Saturday, February 25, 2017

නිහඬ අඳුරේ මනස කැලතූ ශීෂාව

කොච්චියා කිසිදා කවක් හෝ නිසඳැසක් ලියා නැත්තේය. අද හදිසියේ සංයුක්ත ලෙස හැඟීමක් ලියන්නට හිතුණේය. ඝන අඳුරේ ශීෂාවක් උරමින් ඉන්නා අතරේ ලියූ මේ පද පේළි මෙලෝ රහක් නැති විය හැකිය. ඒත් මා ලියන්නේ මා වෙනුවෙන් මය.

මේ මොහොතේ මා අත්දකිනා ඒ නිහඬතාවය හා වපසරිය මේය.



දුම් පිරි කුටිය
පහන් නිවුණු අඳුර
ගර්ත පුරා ඇදි ශීෂාව
නිහඬ බව

එළිය කොයි නුඹ
ගිනියම් අඟුර
ඊළඟ උගුර
අඟුරෙ දීප්තිය

කැලතෙනා දිය
විතරමය හඬ
අදින විට උගුර
පපු පුරාවටම

මෙවැන්නක් ලියූ මුල්ම හා අවසාන වතාවද මේ විය හැකිය.

57 comments:

  1. ශීෂා දුමේ රහ නොදන්න කෙනෙකුට වගේ නෙවී ඒකේ රහ දන්න මට නං මේක රසයි කොච්චි....!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙෆාකි.. අපේ හමුවීම ගැනත් ලියන්න ගත්තා..මේ දවස් වල මාර බිසී..

      Delete
    2. "ඔබ දුටු ඒ මුල් දිනේ...සිදුවූ සැමදේ....."

      Delete
  2. වෙන මොනවා කියන්ඩද මට පට්ට ඉරිසියයි

    ReplyDelete
  3. ඇත්ත...මේ අන්ධකාරයෙන් එළියට එන්න මටම ලෝබයි.

    ReplyDelete
  4. උරමින් හිටිය ශීෂා දුම ගැන හිතුවාලූ
    අඳුරින් වැසී තිබු කවි ලොව එළි වූවාලූ
    සැනෙකින් හොඳම පද ගලපා කවි ලිව්වාලූ
    මෙතනින් නොනවතිනු කොච්චිට සුභ පැතුවාලූ.......

    කොච්චී. බෑ බෑ කිව්වත් මේ ලියලා තියෙන්නේ මරු කවියක්. මේක කියෙව්වම අපේ චෙෆාකිගේ කවි මෝස්තරය හිතට ආවා. සතුටුයි මේ වගේ කවියක් ලිව්ව එකගැන.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාමත් වගේ කවියට.. දුමී හරි.. චෙෆාකි ස්ටයිල් එකෙන් තමයි ලිව්වෙ..
      හැබැයි මට මාව ෆීල් වෙන්නෙ නැහැ මේකෙ...ආයෙ ලියන එකක් නැහැ මේ විදියට

      Delete
  5. මරු ඈ....

    ඔය කිවුවට මේක අවසන් වතාව වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නැහැ ආයෙ ලියාවි කියලා මෙහෙම එකක්...

      Delete
  6. ශීෂාවක් ලැබෙන්න ඔන්න මෙන්න සීන් වෙනවා... සීතල කළුවරක අත්දැකීම ලබලම හරි උත්තරයක් දෙන්න හිතාගත්තා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට නම් ශීෂා වටිනවා රහමෙර ටත් වඩා.. ඉක්මනින්ම ඔය අත්දැකීම ලැබේවා..හැබැයි හරියට හදා ගන්න ඕන

      Delete
  7. අවසාන වතාව කියල තියෙන නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලියද්දී ම දන්නවා මම ඔහේ මේකට අකමැති බව..

      Delete
  8. බොලා මහ ඕන්නැති වැඩ කරන්නෙ. මෙහෙට්ට වහිනව ටිකක් සැරට. සීතලත් එක්ක ශීෂා පෙරේත කමක් ආව. මං යනව පල්ලෙහා ශීෂ පොට් එකට ගව්වා එකක් බිබී ශීෂා දුමක් අදින්න...

    ReplyDelete
    Replies
    1. අපේ අසල්වැසියෙක් වගේ

      Delete
    2. ඔව් ඔව් කන්ඩ ඉන්න රටේ. ඒත් උගෙ එහා වැටේ.. කන්ඩා කියනකොට මට රහුමාන්ගෙ මේ සින්දුව මතක් වෙන්නෙ ඇයිද මංද.. දැං මං කොරනව වගේ ශොට් එකක් හීනියට නවාගේන අහන්ටකො
      https://www.youtube.com/watch?v=XEZ58G9sR_A

      Delete
    3. හැලප බුවාව ලංකොරං ඇහුවනං තේරුමත් කියයි හිටං..

      Delete
  9. විසිරි හැමදාම ලාවට වගේ ටියුබ් ලයිට්..ඒ නිසා හිනා නොවී කියමුකො ශීෂාවක් කියන්නෙ මොකක්ද කියලා....

    කවිය මටත් රහයි

    ReplyDelete
    Replies
    1. මටත් මුලදි ඕක මොකක්ද කියලා අවුලක් තිබුනා කලින් කොච්චිගේ පෝස්ටුවක්ත් තිබුනා ශීෂාවක් ගැන මම ඉතින් නොදන්න සේරම ගූගුල් දෙයියට බාර දෙනවා එයා තමයි මටත් හොයල දුන්නේ. පින්තූර දැක්කට පස්සේ තමා මමත් දැනගත්තේ ෆිල්ම් වල එහෙම මම ඕක දැකලා තියෙනවා නේද කියල.

      Delete
    2. ඔයාට රහ නම් හොඳයි... මට නම් අවුල් වගේ.
      ශීෂා ගැන google කරලා බලන්න. ශානි වගේ..

      Delete
  10. පිස්සුද අනේ මේ අවසානය නෙවෙයි ආරම්භය...මේ තියෙන්නේ මරුවට දැන් ඉතින් දිගටමම ලියමු

    ReplyDelete
    Replies
    1. සඳවතී කෙසේ කීවත් කොච්චියා ට මේවා හරියන්නේ නැතිය... ඒ නිසා මා මෙය ආරම්භයක් සේ දකින්නේ නැතිය...එක් අත් හදා බැලීමක් පමණක් ය.

      Delete
  11. Replies
    1. මේ වාගෙ ඒවා ලියාවි කියලා හිතන්න අමාරුයි

      Delete
  12. අවසාන පළවෙනි එකම එලයැ ..!
    ශීෂා එකකට බොහොත් දූර් හේ.. ඔටුවො විතරක් ඉන්න පැතිවලත් ආර්‍ර් ඕ පී ලා ප්‍රොජෙක්ට් පටන් ගන්නවනෙ :(

    ReplyDelete
    Replies
    1. කොයි පළාතෙද ඔහේ ගෙ ප්‍රොජෙක්ට් එක?

      Delete
  13. මෙව්වා කවි හෝ නිසඳැස් නෙවේ කොච්චි...හිතට එන වචන ටිකක් කලවම් කරලා, ග්‍රීක් වගේ ලියල, ලියපු එකා විතරයි ලියපු දේ දන්නේ...චෙෆා ලිව්වත් මම කමෙන්ටු නොදාන්නේ ඒකයි...මට මෙව්වා රහ නැහැ....හැබැයි ශිෂ වල නම් මොකක් හරි මෙව්වා එකක් ඇති :)

    ReplyDelete
    Replies
    1. අන්න කතාව...ඉහළින්ම එකඟයි. කලින් පෝස්ට් එකක මම ඔය ගැන කියලා තියෙනවා..
      කොහොම උනත් කොච්චියා ආයෙත් මෙහෙම එකක් නොලියාවි

      Delete
  14. issara Week end wala apeth bate kate thamai...
    Eka eka raha...

    ReplyDelete
  15. තනි නොතනියට
    කලාමැදිරි එළි කුමට
    මතක අවුළුවන
    අළු යට කිණිහිර ය
    දුම් වළලු පුපුරන
    දිය යට පෙළහර ය
    ඉතිං ශීෂා...
    පාළු ඝන අඳුරට
    නුබ නොවෙද ගේශා...


    ඔබේ රටාවට මේ රටාව වෙනස්... ඒත් මේ රටාවත් හරිම අපූරුයී. හැමදේකම හෙතුවක් හොයන මිනිස්සු අතරේ , පපුවට දැනෙන දෙවියෙක් අදහන ඔබයි ගහක් යට සොබාදහම වටහා ගත් මනුස්ස ප්‍රාණියෙක් ගේ ඉගැන්වීම් විශ්වාස කරන මටයි මේ අහස යට ඕනෙම දෙයක් හිතේ හැටියට විඳින්න නිදහස තියෙනවා. ආයේ ලිව්වත් නැතත් මේ තමයී නිදහස් හිතක සිතුවිලි. කවියක් ද , රචනාවක් ද කියන කාරනාව නෙවෙයි ඔබ ලිව්ව කාරණාව අමු අමුවේ දැනෙන එකත් නෙවෙයි, ඔබෙ සිතුවිල්ල මට මගේ මිම්මෙන් දැනෙනව නම් අන්න ඒක නිර්මාණය ක්.
    මේ තවත් ආරක් , ආයේ ලිව්වත් නැතත් ඔබ මේ එළියට දැම්මේ නිර්මාණය ක්, හරි අපූරු... අන්න ඒ නිසයි මටත් මේ විදිහට ලියවුනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...කෝකත් නිර්මාණයක් තමයි. ඒත් මම මේකෙන් මාව දකින්නෙ නැහැ.. මම ලියලා ලබන්නෙ මාවම විඛණ්ඩනය කරගෙන මාවම විශ්ලේෂණය කරගන්න එක...
      මේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි..
      කොහොම උනත් ඔයාගෙ පද පේළි ටිකට මම කැමතියි.. හැමදාමත් වගේම.

      Delete
    2. /////මේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි.. ////
      ඔව් කොච්චි ඒක හරි. හැබැයි ගොඩක් අය ඒක නෙමේ කරන්නේ. තව කාටවත් උවමනා විදිහට ජීවත්වීම. මට නම් අප්පිරියයි. මම එහෙම ජීවත් වෙන්නේ නැහැ. අපි දෙමව්පියන් ලෙස අපේ දරුවාට, නිදහස යනු කුමක්ද කියා විධිමත් ලෙස පහදා දිය යුතුය. මේවා තව දුරටත් පවුල නම් සමාජය තුල කතාබහ වෙන්න ඕන.

      Delete
    3. "මේ ලෝකෙ අපට හරියටම විඳින්න පුලුවන් තමාවම විතරයි"
      මේ අදහසට වගේම
      අරුණ ගේ
      "ඔව් කොච්චි ඒක හරි. හැබැයි ගොඩක් අය ඒක නෙමේ කරන්නේ. තව කාටවත් උවමනා විදිහට ජීවත්වීම. මට නම් අප්පිරියයි. මම එහෙම ජීවත් වෙන්නේ නැහැ. අපි දෙමව්පියන් ලෙස අපේ දරුවාට, නිදහස යනු කුමක්ද කියා විධිමත් ලෙස පහදා දිය යුතුය. මේවා තව දුරටත් පවුල නම් සමාජය තුල කතාබහ වෙන්න ඕන." මේ අදහසට ත් මං ඇත්තටම එකඟයි.
      නිවැරදි දේ පහදලා දුන්නත්, හොඳ හෝ නරක තෝරාගන්නට ත් එයට මූණ දෙන්නටත් දරුවන්ට නිදහස තිබිය යුතුයි. දරුවන්ට විතරක් නෙවෙයි, අපිත් ඒ නිදහස බුක්තිවිඳීම ට ඉගෙන ගතයුතුයි .

      ඉතිං ඒ නිසාම මේ ගැන තව කතා කලයුතුයි.

      Delete
    4. නිදහස දෙන්න බය නිසා මිනිස්සු නිදහස ගන්න බයයි

      Delete
  16. මස්කට් - සලාලා පාරේ කි.මි. හයසීයකට කිට්ටුව ගියාම කොහෙ බැලුවත් සුන්දර වැලි ගොඩවල් දර්ශනය වෙන මනුෂ්‍ය වාසයකින් තොර පට්ට චොර පැත්තක :)

    ReplyDelete
    Replies
    1. අප්පා...එපා වෙනවානේ... ශීෂා සෙට් එකක් අරන් යන්න ඊළඟ පාර යද්දි...

      Delete
  17. ලියා ඇත්තේ ශීෂාව ගැන වුවත්, ඒ තුල මහා ආතල් කතාවක් කියවේ.

    ReplyDelete
  18. මමනම් කියන්නෙ කොච්චියෝ ඔය ශීෂා එකට "විජය විජයා විජයාපත්‍රම් ගාන්ධාරි ගධකාරී මෝහිනී නොහොත් කංසා" ටිකක් දාලා ගැහුවනම් කවි දිගටම ලියයි මේ වගේ 😛

    ReplyDelete
  19. හොදයි හොදයි...මට නම් එහෙම අවුලක්වත් මුල්ම එකක් කියලවත් තේරෙන් නෑ

    ReplyDelete
  20. කවදාවත් නිසදැස් ගැන කල්පනා උන් නෑ ,,
    මමත් එකක් ලියන්ඩ ඕන ...

    එල එල

    ReplyDelete
  21. කොච්චියා හා හා පුරා ලියා තිබෙන්නේ.....තවතවත්..

    ReplyDelete
  22. //දුම් පිරි කුටිය
    පහන් නිවුණු අඳුර
    ගර්ත පුරා ඇදි ශීෂාව
    නිහඬ බව// lassanyi. දුමේ ගිලුණු නිහඬ බවටද දුමටද ඔතනට යන්නේ ඇත්තටම

    ReplyDelete