කොච්චියා කිසිදා කවක් හෝ නිසඳැසක් ලියා නැත්තේය. අද හදිසියේ සංයුක්ත ලෙස හැඟීමක් ලියන්නට හිතුණේය. ඝන අඳුරේ ශීෂාවක් උරමින් ඉන්නා අතරේ ලියූ මේ පද පේළි මෙලෝ රහක් නැති විය හැකිය. ඒත් මා ලියන්නේ මා වෙනුවෙන් මය.
දුම් පිරි කුටිය
පහන් නිවුණු අඳුර
ගර්ත පුරා ඇදි ශීෂාව
නිහඬ බව
එළිය කොයි නුඹ
ගිනියම් අඟුර
ඊළඟ උගුර
අඟුරෙ දීප්තිය
කැලතෙනා දිය
විතරමය හඬ
අදින විට උගුර
පපු පුරාවටම
මෙවැන්නක් ලියූ මුල්ම හා අවසාන වතාවද මේ විය හැකිය.
ශීෂා දුමේ රහ නොදන්න කෙනෙකුට වගේ නෙවී ඒකේ රහ දන්න මට නං මේක රසයි කොච්චි....!!
ReplyDeleteස්තුතියි චෙෆාකි.. අපේ හමුවීම ගැනත් ලියන්න ගත්තා..මේ දවස් වල මාර බිසී..
Delete"ඔබ දුටු ඒ මුල් දිනේ...සිදුවූ සැමදේ....."
Deleteවෙන මොනවා කියන්ඩද මට පට්ට ඉරිසියයි
ReplyDeleteඇත්ත...මේ අන්ධකාරයෙන් එළියට එන්න මටම ලෝබයි.
ReplyDeleteඋරමින් හිටිය ශීෂා දුම ගැන හිතුවාලූ
ReplyDeleteඅඳුරින් වැසී තිබු කවි ලොව එළි වූවාලූ
සැනෙකින් හොඳම පද ගලපා කවි ලිව්වාලූ
මෙතනින් නොනවතිනු කොච්චිට සුභ පැතුවාලූ.......
කොච්චී. බෑ බෑ කිව්වත් මේ ලියලා තියෙන්නේ මරු කවියක්. මේක කියෙව්වම අපේ චෙෆාකිගේ කවි මෝස්තරය හිතට ආවා. සතුටුයි මේ වගේ කවියක් ලිව්ව එකගැන.
ජයවේවා!!!
ස්තූතියි හැමදාමත් වගේ කවියට.. දුමී හරි.. චෙෆාකි ස්ටයිල් එකෙන් තමයි ලිව්වෙ..
Deleteහැබැයි මට මාව ෆීල් වෙන්නෙ නැහැ මේකෙ...ආයෙ ලියන එකක් නැහැ මේ විදියට
මරු ඈ....
ReplyDeleteඔය කිවුවට මේක අවසන් වතාව වෙන එකක් නෑ.
මම හිතන්නෙ නැහැ ආයෙ ලියාවි කියලා මෙහෙම එකක්...
Deleteශීෂාවක් ලැබෙන්න ඔන්න මෙන්න සීන් වෙනවා... සීතල කළුවරක අත්දැකීම ලබලම හරි උත්තරයක් දෙන්න හිතාගත්තා.
ReplyDeleteජයවේවා..!!
මට නම් ශීෂා වටිනවා රහමෙර ටත් වඩා.. ඉක්මනින්ම ඔය අත්දැකීම ලැබේවා..හැබැයි හරියට හදා ගන්න ඕන
Deleteඅවසාන වතාව කියල තියෙන නිසා අවුලක් නෑ.
ReplyDeleteලියද්දී ම දන්නවා මම ඔහේ මේකට අකමැති බව..
Deleteබොලා මහ ඕන්නැති වැඩ කරන්නෙ. මෙහෙට්ට වහිනව ටිකක් සැරට. සීතලත් එක්ක ශීෂා පෙරේත කමක් ආව. මං යනව පල්ලෙහා ශීෂ පොට් එකට ගව්වා එකක් බිබී ශීෂා දුමක් අදින්න...
ReplyDeleteඅපේ අසල්වැසියෙක් වගේ
Deleteඔව් ඔව් කන්ඩ ඉන්න රටේ. ඒත් උගෙ එහා වැටේ.. කන්ඩා කියනකොට මට රහුමාන්ගෙ මේ සින්දුව මතක් වෙන්නෙ ඇයිද මංද.. දැං මං කොරනව වගේ ශොට් එකක් හීනියට නවාගේන අහන්ටකො
Deletehttps://www.youtube.com/watch?v=XEZ58G9sR_A
හැලප බුවාව ලංකොරං ඇහුවනං තේරුමත් කියයි හිටං..
Deleteවිසිරි හැමදාම ලාවට වගේ ටියුබ් ලයිට්..ඒ නිසා හිනා නොවී කියමුකො ශීෂාවක් කියන්නෙ මොකක්ද කියලා....
ReplyDeleteකවිය මටත් රහයි
මටත් මුලදි ඕක මොකක්ද කියලා අවුලක් තිබුනා කලින් කොච්චිගේ පෝස්ටුවක්ත් තිබුනා ශීෂාවක් ගැන මම ඉතින් නොදන්න සේරම ගූගුල් දෙයියට බාර දෙනවා එයා තමයි මටත් හොයල දුන්නේ. පින්තූර දැක්කට පස්සේ තමා මමත් දැනගත්තේ ෆිල්ම් වල එහෙම මම ඕක දැකලා තියෙනවා නේද කියල.
Deleteඔයාට රහ නම් හොඳයි... මට නම් අවුල් වගේ.
Deleteශීෂා ගැන google කරලා බලන්න. ශානි වගේ..
පිස්සුද අනේ මේ අවසානය නෙවෙයි ආරම්භය...මේ තියෙන්නේ මරුවට දැන් ඉතින් දිගටමම ලියමු
ReplyDeleteසඳවතී කෙසේ කීවත් කොච්චියා ට මේවා හරියන්නේ නැතිය... ඒ නිසා මා මෙය ආරම්භයක් සේ දකින්නේ නැතිය...එක් අත් හදා බැලීමක් පමණක් ය.
Deleteදිගටම ලියමු
ReplyDeleteමේ වාගෙ ඒවා ලියාවි කියලා හිතන්න අමාරුයි
Deleteඅවසාන පළවෙනි එකම එලයැ ..!
ReplyDeleteශීෂා එකකට බොහොත් දූර් හේ.. ඔටුවො විතරක් ඉන්න පැතිවලත් ආර්‍ර් ඕ පී ලා ප්‍රොජෙක්ට් පටන් ගන්නවනෙ :(
කොයි පළාතෙද ඔහේ ගෙ ප්‍රොජෙක්ට් එක?
Deleteමෙව්වා කවි හෝ නිසඳැස් නෙවේ කොච්චි...හිතට එන වචන ටිකක් කලවම් කරලා, ග්‍රීක් වගේ ලියල, ලියපු එකා විතරයි ලියපු දේ දන්නේ...චෙෆා ලිව්වත් මම කමෙන්ටු නොදාන්නේ ඒකයි...මට මෙව්වා රහ නැහැ....හැබැයි ශිෂ වල නම් මොකක් හරි මෙව්වා එකක් ඇති :)
ReplyDeleteඅන්න කතාව...ඉහළින්ම එකඟයි. කලින් පෝස්ට් එකක මම ඔය ගැන කියලා තියෙනවා..
Deleteකොහොම උනත් කොච්චියා ආයෙත් මෙහෙම එකක් නොලියාවි
හපොයි...!
Deleteissara Week end wala apeth bate kate thamai...
ReplyDeleteEka eka raha...
මේ දවස් වල මම ගහන්නේ watermelon
Deleteතනි නොතනියට
ReplyDeleteකලාමැදිරි එළි කුමට
මතක අවුළුවන
අළු යට කිණිහිර ය
දුම් වළලු පුපුරන
දිය යට පෙළහර ය
ඉතිං ශීෂා...
පාළු ඝන අඳුරට
නුබ නොවෙද ගේශා...
ඔබේ රටාවට මේ රටාව වෙනස්... ඒත් මේ රටාවත් හරිම අපූරුයී. හැමදේකම හෙතුවක් හොයන මිනිස්සු අතරේ , පපුවට දැනෙන දෙවියෙක් අදහන ඔබයි ගහක් යට සොබාදහම වටහා ගත් මනුස්ස ප්‍රාණියෙක් ගේ ඉගැන්වීම් විශ්වාස කරන මටයි මේ අහස යට ඕනෙම දෙයක් හිතේ හැටියට විඳින්න නිදහස තියෙනවා. ආයේ ලිව්වත් නැතත් මේ තමයී නිදහස් හිතක සිතුවිලි. කවියක් ද , රචනාවක් ද කියන කාරනාව නෙවෙයි ඔබ ලිව්ව කාරණාව අමු අමුවේ දැනෙන එකත් නෙවෙයි, ඔබෙ සිතුවිල්ල මට මගේ මිම්මෙන් දැනෙනව නම් අන්න ඒක නිර්මාණය ක්.
මේ තවත් ආරක් , ආයේ ලිව්වත් නැතත් ඔබ මේ එළියට දැම්මේ නිර්මාණය ක්, හරි අපූරු... අන්න ඒ නිසයි මටත් මේ විදිහට ලියවුනේ.
ඇත්ත...කෝකත් නිර්මාණයක් තමයි. ඒත් මම මේකෙන් මාව දකින්නෙ නැහැ.. මම ලියලා ලබන්නෙ මාවම විඛණ්ඩනය කරගෙන මාවම විශ්ලේෂණය කරගන්න එක...
Deleteමේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි..
කොහොම උනත් ඔයාගෙ පද පේළි ටිකට මම කැමතියි.. හැමදාමත් වගේම.
/////මේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි.. ////
Deleteඔව් කොච්චි ඒක හරි. හැබැයි ගොඩක් අය ඒක නෙමේ කරන්නේ. තව කාටවත් උවමනා විදිහට ජීවත්වීම. මට නම් අප්පිරියයි. මම එහෙම ජීවත් වෙන්නේ නැහැ. අපි දෙමව්පියන් ලෙස අපේ දරුවාට, නිදහස යනු කුමක්ද කියා විධිමත් ලෙස පහදා දිය යුතුය. මේවා තව දුරටත් පවුල නම් සමාජය තුල කතාබහ වෙන්න ඕන.
"මේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි"
Deleteමේ අදහසට වගේම
අරුණ ගේ
"ඔව් කොච්චි ඒක හරි. හැබැයි ගොඩක් අය ඒක නෙමේ කරන්නේ. තව කාටවත් උවමනා විදිහට ජීවත්වීම. මට නම් අප්පිරියයි. මම එහෙම ජීවත් වෙන්නේ නැහැ. අපි දෙමව්පියන් ලෙස අපේ දරුවාට, නිදහස යනු කුමක්ද කියා විධිමත් ලෙස පහදා දිය යුතුය. මේවා තව දුරටත් පවුල නම් සමාජය තුල කතාබහ වෙන්න ඕන." මේ අදහසට ත් මං ඇත්තටම එකඟයි.
නිවැරදි දේ පහදලා දුන්නත්, හොඳ හෝ නරක තෝරාගන්නට ත් එයට මූණ දෙන්නටත් දරුවන්ට නිදහස තිබිය යුතුයි. දරුවන්ට විතරක් නෙවෙයි, අපිත් ඒ නිදහස බුක්තිවිඳීම ට ඉගෙන ගතයුතුයි .
ඉතිං ඒ නිසාම මේ ගැන තව කතා කලයුතුයි.
නිදහස දෙන්න බය නිසා මිනිස්සු නිදහස ගන්න බයයි
Deleteමස්කට් - සලාලා පාරේ කි.මි. හයසීයකට කිට්ටුව ගියාම කොහෙ බැලුවත් සුන්දර වැලි ගොඩවල් දර්ශනය වෙන මනුෂ්‍ය වාසයකින් තොර පට්ට චොර පැත්තක :)
ReplyDeleteඅප්පා...එපා වෙනවානේ... ශීෂා සෙට් එකක් අරන් යන්න ඊළඟ පාර යද්දි...
Deleteලියා ඇත්තේ ශීෂාව ගැන වුවත්, ඒ තුල මහා ආතල් කතාවක් කියවේ.
ReplyDeleteඒක හරි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔවෑක්කා
ReplyDeleteමොකෝ
Deleteකවිය නෙවෙයි හලෝ ශීශා එක
DeleteHmmmmm
ReplyDelete??? No comments
Delete??? No comments
DeleteThoughts are difficult to be organized into a comment. Heh
Deleteමමනම් කියන්නෙ කොච්චියෝ ඔය ශීෂා එකට "විජය විජයා විජයාපත්‍රම් ගාන්ධාරි ගධකාරී මෝහිනී නොහොත් කංසා" ටිකක් දාලා ගැහුවනම් කවි දිගටම ලියයි මේ වගේ 😛
ReplyDeleteආයෙත්අහලා
Deleteහොදයි හොදයි...මට නම් එහෙම අවුලක්වත් මුල්ම එකක් කියලවත් තේරෙන් නෑ
ReplyDeleteකවදාවත් නිසදැස් ගැන කල්පනා උන් නෑ ,,
ReplyDeleteමමත් එකක් ලියන්ඩ ඕන ...
එල එල
ලියන්න...
Deleteකොච්චියා හා හා පුරා ලියා තිබෙන්නේ.....තවතවත්..
ReplyDeleteඔච්චර තමා ඉතින්
Delete//දුම් පිරි කුටිය
ReplyDeleteපහන් නිවුණු අඳුර
ගර්ත පුරා ඇදි ශීෂාව
නිහඬ බව// lassanyi. දුමේ ගිලුණු නිහඬ බවටද දුමටද ඔතනට යන්නේ ඇත්තටම
දුමට....ඇත්තනේම
Delete