Tuesday, January 24, 2017

ඩේව් වට්මෝර් , පොලීසියෙන් කෙළවර වූ බිග්මැච් ආතල් සහ ටෙස්ට් ටියුබ් නැති විසාකාවේ විද්‍යාගාරය


අනූවේ දශකයේ පාසල් ජීවිතය ගත කළ අපේ පරම්පරාව තරම් පිස්සන් සේ ක්‍රිකට් බැලූ තවත් පරම්පරාවක් ඉන් පෙර හෝ පසු නොසිටි බව කොච්චියා අදහන යථාර්ථයක් ය. ඉතා සාමාන්‍ය කණ්ඩායමක් වූ ද වෘත්තීය ක්‍රීඩකයන් අවම වූ ද ඒ කණ්ඩායම අනූ පහේ මැද භාගයේ සිට ලෝක කුසලානයක් දිනා ඉන් පසු අවුරුදු දෙකක් යන තුරුත් හිණි පෙත්තේ රඳවන්නට මහත් වූ සේවයක් කළ සැඟවුණු චරිත දෙකක් වූයේ නම් ඒ ඩේව් වට්මෝර් හා ඇලෙක්ස් කුන්ටූරි ය. මේ කතාව ලියන්නට හිතුණේ මේ දවස් වල නොසෑහෙන්න චාටර් වී ඇති අපේ වෘත්තීය යැයි කියාගන්නා ලොන්තපෝල් ටීම් එක දකුණු අප්‍රිකාවේදී බඩ කට පුරා කන එක දැකලා එහෙම නෙවේය. පහුගිය සතියේ දුටු එක් ප්‍රවෘත්තියක් නිසාය.

සති දෙකකට විතර ඉහතදී දෙස් විදෙස් ක්‍රීඩා මාධ්‍ය රැසකම මාතෘකාවක් වී තිබුණේ ලංකාවේ පාසල් ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වතාවට අන්තර්ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙක් ගේ සේවය ලබා ගන්නා බවට පැතිරී ගිය රාවයය. එනම් මෙවර RoyTho , එනම් රාජකීය සාන්ත තෝමස් මහ තරගය වෙනුවෙන් වට්මෝර් ගේ සේවය ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය තීරණය කිරීමය. ඊට මේ වන විටත් වට්මෝර් සිය එකඟතාවය පළ කර ඇතිවා මෙන්ම මේ සිදුවීම ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තැබූ එක් ඓතිහාසික පියවරක්ද වනවා ඇත්තේය … මේ පුවත බීබීසී ය පවා වාර්තා කර තිබුණේය.

රජ්ජුරුවන්ගේ ඉස්කෝලයට ගිය දා පටන් කොච්චියා වඩාත්ම ප්‍රිය කළ කාල සීමාව නම් බිග් මැච් සීසන් එකය. ඔය කාලයේ අප ස්කූල් වෑන් වල ජනේලයෙන් එලියට ඉස්කෝලේ කොඩිය දමාගෙන යන්නේ මහත් කික් එකකින් ය. සහෝදරත්වයෙන් යුතුව ඔය වෑන් වල රාජකීය සාන්ත තෝමස් සාන්ත පීතර සාන්ත ජෝසප් හා ආනන්ද නාලන්ද කොඩි ද එක් එක් ජනේලයෙන් එලියට එන්නේය.

සති අන්තය පුරාවටම අක්මාවට වද දෙන කොච්චියා සතියේ දවස් වල අනුගමනය කරන්නේ ඊට වෙනස් පිළිවෙතක් ය. ඒ නිසාම විස්කි වඩියක් සමග ලිවිය යුතුම වූ මේ පොස්ස්ටුව කොච්චියා අද ලියන්නේ Japanese Sencha එකක් බොන ගමන් ය. කවදත් ජපන් තේ සංස්කෘතිය ප්‍රිය කළ කොච්චියා sencha tea මෙන්ම matcha tea බීමටද එකසේ ප්‍රියය. මේ සියල්ලම ග්‍රීන් ටී ප්‍රභේදයන් ය. සුව නින්දකට මෙන්ම උදෑසන ජවයෙන් යුක්තව නැගිට ගැනීමටද ජපන් තේ මහඟු උත්තේජකයක් ය. වෙහෙසකර සති අන්ත කීපයක්ම පසු කළ නිසාම මේ පෝස්ටුව සතියේ දිනෙක ලියන්නට හිතුවේ එළඹෙන සති අන්තය ගැන ද මහත් විශ්වාසයක් තියා ගන්නට බැරි නිසාය.

බිග්මැච් එකේ දවස් තුනම අත නෑර ගිය කොච්චියා අන්තිමට බිග්මැච් එකට ගියේ දෙදහස් දහයේය. අවුරුදු හයක් එක දිගට බිග්මැච් යන්න බැරිවීම ගැන ඇත්තේ මහත් දුකක් ය. මේ.අවුරුද්දේ ද නොයනා බව ටක්කෙටම කියත හැකිය. ලෝකයේ කොහේ හිටියත් අලුත් අවුරුද්දට හෝ නත්තලටවත් ලංකාවට නොයනා බහුතරයක් අපේ එවුන් බිග්මැච් එකට ලංකාවට එන්නේ ඒ ෆීලින්ග් එක ලෝකේ වෙන කොහේවත් නැති නිසාය. ඒක දැනගන්නට නම් ඒ සිස්ටම් එක ඇතුළේ හිඳ එය විඳ ගත යුත්තේය .. ලෝකයේ සියලු වර්ග වල අරක්කු මෙන්ම සියලු ආකාරයේ ධූමයෙන්ද අඩුවක් නොහෙන ඔය දවස් තුනේ SSC එකේ ටෙන්ට් වල සියළු ආකාරයේ  සුරූපිනියන් ද අඩුවක් නැත්තේය. ඉස්කෝලේ යන කාලයේ බෝයිස් ටෙන්ට් එකේ ඉන්නා අප කෙසේ හෝ දත කන්නේ ලන්ච් එකෙන් පසු වෙනත් ටෙන්ට් එකකට පැන ගන්නටය.. ඒ ඒවායෙ ඇති ආතල් බෝයිස් ටෙන්ට් එකේ නැති නිසාය.

කවුරුන් උනත් පාසල් ජීවිතයේ උපරිම බිග්මැච් ආතල් එක ගන්නේ ඒලෙවල් යුගයේය. ඒ කිව්වේ අනූව දශකයේ අග භාගයේය. ඒ කාලයේ අපි වටේ පිටේ කාන්තා පාසල් වලට ඇතුළු වීම මෙන්ම හැට් කලෙක්ෂන් දැමීමටද අමතක නොකළෝය. ඕවා කරන්නේ සයිකල් පැරේඩ් එක දවසේය. එනම් මැච් එකට කලින් දා ය. අපි කාට කාටත් එකල ලේඩීස් බිශොප්ස් විසාකා සෙන්ට් බ්‍රිජට් මියුසියස් හෝලි ෆැමිලි මෙන්ම මෙතඩිස්ට් එකේද කෙල්ලෙක් හෝ කෙල්ලන් සිටියෝය. තමන්ගේ ඉස්කෝලයට පනින්නට ඕනා තැන මෙන්ම වෙලාව ගැනද ඔත්තුව දුන්නේ ඔය කිවූ කෙල්ලන් ය. වැඩි ඈතක නොවුණාට අපේ සෙට් එක නම් සිරිමාවෝ එක පැත්තේ නොගියේ ඒක අධි ආරක්ෂිත කලාපයක තිබූ නිසාය.  කොච්චියාට එකල ලේඩීස් කොලේජ් එකේ නිත්‍ය පෙම්වතියක් මෙන්ම මියුසියස් එකේ තවත් ක්‍රෂ් එකක්ද තිබ්බේය. ඒ නිත්‍ය පෙම්වතිය පසුව මගේ නෝනා වී මේ වන විට පරණ නෝනා වී ඇත්තේය .

ආර්….ඕ...වයි..ඒ...එල්..
වට්ස් ද ස්කෝර්
රෝයල්…
වන්ස් මෝර්
රෝයල්..
වන්ස් අගේන්,
රෝයල්


අපේ සෙට් එක නම් ඔය කිවූ කාන්තා පාසලකට වැදී උන්ගේ පන්ති කාමර තුලට ගොස් අපටම චියර් කර ගෙන සාමකාමී ලෙස නැවත ආවෝය. අපේ පැමිණීම එදිනට කෙල්ලන් පමණක් නොව ඒවායේ ඉන්නා තරුණ ගුරුවරියන්ද ආසාවෙන් අපේක්ෂා කළෝය. ඇතැම් අවස්ථාවල සෙන්ට් තෝමස් එකේ සෙට් ද ඕවා ඇතුලේ මුහුණට හමු උනත් දෙපාර්ශවයෙන්ම හූවකට එහා දෙයක් නම් හුවමාරු නොවුණේය. .. ඒ ඔවුන් හා අප අතරේ වූ සහෝදරත්වයය.  කෙල්ලන් එසේ බලා උන්නේ අද ඊයේ නොවන බවත් හැටේ දශකයේද එසේ වූ බවත් කීවේ ඒ කාලයේ මෙතඩිස්ට් එකේ උගත් කෙල්ලක් වූ මගේ අම්මා ය.



ඒලෙවල් අන්තිම අවුරුද්දේ මගේ මියුසියස් කෙල්ලගේ ඔත්තුවකට අපේ සෙට් එකක් රොස්මිඩ් පෙදෙසේ තාප්පයට කිට්ටු කළේ එකල ප්‍රබල ඇමැත්තෙකුගේ මිට්සුබිෂි  පැජරෝ රථයකිනි.. ඒ ඇමති පුත්‍රයා සහ අපේ කීප දෙනෙක් රථයේ බොනට් එකටත් ඉන් වහලයටත් නැග තාප්පයෙන් පැන්නේ කෙල්ලන් රැසකගේ සොඳුරු රූප සිතේ මවා ගෙනමය. අහෝ ඛෙදයක් ය...ඉරක් ය තිතක් ය දුකක් ය.. පාසල් ගොඩනැගිල්ලක පැත්තෙන් ආවේ පොලිස් තොප්පි කීපයක් ය. ඒ වන විටත් අපේ එවුන් බහුතරයක් තාප්පයෙන් ඇතුලේ ය. උස් තැන් වලට බියක් ඇති කොච්චියාගේ එක කකුලක් තාප්පය මත වූ අතර අනෙක තාමත් ජීප් එකේ වහලය මතය. අසුරු සැණින් වහලයෙන් බොනට් එකට පිනූ කොච්චියා රොස්මිඩ් පෙදෙස හරහා හුස්මක් කටක් නැතිව දිව ගොස් ආපසු හැරුණේ ටවුන් හෝල් එක හරියටම ආවාටත් පසුවය. පිටුපස හැරී බැලූ කල්හි අර ඇමති පුත්‍රයා සහ තවත් එකෙක් පමණක් දුව ගෙන එනවා පෙනුණේය. අර අසරණ ඩ්‍රයිවර් සහ වාහනය තාමත් තාප්පය අයිනේය. කෝල් එකක් දෙන්නට ජංගම දුරකථන නොවූ එදවස අපි පාරේ කඩල විකුණමින් සිටි වයසක පොරක් යවා ඩ්‍රයිවර් ට පණිවිඩය යැව්වේ ඒ පැත්තට යාම ටැප් තියෙද්දී ඇදගෙන නෑමක් බව සහ සුද්දෙන් දන්නා නිසාය. අනෙක් එවුන් මේ වන විටත් පොලිස් අත් අඩංගුවේය..

යාන්තම් ඉස්කෝලේ පැත්තට ගිය විට ප්‍රයිමරි එකේ ගේට්ටුව හරියේ හිටියේ කොච්චියාගේ පන්තියේ සෙට් එකය.. මතකේ තියෙන්නේ බොගා ආප්පයා සහ බබා එතන හිටි බවය. මෙත්සි මෙන්ම ඩීඒ ද හිටියා වගේ ලාවට මතකය. බොගා අද ඉන්නේ කැන්ගරු දේසේය..ආප්පයා කැනඩාවේත් මෙත්සි ඇමරිකාවේ කාලයක් ඉඳ දැන් කැන්ගරු දේසේ ඉන්නේය. බබා ලංකාවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක ඉහළ නිලයක් හොබවන අතර ඩීඒ අද ප්‍රසිද්ධ වෘත්තීය සමිති නායකයෙක් වන අතරම බැංකු කරුවෙක් ය. බබෙක් මෙන් වූ බෙබෙක් වූ බබා ඇඳ හිටියේ මෙතඩිස්ට් එකේ නිල ඇඳුමක් වූ අතර ආප්පයා ද කෙල්ලෙක් මෙන් සැරසී උන් අතර හැට් කලෙක්ෂන් යාමට තීරණය කළේ බම්බලපිටිය පැත්තටය.



විසාකාව පැත්තේ කරක් ගැසූ අප මුලින්ම කලෙක්ෂන් දැම්මේ එකල වජිර පාරට යාබදව තිබූ IDM එකේ හිටි අක්කලා ගෙන් ය.  ඔය විසාකාව පැත්තේ කිව්වාම සිහියට එන්නේම වෙනකක් ය. විසාකාව පැත්තේ විද්‍යාගාර ඇති බවත් ඒවා ඇතුලේ පරීක්ෂණ නල නැති බවත් ඒවා ඇත්තේ වෙනතක බවත් හැඟවෙන්නාවූ ඒ පද්‍යමය පබැඳුම නොදන්නා අයෙක් නැති තරම් ය. ඒ පබැඳුමේ නිධාන කතාව නම් අති ශෝචනීය එකක් ‍ය. ඒවා ගැන අපේ පරම්පරාවේ කොළඹ ඉස්කෝලේ ගිය ඕනෑම එකෙක් එකියක් නොදන්නවා වෙන්නට බැරිය.දැන් මේක කියවන්නාවූ විසාකාවේ අක්කලා නංගිලා හෝ ඇන්ටිලා අමනාප වෙන්නටද පුලුවන් ය. ඒත් ඒ ගැන නොකීවොත් ද අඩුවක් වගේ හිතට දැනෙන්නේය.

IDM එකෙන් පස්සේ හෝලි ෆැමිලි එකේත් ඉන් පසු බිශොප්ස් එකේ ගේට්ටුව අයිනේත් සිද්ධ වූ කාරණා එමටය.එදා හෝලි ෆැමිලි එකේ වීදුරු කටු ගසා තිබූ පිටුපස තාප්පයෙන් පැනීමට ගොස් සිදුවූ තුවාල කැළලක් අදටත් කොච්චියාගේ අත්ලේ ඇත්තේය.මේ සියල්ලම දීර්ඝ ලෙස කියන්නට සිදුවෙන නිසාම එය ඊළඟ කොටසට ගෙන යන්නේය. බිග්මැච් එක ලං වන විට ඒ විස්තර රැගත් පෝස්ටුව ලියන්නට ඉන්නේය. ඒ වෙද්දී කොල්ලුපිටිය පොලීසියේ කූඩුවේ සිටි උන් මුදා ගැනීමට කළ මෙහෙයුමත් උන් සමහරක් ඒ වෙද්දීත් ඕඅයිසී ගෙන් කන්න බොන්න මෙන්ම ටැක්සි වලටත් සල්ලි ඉල්ලා ගෙන නික්ම ගොස් තිබූ ආකාරයත් ඒ පෝස්ටුවේ ලියවෙනවා ඇත්තේය.

73 comments:

  1. බිග් මැච් උමතුව

    http://transyl2014.blogspot.ca/2016/03/blog-post_4.html

    ReplyDelete
    Replies
    1. රුවන් ගෙ ඔය පෝස්ට් එක මම ආසාවෙන් කියවපු එකක්

      Delete
  2. හරිම අපූරුයි. විඳින්න පුලුවන් ලිපියක් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. කටකාරී උදෙන්ම මේ පැත්තේ ඇවිත් නේ. ස්තූතියි

      Delete
  3. //සති අන්තය පුරාවටම අක්මාවට වද දෙන කොච්චියා//...
    මේ පේළිය අපූරුයි කොච්චි.
    සුන්දර අතීතයක්. දැන් ඊළඟ කොටසත් එනකම් ඉන්නවෙනෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක මාර්තු වල වගේ තමා..

      Delete
  4. තුං මුල්ලේ එවුන්ට නෙලුම්යාය සම්මාන කෙරුවාවෙන් කොච්චියාටත් සම්මානයක් වෙන්කර ඇත
    සංස්කාරක අමතන්න/ලියන්න

    ReplyDelete
    Replies
    1. එල..නෙලලා...තැලිලා අපිට හුරුයි බන්. දැන් හැබැයි ඇටකටු එහෙම දිරලා නිසා ලොකු ලොකු සම්මාන දිනා ගද්දි අමාරු වෙයි.

      Delete
  5. අපිනම් ඉතින් බිග්මැච් කාලෙට හදවතින්ම තොමියන්ලට තමා.ඒ දවස්වලට ඔය රාජකීයයෝ අපිට පෙන්නන්නම බෑ.ඔය අවට ඉස්කෝල වලට විතරක් නෙවෙයි පොඩ්ඩක් එහාට වෙන්න තියෙන අපේ ඉස්කෝලෙටත් ඔය ඇත්තො බලෙන් ඇතුල් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහායින් කිව්වෙ? වැල්ලවත්ත පැත්තට වෙන්නද? බොරැල්ල පැත්තට ද?

      Delete
    2. හයියෝ වැල්ලවත්ත බොරැල්ල කියන්නේ ඔයාලට අතේ දුරනේ මම මේ පොඩ්ඩක් එහා කිව්වෙ ඊට වඩා දුර ඔයාලගේ ප්‍රතිවාදියෝ හිටපු පැත්තේ.

      Delete
    3. ආහ් ... මේ අසල්වැසි කමට තමා තෝරුන්ට කඩේ යන්නෙ

      Delete
    4. ඔව්..GHS එකෙත් ලස්සන කෙල්ලො හිටියා

      Delete
    5. ඔව්..GHS එකෙත් ලස්සන කෙල්ලො හිටියා

      Delete
    6. ඔව් ඉතින් අපේ හැමදේටම එයාලා එයාලගෙ හැමදේටම අපි. අනික මගේ නැන්දගෙ පුතත් ඔය ඉස්කෝලේ ඒ මදිවට ඉස්කෝලේ කාලේ මගෙ හිත ටිකාක් හරි හොල්ලන්න පුලුවන් උන කෙනා හිටියෙත් ඒ ඉස්කෝලෙමයි.මෙන්න මේ ලින්ක් එකෙන් ගියොත් එයා ගැන දැන ගන්නත් පුලුවන්.

      http://kavisandalla.blogspot.com/2012/09/blog-post_19.html

      Delete
    7. ඔය සචින් කිව්වෙ ඇත්ත නමද?

      Delete
    8. අම්මෝ නෑ එයාගේ සැබෑ නමයි ඉස්කෝලෙයි දෙකම මම මේ කතාවට දැම්මෙ නෑ.එයා ටැමිල් හැබැයි කතෝලික එයාගෙ නමේ මුලට තිබුනේ ඒ ආගමේ නමක්.

      Delete
    9. දැන් ඉතින් අපි ඉස්කෝලේ දන්නවනේ. ශානි ගේ වයස අපි දන්නෙ නැති නිසා මිසක් නැත්නම් ඔය කොල්ලා ව උනත් අපි දන්නවා වෙන්න පුලුවන්...
      ශානි ත් අපි තරම්ම නාකි නම්

      Delete
    10. හි හී මට ඔයාගේ වයස නම් හිතාගන්න පුලුවන්. මට තව සෑහෙන කල් තියෙනො එතනට එන්න

      Delete
  6. Replies
    1. මේ පැත්තේ ආවාට ස්තූතියි

      Delete
  7. ඔය බිග් මැච් කාලෙට ඇත්තටම ඇගට එන්නෙ අමුතුම කික් එකක්. හුගක් එවුන් නොයෙකුත් දුෂමාචාර මුල් වරට අත්හදා බලන්නෙ ඔය කාලෙ......ඉස්කෝලෙ හිටපු පරන එවුන් පිට්ටනියට බැහැලා කොඩියක් වනනකොට මාර හැගීමක් එන්නෙ ඒ කාලේ...මට ක්‍රිකට් පිස්සුව තදින්ම වැදුනේ බිග් මැච් එක නිසා.ඇයි මාර පිළිගැනීමක් නෙ ඉස්කොලෙන්ම ටීචර් ලා උනත් අරු ගහපු හැටියි මූ ගහපු හැටියි කියන්නෙ පට්ට උජාරුවෙන්. මට තිබ්බ පට්ට හීනයක් ඕක.සුනාමි නිසා අපේ පිට්ටනිය තිබුනු තත්වෙට ගන්න අවුරුදු දෙක තුනක් ගියා.මගේ හීනෙ ලොස් උනා. බිග් මැච් එකක පනහක් වත් කොටාගෙන බැට් එක උස්සලා ගන්න ගැම්ම මන් හිතන්නෙ නෑ මිනිහෙක්ට ජීවිත කාලෙම අමතක වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. බිග්මැච් එකේ පනහක් කෙසේ වෙතත් ටීම් එකේ හිටියත් මදෑ

      Delete
  8. ඔයාගේ බ්ලොග් රෝලේ තියෙන්නේ මගේ බ්ලොග් එක නෙමෙයි සින්ඩිය...

    ReplyDelete
    Replies
    1. අප්පා...එහෙමද. මම හදලා දාන්නම් ඒක.

      Delete
  9. මරු කතාවක් ඉදිරියට එයි වගේයැ. එතෙක් බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව්...සුපිරි ආතල් ඒකෙ තියේවි

      Delete
  10. ඇයි බං මෙච්චර පරක්කු වේවි ඉන්නේ අලුත් පොස්ට් එකක් දාන්න

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල අතිශය කාර්‍යබහුල යි. මේ පෝස්ට් එක ලියලා දැන් සතියකට වැඩියි. ඒත් අදාල ෆොටෝස් ටික හොයලා ඇටෑච් කර ගන්න වෙලාවක් තිබ්බෙ නැහැ.

      Delete
  11. අපි නං සතිය පුරාවටම අක්මාවට වද දෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවා යැයි ඒකෙ වග

      Delete
    2. ලංකාවෙදි උපාසක...අපි ඒක නං දන්නවා

      Delete
    3. අටමා එක්ක බොද්දි අනෙක් උන්ට බීමේ ආදීනව වැටහෙනවා කියලයි කට්ටිය කියන්නෙ. ඒ නිසා උන් උඹ ගාවදි බොනවා හොරයි ලු

      Delete
  12. "සහෝදරත්වයෙන් යුතුව ඔය වෑන් වල රාජකීය සාන්ත තෝමස් සාන්ත පීතර සාන්ත ජෝසප් හා ආනන්ද නාලන්ද කොඩි ද එක් එක් ජනේලයෙන් එලියට එන්නේය. " එයා" ද මෙයින් එකකට අයිතිය. මට දැන් මගේ ඉස්කෝලේ කතාවලට වඩා මතක එයාගේ කතාය. බිග් මැච් කාලෙට ගෙදර එන්නෙම නැතිය. ඉතිං මේ ලිපිය මට හොඳටම දැනෙන්නේය :)

    ReplyDelete
    Replies
    1. ඒ ආතල් එක දැනෙන්නට නම් ඒ සිස්ටම් එක ඇතුලේ ඉඳලා තියෙන්නට ඕනාය. එහෙම උනාම කොහොමත් ඔයාට අහන්නට වෙන්නේ එයාගේ කතා විතරමය. බිග්මැච් වගේම බ්‍රැඩ්බි කාලයටද අපි ගෙදර යන්නේ ඔක්කොම ඉවර වෙලාමය.

      Delete
    2. අපොයි ඒ ගැන කියලාම වැඩක් නැත, මං ඉන්නේ ඒ කතා සේරම පොතක් ලියන්නටය , ඒ තරමට මට දැන් හුරුය.. එයා ගේ නම් විතරක් බැරිය... එන යන එක එක වයසේ අංකල්ලා අයියලා මල්ලිලා ඔකොමලාගේ කතා අහන්නට ද කටගැස්ම හදන්නට ද මදි පාඩුවට කටගැස්මට ගන්නේ ද මාවමය.. නෝනලාට වැඩිපුර ගරු කරන අය නවතින්නේ ද අපේ ගෙදරය... ඉතිං ඒ නිසා මං එරන්දීම විය :) :) :)

      Delete
    3. එරන්දි හොඳ බිරිඳක් වගේ

      Delete
    4. :) :) එයා නම් හොඳම හොඳය :)

      Delete
  13. අපි නම් ඒ දවස් වල R... O...Y ... A ... L ...කියල ඉවර වෙනකොට ලඟපාත හිටියොත් කෑ ගහන්නේ "බල්ලෝ" .... කියල :) :) :)

    කළකම් පළ දෙනවා කියල කියනවනේ ....

    ඉතින් අපි A... N... A... N... D... A... ආනන්ද කියලා ඉවර වෙන්න කට ගන්නකොට හතර වටේ ඉන්න අනික් ඉස්කෝලවල ඉන්න එවුන් "බාලිකා" කියල කෑ ගහනවා ... :( :( :(

    උන්ට තලන්න තරම් සෙට් එකක් හිටියොත් තලනවා ... නැත්නම් ඔලු සාක්කුවේ දාගෙන අපිට නෙමෙයි වගේ මාරු වෙනවා :)

    කරුමෙට මම 2000 න් පස්සේ තවම බිග් මැච් එකකට් ගිහිල්ල නෑ :) :) :)

    අකමැති හන්ද නෙමෙයි, යන්න තරම් හිත නිදහසක් සහ අතේ කාසි පනම් නොගැවසීම, ඒක තවමත් හිතට වද දෙන දෙයක් !

    ReplyDelete
    Replies
    1. මම නම් ඔටු දේසෙට එනකම් හැම අවුරුද්දක් පාසාම ගියා..වියදම්කාරී වැඩක් උනාට ඕකට නොකරන වියදම් තව මොකටද කියා අපි නම් හිතන්නේය.

      Delete
    2. පිට ඉන්න අපි ඕකට යනකොට කොහොමත් ලක්ෂ දෙකාමාරක් විතර වැනිෂ් වෙනවා එයාර් ටිකට් වලටත් එක්ක.ලෝකේ අනික් කොනේ ඉදන් එන්න .
      එත් හැමදාම නැති නිසා කොහොම හරි යනවා ඊළඟ සුමානේ 50 ටත් ඉන්න හිතුනොත් ඉතින් ගාන තව ටිකක් වැඩිවෙනාවා

      Delete
    3. අද කාලේ ලක්ෂ දෙක හමාරක කතා කොහොම වෙතත් ... එදවස් වල මැච් ටිකට් එකේ ගැනත් ප්‍රශ්නයක් :)

      Delete
    4. ටිකට් විතරයැ...දවස පුරා බොන්න..ඒ වගේද රෑට බඩුවක් එහෙම...

      Delete
  14. හෙහ්.

    විශාකා ලයිබ්‍රරි එකේ ලයිබ්‍රේරියන්ට අමතකව දොර වසා ගිහින් මාව ලොක්වී සිට ඇත. බිග් මැච් කාලෙ නෙමෙයි නිවාඩු (පේපර් මාකින්)කාලෙ

    ReplyDelete
    Replies
    1. හොස්ටල් එකේ ලොක් වෙන්න තිබ්බෙ

      Delete
    2. අපොයි අනුවේ දශකයේදී නම් ලොක් උනේ නැතුවට කමක් නැහැ...ඒ කාලේ උන්නු මෙට්‍රන්ලා දෙන්නා ප්‍රා ව ඩෙවල් දාවි...හරි නපුරුයි...

      Delete
    3. පොකුරු හොස්ටල් හිටියද

      Delete
  15. බිග් මැච් කාලේ ගැන කොහොම ලියලා ඉවර කරන්නද...බෝයිස් ටෙන්ට් එකෙන් පැනගන්න කම් ඉවසිල්ලක් නැ. ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ දිගටම ගියා. අරක්කු ගෙනියන්න දෙන්නේ නැති සීන් එකක් තිබුනා එක කාලෙක. කොඩි වලට දාල තියෙන එස්ලොන් බට අරක්කු වලින් පුරවගෙන ගෙනිච්චා. කොලුකාලේ වැඩ. ඊටත් පස්සේ කාලෙක පෙම්වතියන් ඩබලක් අරන් මැච් එකට ගියා. ඒ ඔක්කොම මතකයන් තමයි.

    හිරු ටොප්ලයිට් කියලා වැඩ සටහනක පාසලේ ආදී ගුරුවරු වෙනුවෙන් ඕගනයිස් කරපු ට්‍රිප් එකක ප්‍රෝග්‍රම් එකක් ගියා ලඟදි. මට ප්‍රයිමරියේ උගන්වපු ගුරුවරුත් තාම ඉන්නවා. ඕන නම් ලින්ක් එකක් එවන්නම් බලන්න.

    ReplyDelete
    Replies
    1. අරුණ මට ඒ ලින්ක් එක එවන්න..මම ඕක කොටසක් බැලුවා

      Delete
    2. http://www.hiruvision.net/85854-hiru-tv-top-light-ep-534---2017-01-09.html

      Delete
  16. හපොයි... එක පාරක් බිග් මැච් එක දවසෙම ගුවන්හමුදා පාපැදි සවාරිය අපේ නගරෙන් ගියා.පොලිසියෙන් මොනවා කිව්වත් අපේ බයික්,කාර් සෙට් එක වීදි පුරා නලියනවා. එකපාරටම සයිරන් ගහගෙන ඩිෆෙන්ඩර් සෙට් එකක් ඇවිත් අමුතු රැඟුමක් පාලා වාහන ඕන නම් ග්‍රවුන්ඩ් එකට පලයව්.. එලියට ගන්නෙපා කිව්වා. පාපැදි සවාරිය යනකන් අපේ වාහන කොහෙ තිබුනද මන්දා.. හෙහ් .. හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  17. උඹ මගෙ හිත අරන් ගියා ඉස්කෝලෙ කාලෙටම, සුපිරි ලිවිල්ල. මටනම් හිතෙන්නෙ ඔය පැජරෝව ඉන්දික ගුණවර්ධනගෙ කියලා. මම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ බිග් මැච් ගිහින් නෑ. බලමු මේ පාරවත්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... මේ පාරවත් යමන් බිග්මැච්

      Delete
    2. ස්තූතියි ... මේ පාරවත් යමන් බිග්මැච්

      Delete
  18. බිග්මැච්
    ඕයේ...
    අම්ම මුත්ත පවා පිං අනුමෝදන් කරගන්න සුන්දර දවස් කීපය හැක්.

    මේ බොලැයි අකුරු අස්සෙ ඉන්නව කීවත් කෝ බං මොකෙක් වත් පෙන්න නෑනෙ..
    හිහි...

    ReplyDelete
    Replies
    1. //අම්ම මුත්ත පවා පිං අනුමෝදන් කරගන්න සුන්දර දවස් කීපය හැක්.//

      මේ ඉන්නෙ බං මම

      Delete
  19. සැරටම ලියලා තියනවා කොච්චි ...

    ReplyDelete
  20. බොලාට ටෙස්ට් ටියුබ් ගැන නොලියම බැරි උනා නෙහ්..රිදුනා..

    ඒ කාලේ අපේ අසරණ විල්සන් අන්කල් මොන දුකක් විඳිනවද බිග් මැච් කාලෙට, එක පාරක් රෝයල් හරි පීටර්ස් හරි කට්ටියක් ඒ මනුස්සයව ෆ්ලැග් එකක එතුවා...ඒ කාලේ එදුස්සුරිය මැඩම් බොහොම හොඳට ඔය වගේ දේවල් පාලනය කරපු කෙනෙක්...

    ඒ කාලේ නුගේගොඩ ක්ලාසස් යන්න ගිහාම එපා වෙනවා, රොත්ත පිටින් පාරට බැහැ ගත්තම :)

    ආපස්සට හැරිලා බලද්දී බොහොම සුන්දර මතක ආවර්ජනයක්...ස්තුතියි කොච්චියෝ...

    (වැරදි තැනක වැටුන නිසා කලින් කමෙන්ටුව මැකුවා)

    ReplyDelete
    Replies
    1. හිත රිද්ද ගන්න එපා කියලා මුලින්ම කිව්වා නේ. ඔය විල්සන් ගොයියව මට නම් මතකයි.
      ඔයත් 90 දශකයේ ඉස්කෝලෙ ගිය කෙනෙක් වගේ

      Delete
    2. ඒ කාලේ රෝයල් උන්නු කෙනෙකුට එයාව අමතක වෙන්න විදියක් නැහැ...අනූව දශකයේ විසාකාවේ හිටිය කිව්වොත් හරි...මං කොළඹ එන්නේ ශිෂ්‍යත්වයෙන්, 89 භීෂණ කාලේදී, ඉන් පස්සේ ටික කාලයක් හොස්ටලුත් උන්නා :)

      Delete
    3. ආ අක්කි well come to the club..!! :) :)

      Delete
    4. ඔය ළමයින්ට මම රහසක් ඕන්නම් කියන්නම්..විල්සන් කියන්නේ මගේ තාත්තාගෙ ලොකු අම්මගෙ පුතා..ඒ මනුස්සයා විශාකාවට පණටත් වඩා අදටත් ආදරෙයි....

      Delete
  21. අපිත් ගියේ දකුනෙ බාලිකාවකට..ආයෙ මොනවද අතේ සතේ නැති වුනත් බෝයිස්කූල් එකේ අය හැට් කලෙක්ශන් එනකල් තමා බලන් උන්නේ...බොරු කියන්න ඕන නෑනෙ...

    ReplyDelete