා ෆාමසිස්ට් ය. කොච්චියා ඉන්නා බිල්ඩිමේ යට තට්ටුවේ ඇති ෆාමසියේ හිමිකරු මේ ඩොක්ටෝර් ය. ගුජරාටයේ උපන් බ්‍රාහ්මණ වංශිකයෙක් වන ඩොක්ටෝර් ගේ ජීවිතයම ෆාමසියය. උදේ හතට අරිනා ෆාමසිය වහන්නේ රෑ එකට විතරය. වයස හැටකට ආසන්න ජානි ගේ බිරිද වසර දහයකට පමණ පෙර මියැදී ඇති අතර එකම දියණිය කැනේඩියානු පුරවැසි භාවය ඇත්තියක් ය. මුදල් යහමින් ඇති ඩොක්ටෝර් ගත කරන්නේ අහිගුණ්ඨික ජීවිතයක්ය. මිනිහා නිදාගන්නේද ෆාමසියේමය. උදේට කන්නේ චපාති දෙකක් මාමයිට් සමගය. දවල්ට චපාති දෙකක් සමග අලූ මසාලාය. රෑට ඇපල් ගෙඩියක් හා කෙහෙල් ගෙඩියක්‍ ය.

බිරිදට අසීමිතව ආදරය කළ ජානි බායි brain tumor එකකින් ඈ මියයන තුරුම ඈට ඇප උපස්ථාන කළේය. සුන්දර ගෘහ ජීවිතයක් ගෙවූ ඔහුට අද ගෙදරක වාසය සුව නොදෙන්නේය. එය ඔහුට ගෙනෙන්නේ බිරිද ගැන මතකයන්ය. මස්කට් ෆාමසියේ සේවය කළ ඩොක්ටෝර් තමාගේම කියා ෆාමසියක් අරින්නේද සිය ජීවිතයම එය තුල දිය කරන්නටය. හොඳ කාර් එකක් පාවිච්චි කිරීම, හොඳ ඇඳක නිදා ගැනීම, උයා ගෙන කෑම වැනි බොහෝ දෑ ගෙදරක ජීවත් නොවීම යන පදනම මතම ජානි බායි විසින් අත හැර ඇත්තේය.එක එක මිනිසුන් දුක ශුන්‍ය කර ගැනීමට යොදා ගන්නේ එකිනෙකට වෙනස් වූ විධික්‍රමය.නිර්වාණය පවා සෙවිය යුත්තේ තමාගේම ක්‍රමයටය. කවුරුත් නිවන් නොයන්නේ ඒ සොයන්නේ බුදුන් ගියා යයි සිතා උගන්වන මග ඔස්සේ නිසාය.තමාගේ ක්‍රමයට හෙවූ දාට නිවන සොයා ගන්නා උන් හිසේ කෙස් ගානට සිටිනු ඇත්තේය.මෙහෙම හිතන්නේ කොච්චියාය. ඔහේලා ඒ ගැන තම තමන්ට කැමති විදියට සිතා ගත යුත්තේය.

මුල සිටම බකයා කා හෝ සමග එල්ලීමට දත කෑවත් ඒ බව දන්නා කිසිවෙකුත් මිනිහාගේ කතා තඹයකටවත් ගණන් නොගෙන එකිනෙකා හා කතාවෙන් පසු වුණෝය. විශේෂයෙන්ම මේ දිනවල දිනූශ සමග වැඩි ගනුදෙනුවක් නැති සඳමාල් ඉතා සංයමයෙන් හැසිරුණේ කොච්චියාගේ නෝනාගේ සාදය ගෝරියකින් කෙළවර නොවනු පිණිසය. කාලීන දේශපාලනය, ආගම වැනි විවිධ මාතෘකා වලියකට ඇවැසි තුරුම්පු සේ විසි කරමින් බකයා බලාපොරොත්තු වූයේ වාචික සටනක් බව සියල්ලෝ අවබෝධ කර ගත් මොහොතක සැපත් වූයේ අසරණ ඩොක්ටෝර් ය. දිනුශට ඩොක්ටෝර් සමග ඇරියස් එකක් තිබ්බේය. ආ සැණින්ම ඇරියස් එක දිග හැරියේය.

දිනුෂ නොහොත් බකයා කටාර් හි සේවය කරන කාලයේ පටන් දැන ගත් පොඩි ගැජට් එකක් තිබ්බේය. වයිබ්‍රේටින්ග් රින්ග් එකක්‍ ය. Durex සමාගමේ නිෂ්පාදනයක් ය. අදාල ගැජට් එක ඕමානයේ ෆාමසි වලින් ලබා ගත හැකිය. වරක් බකයා ජානිගේ ෆාමසියට ගොස් විපරම් කළද බඩු ඉවර බව ජානි පැවසීම නිසා හැරී ගොස් ඇත්තේය. හැබැයි ඊට පසුදා දවාලේ ජානිගේ සහායිකාවගෙන් බකයා අදාල අයිතමය මිලදී ගෙන කොච්චියාටද ගෙනත් පෙන්නුවේය. ඩොක්ටෝර්ගේ සහායිකාව ඩොක්ටෝරා ය. නෝනා නම් දවාලේ කොච්චියා ෆාමසිය පැත්තේ යනවාට වැඩි මනාපයක් නැත්තේය. වරක් ඩොක්ටෝරා දුන් රසකැවිල්ලක් පවා කෑමෙන් මා වැළකුවාය. ඒ ගෑනු ගතියය. එයට ගරු කළ යුතු හෙයින් එය නොකෑ කොච්චියා පසුව ඩොක්ටෝරා හමුවී එහි රසය ගැන ඈට ප්‍රශංසාද කළේය.
ප්‍රශ්නයට තුඩු දුන් අයිතමය

ඒ කෙසේ වේවා දිනුෂගේ හිතේ තැන්පත් වූයේ ඩොක්ටෝර් කුප්ප කමට රින්ග් එක නොදුන් බවය..මේ අල්ලන්නේ ඒ ඇරියස් එකය. කොටින්ම කිව්වොත් අංගජාතය කම්පනය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ය.පරිණත මිනිසෙක් වූ ඩොක්ටෝර් බකයාගේ වාග් ප්‍රහාර සරල සිනහවකින් නිදැල්ලේ යන්ට හැරියේය. එමෙන්ම පසු දින ෆාමසියට එන ලෙසත්, සාම්පල් වලින් එකක් නොමිලේම දෙන්නටත් පොරොන්දු වූයේය. අවශ්‍යතාවය ලෙස එලියෙන් පෙනුනේ එය වුවද ඒ උත්තරය බකයාට වැඩක් නැත්තේය. ඕනෑ වූයේ ගේමක් ඇද ගැනීමය. ඒ ප්‍රයත්නයද වතුරේ ගියේය.

බකයා Durex සමාගමේ ඉහත කී නිෂ්පාදනයේ සන්නාම තානාපති වගේය. මීට පෙර වරක් ඩිස්තිට එකක් නොමිලේ ගෙනත් දුන්නේය. එසේම තවත් කාට කාටදෝ තම වියදමින්ම ඕවා අරන් දුන් බවක් කොච්චියාට මතකය.

ඔය සාදයේ තව එක් ජෝඩුවක්ද සිටියෝය. අලුත විවාපත් ඔවුන් ගැන වැඩි විස්තර ඕනෑ නැත්තේය. ඔය මාතෘකාව යන අතරේ අලුත් ජෝඩුවේ කොල්ලා මගෙන් කණට කර ඇසුවේ අදාල අයිතමයේ ගුණ දොස්‍ ය. ගුණ දොස් කීමට එය පාවිච්චි කර නොමැති නමුත්  කොච්චියා කීවේ ඕක මරු බඩුවක් කියාය. නැවතත් කණට ලංවූ කොල්ලා මගෙන් ඇසුවේ “සිරාවටම ඩොක්ටෝර් ගාව ඕක තියෙනවාද” කියාය. උත්තරේ නොදී එතැනින් මාරුවූ කොච්චියා ට තිබූ ඊළග ප්‍රශ්නය වූයේ හැලපයාට ප්‍රවාහන පහසුකම් සැපයීමය. වැඩි වෙලා ඒ ගැන කරදර වීමට නොවූයේ මාලෙ හා සාලෙ ඒ සද්කාර්‍යය සතුටින් බාර ගත් නිසාය.

දෙවෙනි බෝතලයේ මැද හරියේදී අකමැත්තෙන් වුවත් සාලෙ හා මාලෙ ට සමු දෙන්නට වූයේ උන් හට සෙනසුරාදා වැඩ දිනයක් වූ බැවින්ය. දුකසේ වුවද අසරණ හැලපයියාද ඒ සමගම සමු ගත්තේ දිනුෂ සහ ජානි සමග අප තනි කරමින්‍ ය. නෝනාත් ජහුටාත් ඩිස්තිත් පවසන අන්දමට ඉන් ටික මොහොතකට පසු කොච්චියා සුපුරුදු පරිදි හිටගෙන නිදන්නට වී ඇති අතර බකයා විවිධ වූ මාතෘකා අදිමින් මා හට බැණ වැදී ඇත්තේය. උගේ හා මගේ වාසනාවට මට ඒ කිසිවක් ඇසී නැත්තේය.

සෙනසුරාදා උදෙන්ම කොච්චියා ගියේ ජානි හමු වෙන්නටය. ගොස් සමාව ඉල්ලන්නටය. සමාවක් අනවශ්‍ය බව පැවසූ ජානි මගේ අතේ තැබුවේ දිනුෂ ට දෙන්නට කියා වයිබ්‍රේටරයය. මාත් එක්කම එතන උන්නේ ජහුටාය. කොච්චියා සහ ජහුටා එතැනදී වෙනස් තීරණයක් ගත්තෝය. එනම් එය බකයාට නොදී ඊට වඩා ඵලදායී ලෙස පාවිච්චි වීමට සැලැස්වීමය.අප කළේ කුමක්දැයි සිතා තීරණය කිරීම ඔහේලා සතුය.කෙසේ නමුත් ඒ ගත් තීරණය ගැන කොච්චියාට මෙන්ම ජහුටාටද සතුටු වීමට පුලුවන්ය.

42 comments:

  1. උඹල ඒක හැලපයට ගිහින් දුන්නා නේද

    ReplyDelete
    Replies
    1. වැඩක් ඇතැයි බං. අර අංගජාතෙත් ලාච්චුව අස්සෙ දාගෙන හිටපු මනුස්සයනෙ.

      Delete
    2. ඔහේ කොහොමෙයි අටමො ඕක ටක්කෙටම කියන්නෙ...ඇරත් අර කිව්වත් වාගෙ අංගජාතෙ ලාච්චුවෙ දාන් හිටපු එකා නෙව...හැබැයි ඉතින් කාලය දීපය එහෙම දැන් වෙනස් නෙව...ඒ කාලෙ අර සිල්ලර වැඩ විතරයි කිව්වෙ ....දැන් ඉතින් තොග වෙළඳාම හෙම දන්නවා ඇතිනෙ

      Delete
  2. අලුත බැදපු එකාටද?

    ReplyDelete
    Replies
    1. ඔයාත් මාරයි නේ...අර පැත්තක උන්නු අහිංසකයා ගැනත් සැකයක් පහල උනා එහෙනම්

      Delete
    2. නෑ ඌ දන්නෙ නෑ කීවනෙ ඕව ගැන සත් ගුනවත් පාප මිත්‍රයෝ උනාම ඒව කරල දෙන්න එපැයි.

      Delete
  3. දැං ඒක ජහුටයි බොලයි හවුලෙ පාවිච්චි කරනවද?

    මොකද හැලපයිය ගැන වැඩි විස්තරයක් නැත්තෙ. මිනිහ ආපු ගමං බෝතලේ කටේ තියාගෙන ගහල කට් උනා ද? හැක්..

    ReplyDelete
    Replies
    1. ජහුටා කියන්නෙ තාම සිල්ලර වැඩ කරන පොඩි කොලුවෙක් නිසා උන්දැව මේකට ගාවනව නෙවෙයි හරිය
      හැලපේනිස් එදා දෙන දේ කාලා වෙන දේ බලාගෙන බොහොම සීරු මාරුවට හිටියෙ

      Delete
  4. මට ඩොක්ටෝර් ගෙ නම්බර් එක දෙනවද?

    ReplyDelete
    Replies
    1. හැලපයියා මේ හදන්නේ හැමෝගෙම සැකය තමා වෙත එල්ල වෙන මොහොතේ සම්‍යක්ප්‍රයෝගයකින් ඒ රින්ග් එක ලැබුනේ ඔයාට නෙවෙයි කියලා ඔප්පු කර ගන්න නේද....ඒ හාවෝ කොච්චියා වික්කේ හිච්චියා කාලේ

      Delete
    2. හාහාපුරා කියල හැලපයියගේ කඩේට ගොඩ වැදුනේ ... මේකේ හැලප බොහොම රහයිනේ ... !

      Delete
    3. හැලපයා රසවතා....ඒ වගේම හැලප පට්ටම රසයි

      Delete
    4. හැලපයියේ..ඊයේ ජානි මගෙන් දිනුෂ ගේ නොම්මරේ ඉල්ල ගත්තා. අලුත් ස්ටොක් තියෙනවා කියලා. ජානි ගේ නොම්මරේ ඕන නම් ඔහේට එවන්නම්.

      Delete
  5. හැලපේ අය්යේ කෝ බං ඉන්ද්‍රාගේ අන්දරය. බෙබා වගේ බි බී ඉන්නේ නැතිව ඒක ලියහංකෝ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්ද්‍රා ගේ එක ඉතින් අර එලුවගේ අහවල් එක වගේ තමා...හැලපෙ අදිනවා...අපි පස්සෙන් යනවා

      Delete
  6. වයිබ්‍රේටින්ග් රින්ග් එක....
    ඕක කොහොමද දන්නේ නෑ නෙහ් ? මෙහෙ තිබ්බනං හොයාගෙන ට්‍රයි එකක් දෙන්ඩ තිබ්බා....

    ෂුවර් එකටම ජානි දුන්න එක මෙලහකටත් කොච්චියාගේ අංගජාතේ වයිබ්‍රේට් කර කර ඇති.....

    ReplyDelete
    Replies
    1. අම්මපා කොච්චියා තාම ඕක ට්‍රයි කළේ නැහැ නොවැ....හෙට අනිද්දම බොලාට ෆීඩ් බැක් එකක් දෙන්නම්

      Delete
  7. අර උපාංගෙට සිරාවටම වැඩද ? මං මේ නිකමට වගේ ඇහුවේ ... :-D

    මම එන පාර මස්කට් එන්නේ බොලගේ ඇඹේනියට මැඩල් එකක් හරි කප් එකක හරි අරගෙන තමා ... බොලව තවමත් ගෙයි හතර මායිමේ තියාගෙන ඉන්න එක තෑගි දෙන්න වටිනා වැඩක් අම්මප ... හික් ... හික්... :-D

    බකයට තවම හොඳ හොටලකින් කන්න ලැබිල නැද්ද කොහෙද මයේ හිතේ... එහෙම උනානං ඔය අටරාසියක් ලෙඩ ඔක්කොම හොඳ වෙනවා ...!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බන් කොච්චියා නෝනාට ගෞරවෙන් සලකගෙන ඉන්නේඅ..උන්දෑ ඔය ඉන්න ආකාරෙට ඉඳීම ලේසි නැහැ.
      කොහොම උනත් මේ පෝස්ට් එකට ඩොමෙස්ටික් සෙන්සර් පාරක් නොවැදුනාම නෙවෙයි....

      Delete
    2. බකයා කාලා නැත්තෙමත් නැහැ...ඒ උනාට උගේ හිත හොඳ බව කවුරුත් දන්න නිසා එහෙමට දරුණුවට වැඩේ යන්නෙ නැහැ

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. //කැත්තට පොල්ල මෙන් පොරක් වන මාතර උපන් සඳමාල් සමගද දිගු කාලීන මිත්‍ර සබඳතා ඇත්තේ සීමිත පිරිසකටය.//
    සර්වෙයර් සඳමාලද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...ඒ කොහොමෙයි ඔහේ ඌව දන්නෙ

      Delete
    2. කුසුම්සිරි කියල අහන්න එතකොට දැනගන්න පුලුවන් :)

      Delete
    3. මමත් මාතර තමයි

      Delete
    4. /////මමත් මාතර තමයි////////

      අපොයි :D

      Delete
    5. මාතර පොරවල් හැම තැනම

      Delete
    6. එදිරි ගෙ මස්සිනා අපේ ගෙදරත් ඇවිත් තියෙනවා.

      Delete
  10. කොච්චියා පෝස්ටුවේ මොනවා කිව්වත් කාගෙත් හිත ඇත්තේ වයිබ්‍රේටරයට බව පෙනේ...
    ජයවේවා..!!

    ReplyDelete
  11. සහතික ඇත්ත...මුන්ට වෙන මොකවත් අදාල නැහැ

    ReplyDelete
  12. කොච්චියෝ මම නම් මේකෙ කැමතිම කෑල්ල අර නිර්වාණය ගැන උඹේ මතය

    ReplyDelete
  13. දිනූෂ කිව්වෙ දිනූෂ දේශප්‍රියද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගේට කෙලවෙයි බොල
      ...කට පියන් හිටු.

      Delete
    2. යකෝ ඌ මගේ බොක්කෙ ෆ්‍රෙඩා. ඔය ඩියුරෙක්ස් ගැනත් අපි දවසක් කතා කලා.
      උඹ බුකියෙ ඉන්නවද?

      Delete
  14. කොච්චි ලිව්වට රසයි

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. අර වලල්ල පැළඳුවහම බොහොම ලස්සන ඇති නේද? ෆොටෝ එකක් දහං ඊළඟ පෝස්ට් එකේ.

    ReplyDelete
    Replies
    1. ඒක තාම කොච්චියා දාලා බැලුවේ නැහැ. එහෙම බලාපු දාට කියන්නම් හැඩට තිබ්බද කියලා... උඹට පින්තූර මොකටද බන් ඕවල

      Delete