පෝස්ටුවක් ලියා ගන්නට බැරුව මාස ගණනාවක් පමණ ගතව ඇත්තේය. අද බොන්නට ගත්තේ කෙසේ හෝ අද නම් යමක් ලියනවා යැයි සිතා ගෙනමය. මේ කාලය මෙලෝරහක් නැති කොහේටවත් නැති කාල පරිච්ඡේදයක් වූයේය. බ්ලොග් ලෝකයේ සිටි මගේ අතිජාත මිතුරා වූ හැලපයා ඕමානයෙන් යාම නම් කොච්චියා ට දැඩි පාඩුවක් වීය. මිනිහා හිටියා නම් බල කරලා හෝ මේ වෙද්දී මගෙන් පෝස්ටුවක් දමා ගෙනය.
මනස එකලාසයක් නැති නිසා හෝ අධික කාර්‍ය්බහුල බව නිසාම හෝ ඒ දෙකම නොවන වෙනත් යම් හේතූන් හෝ හේතුවක් නිසා හෝ පෝස්ටුවක් ලිවීම දවසින් දවස කල් ගියේ දන්නේම නැතිවමය. බාලගිරි අද නෙවේ හෙට යැයි කියන්නාක් මෙන් කොච්චියා ද අද හිතට එන දේ අදම නොලියා හෙටට කල් දැමීමෙන් එසේ සිත් තුල පහළ උනාවූ අනේක වූ රසවත් හා වැදගත් අදහස් හා සිදුවීම් ලත් තැනම ලොප් කර දැමූවේ ඔහේලාට නොව මට පවා ඒ රසය නැවත විඳ ගනු නොහැකි ලෙසටමය. වරක් නොව දෙවරක්ම මගේ ලිවීමේ සීග්‍රතාවයේ පරිහානිය ගැන කමෙන්ට් හි පමණක් නොව පෝස්ටුවකින් පවා පහර දුන්නේ සොඳුරු සඳවතිය ය. යහපතකට තිබ්බේ ඒ පෝස්ටුවේ එකී දෝෂාරෝපණයට ලක්වූ එකම බ්ලොග් කරුවා කොච්චියා පමණක් නොවීම මුත් ඒ ලැයිස්තුවේ උඩින්ම මගේ ශ්‍රී නාමය ඇතුලත් කිරීම යම් කිසි නෝන්ඩි සහගත බවකට මා ඇද දැමූ බවද කීමට මනාය.
කීප සැරයක්ම මා හට ලියන්නේ නැත්තේ මන් දැයි ඇසූ අනෙක් තැනැත්තී එරන්දී ය. ඈට වූ පොරොන්දුවද ඉටු නොකළ කොච්චියා හට ඈ එදින තර්ජනය කළ පරිද්දෙන්ම අද වනතුරුත් කතා නොකළාය.
කොච්චියා පසුගිය දිනවල උනන්දුවෙන් ඇසූ ගීයක් වේ නම් ඒ ජොලි සීයා ගේ ලලක්කාය. ලලක්කා කියන්නේ පට්ටම ගීතයක් බව දැනෙන්නේ එය කීප වතාවක් බොක්කෙන්ම ඇසූ පසුවය. කෙටියෙන් කිව්වොත් මට නම් එය අමරසිරි ගේ ළඳුනේ ට වඩා පට්ටය. අමරසිරි ක්ලැසික් පොරක් ය.. ජොලි සීයා ක්ලැසික් නැති ය… ඒත් බජාර් එකේය. ඩීසන්ට් පොරක් වන සැබෑ ජොලි සීයා ද කොච්චියා හොඳින් දන්නේය… අමරසිරි වද එහෙන් මෙහෙන් දන්නේය. ඇත්ත කතාව නම් ජොලි සීයා කුහකයෙක් නොවූ සරල මිනිහෙක් බවය...එසේ සීයා ගැන පමණක්.කියා කොච්චියා නැවැත්තුවේ ඇයි දැයි ඔහෙලාට තේරෙන්නට ඕනාය. මා කාටවත් ගෙඩි පිටින් කුහකයා කිව්වේ නැතිය.
ඔය ලලක්කා ගැන අහද්දී මට මතක් වෙන්නේ වසර හයකට එපිටදී මට හමුවූ ස්විස් අක්කාය. ඒ කාලයේ මා නුවර ඔහේ නාස්ති වූ ආකාරය මීට පෙරද කියා ඇති නිසා වැඩි ටිප්පනි ඕනෑ නැතිය. රෑ හත වෙද්දී අන්ධකාරයේ ගිලෙනා නුවර ටවුමේ විවිධ ආලෝකයන් සොයා ගැනීම එක්තරා කලාවක් ය.
මීට පෙර වතාවක කියා ඇත්තාවූ ඒ එක් මූසල දෙසැම්බරයකට පසුව ආ ජනවාරියේ අග සතියේ කොච්චියා සිය සමීපතම මිතුරෙක් වූ මලියා සමග නුවර ගියේ රිලැක්ස් වෙන්නටය. මැරෙන්නට උනත් දෙපාරක් නොහිතා එන ජොකියෙක් වූ මලියා කාලයක් ජාතික කණිෂ්ඨ රගර් කණ්ඩායම ද නියෝජනය කල එකෙක් වූ අතර එකල රාජ කුමාරවරු සමගද ගැවසුනේ ක්‍රීඩාව නිසාමය. කොච්චියාගේ මල්ලී වු සඳුවාගේ ප්‍රාණ සම මිතුරා වූ මලියා කුපාඩි ක්‍රියා සඳහා පමණක් මා විසින් සහභාගි කර ගත්තේ රහස්‍යභාවය රැකීමේ ඇති හැකියාව මෙන්ම ඕනෑම රිස්ක් සිටුවේෂන් එකක් මැඩ පැවැත්වීමේ සහජ හැකියාවක් මිනිහා සතුවූ නිසාය.
මේ කියනා දින උදෑසනම නුවර බලා ආ මාත් මලියාත් සුපුරුදු පරිදි සැපත් වූයේ මගේ යෙහෙළිය ගේ ගෙදරටය. ඒ ගැන මෙන්ම ඈ ගැනද මීට පෙර ලාවට කියා ඇති නිසා අටුවා ටීකා අවශ්‍ය නැතිය. හැන්දෑ වන තුරු නිදා ගෙන නැගිට්ටේ ටවුමට යන්නටය. නුවර ටවුම හත වෙද්දී අඳුරේය. ඒ අඳුරේ වුවද එළිය ඇති තැන් කොච්චියා එකල දැන උන්නේය. එළිය කිව්වාම විවිධ එළි ඇත්තේය. ඒ ඒ මොහොත එළිය කරන්නට ඒ ඒ එළි අවශ්‍ය වන්නේය. ඉතිින් එදා රෑ මාත් මලියාත් නේක වූ එළි අතරින් අප සෙවූ එළිය සොයා සැරි සැරුවෝය.
වැව රවුම දිගේ ඉදිරියට යද්දී හදිසියේම අපේ ඉදිරියෙන් වූ ඩබල් කැබ් රථය සිය වේගය අඩාල කළේ ස්විස් හෝටලය පේන මානයේදී ය. වම් පැත්තේ එනම් වැව පැත්තේ පේව්මන්ට් එක දිගේ ඇවිද එන්නාවූ ඔසරියක් හැඳි වැදගත් පෙනුමැති මැදිවියේ කාන්තාවක් මෙන්ම ඈ ලං වත්ම කැබ් රියේ පාත්වූ කවුලුවෙන් යමෙක් ඇගෙන් කිසිවක් විමසනා අයුරුත් අප දුටුවෝය. කැබ් රථය නැවත ඉගිලුණේ අප ඉදිරියේ ඈ දර්ශනය වීමට සලසමින් ය. අප ඈට ලං වනවාත් සමඟම විනිවිද යන සුළු බැල්මකින් අපට සංග්‍රහ කළ ඒ අක්කා මලියා විසින් ඒ වන විටත් පහත් කර තිබූ වම් පස කවුලුවෙන් එබී බැලුවාය. ඒ වන විට වචනයක්වත් මලියා හා කොච්චියා අතර හුවමාරු නොවූවත් ජීවිතාබෝධය හා අත්දැකීම් තුලින් උගත් පාඩම් ඔස්සේ යමින් මලියා ඇසුවේ,
“ කීයද ගාන?”
ඇඹරෙමින් ඈ කීවේ ,
“තුන්දාහයි”
ඈ ඒ වෙද්දීත් කාරයේ පිටුපස වම්පැත්තේ දොර ඇරගෙනය… කොච්චියා සිය කුපාඩි කට ඇරියේ ඔය අස්සේය..
“වෙන කවුරුත් නැද්ද? ඔයා නැතුව?”
“ඇයි මහත්තයා අපේ මොනාද අඩු ? ඔය කෙල්ලො වගේ නෙවෙයි අපි..යමුකො බලන්න”
මේ ගැහැනියගේ කට හොඳ නැති බව තේරුණද කොච්චියා ආයෙත් ඇහුවේ,
“නෑ මම මේ ඇහුවෙ තරුණ කවුරුත් නැද්ද..දහ අටේ විස්සෙ වගේ”
“සර් මේ…. දහ අටේ විස්සෙ එකක් මට වදලා තමයි දෙන්න වෙන්නෙ..වෙන වැඩක් නෙවෙයි මේක..”
කියමින් ගස්සා ගෙනම දඩෝං ගා දොර වසා දැමුවාය.
………………………………………………..
වසරකට පසු
ඒ වෙද්දී කොච්චියා නෝනා සමඟ නුවර පදිංචිව සිටියේය. පෙරද කියා ඇති පරිද්දෙන් වටපුළුවේය. භක්තිමත් කතෝලිකයෙකු වන නෝනා සෑම අඟහරුවාදා හා ඉරිදා ශාන්ත අන්තෝනි දෙව් මැදුරට යන්නේ යාචකයන්ට බෙදා දෙන්නට පාන් රාත්තල් පහක් ද සමඟය. පල්ලිය තියෙන්නේ සේනානායක වීදියේ අග හරියට වෙන්නය. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ද ඒ අසලමය. පාන් ගන්නේ බේක් හවුසියෙන් ය. කොච්චියා ඉතා අගය කළ දෙයක් නම් ඒ පල්ලියේ පාන් බෙදනා පිළිවෙලය. කොච්චිකඩේ මෙන්ම ලියනගෙමුල්ලේද මීගමුවේ ද අඟහරුවාදා දවස් වල සාන්ත අන්තෝනි දෙව් මැදුරු වලින් පිටත යාචකයන් රැස් වන්නේ බෙදා දෙන ආහාර ලබා ගන්නටය. කිසි පිළිවෙලක් නැතිව සිදුවෙනා මේ ක්‍රියාවලිය නුවර පල්ලිය විසින් ඉතා ක්‍රමානුකූලව සකසා තිබුණේය. බත් පාර්සල් හෝ පාන් ගෙනෙනා අයට ඒවා දැමීමට විශාල පන් කූඩයක් තිබූ අතර පූජාවෙන් ඉක්බිති ඒවා අවශ්‍ය අයවලුන් හට නිසි ලෙස බෙදා දීම සිදු වූයේය.
ඔය කාලයේ නුවරින් කෙල්ලක් සෙට් කරගෙන සිටි මලියාද නිතර අපේ දිහාවේ ආවේය. සිකුරාදා රෑ ට මිනිහා එන්නේ බෝතලයක් ද සමඟමය. එසේ ආ සෑම විටකම මලියාද ඉරිදා අප සමඟ පල්ලි යන්නට එන්නේය. කොච්චියා සහ නෝනා පල්ලියේ හැම දාමත් පුරුද්දක් ලෙස හිඳ ගන්නේ මැද හරියේ දකුණු පැත්තේ වූ බංකුවකය. පූජාව පටන් ගන්නා තුරු අප හිඳගෙන ඉන්නා අතරේ මලියා හදිසියේ මට ඇඟිල්ලෙන් ඇන්නේය..උගේ දෙස හැරුණාට ඌ බලා ඉන්නේ අනෙක් පැත්තය...සැණෙකින් හිස හරවා මගේ කණට කර..
“බලපන් බලපන් යකෝ අර ගෑනි”
“මොන...කොයි ගෑනිද ?”
“අර අරක බන්..ස්විස් අක්කා ස්විස් අක්කා”
කොච්චියාට දැන් තනි ඇහැට ඇඬෙන්නේය.. ඒ අක්කා මා දෙස බලා ගෙන ඉන්නේය..ඒ මදිවාට පල්ලියේ ගීතිකා කොළ බෙදන්නීය.
………………………………………………………………………………………………….
පසු ගිය මාස කීපය කොච්චියා ගත කළේ තමා ලෙස නොවේය.අනෙකෙක් ලෙස ගෙවූ ඒ කාලයේ මගේ ආත්මකථනයන් ලිවීම උචිත නොවන බැව් වරක් හෝ දෙවරක් ම මා නෙල්ලිප්‍රින්ස් සමගද පැවසුවේය. මා නොලියා සිටියේ ඒ නිසාය. මේ පෝස්ටුව ලිවීම පටන් ගත්තේ සෑහෙන්න කාලයකට පෙර මුත් ලියා අවසන් කිරීම පමා වූයේ ඒ නිසාය. මා මට වග කිව යුතුය. මා පෙරද කියා ඇතිවාක් මෙන් කොච්ච්චියා ලියන්නේ තමාට විඳින්නටය. එසේ නොහැක්කේ නම් නොලියා ඉන්නේය.
නැවත ලිවීම අරඹන්නට හැකි බැව් මා හට දැනෙන්නේය. එය ඉබේ විය යුත්තක්ම ය. කොච්චියා ජීවිතයට බල කරන්නේ නැතිය. ජීවිතයේ මහා සාරගර්භ යැයි සම්මත දේවලට පවා ඔහේ පාවෙන්නට ඉඩ හරින මා මෙහිදී ඊට වෙනස් වන්නේ නැතිය.මගේ මේ පෝස්ටුව හුදෙක් මා තවමත් බ්ලොග් ලිවීමේ කැමැත්තෙන් ඉන්නවා මෙන්ම ලියන්නට දේ ඕනෑ තරම් ඇති බවද කීම පිණිසම දැමූවක් මය. කියාගෙන ආ කතාව මග නතර කළේ එබැවින්ය. එහි ඊළඟ කොටස ඉක්මනින් ගෙනෙන්නේය.
අමරසිරි පීරිස්ට කවුද ජෝඩුවක් පොල්ලක් තියලා තිබුනා නේද ගිය වසරේ දී, ෂෝ එකක් කරන්න අනුරාධපුර පැත්තේ ඕගනයිස් කරලා ඊට පස්සේ මාරුවෙලා!
ReplyDeleteඔව්...හැබැයි ඒකෙ දෙපැත්තක් තිබ්බා මම දන්න විදියට. ඒක පොලීසිය ඇතුලෙම සෙට්ල් උනා දන්න විදියට. ඒ ජෝඩුවත් ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන් නේද...
Deleteරාමසාන් සීසන් එකේදිත් පට්ට බිසී මනුස්සයෙක් හම්බුනාමද මන්දා......
ReplyDeleteලිවීම විතරක් නෙමෙයි. පහුගිය මාස පහ හයේදී සිද්දවුන දේවල් නිසා මමනම් තදටම හිතට ගත්තු පාඩම තමයි , තමන්ට ෆීල් නොවෙන කිසිම දෙයක එල්ලිලා ඉන්න එපා. අතෑරපන් කියන එක
කාලය නොතිබ්බා ම නෙවෙයි.. මා නොවන මම ලියලා වැඩක් නැහැ...
Deleteහප්පා අද උදේම බ්ලොග් ගත වෙද්දි කොච්චි බ්ලොග් එක රෝලේ උඩ තියෙනව දැක්කම මට දැනුන සතුට. මමනම් හිතුවේ කොච්චි සදහටම නිහඬ වෙලා කියලා.දැන් ඉතින් දිගටම ලියන්න... ජය වේවා
ReplyDeleteඔව්...දැන් ලියන්න පුලුවන් වේවි කියලා හිතනවා. එහෙම සතුටක් ඔයාට දැනුනා නම් මට ඒ බව දැන ගැනීමත් සතුටක්.
Deleteමෙතුවක් කලක් නොලියා ලිපි බ්ලොගයකට
ReplyDeleteගණනක් මාස හිටියලු වී පැත්තකට
අඩියක් ගැසීමෙන් ලැබු ඒ ජවයකට
ලිපියක් ලියූවෙන් පිපෙනව මල් සතුටකට.....
ජයවේවා!!!
බොහොම ස්තූතියි මචෝ...උඹේ කවියට
Deleteදෙවියන්ට ස්තූතිවේවා කොච්චිට බ්ලොග් එක මතක්වෙලා.
ReplyDeleteආමෙන්...
Deleteඅපි නොදන්න අමරසිරි! නැද්ද? කොච්චි ආපහු ලියන්න ගත්ත එක ගැන තියෙන්නේ පට්ට සතුටකි. හිටපු ගමන් නවතීද කියා බයය.
ReplyDeleteආයෙත් අහලා...අමරසිරි ගැන මොකෝ අපි නොදන්නෙ..
Deleteලියමු ලියමු ආයෙත්...
ආයෙත් අහලා...අමරසිරි ගැන මොකෝ අපි නොදන්නෙ..
Deleteලියමු ලියමු ආයෙත්...
උඹ තාමත් පණ පිටින් කියල දැනගැනීම සතුටක් !!!!!!!!
ReplyDeleteඇයි උඹ මාව fb එකේ දකින්නෙ
Deleteඅනේ පලයං බොරු නොකිය එහෙනං එයිට වඩා නිතරම කන කැස්බෑවො විය සිදුරෙන් එළිය බලනව !
DeleteThis comment has been removed by the author.
Deleteසන්තෝසයි බං! ඔය කියල තියෙන මමත් නොවෙන වෙන එකෙකුත් නොවෙන සංක්‍රාන්ති කාල වල ලියන එක පට්ට බොරුවක්. මමත් ඒ බොරුවේ ජිවත් වෙන්න ගිහිං අතෑරලා දාල තියනවා. ආපහු උඹව හොයා ගත්ත එක ගැන මගේ පට්ට මෙව්වා එක..!
ReplyDeleteමාව හොයා ගත්තට ඒකෙ පවතින්නත් ඕනෙ...එට්ගන තමයි අපහසු...
Deleteමාව හොයා ගත්තට ඒකෙ පවතින්නත් ඕනෙ...එට්ගන තමයි අපහසු...
Deleteඅම්මෝ කොච්චි මලා කියලා හිතුවෙ
ReplyDeleteWelcome back bro
Ha ha... thanks bro
Deleteසමහරු ආත්ම කථන ලියන්නේ දවසේ පැය විසිහතරේම පල්ලියේ හිට්ය පාදර් කෙනෙක් වගේ. ඒ ව නිකම්ම බේගල් කියල තේරෙනවා..
ReplyDeleteරෙස්පට් කොච්චියා දිගටම ලියන්න.
Thanks machang
DeleteThis comment has been removed by the author.
DeleteRespect....!
ReplyDelete:)
For ?
DeleteFor Your straight forward writing my friend...!
DeleteThis comment has been removed by the author.
DeleteThats me...thanks Chef
Deleteමොනවද අද බිව්ව writers' lubricant ?
ReplyDeleteOld Monk
DeleteThis comment has been removed by the author.
DeleteAh, Halape's fav !
Deletemine too...!
Delete:)
Its not my fav...but not bad
DeleteIts not my fav...but not bad
Deleteආයෙ මොනවද ලියනවනං බොක්කෙන්ම ලියන්න ඕන. හැබැයි එහෙම ලියන එවුවො ඉන්නෙ ටික දෙනයි. උඹත් ඒ අතරින් එකෙක්.
ReplyDeleteදිගටම ලියමු.
ස්තූතියි ... මම ලියන්නෙ මම වෙනුවෙන්. හොරාට ලිව්වොත් මට ආතල් නැහැ
Deleteබොක්කෙන්ම ලියන්ඩ අක්මාවට වද දෙන්ඩම ඕනි වගේ.😀😀😀
ReplyDeleteඅක්මාවට වද දුන්නු පලියටම වැඩේ වෙන්නෙ නැහැ
Deleteනැවත දැකීම සතුටක්. පල්ලියේ කොල බෙදුවාට ළමයින්ට කන්න දෙන්න තුන්දාහෙ රස්සාව කරනව වෙන්නත් පුළුවන්
ReplyDeleteඑහෙම තමයි
Deleteකොච්චිගේ පැමිනිම ගැන අපගේ බලවත් මෙවුවාඑක
ReplyDeleteස්තුතියි
Deleteමට මතකයි ඔහෙ දවසක් මාත් එක්ක ලලක්කා ගැන කිව්වා, මට මතක නැත්තෙ ඒක කියද්දි එතන හිටියෙ ජහුටද හැලපිද නැත්නම් මම විතරද කියලා.
ReplyDeleteහැලපෙ නෙවෙයිද
Deleteමේ ඉන්නේ... එක නම් ඇත්ත... ඔය තර්ජන තියරිය හරියන්නේ නංගිලාට , අයියලාගෙන් වැඩක් කරගාන්නටය... පහු වෙලා හෝ වැඩේ කෙරුනාම දැනෙන සතුට කියා නිමකළ නොහැකිය. :) :)
ReplyDeleteදැන් කොහොම හරි එකක් දැම්මා නේ..
Deleteමමත් ගොඩක් කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ, කොච්චිගේ හේතුවට එකඟයි...සමහර කාල වල නොලියන එකට හේතුව මෙහෙමයි කියල කියන්න බැහැ ...නැවත ලියන්න ගත්ත එක සතුටක්...
ReplyDeleteඔව්...හිතේ අදහස් නැත්තටම නැති දවස් තියෙනවා...සමහර විට ඒ දවස් මාස ගණන් වලට පෙරළෙනවා
Deleteහප්පා ,,,, ලලක්කා කිව්වම මතක් උනේ ,
ReplyDeleteමීගමුවේ ප්‍රියත් ප්‍රමුක කව්බෝයිස් ල එක්ක ජොලිසීය කියන එක පට්ට කියන එක පට්ට https://www.youtube.com/watch?v=UdLO58Em6zg
ප්‍රියත් කියන්නේ ඔහෙගෙ මැඩම් ගෙ ළඟ හිතවතෙක් ... දන්නවා නේද...
ReplyDeleteඔව් , ප්‍රියත් අය්යා කියන්නේ මැඩම් ගේ ඉස්කෝලේ යන කාලේ ඉදන් දන්නා හිතවතෙක් .
Delete