කාලයක් නොලියා සිට නැවත ලිවීම මහත් අපහසු මෙන්ම කම්මැලිකාර ව්‍යායාමයක් ය. ඒ කෙසේ වුවත් ලියන්නට ඇවැසි කාරණා නම් සිතේ හොල්මන් කරන්නේය. හැලපයා නැති අඩුව පුරවන්නට මෙන් මා ලියන්නේ නැද්දැයි අසනා එකෙක් මෑතක සිට ඕමානයේ මගේ මිතුරන් අතරෙන් මතුව ඇත්තේය. ඒ ඩෙස්මන්ඩ් ය… ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදියෙක් වන ඩෙස්මන්ඩ් අද ඕමානයේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක උප කතුවරයෙක් ලෙස සේවය කරන්නේය. මෑතකදී හමුවූ රසවත් මෙන්ම හරවත් චරිතයක් වන ඩෙස්මන්ඩ් කලක් සෙමනේරියක උගෙන ඇත්තේ පාදිලියෙක් වීමේ පරම අදිටනින් ය. ඒ නිසාම ක්‍රිස්තියානි යේ අහුමුළු ඇවිස්සීම මෙන්ම ආගමෙන් තොර ආත්මීයත්වය ගැන කතා කිරීමත් පාදිලි පැළැන්තියේ රෙදි ගැලවීම යනාදී කරුණු කාරණා සම්බන්ධයෙනුත් මිනිහා කොච්චියා හට තක්කෙටම ගැලපෙන්නේ ය. ඒ අතරේ වල්පල් ද නැත්තේ නොවේය. මේ කියන්නේ ද එවන් පල් හෑල්ලක් ය.
ඕමානයේ ද කලක් සේවය කළ ලංකාවේ තවත් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වූ ඩෙස්මන්ඩ් ගේ මිතුරෙක් වූ මාද වරක් හමුවී ඇති කතන්දර ආකරයක් වන් වූද සැබෑ රසවතෙකුද වූ මෙකී මිත්‍රයා කොච්චියා ගේ බසින් කිවහොත් බඩු කප්පිත්තෙක් ය. උසස් රසයන් මෙන්ම කුණු රසටද පෙම් බැඳි අපේ මිත්‍රයා වරක් මරදානේ එක් වීදියකට බටුයේ හුදෙක් එවන් කුණු රසක් පතා ගෙනය. සිතූ පැතූ ලෙසම අඩු මුදලකට සිය සිතැඟි ඉටුවීමේ ප්‍රීතියෙන් ඒ ගැහැනියද සමග රිංගා ගෙන තිබ්බේ අසල තිබූ හිස් වත්තකටය. වෙනස්ම ස්ථානයක ලබන්නට යන් මහාර්ඝ සැපත ලබනු වස් අප කතානායකයා ආරක්ෂක උපාංග පැළඳ ගෙන ඇත්තේද හිටං ය.
අපේ මිත්‍රයා තාප්පයක් අසල ඊට මුහුණලා ත් ඈ ඒ තාප්පයට පිටුපා දණ ගසාගෙන සිට අයුරුත් කොච්චියා ට අසන්නට ලැබුණේ වින්දනීය වූ දර්ශනයක් සිතේ මැවෙන ලෙසින් ය. කාර්යය මෙසේ සිදුවෙද්දී ඈතින් වාහනයක හඬත් එහි එළියත් අපේ එකාට ගෝචර වී ඇත්තේ එක් වරමය. එසැනින් නැගිට ගත් ගැහැනිය “පොලීසියෙන් පොලීසියෙන් මහත්තයා දුවන්න” කියමින් කොහේදෝ දිව ගොස් ඇත්තේ අපේ මිත්‍රයා තාප්පය අයිනේ තනි කරමින් ය. ජීප් රියෙන් බට පොලිස් නිලධාරින් එතැනට එනවිට අප කතානායකයා සිටි ඉරියව්වෙන් ම එනම් සිටගෙන මුත්‍රා කරනාකාරයෙන්ම හිඳ ඇත්තේ එවේලේම සිතට ආ තිරපිටපතට අදාල රංගනය ඉතා තාත්වික වීම වෙනුවෙන් වූ අතරම අසලටම පැමිණි පොලිස් නිලධාරින් ඇසුවේ …
“ ඕයි තමුසේ මොකද මෙතන කරන්නේ ? “
“ ආ රාලහාමි මේ පොඩි චූ බරක් ආවා .. මෙතන අවුලක් නෑනේ කලුවරයි නේ”
……………………………………………….
මේ වෙද්දී ජීප් රියේ ආලෝකයෙන් අපේ මිත්‍රයාව පොලිස් නිලධාරින් ට හොඳින් පෙනෙන්නේය…. ඒත් එළිය වැටෙන්නේ මිනිහාගේ පිටිපස්සෙන් ය. ඉස්සරහින් පෙනෙන දේ පොලිස් නිලධාරියාට නොපැහැදිලිය. අතේ වූ ටෝච් එක එල්ල වූයේ අපේ මිත්‍රයාගේ අංගජාතය දිහාටය.
“යකෝ කොන්ඩම් දාගෙන හුජ්ජ කරන එකෙක් දැක්කමයි මේ “
කතාබහ අවසානයේ දී මේ ඉන්නේ ප්‍රසිද්ධ පුවත්පතක ප්‍රවීණ මාධ්‍යවේදියෙකු බව දැනගත් පොලිස් නිලධාරින් අපේ මිත්‍රයාව කොටුව ඉස්ටේසම අසලටම ඇරලවා ඇත්තේ මිනිහාගේ රස කතා වලටද සවන් දෙමින් ය.
…………………………………………...
මේ දවස් වල මූණුපොතේ හැම තැනම ඇත්තේ පොත් ප්‍රදර්ශනය හා තම තමන් මිලට ගත් පොත් ගැනය. දන්නා හැම එකාම කතා කරන්නේ සන්නස්ගලගේ නිර්වාණ ගැනය. කොච්චියා ටද හෙට අනිද්දා වෙද්දී ඔය පොත ලැබෙනු ඇත්තේය …. එදාට ඒ ගැන විචාරයක් ලියන්නේය. . ඕනෑ කරනා පොත් ටික ගැන හැලපයාට කිව්වේ අරගෙන තියන ලෙසත් මුදල් සමග කෙනෙක් එවන බවත් කියා ය.. අනෙක් පැත්තෙන් ප්‍රතිචාරය ලැබුණේ කිසිවෙකු එවීම අනවශ්‍ය බවත් මුදල් ද අනවශ්‍ය බවත්… කෙසේ හෝ පොත් සෙට් එක මා වෙත එවන බවත් ය. ඒ ගැන හැලපයාට ස්තූති කිරීමට වචන නැතිය …. පොත් ගුල්ලකු වන හැලපයා කිසි දිනෙක book fair යන්නේ නැතිය.. ඒ අර මාතලන් ට වාගේ බුක්ස් වලට වඩා පුක්ස් පෙනෙද්දී බුක්ස් තේරීම අපහසු නිසා නම් නෙවේය. හැලපේ පොත් ගන්නේ අදාල ප්රකාශකයාගෙන්ම පමණය. කවදත් 30% ප්‍රකාශකයා දෙන්නේය. ඒ බැව් දන්නා හැලපයා පුක්ස් බලමින් බුක් ෆෙයා එකේ නාස්ති නොවන්නේය. ලංකාවේ ඉන්නා කාලයේ කොච්චියා නම් ඔය පුක්ස් බලමින් බුක්ස් මිලට ගැනීම දැඩි ආශාවකින් කළ කාරියක් ය. මන්ද යත් කොච්චියා කවදත් බුක්ස් වලට මෙන්ම පුක්ස් වලටද මහත් සේ මනාපය.
උපුල් ශාන්ත සන්නස්ගල ගැන කොච්චියා ට ඇත්තේ මැදිහත් ආකල්පයක් ය.. මට මිනිහාගේ පොත් අතරේ ප්‍රිය මෙන්ම ප්‍රිය නොවූ පොත් ද ඇත්තේය. බස හැසිරවීමේ ලා සන්නා දක්වන්නාවූ සුරුබුහුටි බව නම් ඊර්ෂ්‍යා කිරීමට තරම් ය. වචන හරඹයේ එවන් සුරුවෙක් මෑත සාහිත්‍යයේ නම් සෙවීම උගහටය. බස කෙසේ හැසුරුවත් මට අනුගත විය නොහෙනා චරිතයක් රැගත් කිසි පොතක් මට නම් දැනෙන්නේ නැතිය… සන්නා ගේ බොහෝ පොත් වල චරිතයන් කොච්චියාට සමපාත නොවන්නේය. තමා ලියූ සෑම පොතකම කොච්චියාට චරිතයක් ඉතිරි කළ එකම තැනැත්තේ මාටින් වික්‍රමසිංහ ය.. යුගාන්තය විතරක්ම ගතහොත් තිස්ස,අරවින්ද හා මාලින් මෙන්ම සවිමන් කබලාන ද කොච්චියා ගේ ලෝකයේ පොරවල්ය. ඔය කිවූ සිව් දෙනා මෙන්ම ගැහැණු සොඬෙකු වූ වජ්රින් ද කොච්චියා ගේ ඇතුලේ ජීවත් වී ඇතිවා මෙන්ම අදටද ඉන්නේය.
වසර හතකට පමණ පෙර කොච්චියා හා සන්නා අතර එකම එක දුරකථන සංවාදයක් සිදු වුණේය … කොච්චියා ට ඌ එවේලේ දිරෙවවේ නැතිය.. වෙළෙන්දෙක් වූ කොච්චියාට සන්නා අහු නූණේය… කොච්චියා කිසි කලෙක SALES AND MARKETING හදාරා නැතිය.. ඒත් ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් අමු අමුවේම විකිණීමේ හැකියාව නම් ඇත්තේය …. සහරාවේ රේන්කෝට් විකිණිය හැකි බැව් කොච්චියා අදහන්නේය.. මා වික්කේ කුමක්දැයි පවා නොදන්නා මුත් ඒත් මාව මිලට ගත් සිය ගණනක් දෙනා අතරේ මට නොවිකිණුනු එකම ඉහළ පෙළේ ටියුෂන් වෙළෙන්දා සන්නා ය. එකී මෙකී වෙළෙන්දන් අතරේ මාකට් එක හදා ගන්නා තවත් ගරිල්ලා මාකටින් පොරක් ද මේ පොත් එළි දැක්වීම් අස්සේ මතුවී පෙනෙන්නේය … ඒ නම් චින්තන ධර්මදාසය. මිනිහා ලියා ඇත්තේ faculty of sex ය..
සිරි ලංකාව කියන්නේ වික්ටෝරියානු යුගයේ සිට සෙක්ස් ෆැකල්ටිය ක අඩුපාඩුවෙන් තරයේ පෙලෙන්නාවූ දීපයක් ය. එසේ යුගයක් නිර්ණය කළේ ඊට පෙර සිටි එවුන් හට අද මෙන් සෙක්ස් ඇරියස් තිබ්බේ නැතුවා මෙන්ම අද එවුන් වාගේ රෙද්දේ සංගිස්කුරුතියක් කබල් ගෑවේද නැති නිසාය. ඒ කාලේ උන් සිරිලංකාකාරයෝ එක ගෙයි කෑවෝය… එසේ කෙරෙද්දී ඒ ඈයෝ ත්‍රීසම් ද නොකළා යැයි හිතන්නට බැරිය… එසේ කියන්නේ කොච්චියා ගේ වල් සිත නොවේය… තර්ක බුද්ධියය.
සුද්දා ආවායින් පසු ලංකාවේ ඉන්නේ පට්ට මානසික හොරු රැළක් ය. තම සිතුවිලි වලට වංචා කරන ඈයෝ ලෝකයට කෙසේ වංචා නොකරනවා ඇද්දැයි අමුතුවෙන් සිතන්නට ඕනෑ නැතිය. බොහොමයක් සිරිලංකාකාරයන් හට ආදරයෙන් තොර සෙක්ස් හෙන වල් ය. එවන් සුපිරිසිදු පිරිමින් හට ආදරයෙන් තොරව නගින්නේ නැතුවා මෙන්ම ගැහැනුන්ට ද ආදරයෙන් තොරව තෙත් නොවන්නේය. කොච්චියා සිතනා ආකාරයට මේ නම් උපන්ගෙයි කෙබරයක් මය. මේ බයිලාව මුන් විසින් නිතිපතා සිය සැමියා ට මෙන්ම බිරිය ටද කියා මතක්කර දෙන්නේ ඒ ඇත්ත නිසා නොව තමන්ගේ අනෙකා පිට නොයා රැක ගනු වස් ය. ඔය කියනා එවුන් සියයට අනූ නවයක්ම ආදරයේ abc වත් නොදන්නේය. ආදරය හරි හැටි ප්‍රැක්ටිස් කර ඇති එකා හට සෙක්ස් කියන්නේ හූණු බිජ්ජක් ය.
ආදරය කියන්නේ තවෙකෙක් නොමැතිව ම සිය ආත්මීය ප්‍රතිරූපය තමා තුලම ප්‍රතිබිම්බගත වන්නක් ය.. සෙක්ස් කියන්නේ සිය ප්‍රතිරූපය අනෙකෙක් තුල ප්‍රතිබිම්බ ගත වීමක් ය.. ගුඩ් සෙක්ස් කියන්නේ ඒ ප්‍රතිබිම්බය තමා කැමැති ලෙසින්ම හෝ ඊට ආසන්නයෙන් අනෙකාගෙන් දකින්නට ලැබීමය. ගැලපෙනා රසය කිය්න්නේද ඒකටය. ලිංගික ආකර්ෂණය කියන්නේ ශරීරස්කන්ධයක් දැකීමෙන්ද ඇතිවිය හැක්කක් නමුදු උක්ත ප්‍රතිබිම්බය දැකීමට නම් අදාල සියලු චරිතයන්හි මනස් හි තරංග ආයාමය එකක්ම වීම අවශ්‍ය මය. චරිතයන් කීවේ කොච්චියාට අනුව නම් ඕකට ඉන්නට ඕනා දෙකකම් නොව ඊට වැඩි ගණනක් ද විය හැකි නිසාය.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියා චින්තන ගැසූ ගල කියවන්නාවූ සිරිලංකාකාරයන් බහුතරයක් ගන්නේද ඒ කාලේ තිබූ වැල පත්තරයක් බලා ගන්නා ආතල් එකමය. සිරිලංකාකාරයන් කිව්වේ හිටංගේ පක්ෂයේ එව්වන් නෙවේය. ඉන්දියන් කාරයන් පකිස්තාන් කාරයන් වාගේ එකක් ය. ඔය නිල් පාට පක්සය නිසා උක්ත වචනය කිසිදා කිසිවෙක් විසින් ලාංකිකයන් හැඳින්වීමට යොදා ගෙන නැත්තේය … කොච්චියා ඒ වචනය හා හා පුරා කියා එලියට දැම්මේය.
ඔය ෆැකල්ටිය කියෙව්වාට අපේ එව්වන් තව කාලයක් යන කල්ම ත්‍රීසම් ෆෝසම් වගේ ඒවාට බයය… BDSM කියන්නේ විකෘති කාමය ය කියා හිතන්නෝය. කොච්චියා ට නම් BDSM විකෘතියක් නෙවේය … රස ආකරයක් ය. ඒ එසේ වූවාට ගෙදර ගෑනි එක්ක උනත් ඇගේ උනන්දුවකින් තොරව ලයිට් නිවාගෙන මහ කලුවරේ වුවද කරන්නාවූ සංසර්ගය විකෘතියක් මය. එහෙම බලනා කල සිරිලංකාකාරයන් බහුතරයක් දෙනා දිනපතා විකෘති ලිංගික ලෙස හැමිනෙන්නෝය.
මේ පෝස්ටුව පටන්ගත් තැන ඉඳලාම කොච්චියා ලිව්වේ සෙක්ස් ය. මීට පෙරද කියා ඇති ලෙසටම කොච්චියා ගේ ඇබ්බැහි කම් අතරේ කෝපි විස්කි සුරුට්ටු සහ ගණිතය මෙන්ම සෙක්ස් ද ඇති බැව් ඔහේලා ට කියා ඇත්තේය . විස්කි ගැන ඕනෑවටත් වඩා කියා ඇතිවා මෙන්ම කෝපි ගැනත් කීවා වාගේ මතකය. සුරුට්ටු මෙන්ම ගණිතයත් මොළය කූප්පන්නේය. සුරුට්ටු කිව්වාම කොච්චියා කැමැති කියුබන් වැනිලා සුරුට්ටු වලට හා ගෙදර ඔතාගන්නා ගංජා සුරුට්ටු වලටය. ගණිතය කියන්නේ ජීවිතයේ පරම දර්ශනය ය… ඒ මහා විශ්වයක් වන්වූ ගණිතයෙන් පෘථිවියේ එක් වැලි කැටයක් වන් දෙයක් දැන උගත් කොච්චියා ජීවිතයේ මෙන්ම විශ්වයේ ද ඇතැම් රහස් තේරුම් ගන්නට ඒ ඇබිත්ත යොදා ගන්නේය.
නියමයි....!!!
ReplyDeleteකාලෙකින් බ්ලොග් එක සක්‍රීය විම ගැන ඔන්න මුලින්ම සතුට සහ ස්තූතිය.සන්නස්ගලගේ වස්සානය කියෙව්වේ මට අවුරුදු 12 දීය. එදා සිට අද දක්වාම මම පොතක චරිතයකට නොවෙනස්ව පෙම් කරනවානම් ඒ කසුන්ය.කසුන් ලියූ සන්නස්ගල ගැන මා උනන්දු වන්නේද හොයා බලන්නේද ඊටත් අවුරුදු හතරකට පසුය.සන්නස්ස්ගලගේ අකුරු වලට පෙම් කල නිසාම උසස්පෙළට කළා විශයන් තෝරාගෙන මුල් කාලයේ රොටරි යන්නේ කසුන්ව ජාතක කල කසුන්ගේ අප්පච්චී බලන්නටමය.ඉතින් ඒ ගුරු ඇසුරේ මගේ සිංහල වචන හැඩ වු බව නොකියාම බැරිය.මේ වෙද්දී සර්ගේ නොකියවූ පොතකුත් නැතිය.නිර්වාණයද ගතිමි.එහෙත් මගේ හිත වඩාත් ළෙංගතු නිර්වාණය ලියූ නවකතාකරුවාට නොව වස්සානය ලියූ නවකතාකරුවාටය
ReplyDeleteමාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත්වලට , චරිත වලට ආදරේ කරන එකට මගේ බලවත් සතුට.
Deleteසොඳුරු සඳවතීයේ.......... "නිවනට" වඩා "අම්මා" මට ලග ය
Deleteඅම්මා කොහොමත් ළඟයි නිවන නම් තව දුර තමයි
Deleteඔබ සන්නාගේ ගෝලයෙක් වන්නට ඇතැයි මා හට කලින්ම සිතී තිබ්බේය . එකක් දෙකක් හැරෙන්නට මිනිහා ලියූ සියලුම පොත් වල රසය හොඳින් මට දැනී ඇත්තේය .
Deleteඔබ ඊයේ ලද ජයග්‍රහණ ගැන සතුටුය ... සුබ පැතුම්..
මම දෙයියා ගේ (දෙව්රුවන් අල්විස්) උ පෙ රසායනය හැදෑරීමට එකල රොටරියට යද්දී සන්නාව සියැසින් දුටුවෙමි . පන්තියේ උගන්නවන විලාසය ට මම සවන්දුන්නෙමි . එදා එය මට දැනුනේ ඔහු විප්ලවයක් කරන්නට සැරසෙන්නෙක් ලෙසය . අද වන විට මට හැගෙන්නේ ඔහු අනුගාමිකයන් එකතු කරන්නේක් ලෙසය . මම ඔහුගේ විලාසයට අදටත් ආදරය කරන්නෙක් ය . වසර කිහිපයකට පෙර "අම්මා " තවතවත් ඔහු හා මා යා කලේ මය . ඉතින් , එකල තිබූ ගහම්බිරත්වය අද වනවිට යුරෝපීය කරණයට පත්ව ඇති හැඩක් දැනුණු නිසා ලදී පහුගිය දවසක ගලදරියේදී හමුවූ විට මම ඒ බව පැවසුවෙමි . ඔහු සරලව මට කිව්වේ "නැතුව පැවැත්මක් නෑ" යන්නය . ඔහුගේ වචනද නවකතා වැනිය . අවසානය ප්‍රශ්න රැසක් හිතට දී ඔහු හෙමින් සීරුවේ මාරු වෙයි !
Deleteසුබ පැතුමට ස්තූතී කොච්චි...
Deleteබුදල්මි ආමි
ReplyDeleteපෝස්ටුව බැලීමි
දුටු දන කොමෙන්ට්ස් ඇති බැවින්
කිසිවක් නොලීමි...
සන්නාගේ බාසාව හැසිරවීම ගැන එකඟයි. නමුත් ඔහුගේ ඇරියස් කවර් කිරීමේ කලාවට අකමැතිය. එය මට හිරිකිතය. ඇති නේ?
ඔබ බයි සේක්ශුවල් සුරාන්තය ගැන අදහස් පලකරන විට ඔබට හිරිකිත සිතුනේ නැතිද
DeleteThis comment has been removed by the author.
DeleteI dont mind whether its bisexual or hetrosexual or homosexual ... climax is what matters
Deleteලිඛිතා ට ස්තූතියි ...
Deleteඑරියස් කවර් කිරීම සන්නා පමණක් නොව බොහෝ දෙනා කරන්නකි.
ඔහොම යන්... තව ටිකක් බලමු මෙඝා බ්ලොග් ස්ටාර් / කොමන්ට් ස්ටාර් ලා දාන කොමන්ට් මොනවද මේ වැදගත් ලිපියට කියලා
ReplyDeleteනැහැනේ කිසි තරුවක්තාම
Deleteසුද්දෝ ඉස්සරහට යනවාය. අපේ එවුන් තාම වික්ටෝරියාව ඔලුව උඩ තියන් ඉන්නවාය. කාම සුත්‍රය ගැන ඇහුවම ඊයා කියනවාය. ප්‍රංශ පෙම්වතා කුනුහරුපයක් කියලත් කියනවාය.
ReplyDeleteඑකෝමත් එක දවසක රොටියා ගෑනු ළමයා හා කැටුව අගනුවර ප්‍රසිද්ද නිමි ඇඳුම් සාප්පුවක තිබූ සේල් එකකට ගියේය. සේල් එකක් නිසා එහි ඇඳුම් මාරු කර බලන කාමර තිබුනේ නැතිය. ස්ත්‍රීහු ඇඟලුම් ඇඳ බලන්නේ තමුන් ඇඳන් ඉන්නා ඇඳුමට උඩින්මය. මේ ක්රමයේ වරද පෙනෙන්නේ උඩ ඇඳුම ගලවන්නට ගිය වෙලාවටය. උඩ ඇඳුම හා ඊට යටින් ඇති ඔරිජිනල් ඇඳුම ඒ වන විට එකිනෙකා ගෙන් වෙන්වීම තරයේ ප්‍රතික්ෂේප කරනවාය. එතකොට උඩ එක ගලවන විට මාත් එනවා යයි කියමින් ඔරිජිනල් ඇඳුමද ඇදී ඇදී එන්නේය. එවිට නානා විද ස්ත්‍රී දේහයන් දිස්වන්නේය. මේ සාප්පුවට බොහෝ විට එන්නේ නිතරම ජිම් යන, වැක්ස් කරන, සැලුන් යන ස්ත්‍රී රත්නයන් නිසා ඒ දේහයන් මනහරය.
මේ ස්ත්රීන්ට පුරුෂයෝ ඇත්නම් ඔවුන් තමුන්ගේ බිරින්දෑ රෙදි ගලවන විට ටාසන් මෙන් පැන ඔරිජිනල් ඇඳුම තදට අල්ලාගෙන ඉඳිති. එසේ ඉඳගෙන වෙන අඟනන්ගේ නිරාවරණය වන අංග දෙස බලති. (මේ ගෑනු ගොඩේ රිංගන්න එන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නා ලෙස වේලාසනම රතු එලි දල්වා රොටියාව විසි කර දැම්මේ ගෑනු ළමයාය. එනිසා රොටියාට මේ නාටකය දෙස බලාගෙන ඉන්න ඇති තරන් කල් වෙලා ලැබුනේය. ගෑනු ළමයා නම් අහල පහල ගැන වගේ වගක් නැතුව රෙදි තෝරනවද රොටියා දුටුවේය. එය වෙනමම කතාවකි)
ලංකාව එහෙම රටකි. පොඩි මිනිහා බස් එකේදීත්, ලොකු මිනිහා ඔඩෙල් එකේදීත් තමුන්ට පුළුවන් විදියට ආතල් ගනිති. ඊළඟට සදාචාරය සංස්කෘතිය වගේ සුදු රෙදි ඔතාගෙන හුස්ම හිරකරගෙන දඟලති
මෙන්න කමෙන්ට්
Deleteකොච්චියාගේ මේ ලියමන දෙස කියවූයේ නම් ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියවීම නුවමනා බව හැඟේ
ReplyDeletePraසන්ன හායි
Deleteකික්කු පැටියෝ ඔය සනිපෙන්නේ අපිට ආතල් එකේ ලෝලිවගේ සකස් කරන්න ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියවීම නුවමනා බව ඔයාට හැඟේ ඔයා හරියටම හරි සුදු
ටෙක් කෙයාර් කුකු ..සියු සුන් ...අයි ලව් යුවර් සකස්
සිරාවට ?
Deleteමේක පට්ටයි මචං...
ReplyDeleteඑහෙනම් එච්චරයි ..අහන්න සතුටුයි
Deleteආයෙත් ලියන එක ඔක්කොටම වඩා මරු
ReplyDeleteආයෙ ලියමු එහෙනම්
Deleteමාස ෙදකක් ගිහින් හොදේ?
Deleteඔය හැලපයා මහත්තයා පොත් තම්බල කන නිසා පරිස්මින් හිටහං.. හැක්
ReplyDeleteෆැකල්ටි ඔෆ් සෙක්ස්.. අනේ මන්දා
ඒ මොකෝ අනේ මන්දා කියන්නේ
Deleteඅපි බලමු නේ තාම faculty of sex හම්බුනේ නෑ කියවලාම බලලා කියන්න ඕන හැබැයි හිතිලා තියෙනවා කට්ටිය කියන විදිහට faculty of sex කියන්නේ අයිසිං ගාපු ගොම තලියක් කියල
ReplyDeleteකවුරු කිව්වත් තමුන් නොකියවා තීරණ ගන්න එපා... අනෙක ගොම උනත් රහයි කියලා කන්න පුලුවන් ජීවීන් ඉන්නවා නේ අයිසින් නොකන...
Deleteකොච්ච්ගේ කොච්චි කථා. ඇත්තටම ලියන එක නැවතුනොත් ආයේ පටන් ගන්න අමාරු වැඩක්. ඔබේ නැවත ලිවිම සතුටක්
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔයාගේ ලිවීමේ සීඝ්‍රතාවය හොඳටම අඩු වෙලා.ලියන්න අපිට තේරෙන්නේ නැති මොකක් හරි..
Deleteඋඹ ආපහු ලියන්න ගත්තු එකක් ලොකු දෙයක්සි !
ReplyDeleteරිලංකාවෙ හැමෝම ( සමහර විට මමත් ඇතුළුව ) හිතන්නේ එකක් කරන්නෙ තව එකක් පෙන්නන්නෙ වෙනම එකක් , ඕක සෙක්ස් විතරක් නෙමෙයි හැමදේටම අදාලයි , ඕං මහත්තයො තිත්ත ඇත්ත :D)
ඒක තමයි මචං ලංකාවේ අවුල ... මේ රටේ මිනිස්සු තමන්ගෙ හැඟීම් වලට බොරු කරනවා .ඒ නිසයි මම කිව්වේ තමන්ට බොරු කරන එකා සමාජයට මොනවා කරයිද
Delete[YOUTUBE]https://m.youtube.com/watch?v=UNS007dIgps[/YOUTUBE]
ReplyDeleteම්ම්...
Deleteඉතාම රසවත්... පට්ට!
ReplyDeleteස්තුතියි ..
Delete// කොච්චියා ගේ ඇබ්බැහි කම් අතරේ කෝපි විස්කි සුරුට්ටු සහ ගණිතය මෙන්ම සෙක්ස් ද ඇති බැව් ඔහේලා ට කියා ඇත්තේය .//
ReplyDeleteක්ලින්ටෝනියානු ෆැකල්ටි ඔෆ් සෙක්ස් එකේ නම් ඔබේ ඔය ලිස්ට් එකේ ඇති දෙකක් ඔවර්ලැප් වෙන බව උගන්වනු ලැබේ.
( Cochin Chilies Faculty එකේ ඊට වඩා ඕවර්ලැප් වෙනවා ඇති නේ?)
ප්‍රදීප්.. ඔය overlap වෙන ඒවා ගැන අපි දවසක කතා කරමු...හරි ක්‍රමේට
Deleteඅපේ උන් හිර කරලා ය . ගොඩ එන්නට හැඩක් නැතුවාය .
ReplyDeleteමෙහෙම හිතෙන්න මට විතරද ?
මම ? ..... කවුද මම
ඔය මල හත්ඉල්ලව්ව මට තේරෙන්නේ නැත . හොයන්නට මහන්සි වෙන්නේද නැත .ආ ...... මාතෘකාව BDSM ය.ඉතිං ,
කෝච්චියේ බස් එක ඇබරිලා ගෙදර ගිහිං හාමිනේගෙන් කරන්නද ඇහුවම ,
බෑ කිව්වොත් ඉතින් BDSM මය . ඉස්සර ඉදං ම අපේ ගැහැණිය BDSM වල රගේ දන්නේමය .
කුබුරේ , හේනේ වැඩ කරලා ගෙදර ආවම මැණිකේ අකමැත්තන් කරන සෙක්ස් BDSM මය . සුද්දගේ ටුල් සෙට් එක නැති උනාට ඉස්සර ඉදන් අපේ උන් BDSM කරන්න හොදට දන්නවාය .
ගොඩක් වෙලා තියාගෙන ඉන්න නෝනා කැමති ලෝන්ග් රන් අපේ උන්ට අදාලම නැත . 99 ඩෙට කාඩ් එකක් දා දෙන ඉන්න්ටනෙට් ඒකෙන පොඩි අයට තහනම් කෙටි වීඩියෝවක් හාමිනෙට පෙන්නා ට්‍රැක් එකට ගන්නට ට්‍රය් කරන උත්තම පුරුෂයෝද ඇත . ඉස්ස්කොලේ යන පොඩි උන් මහා උන්නට වඩා වනචරය . එත් උන්ට ඕනේ ඇන්ටි පාරවල් ය . උක්ත් කී උත්තම පුරුෂයා ට ඔනෑ හොදම යහළුවාගේ හාමිනේට සෙට් වීමටය . සංස්කෘතික ත්‍රිකෝණය ඇතුලේ (අනුරාධපුරේ නෙවේයි) ඔව්වා වෙන්නේ නැතිය . ඇහුවොත් යාලු කම ජම්මාන්තර වෛර්රයයක් වනවා නොඅනුමානය.උක්ත මිතුරා රටේ ලෝකයේ කරක්ගහුව්වෙක්නම් ඌ සබ්ජෙට් එක ගැන update ය . ඌ උගේ හාමිනේ කැමති කරවාගෙන උත්තම පුරුෂයාට ඉන්වයිට් කරනු ඇත . එහෙත් ඔවැන්නක් වෙන්නට හෙළයේ තිබෙන්නේ 0.000001% සම්බවිතාවකි . බිරින්දෑවරු මාරුකර එකම ඇදෙ පැද්දීම අපේ උන් හොදට දන්නේ උවද වෙන්නේ අරකී ප්‍රතිශතයේ සම්බවිතාවකි.
අන්තිමට අපේ එක ඔය කී කිසිත් නොවුන කල අවුරුදු 60-70 වේදී 18 ,20 කෑල්ලක් සොයා ගන්නට පොර බැදී . සල්ලි තියන සමහර නාකි උන්දැල බැංකොක් යන්නේ පර ලදුන් වන්න්දනාවේ ය .
මොකුත් නැති උන් හෙන හීන ගොඩක් මැරෙනකම් ඇතුලේ තියාගෙන එහා ලෝකෙට තල්ලු වී යති . දුක ය . අපිට අපි ගැනම .
ලස්සනට කියලා තියෙනවා ...නියමයි
Deleteතැන්ක්ස් කොච්චියෝ ! ආදරේයි උබට!
Delete+++++++
ReplyDeleteආපහු ලියන්න පටන් ගැනීම ගැන අප්‍රමාණ තං තෝසය.අර හැලපය ගැන කියල තියෙන කෑල්ල නං විළි ලැජ්ජාවය.
ReplyDeleteඒ මොකද ඔහේට ලැජ්ජාවක් ඇති වුණේ ?හැලපයා ලියන්නෙම නෑ නේ .අපි නම් ඉතින් එක එක වැඩ නිසා තමයි පරක්කු ...ඔහේ දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කෙනෙක් නේ
Deleteඅම්මට හුඩු ඔය තියෙන්නෙ ලෙසටම කවියක් ලියලා දාන්නම්කො හෙමිහිට
ReplyDeleteඉතින් දාපන් බන් ඉක්මනට
Deleteමේ මගුල දැක්කෙ අදනෙ බන්... ස්පැම් එකෙ තිබුනෙ, පට්ට ආ.........ලියපන් දිගටම හරිය...
ReplyDeleteබ්ලොග සැට් වුණේ අදය..
ReplyDeleteලිපිය අපූරුය..
සන්නාගේ පොත රැගෙන ආ මම ෆැකල්ටි ඔෆ් සෙක්ස් නොගත්තේ අපරාදයේ යැයි සිතෙන්නේය.
ජය!
හොදයි හොදට ම...
ReplyDeleteහොදයි හොදට ම...
ReplyDeleteකොච්චියා ගේ සිතුවිලි හොදින් පෙනේන කොච්චි ගොඩකි.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete