බැලූ බැලූ අත මූණු පොත පුරා කූඹියෝය. පැණියෝ ඇඹලයෝ මෙන්ම කඩියෝ ද මේ දවස්වල ඉන්නේ කූඹි කාලාය. කොච්චියා ද කූඹි බලන්න පටන් ගත්තේය. කන්සෙප්ට් එක නම් පට්ටය. ටාගට් එක ගොන් දෙපැය බැලූ බවලත් සෙට් එක නෙවේය. වෙනදාට ටීවී එකේ ප්රවෘත්ති හා දේශපාලන නරි නාටක බැලූ පිරිමින් ය. කූඹි ගැන කතා වන්නාවූ එකදු තලත්තෑනි ගෑනියෙක් වත් කොච්චියා ට අද වනතුරුත් හමු නූණේය. උන්ගේ රසය අද ඇත්තේ දෙවෙනි ඉනිමේය.
මනුස්සයා කියනා සතා ඉන්නේම ෆැන්ටසි ඇතුලේය. තම ෆැන්ටසිය ෆීල් වෙන්නේ කොතැනද මනුස්සයා එතැන රැඳෙන්නේ ය. බහුතරයක් පිරිමි පොරත්වයට ආසා කරන්නෝය. හැබැයි පොරත්වය සඳහා වූ රිස්ක් එකට ගූ බයය. ඒ නිසා උන් ඒවා ෆීල් කර ගන්නේ තිරය මත පමණක්මය. හැම පිරිමියාම වාගේ ජෙහාන් මෙන් වන්නට යටි හිතෙන් කැමැත්තෝය.. ඒත් කෙළවෙනවාට බයය..
කොච්චියා සිය ජීවිතයේ ජෙහාන් ලා දැක ඇත්තේය … ඒ විතරක් ද නෙවේය..කොච්චියා හට ජෙහාන් ෆැන්ටසියක් ද නෙවේය.. ඒ රියැලිටියේද මා කරක් ගසා ඇත්තේය. දකුණු ආසියාතික දේශපාලනය තුල සිටි හා ඉන්නා සියලු ඩීල් කාරයෝ ජෙහාන් ඉක්මවූ ජෙහාන් ලාය. මගේ වීරයා කූඹියෝ තිර රචකයාය. ගේම් ගසා කප්පිත්තෙක් නොවූ කිසිවෙක් හට ජෙහාන් නිර්මාණය කළ නොහැක්කේය. එපමණක්ද නොව තිර රචනය ඇතුලේ ජෙහාන්ට පවා කෙළවෙන ගේම් දෙන්නට නම් එලෙසින් ම බැට කෑවෙක් ද වීම අනිවාර්ය ය. ඒ කියන්නේ අත්දැකීම් බහුල ඩීල් කාරයෙක් විය යුත්තේය.
සිරි ලංකාවේ දේශපාලනය කියන්නේද කූඹියෝ වාගේය. ඔහෙලා අපි බලා ඉන්නේ නලුවන් දිහාය. තිර රචකයෝ කවුදැයි ඔහෙලා අපි දන්නේ නැතිය. කොටින්ම කාස්ට් එකේ ඉන්නා ගොඩක් එවුන් ද දන්නේ නැතිය. හිටපු රජ්ජුරුවෝ හා හිටං මෙන්ම රනිල් හා අනුර ලාද නලුවෝ විතරමය. හැමෝම රඟන්නේ රචකයන් කීප දෙනෙකුගේ හවුල් පිටපතකටය. උන් ආතල් දෙන්නේද අපේ ෆැන්ටසි වලටය. ලාබෙට කාර් හා පෙට්රල් මෙන්ම ඒකීය හෝ ෆෙඩරල් ලංකාවක් කියන්නේද අපි එකිනෙකාගේ ෆැන්ටසි මිසක් අනෙකක් නොවන්නේය.
වැඩේ අල වෙන්නේ නලුවන් ජනප්රියත්වයෙන් අන්ධ වී තිර රචකයාට නොදන්වා අධිරංගන වල නිරත වෙද්දී ය. බලය ධනය හා ජනප්රිය භාවය කියන්නේ අලි උගුල් ය. ඕවා තියෙන්නේ රචකයාගේ අතේ කියා උන්ට අමතක වන්නේය. හිටපු රජ්ජුරුවන්ට මෙන්ම මයිලෝ විරෝධී සරල ගැමියාටද උක්ත සාධකය පොදු ය. රචනය කෙසේ වුවත් රංගනය අල වූ කල නිර්මාණය ට කෙලවෙන්නේය. ආණ්ඩු වැටෙන්නේත් රජවරු බයිසිකල් පදින්නේත් එතකොටය.
මහ උල්පතගම ගේ රංගනය අති විශිෂ්ට ය. හරියටම කිව්වොත් විමලසිරි හා නානසාර වගේය. හැබැයි තමා පිටපතේ සහය නලුවන් බව අමතක නොකරන තාක් ය. ප්රේක්ෂක ප්රතිචාර මත සිය භූමිකාව අමතක කර ප්රධාන නලුවාට ඇඳීමට යන ඕනෑම මොහොතක රචකයා විසින් ටොක්කක් ඇන නැවත නියම චරිතයේ පිහිටුවනවා ඇත්තේය. ඔය එක් එක් කොමිසන් ඇත්තේ ඒකටය. ඒවා පොඩි පොඩි ටොකු විතරක්මය.
ලාංකීය දේශපාලන ඉතිහාසයේ මුල්ම වතාවට ඊයේ පෙරේදා ප්රධාන නලුවෙක් ටොක්කක් කෑවේය. ඒ රනිල් ය. භයානක ආරම්භයක් ය. හිටං මෙන්ම රජ්ජුරුවෝ ද ඊළඟ මාස තුන හතර ඇතුලේ තද ටොකු කන බව අද කොච්චියා ටක්කෙටම කියන්නේය. ඔය තිර රචකයන් ගැන කොච්චියා හොඳ හැටි දන්නේය. ඔය කෝකා ටොකු කෑවත් ජහමනයා දෙපැත්ත ගෙන හුරේ දමන්නේ හෙනහුරා කවදා කෙසේ වත් තමන් හැර යන්නේ නැති බව අමතක කොරලාය. ටොකු කන එවුන් අද කෑවත් හෙට කෑවත් දවල්ට කන්නේ තරු පහේ හෝටල් වලින් ය. උන්ගේ ගුරු මෙන්ම සිකුරු ද සැමදා උච්චය. හෙනහුරා නිසා හතේ හත වැදී ඉන්නා සමස්ත සිරිලංකාකාරයන් ඉන්නේ පෙට්ටි කඩයෙන් කන්නවත් තුට්ටුව නැතිවය.
තව ලියන්නට තිබ්බත් මෙතැනින් නවත්තන්නේය. මේ දවස් වල පැය තිහක් වත් දවසකට තිබ්බා නම් හොඳ යැයි හිතෙන්නේය. කොච්චියා ගේ රථාචාර්යයා වන බිලාල් ගොයියා තදබල හෘදයාබාධයකින් රෝහල් ගතව ඉන්නේය. ඒ නිසා මිනිහාගේ වැඩ කොටසද කරන්නට වී ඇත්තේ මටමය. ඉතුරු ටික ලියන්නට යැයි හිතමින් කල් මරණවාට වඩා මෙසේ එය අවසන් කිරීම සුදුසු බැව් සිතුවේය.

+++++++++++
ReplyDeleteවැට කඩොලු
Deleteයකෝ මම එක කියල ටයිප් කොරන ටිකට මූ වැට ගහල
DeleteතඩියාNovember 28, 2017 at 1:02 AM
Deleteඅපිටත් හෙටක් 2 කියලා වැඩක් පටන් අරන් හැබැයි ඇනෝ වහලා එකියන්නේ ජිමට් ගේම් එකක් වගේ සුවර් එකටම හොර බජට් බිල් ... බබාලා ගේමක් යයි වගේ බහුතරයක් පිරිමි පොරත්වයට ආසා නිසා
අනේ ,,,,හොන්දයි දිවුලපිටිය පැත්තේ මොකක් හරි වෙයිවගේ FCID නොයා ගොඩ පලයන් තඩියෝ එකත් කුම්බියෝ ගේමක් වගේ ගේම් ගසා කප්පිත්තෙක් නොවූ කිසිවෙක් හට පවා කෙළවෙන ගේම් දෙන්නට නම් එලෙසින් ම බැට කෑවෙක් ද වීම අනිවාර්ය ය කියලා මේ කෝච්චියත් කියන්නේ .
ජිමට් ගේම් කියන්නේ ජිල්මාට් නොවයි අලුත් ප්රංස ගේමක්
Deleteඅදනේ බන් ඇනෝ ඕක දැන ගත්තේ
Deleteකවුරු හරි මොකක් හරි තිර රචනයක් දාපු ගමං කට අරං ඒක දිහ බලා එක්ක අයට තමයි ඡන්ද දායකයො කියන්නෙ. හැක්..
ReplyDeleteෆැන්ටසි එකට ෆීල් උනාම මනුස්සයා කියන එකා එහෙම තමයි
Deleteකූබි කාල හරි ෙගාඩක් අයට බ්ලොග් එක මතක්වීම සතුටට කරුනක්
ReplyDeleteඅමතක නැහැ ... ඒත් වෙලාව නැහැ
Deleteමේ ලෝකේ වැඩිම පිරිසක් ඉන්නේ තමන්ගේ හිත ඇතුලෙන්ම ෆැන්ටසිය හදාගෙන ඒකට මැච් වෙන ඒවා තමන්ගේ වගේ කරගන්න අය..
ReplyDeleteඔය වගේ බහුතරයකගේ ෆැන්ටසිය නිසා අගතියට පත් කාන්තාවක් ගැන මම මේ දවස් වල කියවමින් ඉන්නේ.. බ්ලොග් එකට දාන්න ඕන පස්සේ ලියුං කරදහියක්..
ෆැන්ටසි නැතුව මනුස්සයා ට පවතින්න බැහැ. ඒකෙ අඩු වැඩිය තමයි අවුල
Deleteමේකෙ හොඳම ආතල් එක දෙන්නෙ මේකෙ ඉන්න 'දිමියො' ටික. උන් එල්ලිලාමයි ඉන්නෙ. ගේම අතාරින්නෙම නෑ.
ReplyDeleteකඩියො නැතෙයි?
Delete++++++++++
ReplyDeleteවැටට වැටක්
දෙවෙනි ඉනිම හොඳයි....කූඹියෝ හොඳා...........යි.... බ්ලොග් එක අප්ඩේට් කරපු එක ඊටත් වඩා හො......ඳා............යියියි
ReplyDeleteහොඳයි එහෙනම්..
Deleteපට්ට ලෙසටම කියල තියෙනවා !
ReplyDelete"බහුතරයක් පිරිමි පොරත්වයට ආසා කරන්නෝය. හැබැයි පොරත්වය සඳහා වූ රිස්ක් එකට ගූ බයය"
කලණ... මම හිතන්නෙ මම ඔහේව දන්නවා
Delete:D
Deleteමටත් හිතෙනවා මචං එහෙම .
ඒ කොහොමද
Deleteකොච්චියා මැඩම් ගේ යාළුවෙක් බව මට හිතෙනවා ය
Deleteතිර රචකයා ලියන්නේ ප්ලෑනක් ඇතුව... සමහර තිර රචකයන්ට නම් අදාල නෑ වගේ තමයි... ඒත් අපි කියමු යමක් දැනෙන්න ලියන තිර රචකයාට අඩුම ගානේ ගමනාන්තයවත් ගැන පැහැදිලි අදහසක් තියනවා. හැබැයි ලංකාවේ වෙන්නේම නළුවෝ අධිරංගනයේ නිරතවෙන එක. ලංකාවේ කිසිම නළුවෙක් පටන් ගත්ත ස්ක්රිප්ට් එකට අදාලව ගමන නිමා කරලා නෑ... ඔන්න විජේවීර, ප්රභාකරාන් වගේ කීප දෙනෙක් නම්, තමන්ගේ ස්ක්රිප්ට් එක ෆලෝ කලා කියන්න පුලුවන්.
ReplyDeleteප්රභාකරන් හා විජේවීර යන දෙදෙනාම සිය ස්ක්රිප්ට් එක සියතින්ම ලියා ගත්තෝය.
Deleteඔය ස්ක්රිප්ට් එක කියන කතාව මෙතන අදුන හින්ද මට පොඩි කාලේ දෙයක් මතක් උණා . රාවය පත්තරේ වික්ටර් අයිවන් මහත්තයා දවසක් අපේ ගෙදර තිබ්බ පුංචි සාදයක් දවසක කට්ටියත් එක්ක කතාකරද්දී කිව්වා "චන්ද්රිකාගේ ආණ්ඩුව දුවන්නේත් බිස්නස් කාරයන්ගේ ස්ක්රිප්ට් එකකට අනුව" කියනවා මට අහුණා . පොඩි කාලේ ඉදන් ලොකු අයගේ කථා වලට කන් දෙන නරක පුරුද්ද ඒ දවස් වල තිබ්බ නිසා මට මේ කතාව තාම මතකයි .
Deleteපට්ට ලියවිල්ලක් හිතන්න යමක් තියෙනවා
ReplyDeleteතුති වේවා...
Deleteආසියානු ටෙලි සීරීස්වල එපා වෙන එක තමයි අධි රංගනය. සමහරවිට ප්රේක්ෂකයින්ට සියුම් දේ නොතේරෙන නිසා ඒ විදිහට හැදිලද, එහෙම නැත්නම් සංස්කෘතියේ විදිහට දේශපාලකයින් පූජකයින් ඇතුලු පබ්ලික් අය ඔක්කොම අධි නිසා නළු නිළියනුත් (සහ දෙබස් රචකයින්) එහෙම කරනවද දන්නෙ නෑ
ReplyDeleteagreed
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete//// බහුතරයක් පිරිමි පොරත්වයට ආසා කරන්නෝය. හැබැයි පොරත්වය සඳහා වූ රිස්ක් එකට ගූ බයය"////
ReplyDeleteමේ හින්ද තමයි මචන් ඇතැම් ෆැන්ටසි වලට හැමදාමත් අපේ ජිවිත වල ඉඩක් වෙන් වෙන්නෙ. හැබෑ ජීවිතේදි අපිට ඕන හැම දේම ලබා ගන්න බැරිකම තමයි ෆැන්ටසි වලට පාර කපන්නෙ.
කියවිය යුතුම පෝස්ට් එකක්
ReplyDeleteUdyam registration is the government’s way of identifying small and medium businesses in India. It helps enterprises get officially listed without paperwork or long formalities. Business owners only need basic identity and business information to apply online. Once registered, the enterprise becomes eligible for support such as easier credit access, government schemes, and recognition in the market. For many small businesses, MSME Udyam Registration is a practical step toward operating in a more organised and trusted manner.
ReplyDeleteNGO Experts made my Section 8 company registration seamless and stress-free. Their team guided me through every step, ensuring all legal requirements were met quickly and accurately. I truly appreciated their expertise, professionalism, and prompt support. For anyone looking to start a nonprofit legally and efficiently, I highly recommend NGO Experts&mdash—they make the process simple and reliable.
ReplyDelete