හැලපයාගේ පසුගිය පෝස්ටුවේ සඳහන් වූ සිදුවීම් ගණනාවකම කොච්චියා සිටියේය. ඒ නිසාම ඒ ගැන වැඩිපුර කීමට දේ මටද ඇතැයි සිතුණේය. පසුගිය මාසයක පමණ වූ කාලය පෝස්ටුවක් ලිවීමට කිසිදු ඉසිඹුවක් නොතිබුණාවූ කාර්‍ය්බහුල වූ යුගයක් වූ නිසාම සඳවතිය හැමදාමත් කියන්නා වාගේ කොච්චියා ගේ බ්ලොගය මකුළුදැල් බැඳී තිබුණේය. ඉඳ හිටලා බ්ලොගක් කියැවීම හා ඊටත් කලාතුරකින් පෝස්ටුවකට කමෙන්ටුවක් දැමීමට එහා බ්ලොග් ක්‍රියාකාරිත්වයක් මා වෙතින් මේ කාලයේ සිදු වූයේ නැතිය.
පෙබරවාරියේ මුල් සතියේම ඕමානයට සැපත් වූ චෙෆාකි සිය ආගමනයට දෙදිනකට පමණ පෙර මා ඇමතුවේ ලංකාවේ සිට ය. කීපවරක් ම ආ ඒ ඇමතුමට මා ප්‍රතිචාර නොදැක්වූයේ එය මා දන්නා අංකයක් නොවූ නිසාය. දිනපතා අත්‍යවශ්‍ය ඇමතුම් බොහොමයකට ප්‍රතිචාර දක්වන මා සාමාන්‍යයෙන් නොදන්නා නොම්මර ඉතා සැහැල්ලුවෙන් නිදැල්ලේ යවන්නේ බහුතරයක් දෙනා විසින් කියා තිබෙන පරිදි කොච්චියා සතු එක් කුප්ප ගතියක් ලෙසටය. ඒ අස්සේ මට ඇමතුමක් එන්නේ හැලපයාගෙන් ය. චෙෆාකි මා අමතන්නට තැත් කළ බවත් මා දුරකථනය උස්සන්නේ නැති බවත් හැලපයා දැනුම් දුන් අතර ඊට මොහොතකට පසු ආයෙත් ලංකාවෙන් අර ඇමතුම ආවේය..
“කොච්චි, මචන් මම මේ චෙෆාකි”
සුන්දර වූ මිනිසෙක් සමග වූ කතාබහක ඇරඹුම සිදු වූයේ එසේය. සිකුරාදා රෑ සාදයට එන ලෙස ආරාධනා කිරීම ඒ ඇමතුමේ පරමාර්ථය වී තිබූ අතරම දෙවරක් නොසිතාම කොච්චියා එය පිළිගත්තේය. ආරාධනය නෝනාත් සමග පැමිණෙන ලෙසට වූවාට අසනීප තත්ත්වයන් මත එය ප්‍රායෝගික නොවන බව දත් මා පසුදිනම ඒ ගැන හැලපයා දැනුවත් කළේ ඔහු නිරතුරු චෙෆා සමග කතා කරනා නිසාය.
චෙෆාකි ඕමානයට ආ දිනයේ මිනිහා පිළිගන්නට හැලපයා සමග කොච්චියා ද ගියේය. ඒ ගුවන් යානය සාමාන්‍යයෙන් නියමිත වෙලාවට පෙර මස්කට් වෙත ළඟාවන මුත් එදා එසේ වූයේ නැතිය. පෙර අත්දැකීම් නිසාම අප නියමිත වෙලාවට කලින්ම ගුවන් තොටුපළට ගියේ චෙෆා සහ ඔහුගේ ඇඹේණිය රස්තියාදු නොකරනු පිණිසය. ඩිප්ලොමැට්ටෙක්කු වන හැලපයා සිය වරප්‍රසාද භාවිත කරමින් ගුවන්තොටුපළ ඇතුලටම ගියේ සිය පැරණි මිතුරාව හැකි ඉක්මනින්ම බලා කියා ගන්නටය. ඒ අතරේ සාමාන්‍ය බයියෙකු වූ කොච්චියා Costa එකට වැදී espresso උගුරක් තොල ගාමින් බ්ලොග් ලෝකයේ සැරි සැරුවේය.
ඈතින් සද්දන්ත පොරවල් දෙකක් එනවා දුටු කොච්චියා ඇස් ඔසවා බැලුවේය. එකෙක් හුරුපුරුදු හැලපයා බව හඳුනා ගත් අතර අනෙකා නම් අටමාගේ පොඩි කෙල්ල ගේ රැවුල් බඩා මාමා විය යුතු බව ඉවෙන් වගේ දැනුනේය. චෙෆාකි සහ කොච්චියා ගේ මුල්ම හමුව එය වූයේය.ඔහුගේ බිරිඳ චෙෆී මෙන්ම ඥාති සොයුරා සහ සොයුරියව ද ඒ මොහොතේ මා කෙටියෙන් හඳුනා ගත්තේය. චෙෆී කියා සිටියේ මුහුණ පුරා රැවුල වවා සිටි කොච්චියා දුටු පමණින් ඕමානියෙක් කියා සිතුණු බවය. තමාටද එසේ සිතුණු බව කීවේ ඥාති සොයුරිය ය. ගැහැණු දෙදෙනා සමග චෙෆාකි ගේ ඥාති සොයුරා ඔහුගේ රියට ගොඩවූ අතරේ හැලපේ සහ චෙෆා මගේ රථයට නැගුණෝය. විනාඩි කීපයකින් චෙෆාගේ හුරුපුරුදු මස්කට් නිවහනට ආ අප හට දෙකක් දමා ගෙන යන ලෙස පෙරැත්ත කළේ චෙෆාකි හා සොයුරු අරවින්දය. එය ඊට මොහොත නොවූ අතර හැලපයා සහ කොච්චියා නිවෙස් බලා ඉගිලුණෝය.
ඊළඟ දිනයේ සාදයට අප යන විට අමුත්තන් කීප දෙනෙක්ම පැමිණ තිබූ අතරම ලන්තෑරුම් එළියෙන් ආලෝකමත් වූ සැබෑ මත් වීමකට ඇවැසි සියළු කළමනා නොඅඩුව ඇති බව කොච්චියා සැණෙන් තේරුම් ගත්තේ පසෙකින් වූ ගිටාර් දෙකද දැකීමෙන් පසුවය. හැලපයාද කියා තිබූ ලෙස අපේ කතා බහ බ්ලොග් ලෝකයේ ලිවීම් කියැවීම් මෙන්ම ඕපාදූප දක්වාද ගලා ගියේ පසෙක වූ ඩබල් බ්ලැක් බෝතලය සෙමෙන් සිය කාර්‍ය්‍යය අපේ ශරීරයන් තුල ඉටු කරමින් සිටියදීමය. අපේ කතාබහ ඒ තිබූ සංගීතමය වපසරිය හා නොගැලපුණු නිසාම ඒ වාදනයේ නියුතුවූ චෙෆාකි ගේ මිතුරන් අපටද ඔවුන් හා එක්වීමට ආරාධනා කළෝය.
ඔය හැමදේම අස්සේ චෙෆාකි ඉල්ලීමක් කළේය.
“කෝ උඹේ ටැටූ එක පෙන්නපන්”
එවේලේම මිනිහාගේ ඉල්ලීම ඉටුකලත් ආපසු එද්දී ඔලුවට ආවේ චෙෆා මගේ ශරීරයේ ටැටූ එකක් ඇති බව දැන ගත්තේ කෙසේද යන්නය. මේ පෝස්ටුවට චෙෆාකි විසින් දමන්නට නියමිත කමෙන්ටුවේ ඊට පිළිතුරද බලාපොරොත්තු වන්නේය.
සැලකිය යුතු කාලයකට පසු කොච්චියා ට සිංදු කීමේ ඇරියස් එක කවර් කර ගැනීමට එය කදිම මොහොතක් වූයේය. ක්ලැරන්ස් ගෙන් අරඹා වික්ටර් , අමරදේව , කපුගේ මෙන්ම මිල්ටන් සහ ජෝති ද අපට ආවේශ වූවා මතකය.. හොඳ මට්ටමේ ගායකයන් කීප දෙනෙක්ම චෙෆා ගේ මිතුරු කැලේ වූවෝය.
//ටික වෙන්න නාලා
කොණ්ඩේ කඩා ගෙන
යනවද සුරතලියේ….
මම බෝම ආසයි
ප්‍රේමි සමගින්
දිය බැස පීනන්න
අපි පීන පීනා ඉන්නා අතරෙදි
ඔබෙ මුව සිප ගන්න….//
ඔය ආකාරයේ ආරම්භයක් දී නන්ස්ටොප් එකක් කොච්චියා පටන් ගත්තේ පැය බාගයක් වත් එක දිගට ගයන්නටය…
//තේ පැන් දින දින වැඩි වැඩියේ
බීමෙන් සිරුරට සැප වැඩිවේ
සීනිද කිරි මුසු කර නිසි සේ
සාදා ගෙන පදමට යස සේ//
නන්ස්ටොප් එක ඔය කිවූ හරියේ නැගලාම යද්දී....සියල්ලෝ කුල්මත්ව සිටියදී බඩ පැලෙන්නට ගිල දමා පැමිණි හැලපයා අසරණ මාද ඇදගෙන ගියේ මිනිහාගේ රියදුරා පැමිණ ඇති බවත් අප යා යුතු බවත් පවසමින් ය. ඒ වන විට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ජොකියෙකු වූ චෙෆාකිගේ සොයුරු අරා ද කොච්චියා ට ගානට සෙට් වී සිටියේය. අවසානයේ ඒ මොහොතේ නිවෙස තුලට ගොස් සිටි චෙෆාකි ටද නොකියා ගෙදර දුවන්නට වූයේ හැලපයාගේ පකිස්තාන ජාතික රියදුරා නිසාය...මාව ගෙදරින් බැස්සූ පසු,
“ගුඩ් නයිට් සර්”
කිවූ ඒකාට ගුඩ් නයිට් කිවූ මා හිත යටින් කිව්වේ
“ මගේ ආතල් එක කාපු තෝ නම් කොටියා ම කාපිය” කියාය.
ඔය තේ පැන් සිංදුවේ තවත් වර්ෂන් එකක් ඇත්තේය. කොච්චියා ජීව්තයේ වැඩියෙන් ගයා ඇත්තේ ඔය ඉහතින් කිවූ එක නෙවේය.
තම්බි කෙනෙක් සිය කඩයේ තේ හදනා ආකාරය කියැවෙනා එය දන්නා ඈයෝ බ්ලොග් අවකාශයේ නැති වෙන්නට බැරිය..
//තේ පැන් සාදයි තම්බි කඩේ
තම්බිගෙ ……. ආධාරේ//
වැඩිහිටියන් ට පමණක් වාගේ වුණාට අපි නම් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඕවා ගායනා කළේ හිච්චි කොල්ලන් සන්දියේදී මය.
අවාසනාවේ හොඳම එක කියන්නේ පසුදා හැලපයාගේ ගෙදර පාටියද මට මග හැරුණේ හදිසියේ සෙට් වූ අටමගලයක් නිසා කිසි වැදගැම්මකට නැති ගමනක් යන්නට සිදු වීමෙන් ය. මහ රෑ වෙරි වීමෙන් අනතුරුව හැලපයා මා ඇමතුවේ චෙෆාද ළඟ තබාගෙනය.. ඒ මොහොතේ ද එන ලෙස ආරාධනා කලත් බීමත්ව ආපසු ඒම ගැටලුවක් නිසා කොච්චියා ගෙදරට වී දෙකක් දා ගත්තේ කලකිරීමටත් එක්කමය. එසේ නොවුනා නම් ආප්ප කමින් බෝතලයකට සෙට් වීමේ ඒ මහඟු අවස්ථාව මටද හිමි වන්නට තිබ්බේය.
ඊළඟ කතාවද හැලපයාගේ පෝස්ටුවේම වූ දවාලේ බෝතලයකට සෙට් වීම සම්බන්ධයෙන් ය. එදා ගෙයින් එලියට බහිද්දීම මගේ මිතුරා ඩිස්ති කීවේ ,
“උඹ කොච්චර බිව්වත් ආයෙ රෑට බොන්න පුලුවන් ගානකට බීපන්”
කියාය.
මා හැර අනෙකෙකු සමඟ මත්පැන් නොබොන මිනිහාට අසාධාරණයක් නොවනු වස් උගේ අවවාදයත් හිතේ තියාගෙනම හැලප භවනට ගොඩ උනත් හැලපයා සමඟ කතාබහ ඇදී යද්දී බෝතලය නොදැනීම හිස්වෙමින් යන බව දැනුනේවත් නැතිය. හැලපිගේ රසවත් කට්ලට් හා බැදපු මාලුමිරිස් මෙන්ම ජයග්‍රාහී ක්‍රිකට් තරඟයද අපට කදිම බයිට් බවට පත්ව තිබුණේය. තරඟයෙන් අනතුරුවද කතා බහ විවිධ ඉසව් ඔස්සේ ඇදී ගිය අතර මටත් අමතකව තිබූ කලක් මගේ ජීවන ගීය වන්වූ ගීතයක් ද මතකයට ආවේය.
කිකලෙකවත් ජනප්‍රිය නොවූ ඒ ගීය එකල මගේ ආත්මයේ ගීතයව තිබුණේය. ඒ ඇසූ බොහෝ මගේ මිතුරෝ එහි පද රචනය මාගේ නොවේ යන්න පවා විශ්වාස නොකළෝය. අඩුගානේ මුදල් දී මා ඒ ගීය ලියවාගෙන ඇතැයි කියූවෝද අඩු නොවූවෝය. මගේ වූ ඈ මගෙන් උදුරා ගත්තවුන් මේ ගීය අසා මා ඉදිරිපිට මට හොරෙන් කඳුළු සලනවා මා දැක ඇත්තේය. ඒ තරමටම ප්‍රබල ලෙස මේ ගීය ඒ සිදුවීම හා බද්ධ වූයේය.
………………………………………..
දුර ඈත දින සමනල් වියේ මා සසල කල යුවතී..
සිත් බැඳි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
සිත් බැඳි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..
මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැටී..
අරුත් පුරවා දෙනෙත් පාදා
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..
මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැටී..
ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කළඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළඳුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළඳුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//
…………………………………..
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//
…………………………………..
දුර ඈත දින
මේ ලින්කුවෙන් ඒ ගීය ඇසිය හැකිය.
මේ ලින්කුවෙන් ඒ ගීය ඇසිය හැකිය.
අමිල පෙරේරා විසින් ගැයූ මේ ගීතයේ මගේ නොවන එක් අකුරකුදු නොමැති තරමටම එය මගේමය.. එනමුදු එදා උන් ඒ සංවේදී මිනිසා අද ඇත්තේ නැතිය. එසේ වීම යහපතක් හෝ අයහපතක් ද විය හැකිය. ඒ සංවේදනය වූ හැඟීම් ඒ ලෙසින්ම ලියන්නට නොහැක්කේ ඒ නිසාය. එදා ඒ කොච්චියා අද සිටියා නම් කඳුළු බොමින් මෙය ලියනා අතරේම ඔහෙලාගේද කඳුළු සොලවන්නට ද ඉඩ තිබ්බේය.
මේ පෝස්ටුව හැලපයාගේ පෝස්ටුවේම දිගුවක් ලෙසින් මටද දැනෙන්නේය. ඔහු ලියූ නිසා මා නොලිව්වාට කම් නැති වුවද ඒ හමුවීම් හා සාදයන් එතරම් ම රසවත් වූ නිසා මා නොලිව්වොත් හරි මදි යැයි හැඟෙන්නේය. එරියස් තියාගෙන ජීවත් වීම කොච්චියා ට හුරු නැත්තේය. ඒ නිසාම මේ පොස්ස්ටුව ලිව්වේය. ඊළඟ පෝස්ටුවේ කාලයකට පසු කණ්ඩා මුණ ගැසීම හා මිනිහා සමගද බලාපොරොත්තු වූ ලෙස ආතල් ගැනීමට නොහැකි වූ කණගාටුව ගැනද ලියන්නට ඉන්නේය.
http://www.academia.edu/1467719/_Tattooing_and_its_Role_in_French-Native_American_Relations_in_the_Eighteenth_Century_
ReplyDeletehttp://www.dailymail.co.uk/femail/article-2624426/Five-thousand-years-TATTOOS-Stunning-images-chart-history-body-art-including-intricate-tribal-inkings-bold-modern-designs.html
Just read the second article..very informative.Will read the pdf at night. Thanks machang...
Deleteදුර ඈත දින සමනල් වියේ මා....
ReplyDeleteමාත් කැමතිම සිංදුවක් තේරුමටත් වැඩිය ඒ කටහඬටයි මියුසික් වලටයි.
ඔව්..ඒකෙ මියුසික් වල අමුතු ටච් එකක් තියෙන්නෙ. අනෙක අමිලගේ වොයිස් එක ... සුපිරියි.
Deleteඅමිල පෙරේරා යනු Super star ඉතිහාසයේම මා පෙම් කල එකම කටහඬ සහ මම මනාප දුන්න එකම ගායකයයි ඒත් මම මේ ගීතය ඇහුවෙත් අදමයි.ඔබේ ඒ ආදර කතාව මොකක් උනත් මේ වෙනකොට සංවේදී මිනිසෙකු නොවේය කියන එකට මගේනම් ඒ හැටි මනාපයක් නෑ.
ReplyDeleteඒක පැත්තකින් තියමුකෝ අර හැලප යෝධයයි චෙෆාකි යෝධයයි ළඟින් ළඟින් එන විදිය මට නිකන් මැවිලා පේනවා වගේ.මට දැන් පුදුම උවමනාවක් තියෙනවා මේ දෙන්නගේ රූපයක් බලා ගන්න. බලමු මම කොච්චිව හොයා ගත්තනම් ඒකත් මට බැරි වෙන එකක් නෑ ඕං
http://chef-archiect.blogspot.com/2016/07/blog-post_26.html
Deletehttps://www.google.lk/search?q=elections+commissioner+sl+image&hl=en&biw=1242&bih=564&tbm=isch&tbo=u&source=univ&sa=X&ved=0ahUKEwi-vIzk4cPSAhWHp48KHT1TBigQsAQIGg
Deleteසංවේදී නෑ කිව්වෙ ගල් වෙලා කියන එකම නෙවෙයි. අවබෝධය තුල ආදරය තුල තියෙන කන්ඩිෂන්ස් එකින් එක අයින් කළාම ඉතුරු වෙන්නෙත් දැනීම නොදැනීමක් වෙන එක..
Deleteඔය කිව්ව ජෝඩුව හොයා ගන්න ඒ තරම් අමාරු නෑ
එහෙනං එහෙමයි සිද්දිය වෙලා තියෙන්නෙ.
ReplyDeleteචෙෆා යෝදයනං දැකල තිබ්බට ඔය හැලප යෝදය දැකල නෑනෙ.
ලබන සතිය වෙද්දි මිනිහා ලංකාවේ...ගිහිල්ලා දැක බලා ගන්න පුලුවන් ඔහේලාට
Deleteඋඹ ඔය පෝස්ට් එක ලියන බව හැලප යෝධයා කලිම්ම දැනුන් දුන්න හිටං.. හෙටානිද්ද ඔය හැලප යෝධයා ලංකාවට ආවම ආයෙම ඔය යෝධයෝ දෙන්නම හම්බ වෙන්න හිතං ඉන්නේ හිටං..
ReplyDeleteඅර සිංදුව නම් මල මසුරං මචෝ.. ජය වේවා!
එහෙනම් හම්බ වෙලා අඩියක් එහෙම ගහලා මොකෝ උනේ කියලා අපට කියන එකයි තියෙන්නෙ
Deleteඔය යෝධයෝ දෙන්නවම මම දැක්කේ එකටම වගේ කියල තමයි මතක...
ReplyDeleteඒ සිංදුව කලින් අසා තිබුනේ නැත...
ඒකෙ පොඩි ගතියකුත් තියෙනවා...
මට නම් ඒකෙ මාර ගතියක් තියෙන්නෙ
Delete//ඒ ගුවන් යානය සාමාන්‍යයෙන් නියමිත වෙලාවට පෙර මස්කට් වෙත ළඟාවන මුත් එදා එසේ වූයේ නැතිය. //
ReplyDeleteගුවන් ගමනට ගතවන කාලය යානය රැගෙන යන බර අනුව වෙනස්වන බව අසා තිබෙනවා.
ඔහොමත් කියනවද බන් හෙණ ගහන්නා වගේ..
Deleteඅපූරු හමුවක්...අපූරු පෝස්ට් එකක්..අපූරු මිනිස්සු
ReplyDeleteඅපූරු කමෙන්ට් එකක්
Deleteආදරණීය සෙට්වීමකින් පස්සේ ලියන්න, කියන්න කොච්චර දේවල් හිතේ ඉතුරුවෙනවද නේද.....මම ආදරණීය සෙට්වීම්වලට බොහොම මනාපයි. කොච්චියගේ ටැටූ එක මිරිස් කරලක්ද....
ReplyDeleteසංවේදී මිනිසාව නැතිකරන්නේ ගැහැණියක් නම්, ඒ මිනිසා නැවත සංවේදී කලහැක්කේද ගැහැනියකට පමනි.
නැහැ ... මිරිස් කරලක් නෙවෙයි..ඒ ගැන ඉස්සරහට ලියන්න ඉන්නෙ.
Deleteමම අවබෝධය ලබනවා හැම මොහොතක් පාසාම කොන්දේසි රහිත සම්බන්ධතාවන් ගොඩ නගා ගන්න. ආදරය කරන්න ට්‍රයි කරනවා කොන්දේසි නැතුව..ඔය ෆීලින්ග්ස් ගැඹුරින් දැනෙන්නෙ කොන්දේසි වල ස්වභාවය මත...ඒ නිසයි සංවේදී නෑ කිව්වෙ..ආදරය නැති කරගෙන නෑ...කොහෙත්ම
ඌ කසාද බඳින්න කියල නිවාඩු ඉල්ලගෙන පකිස්තානෙ ගියා.
ReplyDeleteඅන්න බලන්න අපි ලබන ආත්මෙට හවුලේ කොච්චර පිං කරගෙනද කියලා..මේ ආත්මයේ පකිස්තස්නු මාතලී ව්ඳින සැප ලබන ආත්මේ අපිට...!
Deleteඅනේ සෝක්
Deleteඔව්...මටත් කිව්වා පොර යන දවසේ. ඕකට හොඳ වැඩේ...කොටියා කෑවා නම් හොඳයි කියලා හිතෙයි.
Deleteඅන්න බලහං .... කාගෙවත් ආතල් කඩන්ඩ එපා කියන්නේ ඒකයි ...හොදම වැඩේ ඔය පක්කට ..දැං ජීවිත කාලෙම විදව විදව ඉදියි ....හොදම වැඩේ ....කොටි කෑවට හපං
Delete//සාමාන්‍යයෙන් නොදන්නා නොම්මර ඉතා සැහැල්ලුවෙන් නිදැල්ලේ යවන්නේ බහුතරයක් දෙනා විසින් කියා තිබෙන පරිදි කොච්චියා සතු එක් කුප්ප ගතියක් ලෙසටය//
ReplyDeleteකුප්ප නෙමෙයි බොල බලු ගතියක් .....යාලුවෙක් කෙලවෙලා ...කමියුනිකේෂන් එකකින් කතා කරත් උඹ පුක හරවලා
සහතික ඇත්ත...අන්තිම කැත වැඩක් තමයි..ඒත් ඒ බලු ගතිය ඇර ගන්නම බෑ මට
Delete//ඉස්කෝලේ ජොකියෙකු වූ චෙෆාකිගේ සොයුරු අරා ද කොච්චියා ට ගානට සෙට් වී සිටියේය.//
ReplyDeleteඔය අයියා මලෝ ඩබලම එකයි ....හැබැයි අතලග ඉන්න හන්දා ...මලය ආසරය කිරිම නං ...උඹට වගාවක් වෙයි .....ආ ...ආ ...ඒක තමා ඒක තමා ටං ගාල උඔට තේරුනා
//ඊළඟ පෝස්ටුවේ කාලයකට පසු කණ්ඩා මුණ ගැසීම හා මිනිහා සමගද බලාපොරොත්තු වූ ලෙස ආතල් ගැනීමට නොහැකි වූ කණගාටුව ගැනද ලියන්නට ඉන්නේය.//
ReplyDeleteඅනේ සාදු ...අනේ සාදු ...තොපි දෙන්නටම කෙලවෙලා ...මට අප්පරමාන කාලකන්නි සතුටක් දැනෙන්නේ
බොටත් මහ කාලකණ්ණි ආතල් තමා තියෙන්නෙ
Deleteතොපි ගත්ත ආතල් ඇහුවහම ..ආයේ තවපාරක් එහෙම දේවල් වෙන්ඩ කියල පතන්ඩ පුලුවන්ද බං .... අනික ඔව්වා උඹල ලියුවොත් එහෙම බ්ලොග් කාරයෝ විදිහට අපි කොහොමද පාරේ තොටෝ බැහැලා යන්නේ
Deleteතුහ් විතරක් ... නොදෝමකින් *** අටමා, ඕකව කොටියම කාපිය !!! :-D
Deleteකෝච්චිය උඹ ඇවිල්ල පරණ පුරුදු කතන්දර මතක් කරලා කතා බහ කරල ගිය එකම ලොකු දෙයක් !
මම ශාමිකයයි උගේ යාළුවයි එක්ක තනියම ගැහුවා සෙනසුරාද :) :) :)
දුක හැලපයියව හම්බ වෙන්න බැරි වෙච්චි එක ගැනයි !
අටමා දැං සීරිස් ආ
ReplyDeleteකවුද ඕයි ඔය සින්දුව ලියපු එකා
මතක හිටින ආසා හිතෙන එකක් නෙමෙයි
හෙන ගූ සින්දුවක්
මටත් ඔහොම කතාවක් තියනවා
ඔය ෂෙපාකියි අක්කයි දෙන්නත්
දන්නවා අපේ අටමිත් දන්නවා
අපෙයි ඒකිගෙයි හත්මුතු පරම්පරාවත්
වටේ අහල පහල උනුත් දන්නවා
එකම වෙනස දැං උදුරගත්ත
එකාලගත් නැ හේ ..හෙක්
අහන දවසක කෙල්ලන්ටත් කියනවා
මම ඒ කතාව ..ඇයි අවුල්ද..
//එනමුදු එදා උන් ඒ සංවේදී මිනිසා අද ඇත්තේ නැතිය. එසේ වීම යහපතක් හෝ අයහපතක් ද විය හැකිය. ඒ සංවේදනය වූ හැඟීම් ඒ ලෙසින්ම ලියන්නට නොහැක්කේ ඒ නිසාය. එදා ඒ කොච්චියා අද සිටියා නම් කඳුළු බොමින් මෙය ලියනා අතරේම ඔහෙලාගේද කඳුළු සොලවන්නට ද ඉඩ තිබ්බේය.//
අන්න එතන පොඩි අවුලක් තියනවා
මිනිස්සුන්ට එහෙම වෙනස් වෙන්ඩ බැ
මිනිස්සු වෙනස් වෙන්නෙ අවබෝධය එක්ක. දුක කියලා දෙයක් නොපවතින බව අවබෝධ උනාම.
Deleteඅදමනෙ ඒ සින්දුව ඇහුවෙ... හොඳ වෙලාවට අද හරි ඇහුවෙ කියල හිතුනා.
ReplyDeleteජයවේවා..!!
ජයම වේවා ඔහේටත්
Deleteරැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ! මේ සින්දුවත් ඇහුව කියලවත් මතක නෑනෙ.
ReplyDeleteදැන් ඇහුවනේ
Deleteබාගෙට බිබී ඉද්දි ඇදන් යන කාලකන්නි කොටිය කාලත් මදි ඕයි.
ReplyDeleteපොර බැන්දනේ...ආයෙ කොටියා මොකෙක්ද
Deleteසින්දුවනම් අහලා නෑ අද අහන්නම්
ReplyDeleteඇහුවද? මොකෝ හිතෙන්නෙ
Deleteසින්දු දිගේ පෙර මතකය දිගේ යමින්
ReplyDeleteබැන්දු සෙනේ යටගිය දින සිහිකරමින්
සින්දු කියා චෙෆ් හැලපේ සමග තුටින්
රැන්දු ලිපිය මම බැලුවෙමි පමා වෙමින්.....
ලිපිය කියවන්න ලැබුණේ පරක්කුවෙලා. මොනාවුණත් රහ බේරෙන දවස් ටිකක් පහුකරන්න ඇති නොවැ.
ජයවේවා!!!
This comment has been removed by the author.
Deleteමරු කවිය මචං....ජයවේවා
Deleteඅමිල පෙරේරා දැන් ඉතිං සිංදු නොකියන තරම් නේ..එත් මේකනම් මරු සිංදුවක්
ReplyDeleteකාලෙකින් මිනිහගේ සිංදුවක් ඇහුවෙ නැහැ
Deleteහයියෝ මට මිස් උනානෙ චෙෆාකියව. එත් කමක් නෑ හැලපයට මාතලන් වෙන්න හම්බුනානෙ 😇
ReplyDeleteමාතලන් නෙවෙයි බන් මාතලී
DeleteCongrats...!
ReplyDeleteමරු කතාව කොච්චි..
ReplyDeleteකොච්චියෝ තෝ මැරිලද ලියන්නෙ නැද්ද?????????
ReplyDelete