Friday, June 26, 2020

රොශාන් මහානාම,කොච්චියාගේ යාඤාව සහ බුද්ධත්වයට පත් සමන්තබද්‍ර

මේ පෝස්ටුව ලියා දැන් වසර දෙකකටත් වඩා වැඩිය. නොදා උන්නේ මන්දැයි මතකයක්ද නැත්තේය. අහම්බෙන් ඊයේ රාත්‍රියේ නෙත ගැටුණු නිසා උදෙන්ම බ්ලොගේ මෙය එල්ලන්නට හිතුණේය.

ලංකාවේ බහුතරයක් උපදින්නේම ආගමක් එක්කය.ඒ ඇත්තෝ තමන් උපතින්ම බෞද්ධ හෝ ක්‍රිස්තියානි කියන්නේ පට්ට මොරාල් එකකින් ය. හරියට ඉපදෙද්දීම රහත් වෙලා වගේය. රහත් බව ගැන කියද්දී දැන් ඔලු ගෙඩියට එන්නේ පිටිදූවේ උන්නාන්සේ ය. සමන්තබද්‍ර නොකියා පිටිදූවේ කිව්වේ කෝචොක් එකට හෙම නෙවේය..කොච්චියා උන්නාන්සේ අඳුනන්නේ බෝසතා කාලේ ඉඳලාය..බෝසත් කාලේ නම සමන් ය. ඒ සමන් ව අඳුනන්නේ නොයෙල් නොයෙල් නොහොත් නොයෙල් අංකල් නිසාය. නොයෙල් නොයෙල් ඉන්නේ කොච්චියාගේ සීදුවේ ගෙදර ඉස්සරහය. පිටිදූවේ උන්නාන්සේ සිය බෝසත් අවධියේ එනම් උසස් පෙළ කරනා කාලයේ හා කැම්පස් යන කාලයේ, සිය මාමා වන නොයෙල් නොයෙල් ගේ ගෙදර එන දිනක කොච්චියා සහ සෙට් එක සමග පාරේ වන්බම්ප් ක්‍රිකට් ද ගසා ඇත්තේය.නොයෙල් අංකල්ට නොයෙල් නොයෙල් කියන්නේ හේතුවකටය. දිග කතාවක් නිසා මෙතන කියන්නට බැරි නමුත් ඉදිරි පෝස්ටුවකදී ඒ ගැන කියන්නේය. මේ පෝස්ටුවේ අරමුණ පිටිදූවේ  උන්නාන්සේ ගැන කතා කිරීම නොවුනාට සමහර විට ඇතමෙක්ට එසේම යැයි හිතෙන්නටද හැකිය.

වාසනාවකට වාගේ කොච්චියා උපන්නේ ආගමක් නැතිවය.. කොච්චියා ගේ තාත්තා උපතින් බෞද්ධ වූ අතර අම්මා උපතින් ක්‍රිස්තියානිය. උපතින් යැයි කීවේ උපතින් පමණක් නිසාය. කොච්චියා දන්නා කියනා කාලේ පටන් තාත්තා පන්සලකට ගොඩවී ඇත්තේ දෙපාරක් හෝ තුන් පාරකි.. ඒත් ඔය ගමේ ගිය විටෙක සීයාගේ දානයකට හාමුදුරුවෝ වඩම්මනවා වගේ සිල්ලර වැඩකට ය. සිය දරුවන් බෞද්ධයන් කිරීමේ තුන් හිතක වත් පෙරේතකමක් තාත්තාට නොතිබූ නමුත් ඔවුන් දෙන්නාගේම එකඟතාවය මත කොච්චියා මෙන්ම මල්ලී සඳුවා ද ඉස්කෝලේ දී උගත්තේ බුදු දහමය. 

අම්මා පල්ලි ගියේද නත්තලට හා පාස්කුවට හා මහ සිකුරාදාට විතරය. ආච්චී නම් හැම ඉරිදාම පල්ලි ගියාය..සියලු සමිති සමාගම් වලත් උන්නාය. අම්මා ට පල්ලිය එපා වී තිබුණේ අභ්‍යන්තර පොලිටික්ස් නිසාය. සිය භද්‍ර යෞවනයේදී පල්ලියේ ඕගනය වාදනය කළ ඇය, දෙවියන් වහන්සේ නැත්තේ පල්ලියේ පමණක් බව කොච්චියා උපදින කාලය වෙද්දී අවබෝධ කර ගෙන සිටියාය. ඒ නිසාම ඈටද අපව නාමික ක්‍රිස්තියානිකාරයෝ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැතිය.  නිදහසේ විවිධ දර්ශනයන් උගැන්මටත් ඒවා ප්‍රශ්න කරන්නටත් ඉඩ දුන් අම්මාත් තාත්තාත් කිසිදා අපව රාමු නොකළෝය.

ඔය කෙසේ වෙතත් කොච්චියා එදා සිට අද වන තුරුම ඒක දේවවාදීය. ඒ හැඟීම ආවේ කෙසේදැයි කියන්නට නම් නොදන්නේය.හැබැයි ඒ යුදෙව් හෝ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ ඇති සංස්කෘතියේ මිශ්‍රණයක් වූ බංකොළොත් ඇදහිලි ක්‍රමවේද වලට හිරවූ විශ්වාසයක් නෙවේය. දුක නැති කල හැක්කේ කොන්දේසි විරහිත ආදරය තුල පමණක්ම බව කොච්චියා සරලව අවබෝධ කරගෙන ඇත්තේය. මගේ විශ්වාසයන් ගැන මෙතන ලොකුවට කියන්නට නොයන්නේ එය මේ කියනා කිසි කතාවකට අදාල නොවන නිසාත් එය මට පමණක් පුද්ගලික වූ, කිසිවෙකුත් විසින් දේශනා කළ දහමක ගෙඩි පිටින් කොපියක් නොවන නිසාත් ය. 

එසේ ඒකදේවවාදී වූ කොච්චියා ඒ කාලයේ ඉතා සීමිත ඉල්ලීම් කීපයක් වෙනුවෙන් දෙවියන්ට යාඤා කර ඇත්තේය. ඉන් එකකට හේතු බීජය වූයේ රොශාන් මහානාමය. එකල කොච්චියාගේ ප්‍රියතම ක්‍රීඩකයා ඔහුය. රොශාන් පන්දුවට පහර දෙන්නට එන විට ඔහුට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා යාඤා කලේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේවා කියාය.කොච්චියා රොශාන් ට පිස්සු වැටුනේ 1987 රිලයන්ස් ලෝක කුසලානය බලනා කාලයේය. පොඩි කොල්ලෙක් වූ කොච්චියා ඒ තරඟ බැලුවේ සීයා එක්ක ය. කළු සුදු රූපවාහිනියෙන් ය. ඒ සුදු ඇඳුමින් ක්‍රීඩා කල අන්තිම ලෝක කුසලානයය. රොශාන් මහානාම පකිස්තානය ට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කලේය. ලකුණු 89 කි. එය අදටත් ලෝක කුසලාන තරඟාවලියක ලාංකික පිතිකරුවෙක් ක්‍රීඩා කල හොඳම ඉනිමක් ය.අබ්දුල් ඛදීර් ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ ඒ තරඟය ලකුණු 15 කින් පකිස්තානය ජය ගත් නමුත් එවකට විසි එක් වියැති රොශාන් මහානාම විදෙස් විචාරකයන්ගේ නොමද ප්‍රසාදයට ලක් වුණේය.

ආයෙත් කොච්චියා ක්‍රිකට් බලන්නට ගත්තේ 1992 දීය.. ලෝක කුසලානයෙන් පටන් ගෙන රොශාන් ක්‍රිකට් වලින් සමු ගත් 1999 ලෝක කුසලානය වන තුරු තරඟ කොච්චියාගේ මනසේ දැනටත් ටයිම්ලයින් එකක් සේ පවතින්නේය. කොච්චියා එකල ක්‍රිකට්ලොව සහ සුපිරික්‍රිකට් සඟරා කට පාඩම් කරන්නේය. ඊටම හරි යන ගජයෙක්ද ඉස්කෝලේ හිටියේය. ගුණපාල මලලසේකරයන්ගේ මුණුබුරෙක් වූ චරිත් ය. මිනිහා ලඟ මා ලඟ නොමැති ක්‍රිකට් ලොව සඟරා මෙන්ම මා සතුව මිනිහා ලඟ නොමැති සුපිරි ක්‍රිකට් සඟරා තිබුණේ ප්‍රාදේශීය වශයෙන් ඔය සඟරාවල බෙදා හැරීම් හරි හැටි වී නොතිබූ නිසාය. ඒ අඩු වැඩිය අපි කියෙව්වේ හුවමාරු කර ගෙනය.

රොශාන් මහානාම ට මා කෙතරම් ප්‍රිය කලාද යත් ඔය සඟරාවක තිබී සොයා ගත් ඔහුගේ හිල් ස්ට්‍රීට් හි ගෙදර දුරකථන අංකයට කොච්චියා කෝල් කළේය. එකල ඔහු පදිංචිව සිටියේ රොස්මිඩ් පෙදෙසේ වූ අතර ඔහුගේ මව හා පියා පමණක් හිල් ස්ට්‍රීට් හි විසුවෝය. ඒ මුල්ම ඇමතුම ගත්තේ ඉස්කෝලේ ඇතුලේ තිබූ කාසි දමා වැඩ කරන පොදු දුරකථනයෙන් ය. එය තිබ්බේ නව රඟහල අයිනට වෙන්නය. කිහිල්ලේ මයිලානන්ද උන්නාන්සේ ගේ කුටියට යාබදවය. ගෙදර ගිහින් ඇමතුම ගන්නට තරම් වත් ඉවසීමක් තිබ්බේ නැතිය.



එදා ගත් ඇමතුම මෙන්ම ඉන් පසු වාර ගණනාවකදීම ගත් ඇමතුම් වලදීත් කොච්චියාට කතා කරන්නට ලැබුනේ රොශාන් ගේ මව්පියන් වන ස්වර්ණා ආන්ටීත් උපාලි අංකලුත් සමග විතරමය. රොශාන් ඉතා කාර්‍යබහුල බවත් රොස්මිඩ් පෙදෙසේ ගෙදර නොම්මරය කිසිවෙකුට දෙනවාට ඔහු අකමැති බවත් කොච්චියාට කිව්වේ ස්වර්ණා ආන්ටිය. මගේ දුරකථන අංකය ඈ ඉල්ලාගත්තේ රොශාන් අයියා ආ විටක කෝල් එකක් දෙන්න කියන්නම් කියාය.ඒ කෙසේ වුවත් සිය පුත්‍රයා ගේ උමතු ක්‍රීඩා ලෝලියෙකු වූ කොච්චියා සමග ඈ බොහෝ වේලා කතා කළාය. 

කොච්චියාට අමතක නොවන ඒ දුරකථන ඇමතුම ආවේ සතියේ දවසක රෑය. පවුලේ හිතවතෙකුගේ ගෙදර රෑ කෑමට ගොස් ආ විගසම ගෙදර දුරකථනය නාද වූ අතර ආන්සර් කළේ කොච්චියා මය. 

“hello, could I speak to (kochchiya) malli please..”
“yes, speaking..may I know who is speaking there please..”
“ආ...මල්ලි මම මේ රොශාන් මහානාම, අම්මා කිව්වා මට ඔයා නිතරම කතා කළා කියලා.. සොරි, මෙච්චර දවස් ගන්න බැරි උනාට..”

මේ කතාව පැය බාගයක් පමණ වූ අතර ඔහු මගේ අධ්‍යාපන කටයුතු ගැන පවා විමසීමට කාරුණික වුණේය. වරින් වර රොශාන්ගේ වැඩිමල් දියනිය වූ රශ්මිකා අපේ කතාවට බාධා කලේ ඔහුගෙන් රිසීවරය උදුරා ගනිමින්‍ ය. මේ වන විට විවාහ වී දරුවෙක් ද ඉන්නා ඈ එවකට කුඩා දැරියක්ය. ක්‍රිකට් ගැන වූ විවිධ ඕපාදූප මෙන්ම රසවත් කතාත් සහිත වූ ඒ පැය බාගය කොච්චියාට අතිශය සතුටුදායක වූයේය. දුරකථන ගාස්තු අධික එදා මා වැනි නාඳුනන පාසල් සිසුවෙක් වෙනුවෙන් එතරම් කාලයක් දුරකථනයෙන් ගත කිරීමම මට දැනුනේ ඉමහත් භාග්‍යයක් ලෙසය.

වසර කීපයක් එසේ ඔවුන් හා දුරකථනයෙන් පැවති සම්බන්ධය කෙසේ ද යත් කොච්චියාගේ සාමාන්‍ය පෙල විභාගයට පෙර දින රොශාන්ගේ මව හා පියා පමණක් නොව ඔහුගේ බිරිඳ ජීවා ද මට අමතා සුබ පැතීමට තරම් සුන්දර මිනිස්සු වූවෝය. තරඟ සංචාරයක් නිසා රොශාන් අයියා සිටියේ රටෙන් පිටය.

ජොන්ටි රෝඩ්ස් සමග සමකාලීනව ක්‍රිකට් ගැසූ රොශාන්, පන්දු රකින්නෙක් ලෙසින් ජොන්ටිට වඩා ඉදිරියෙන් සිටි බව කොච්චියා සිතන්නේය. බැක්වර්ඩ් පොයින්ට් හි පමණක් පන්දු රැකි ජොන්ටි අති විශිෂ්ටයෙක් වූ නමුත් එක්ස්ට්‍රා කවර් මෙන්ම ස්ලිප් හි සහ යාර තිහෙන් පිටද ඇදහිය නොහැකි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති රොශාන් මහානාම ගේ ළඟින් තැබිය හැකිවූ එකම පන්දු රකින්නා ලෙස මා සිතන්නේ රොජර් හාපර් ය.සුදු හමට පමණක් කඩේ ගිය විචාරකයන් උන් ඒ කාලයේ සුපිරි පන්දු රකින්නන් වූ මහානාම මෙන්ම හාපර් සහ හූපර් ද අසාරුඩීන් හා ජඩේජා ද ඇගයීමට ලක් වූයේ අසාධාරණවය.

පෝස්ටුව ලියන්නට හිතුවේ  රොශාන් මහානාම ගැන  උනාට හිතෙන්නේ සහ ලියවෙන්නේම සමන්තබද්‍ර උන්නාන්සේ ගැනමය.කොච්චියා අසා ඇති බණ සහ බුදුන් ගේ ඉගැන්වීම් අරගෙන බලනා විට චතුරාර්ය සත්‍යය ගැන සමන්තබද්‍රයන්ගේ එකදු දෙසුමක් වත් ප්‍රතික්ෂේප කල නොහැක්කේය.  උන්නාන්සේ ගේ රහත් කම හෝ බුද්ධත්වය ගැන කොච්චියා ඉන්නේ මැදහත්වය. සිද්ධාර්ථ ගේ බුද්ධත්වය උනත් ඒ කාලේ ප්‍රශ්නයට ලක් නොවුනේ ඒ සමාජය කලින් බුදු බණ කියා වෙන වෙන බයිලා අසා නොතිබූ නිසාය. මනුස්සයා කියනා එකා කැමති ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිර වෙන්නටය… අච්චර මිනිස්සු ගොනාට අන්දන කිරිබත්ගොඩ උන්නාන්සේට වඩා පිටිදූවේ කුණු බැනුම් අසන්නේ ඒ නිසාය.

කෙසේ නමුත් තමාගේම පිලිමයක් නෙලාගෙන ආතල් ගැනීම නම් කොච්චියාට පේන්නේ විගඩමක් ලෙසටය. මේ ගැන උන්නාන්සේට දහසක් පැහැදිලි කිරීම් තියෙන්නටද හැකිය..ඒවා නුදුරේදීම ජනමාධ්‍ය හරහා එලියටද දෙනවා ඇත්තේය..මොකද බිඳහෙලිය නොහෙන explanation එකක් නැතිව පිටිදූවේ උන්නාන්සේ වාතයක් වත් පිට නොකරන බව කොච්චියා දන්නා නිසාය. මා මෙහෙම කිව්වා කියා උන්නාන්සේගේ අනුගාමිකයෝ කිපෙන්නට නම් එපාය..මා කියන්නේ මට හිතෙනා දේ මිස එසේ මට හිතෙනා දේ තිතට හරි කියා නෙවේය.



පිළිමය නෙලා ගැනීමෙන් සමන්තබද්‍රයෝ ඇද වැටුනේ අප මහා මහින්ද රාජෝත්තමයාණන්ගේ මට්ටමටය. එතුමාණෝ එකල ලයිට් කණුවක් ගානේ පනාව දමා ගෙන එල්ලිලා උන්නා වගේ ය.මීට කලකට පෙර ධාතු වන්දනාව කියන්නාවූ වෙළඳාමට තදින් පහර දුන් උන්නාන්සේ පිලිමයක් නෙලාගෙන එතනිනුත් අඩියක් බිමට වැටුණු බව කොච්චියාට හැඟෙන්නේය..  බෞද්ධ කියන ගෝත්‍රයට අයිති නොවන මට මේ ගැන කියන්නට ඇති අයිතිය ගැන ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නටත් පුලුවන් ය. ආයෙත් කියන්නේ එහෙම හිතන්නට එපාය..මේ කොච්චියාට දැනෙන දේය...එය වැරදි වෙන්නට පුලුවන්‍ ය.

කොච්චියාට නම් සමන්තබද්‍ර කියන්නේත් තවත් ගුරුවරයෙක් ය. සිද්ධාර්ථ ගෞතම, යේසුස් හා මුහම්මද් කියන්නේත් ගුරුවරුමය. ඔය ඇත්තන් ඉගැන්වූ දෙයින් මගේ හිතට දුක ඇතිවන ක්‍රමය අවබෝධ වනවා මෙන්ම ඒ දුක නැති කරන ක්‍රමයක්ද ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එච්චරය. සිද්ධාර්ථ බුදු වුනාද යන්න හෝ යේසුස් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ද යන්න වත් කොච්චියාට අදාල නොවන්නේය .. එහෙව් එකේ සමන්තබද්‍ර රහත් ද බුදු ද යන්න කොහෙත්ම අදාල නැත්තේය…. උන්නාන්සේ තමා දෙසන මග තුල ඉන්නවාද නැද්ද යන්න අපට වැඩක් නැතිය… ඒක හරියට ගණිත ගුරුවරයා ප්‍රමේයයක් ඉගැන්වූවා වගේය. ප්‍රමේයය ඉගැන්වූවාට ඒ ගුරුවරයා ට ඊට අදාල ගැටලුවක් විසඳා ගත නොහැකි වන්නට පුලුවන් ය...එහෙත් ඒ ගැටලුව ඔහේ හෝ මා පහසුවෙන් විසඳන්නටද ඉඩ ඇත්තේය … දැන් මෙය මෙසේ වූවා කියා ගුරුවරයා ගේ ගුරු භාවය නැති වන්නේ නැතිය...එමෙන්ම ඔහේට හා මටත් බුදු වෙන්නට පුලුවන් කියා ද හිතන්නට පුලුවන් ය.

අද ලියන්නට උන්නේ සමන්තබද්‍රයෝ පසුබිමේ තබාගෙන රොශාන් මහානාම ගැනය...සිද්ද උනේ එහි අනෙක් පැත්තය....කෑවේ බතුයි පරිප්පුයි ද පරිප්පුයි බතුයි ද කියා තීරණය කළ යුත්තේ ඔහේලාය.


Thursday, January 18, 2018

ආයෙමත් කූඹියෝ , ගැහැනුන්ගේ ක්‍රිකට් සමග නැන්දා හා නැටූ අගමැති

අද ගොඩාරියක් එව්වෝ කතා කරන්නේ ලකා ධර්මරත්න ගැනය. කූඹියෝ හි මහ මොළ කරු ගැනය. ඔය කාටත් කලින් ඔය ගැන කිව්වේ කොච්චියා ය. ඒ කලින් පෝස්ටුව ඇතුලේය. දැන් කූඹි ගුල කියා එකක්ද ඇත්තේය … කොච්චියා ඕක කියද්දී එහෙව් ගුලක් තිබ්බේද නැත්තේය. මා ඒ බැව් කිව්වේ ඔය කියනා බුවාගේ නම වත් දන්නේ නැතුවය. ඔය කූඹි ගුලේ පොඩි රවුමක් ගැසූ කල්හි මා එදා කිවූ ඇරියස් එක සහිත පිරිමින් රැසක් සොයා ගත හැකිය. පිරිමි කියන්නේ ම වැඩයට වඩා පොර ටෝක් වැඩි එව්වෝය. කොච්චියා ලැජ්ජාවක් නැතිවම ඒ ගොඩට පනින්නට ලෑස්ති ය. පට්ටම ගේම් කාරයෝ පවා තමන්ගේ ගේම් වල ආතල් එක තමාටම දැනෙන මොහොතේ පොර ටෝක් දී චොර වෙන්නෝය. සැබෑ ගේම් කාරයෝ නම් ගැහැණු ය. අදටත් පුරුෂ මූලික ලෝකයේ එවන් ගේම් කාරියන් ගැන සාහිත්‍යයක් හෝ කලාවක් තවම බිහිවී නැතිය. ඔය කූඹියෝ ඇතුලේම එහෙම එකක් මතුවී ඔය සීසන් එක ඉවර වන්නටද පුලුවන් ය. කතාව පුරාවට ආතල් ගත් පිරිමි පරාණයන් දියාරු කර කුජීත කරන්නටද ලකා ට බැරි නැතිය. එහෙම වෙනවාට ඇයිදැයි කියන්නට නොදන්නා මුත් කොච්චියා ආසාය.

ගැහැනියක් පරද්දන්නට එක විට බැරිය. දිනන්නට ඕනා කම ඇති තාක් කොහෙත්ම බැරිය. එසේ කරන්නට නම් අසීමිත ලෙස ගැහැනියකට පරදින්නට තරම් ඉවසීමක් අවශ්‍යය. අසීමිතව පරදිනවා කියන්නේ ම සීමිතව දිනීමය. ඔය කිවූ කන්සෙප්ට් එක තේරුම් ගන්නට හදාරන්නට වටේ පිටේ ඉන්නා ලේසියෙන්ම සොයා ගත හැකි චරිතය නම් රනිල් ය. ගැහැනු කතාවක් ඊට අදාල නොවන මුත් ඊයේ පෙරේදා නැටුමක් නටා රනිල් ගැසූ ගේම නම් මනහරය. කවුරුන් කෙසේ කීවත් ඒ නම් රනිල් ගේ මීඩියා යුනිට් එකේම වැඩක් යැයි කොච්චියා හිතන්නේය.

ගැහැනුන් හා කටයුතු කළ යුත්තේ ටෙස්ට් ක්‍රිකට් ගහන්නාසේය. කඩුල්ලේ නොවදින පන්දු දෙවරක් නොසිතා නිදැල්ලේ යැවීම හා කඩුල්ලටම එන පන්දු වලට ඉදිරි පාදයේ හෝ පසු පාදයේ ආරක්ෂක පහරක් පමණක් එල්ල කිරීම හැර ප්‍රවේගකාරී පහරවලට යාම නිකරුණේ දැවී යාමට හේතුවක් බැව් කොච්චියා උගෙන ඇත්තේය. ඒ අත්දැකීමෙන්මය. කොච්චියා ගේ ජීවිතයේ සිටි ගැහැනුන්ගෙන් දෙදෙනෙක්ම වනාහී මුරලිදරන් හා ශේන් වෝන් පවා විහිලුකාරයන් බවට පත් කළ හැකි මට්ටමේ ඇත්තියන් ය. ඒ දෙදෙනෙක් ගැන ඕනෑ නම් එරන්දී හා මගේ ලෝකය ලියනා අටියා ගෙන් අසා ගත හැකිය. එකී බ්ලොග් කරුවන් දෙදෙනාම ඔය කියූ පන්දු යවන්නියන් ගේ දරුණු පන්දු වලට මුහුණ දී ඇත්තෝය. වේග පන්දු යවන්නියකවූ අනෙක් එකියගේ පන්දු යැවීම අවතක්සේරු කර නිදැල්ලේ පහර දෙමින් සිටි කොච්චියා වරෙක ඈ විසින් එවන ලද මාරාන්තික බවුන්සර් පන්දුවකට පාලනයකින් තොර හුක් පහරක් එල්ල කර ෆයින් ලෙග් කලාපයට පහසු උඩ පන්දුවක් දී දැවී ගියේ ලොවෙත් නැති ලෙස චාටර් වෙලා ය. ඔය කිව්වේ කොච්චියා ගේ අම්මාත් බිරින්දෑවරුන් දෙදෙනාත් ගැනය.

මගේ ලෝකය ලියනා අටියා ගැන කොච්චියා දන්නේ කාලයක සිටය. එහෙත් මිනිහා මා අඳුනන්නේ නැතිය. මාසයකට වැඩි කාලයක් මිනිහාව වටේ යැවූ කොච්චියා අද පෝස්ටුවෙන් බරපතල ඉඟියක් ලබා දී ඇත්තේය. කොච්චියා කවුදැයි දැන්වත් සිතා ගත නොහැකි නම් අටියා බ්ලොග් ලෝකයේ ඉන්නා ලෝකෝත්තර අයියලා අතරේ ඉඳීමෙන් තවත් පලක් නැත්තේය.

ජීවිතයේ ලඟින්ම සිටි අනෙක් ගැහැනිය නම් නංගීය. ඈ ගැන නොකීවොත් මඳ වේග පන්දු යවන්නියක් වන ඈ ද හැඩ්ලි හෝ කපිල් දේව් ආකාරයෙන් ඇතුලට දෝලනය වන පන්දුවක් මට එවන්නට පුලුවන් ය. ඒ කෙසේ වෙතත් අර කිවූ තිදෙනා ගේ පන්දු වලට ප්‍රැක්ටිස් කර ඇති කොච්චියා ට මේ වන විට ඈ කිසිදාක තර්ජනයක් වී නැත්තේය. තරුණ දක්ෂ නීති වේදිනියක් වන ඈ හට නීති උපදෙස් දෙන්නට තාමත් කොච්චියා ට හැක්කේය.

රනිල් ගේ නැටුම ගැන වූ විශිෂ්ටතම ලියමන කොච්චියා දුටුවේ මාතලන්ගේ බ්ලොගේය. අත ලඟ එන මැතිවරණය වෙනුවෙන් ජෙප්පන්ට කඩේ යන මාතලන් තරම් රනිල් වාදීන් ඇත්තේ අතේ ඇඟිලි ගානටය. ඔහෙලා මක්කක් සිතුවත් මාතේ කිමක් කිව්වත් ඇත්ත දන්නේ උන්දෑම විතරක්මය. මාතලන් ලා වාගේ ලොකු පොරවල් ගැන අපේ හිච්චි බ්ලොග් පඩංගු ඇතුලේ කතා කරන්නට ගොස් ටිං කිරි ගාගන්නට ඇති අකමැත්ත නිසාම කොච්චියා ඒ ගැන මීට වඩා නොකියන්නට සිතා ගත්තේය.

සෑම වසරකම වාගේ බිග්මැච් ගිය අප හට ඔයිට වැඩියෙන් සුපිරි ආතල් එකේ ඉන්නා රනිල් අරුමයක් නොවේය. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේම අයියා කෙනෙක් වන මාතලන් ද ඒ බව හොඳින් දන්නේය. කොච්චියා දන්නා ආකාරයට නම් රනිල් කියන්නේ නොම්මර එකේ රසවතෙක්‍ ය. සාහිත්‍යය සංගීතය මෙන්ම නර්තනය ද හැදෑරූ ජොකියෙකු වන මිනිහෙක් පාටියක නැටීම මාතෘකාවක් වීමම ඒ සමාජයේ ප්‍රාථමික භාවය පෙන්වන්නේ යැයි කොච්චියා හිතන්නේය. හිටපු රජ්ජුරුවෝ මෙන්ම මා දන්නාකාරයට හිටං ද රසවතුන් ය. ඒ ඒ රස ඒ ඒ මොහොතේ විඳින්නට බැරි එවුන් ලොකු පුටු වලට නුසුදුස්සෝය. රටකට ඕනෑ වන්නේ මනුස්ස නායකයන් මිස වින්දනය පවා අකැප යැයි සිතනා මන්ද මානසිකයන් නොවේය. කොච්චියා සිතනාකාරයට නම් රනිල් හා මහින්ද මෙන්ම සිරිසේන ද හිටියේ මෙන්ම ඉන්නේද ඔවුනොවුන් ඉතා සුදුසු වූ පුටු වලමය.

Tuesday, November 28, 2017

කූඹියෝ,ෆැන්ටසි,තිර රචකයෝ සහ සිරිලංකාකාරයන් ගේ දේශපාලන නාටක

බැලූ බැලූ අත මූණු පොත පුරා කූඹියෝය. පැණියෝ ඇඹලයෝ මෙන්ම කඩියෝ ද මේ දවස්වල ඉන්නේ කූඹි කාලාය. කොච්චියා ද කූඹි බලන්න පටන් ගත්තේය. කන්සෙප්ට් එක නම් පට්ටය. ටාගට් එක ගොන් දෙපැය බැලූ බවලත් සෙට් එක නෙවේය. වෙනදාට ටීවී එකේ ප්‍රවෘත්ති හා දේශපාලන නරි නාටක බැලූ පිරිමින් ය. කූඹි ගැන කතා වන්නාවූ එකදු තලත්තෑනි ගෑනියෙක් වත් කොච්චියා ට අද වනතුරුත් හමු නූණේය. උන්ගේ රසය අද ඇත්තේ දෙවෙනි ඉනිමේය.

මනුස්සයා කියනා සතා ඉන්නේම ෆැන්ටසි ඇතුලේය. තම ෆැන්ටසිය ෆීල් වෙන්නේ කොතැනද මනුස්සයා එතැන රැඳෙන්නේ ය. බහුතරයක් පිරිමි පොරත්වයට ආසා කරන්නෝය. හැබැයි පොරත්වය සඳහා වූ රිස්ක් එකට ගූ බයය. ඒ නිසා උන් ඒවා ෆීල් කර ගන්නේ තිරය මත පමණක්මය. හැම පිරිමියාම වාගේ ජෙහාන් මෙන් වන්නට යටි හිතෙන් කැමැත්තෝය.. ඒත් කෙළවෙනවාට බයය..

කොච්චියා සිය ජීවිතයේ ජෙහාන් ලා දැක ඇත්තේය … ඒ විතරක් ද නෙවේය..කොච්චියා හට ජෙහාන් ෆැන්ටසියක් ද නෙවේය.. ඒ රියැලිටියේද මා කරක් ගසා ඇත්තේය. දකුණු ආසියාතික දේශපාලනය තුල සිටි හා ඉන්නා සියලු ඩීල් කාරයෝ ජෙහාන් ඉක්මවූ ජෙහාන් ලාය. මගේ වීරයා කූඹියෝ තිර රචකයාය. ගේම් ගසා කප්පිත්තෙක් නොවූ කිසිවෙක් හට ජෙහාන් නිර්මාණය කළ නොහැක්කේය. එපමණක්ද නොව තිර රචනය ඇතුලේ ජෙහාන්ට පවා කෙළවෙන ගේම් දෙන්නට නම් එලෙසින් ම බැට කෑවෙක් ද වීම අනිවාර්ය ය. ඒ කියන්නේ අත්දැකීම් බහුල ඩීල් කාරයෙක් විය යුත්තේය.

සිරි ලංකාවේ දේශපාලනය කියන්නේද කූඹියෝ වාගේය. ඔහෙලා අපි බලා ඉන්නේ නලුවන් දිහාය. තිර රචකයෝ කවුදැයි ඔහෙලා අපි දන්නේ නැතිය. කොටින්ම කාස්ට් එකේ ඉන්නා ගොඩක් එවුන් ද දන්නේ නැතිය. හිටපු රජ්ජුරුවෝ හා හිටං මෙන්ම රනිල් හා අනුර ලාද නලුවෝ විතරමය. හැමෝම රඟන්නේ රචකයන් කීප දෙනෙකුගේ හවුල් පිටපතකටය. උන් ආතල් දෙන්නේද අපේ ෆැන්ටසි වලටය. ලාබෙට කාර් හා පෙට්‍රල් මෙන්ම ඒකීය හෝ ෆෙඩරල් ලංකාවක් කියන්නේද අපි එකිනෙකාගේ ෆැන්ටසි මිසක් අනෙකක් නොවන්නේය.

වැඩේ අල වෙන්නේ නලුවන් ජනප්‍රියත්වයෙන් අන්ධ වී තිර රචකයාට නොදන්වා අධිරංගන වල නිරත වෙද්දී ය. බලය ධනය හා ජනප්‍රිය භාවය කියන්නේ අලි උගුල් ය. ඕවා තියෙන්නේ රචකයාගේ අතේ කියා උන්ට අමතක වන්නේය. හිටපු රජ්ජුරුවන්ට මෙන්ම මයිලෝ විරෝධී සරල ගැමියාටද උක්ත සාධකය පොදු ය. රචනය කෙසේ වුවත් රංගනය අල වූ කල නිර්මාණය ට කෙලවෙන්නේය. ආණ්ඩු වැටෙන්නේත් රජවරු බයිසිකල් පදින්නේත් එතකොටය.

මහ උල්පතගම ගේ රංගනය අති විශිෂ්ට ය. හරියටම කිව්වොත් විමලසිරි හා නානසාර වගේය. හැබැයි තමා පිටපතේ සහය නලුවන් බව අමතක නොකරන තාක් ය. ප්‍රේක්ෂක ප්‍රතිචාර මත සිය භූමිකාව අමතක කර ප්‍රධාන නලුවාට ඇඳීමට යන ඕනෑම මොහොතක රචකයා විසින් ටොක්කක් ඇන නැවත නියම චරිතයේ පිහිටුවනවා ඇත්තේය. ඔය එක් එක් කොමිසන් ඇත්තේ ඒකටය. ඒවා පොඩි පොඩි ටොකු විතරක්මය.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ මුල්ම වතාවට ඊයේ පෙරේදා ප්‍රධාන නලුවෙක් ටොක්කක් කෑවේය. ඒ රනිල් ය. භයානක ආරම්භයක් ය. හිටං මෙන්ම රජ්ජුරුවෝ ද ඊළඟ මාස තුන හතර ඇතුලේ තද ටොකු කන බව අද කොච්චියා ටක්කෙටම කියන්නේය. ඔය තිර රචකයන් ගැන කොච්චියා හොඳ හැටි දන්නේය. ඔය කෝකා ටොකු කෑවත් ජහමනයා දෙපැත්ත ගෙන හුරේ දමන්නේ හෙනහුරා කවදා කෙසේ වත් තමන් හැර යන්නේ නැති බව අමතක කොරලාය. ටොකු කන එවුන් අද කෑවත් හෙට කෑවත් දවල්ට කන්නේ තරු පහේ හෝටල් වලින් ය. උන්ගේ ගුරු මෙන්ම සිකුරු ද සැමදා උච්චය. හෙනහුරා නිසා හතේ හත වැදී ඉන්නා සමස්ත සිරිලංකාකාරයන්  ඉන්නේ පෙට්ටි කඩයෙන් කන්නවත් තුට්ටුව නැතිවය.

තව ලියන්නට තිබ්බත් මෙතැනින් නවත්තන්නේය. මේ දවස් වල පැය තිහක් වත් දවසකට තිබ්බා නම් හොඳ යැයි හිතෙන්නේය. කොච්චියා ගේ රථාචාර්‍යයා වන බිලාල් ගොයියා තදබල හෘදයාබාධයකින් රෝහල් ගතව ඉන්නේය. ඒ නිසා මිනිහාගේ වැඩ කොටසද කරන්නට වී ඇත්තේ මටමය. ඉතුරු ටික ලියන්නට යැයි හිතමින් කල් මරණවාට වඩා මෙසේ එය අවසන් කිරීම සුදුසු බැව් සිතුවේය.

Tuesday, September 26, 2017

කොන්ඩම් පැළඳ මුත්‍රා කළ මිත්‍රයා,නිර්වාණ ලියූ සන්නස්ගල, සිරිලංකාකාරයෝ සහ උන්ගේ සෙක්ස්

කාලයක් නොලියා සිට නැවත ලිවීම මහත් අපහසු මෙන්ම කම්මැලිකාර ව්‍යායාමයක් ය. ඒ කෙසේ වුවත් ලියන්නට ඇවැසි  කාරණා නම් සිතේ හොල්මන් කරන්නේය. හැලපයා නැති අඩුව පුරවන්නට මෙන් මා ලියන්නේ නැද්දැයි අසනා එකෙක් මෑතක සිට ඕමානයේ මගේ මිතුරන් අතරෙන් මතුව ඇත්තේය. ඒ ඩෙස්මන්ඩ් ය… ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදියෙක් වන ඩෙස්මන්ඩ් අද ඕමානයේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක උප කතුවරයෙක් ලෙස සේවය කරන්නේය. මෑතකදී හමුවූ රසවත් මෙන්ම හරවත් චරිතයක් වන ඩෙස්මන්ඩ් කලක් සෙමනේරියක උගෙන ඇත්තේ පාදිලියෙක් වීමේ පරම අදිටනින් ය. ඒ නිසාම ක්‍රිස්තියානි යේ අහුමුළු ඇවිස්සීම මෙන්ම ආගමෙන් තොර ආත්මීයත්වය ගැන කතා කිරීමත් පාදිලි පැළැන්තියේ රෙදි ගැලවීම යනාදී කරුණු කාරණා සම්බන්ධයෙනුත් මිනිහා කොච්චියා හට තක්කෙටම ගැලපෙන්නේ ය. ඒ අතරේ වල්පල් ද නැත්තේ නොවේය. මේ කියන්නේ ද එවන් පල් හෑල්ලක්‍ ය.

ඕමානයේ ද කලක් සේවය කළ ලංකාවේ තවත් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වූ ඩෙස්මන්ඩ් ගේ මිතුරෙක් වූ මාද වරක් හමුවී ඇති  කතන්දර ආකරයක් වන් වූද සැබෑ රසවතෙකුද වූ මෙකී මිත්‍රයා කොච්චියා ගේ බසින් කිවහොත් බඩු කප්පිත්තෙක් ය. උසස් රසයන් මෙන්ම කුණු රසටද පෙම් බැඳි අපේ මිත්‍රයා වරක් මරදානේ එක් වීදියකට බටුයේ හුදෙක් එවන් කුණු රසක් පතා ගෙනය. සිතූ පැතූ ලෙසම අඩු මුදලකට සිය සිතැඟි ඉටුවීමේ ප්‍රීතියෙන් ඒ ගැහැනියද සමග රිංගා ගෙන තිබ්බේ අසල තිබූ හිස් වත්තකටය. වෙනස්ම ස්ථානයක ලබන්නට යන් මහාර්ඝ සැපත ලබනු වස් අප කතානායකයා ආරක්ෂක උපාංග පැළඳ ගෙන ඇත්තේද හිටං ය.

අපේ මිත්‍රයා තාප්පයක් අසල ඊට මුහුණලා ත් ඈ ඒ තාප්පයට පිටුපා දණ ගසාගෙන සිට අයුරුත් කොච්චියා ට අසන්නට ලැබුණේ වින්දනීය වූ දර්ශනයක් සිතේ මැවෙන ලෙසින්‍ ය. කාර්‍යය මෙසේ සිදුවෙද්දී ඈතින් වාහනයක හඬත් එහි එළියත් අපේ එකාට ගෝචර වී ඇත්තේ එක් වරමය. එසැනින් නැගිට ගත් ගැහැනිය “පොලීසියෙන් පොලීසියෙන් මහත්තයා දුවන්න” කියමින් කොහේදෝ දිව ගොස් ඇත්තේ අපේ මිත්‍රයා තාප්පය අයිනේ තනි කරමින් ය. ජීප් රියෙන් බට පොලිස් නිලධාරින් එතැනට එනවිට අප කතානායකයා සිටි ඉරියව්වෙන් ම එනම් සිටගෙන මුත්‍රා කරනාකාරයෙන්ම හිඳ ඇත්තේ එවේලේම සිතට ආ තිරපිටපතට අදාල රංගනය ඉතා තාත්වික වීම වෙනුවෙන් වූ අතරම අසලටම පැමිණි පොලිස් නිලධාරින් ඇසුවේ …
“ ඕයි තමුසේ මොකද මෙතන කරන්නේ ? “

“ ආ රාලහාමි මේ පොඩි චූ බරක් ආවා .. මෙතන අවුලක් නෑනේ කලුවරයි නේ”
……………………………………………….
මේ වෙද්දී ජීප් රියේ ආලෝකයෙන් අපේ මිත්‍රයාව පොලිස් නිලධාරින් ට හොඳින් පෙනෙන්නේය…. ඒත් එළිය වැටෙන්නේ මිනිහාගේ පිටිපස්සෙන් ය. ඉස්සරහින් පෙනෙන දේ පොලිස් නිලධාරියාට නොපැහැදිලිය. අතේ වූ ටෝච් එක එල්ල වූයේ අපේ මිත්‍රයාගේ අංගජාතය දිහාටය.

“යකෝ කොන්ඩම් දාගෙන හුජ්ජ කරන එකෙක් දැක්කමයි මේ “

කතාබහ අවසානයේ දී මේ ඉන්නේ ප්‍රසිද්ධ පුවත්පතක ප්‍රවීණ මාධ්‍යවේදියෙකු බව දැනගත් පොලිස් නිලධාරින් අපේ මිත්‍රයාව කොටුව ඉස්ටේසම අසලටම ඇරලවා ඇත්තේ මිනිහාගේ ‍රස කතා වලටද සවන් දෙමින් ය.
…………………………………………...

මේ දවස් වල මූණුපොතේ හැම තැනම ඇත්තේ පොත් ප්‍රදර්ශනය හා තම තමන් මිලට ගත් පොත් ගැනය. දන්නා හැම එකාම කතා කරන්නේ සන්නස්ගලගේ නිර්වාණ ගැනය. කොච්චියා ටද හෙට අනිද්දා වෙද්දී ඔය පොත ලැබෙනු ඇත්තේය …. එදාට ඒ ගැන විචාරයක් ලියන්නේය. . ඕනෑ කරනා පොත් ටික ගැන හැලපයාට කිව්වේ අරගෙන තියන ලෙසත් මුදල් සමග කෙනෙක් එවන බවත් කියා ය.. අනෙක් පැත්තෙන් ප්‍රතිචාරය ලැබුණේ කිසිවෙකු එවීම අනවශ්‍ය බවත් මුදල් ද අනවශ්‍ය බවත්… කෙසේ හෝ පොත් සෙට් එක මා වෙත එවන බවත් ය. ඒ ගැන හැලපයාට ස්තූති කිරීමට වචන නැතිය …. පොත් ගුල්ලකු වන හැලපයා කිසි දිනෙක book fair යන්නේ නැතිය.. ඒ අර මාතලන් ට වාගේ බුක්ස් වලට වඩා පුක්ස් පෙනෙද්දී බුක්ස් තේරීම අපහසු නිසා නම් නෙවේය. හැලපේ පොත් ගන්නේ අදාල ප්‍රකාශකයාගෙන්ම පමණය. කවදත් 30% ප්‍රකාශකයා දෙන්නේය. ඒ බැව් දන්නා හැලපයා පුක්ස් බලමින් බුක් ෆෙයා එකේ නාස්ති නොවන්නේය. ලංකාවේ ඉන්නා කාලයේ කොච්චියා නම් ඔය පුක්ස් බලමින් බුක්ස් මිලට ගැනීම දැඩි ආශාවකින් කළ කාරියක් ය. මන්ද යත් කොච්චියා කවදත් බුක්ස් වලට මෙන්ම පුක්ස් වලටද මහත් සේ මනාපය.

උපුල් ශාන්ත සන්නස්ගල ගැන කොච්චියා ට ඇත්තේ මැදිහත් ආකල්පයක් ය.. මට මිනිහාගේ පොත් අතරේ ප්‍රිය මෙන්ම ප්‍රිය නොවූ පොත් ද ඇත්තේය. බස හැසිරවීමේ ලා සන්නා දක්වන්නාවූ සුරුබුහුටි බව නම් ඊර්ෂ්‍යා කිරීමට තරම් ය. වචන හරඹයේ එවන් සුරුවෙක් මෑත සාහිත්‍යයේ නම් සෙවීම උගහටය. බස කෙසේ හැසුරුවත් මට අනුගත විය නොහෙනා චරිතයක් රැගත් කිසි පොතක් මට නම් දැනෙන්නේ නැතිය… සන්නා ගේ බොහෝ පොත් වල චරිතයන් කොච්චියාට සමපාත නොවන්නේය. තමා ලියූ සෑම පොතකම කොච්චියාට චරිතයක් ඉතිරි කළ එකම තැනැත්තේ මාටින් වික්‍රමසිංහ ය.. යුගාන්තය විතරක්ම ගතහොත් තිස්ස,අරවින්ද හා මාලින් මෙන්ම සවිමන් කබලාන ද කොච්චියා ගේ ලෝකයේ පොරවල්ය. ඔය කිවූ සිව් දෙනා මෙන්ම ගැහැණු සොඬෙකු වූ වජ්රින් ද කොච්චියා ගේ ඇතුලේ ජීවත් වී ඇතිවා මෙන්ම අදටද ඉන්නේය.

වසර හතකට පමණ පෙර කොච්චියා හා සන්නා අතර එකම එක දුරකථන සංවාදයක් සිදු වුණේය … කොච්චියා ට ඌ එවේලේ දිරෙවවේ නැතිය.. වෙළෙන්දෙක් වූ කොච්චියාට සන්නා අහු නූණේය… කොච්චියා කිසි කලෙක SALES AND MARKETING හදාරා නැතිය.. ඒත් ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් අමු අමුවේම විකිණීමේ හැකියාව නම් ඇත්තේය …. සහරාවේ රේන්කෝට් විකිණිය හැකි බැව් කොච්චියා අදහන්නේය.. මා වික්කේ කුමක්දැයි පවා නොදන්නා මුත් ඒත් මාව මිලට ගත් සිය ගණනක් දෙනා අතරේ මට නොවිකිණුනු එකම ඉහළ පෙළේ ටියුෂන් වෙළෙන්දා සන්නා ය. එකී මෙකී වෙළෙන්දන් අතරේ මාකට් එක හදා ගන්නා තවත් ගරිල්ලා මාකටින් පොරක් ද මේ පොත් එළි දැක්වීම් අස්සේ මතුවී පෙනෙන්නේය … ඒ නම් චින්තන ධර්මදාසය. මිනිහා ලියා ඇත්තේ faculty of sex ය..

සිරි ලංකාව කියන්නේ වික්ටෝරියානු යුගයේ සිට සෙක්ස් ෆැකල්ටිය ක අඩුපාඩුවෙන් තරයේ පෙලෙන්නාවූ දීපයක් ය. එසේ යුගයක් නිර්ණය කළේ ඊට පෙර සිටි එවුන් හට අද මෙන් සෙක්ස් ඇරියස් තිබ්බේ නැතුවා මෙන්ම අද එවුන් වාගේ රෙද්දේ සංගිස්කුරුතියක් කබල් ගෑවේද නැති නිසාය. ඒ කාලේ උන් සිරිලංකාකාරයෝ එක ගෙයි කෑවෝය… එසේ කෙරෙද්දී ඒ ඈයෝ ත්‍රීසම් ද නොකළා යැයි හිතන්නට බැරිය… එසේ කියන්නේ කොච්චියා ගේ වල් සිත නොවේය… තර්ක බුද්ධියය.
සුද්දා ආවායින් පසු ලංකාවේ ඉන්නේ පට්ට මානසික හොරු රැළක් ය. තම සිතුවිලි වලට වංචා කරන ඈයෝ ලෝකයට කෙසේ වංචා නොකරනවා ඇද්දැයි අමුතුවෙන් සිතන්නට ඕනෑ නැතිය. බොහොමයක් සිරිලංකාකාරයන් හට ආදරයෙන් තොර සෙක්ස් හෙන වල් ය. එවන් සුපිරිසිදු පිරිමින් හට ආදරයෙන් තොරව නගින්නේ නැතුවා මෙන්ම ගැහැනුන්ට ද ආදරයෙන් තොරව තෙත් නොවන්නේය. කොච්චියා සිතනා ආකාරයට මේ නම් උපන්ගෙයි කෙබරයක් මය. මේ බයිලාව මුන් විසින් නිතිපතා සිය සැමියා ට මෙන්ම බිරිය ටද කියා මතක්කර දෙන්නේ ඒ ඇත්ත නිසා නොව තමන්ගේ අනෙකා පිට නොයා රැක ගනු වස් ය. ඔය කියනා එවුන් සියයට අනූ නවයක්ම ආදරයේ abc වත් නොදන්නේය. ආදරය හරි හැටි ප්‍රැක්ටිස් කර ඇති එකා හට සෙක්ස් කියන්නේ හූණු බිජ්ජක් ය.

ආදරය කියන්නේ තවෙකෙක් නොමැතිව ම සිය ආත්මීය ප්‍රතිරූපය තමා තුලම ප්‍රතිබිම්බගත වන්නක්‍ ය.. සෙක්ස් කියන්නේ සිය ප්‍රතිරූපය අනෙකෙක් තුල ප්‍රතිබිම්බ ගත වීමක් ය.. ගුඩ් සෙක්ස් කියන්නේ ඒ ප්‍රතිබිම්බය තමා කැමැති ලෙසින්ම හෝ ඊට ආසන්නයෙන් අනෙකාගෙන් දකින්නට ලැබීමය. ගැලපෙනා රසය කිය්න්නේද ඒකටය. ලිංගික ආකර්ෂණය කියන්නේ ශරීරස්කන්ධයක් දැකීමෙන්ද ඇතිවිය හැක්කක් නමුදු උක්ත ප්‍රතිබිම්බය දැකීමට නම් අදාල සියලු චරිතයන්හි මනස් හි තරංග ආයාමය එකක්ම වීම අවශ්‍ය මය. චරිතයන් කීවේ කොච්චියාට අනුව නම් ඕකට ඉන්නට ඕනා දෙකකම් නොව ඊට වැඩි ගණනක් ද විය හැකි නිසාය.

ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියා චින්තන ගැසූ ගල කියවන්නාවූ සිරිලංකාකාරයන් බහුතරයක් ගන්නේද ඒ කාලේ තිබූ වැල පත්තරයක් බලා ගන්නා ආතල් එකමය. සිරිලංකාකාරයන් කිව්වේ හිටංගේ පක්ෂයේ එව්වන් නෙවේය. ඉන්දියන් කාරයන් පකිස්තාන් කාරයන් වාගේ එකක් ය. ඔය නිල් පාට පක්සය නිසා උක්ත වචනය කිසිදා කිසිවෙක් විසින් ලාංකිකයන් හැඳින්වීමට යොදා ගෙන නැත්තේය … කොච්චියා ඒ වචනය හා හා පුරා කියා එලියට දැම්මේය.
ඔය ෆැකල්ටිය කියෙව්වාට අපේ එව්වන් තව කාලයක් යන කල්ම ත්‍රීසම් ෆෝසම් වගේ ඒවාට බයය… BDSM කියන්නේ විකෘති කාමය ය කියා හිතන්නෝය. කොච්චියා ට නම් BDSM විකෘතියක් නෙවේය … රස ආකරයක් ය. ඒ එසේ වූවාට ගෙදර ගෑනි එක්ක උනත් ඇගේ උනන්දුවකින් තොරව ලයිට් නිවාගෙන මහ කලුවරේ වුවද කරන්නාවූ සංසර්ගය විකෘතියක් මය. එහෙම බලනා කල සිරිලංකාකාරයන් බහුතරයක් දෙනා දිනපතා විකෘති ලිංගික ලෙස හැමිනෙන්නෝය.

මේ පෝස්ටුව පටන්ගත් තැන ඉඳලාම කොච්චියා ලිව්වේ සෙක්ස් ය. මීට පෙරද කියා ඇති ලෙසටම කොච්චියා ගේ ඇබ්බැහි කම් අතරේ කෝපි විස්කි සුරුට්ටු සහ ගණිතය මෙන්ම සෙක්ස් ද ඇති බැව් ඔහේලා ට කියා ඇත්තේය . විස්කි ගැන ඕනෑවටත් වඩා කියා ඇතිවා මෙන්ම කෝපි ගැනත් කීවා වාගේ මතකය. සුරුට්ටු මෙන්ම ගණිතයත් මොළය කූප්පන්නේය. සුරුට්ටු කිව්වාම කොච්චියා කැමැති කියුබන් වැනිලා සුරුට්ටු වලට හා ගෙදර ඔතාගන්නා ගංජා සුරුට්ටු වලටය. ගණිතය කියන්නේ ජීවිතයේ පරම දර්ශනය ය… ඒ මහා විශ්වයක් වන්වූ ගණිතයෙන් පෘථිවියේ එක් වැලි කැටයක් වන් දෙයක් දැන උගත් කොච්චියා ජීවිතයේ මෙන්ම විශ්වයේ ද ඇතැම් රහස් තේරුම් ගන්නට ඒ ඇබිත්ත යොදා ගන්නේය.


Thursday, July 20, 2017

(18 +) නුවර ඉස්ටේසමේ රෙන්න ගිය සිරිපාලගේ කතාව



ජීවිතයේ මා ලිවූ මුල්ම බ්ලොග් පෝස්ට් එක මේය. මීට අවුරුදු අටකට ඉහතදී ලිවූ මෙය ඇතුලත් ඒ මුල් බ්ලොගය දැන් මටවත් සොයන්නට නැත්තේය.
ඒ කාලේ කොච්චියා ලියූ බොහෝ දෑ මේ ආකාරයේය. මේ ලිවීම් රටාව අද ඉන්නා කොච්චියාගේ නෙවේ වගේය.... ඒත් මේ ඌමය
...........
කොච්චියාට දැනෙනා මනුස්ස හිතේ පැතිකඩක් මෙසේ එලියට දමා ඇත්තේය. මෙහෙම නොවනා එවුන් රටේ තොට ඇත්තේ මෙන්ම නැත්තේද විය හැකිය. ඒත් ඒ හැම පැතිකඩක්ම කවුරුන් හෝ එලියට දැමිය යුත්තේය.
..................................................................................................................................................

සුදුහුම්පොළ ඉඳන් රේල් පාර දිගේ පයින්ම ටවුමට ගාටපු සිරිපාල ඉස්ටේසමට ගොඩ උනේ පැයක් හමාරක් එතන ගත කරලා දවල් වෙද්දි ගුඩ්ෂෙඩ් එක පැත්තට යනවා කියලා හිතාගෙන..සිරිපාල කරන්නේ නුවර ටවුමේ ටොපි විකුණන එක.. බස් ඉස්ටෑන්ඩ් එකට වඩා ඉස්ටේසමේ තමයි සිරිපාල වැඩිපුර රැඳෙන්නෙ. බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. කලු පාට බ්ලවුස් එකේ බොත්තම් අස්සෙන් තමන්ගෙ හිතේ ඉන්න යකා ඇස් බෝල දෙකෙන් විනිවිදලා යවාපු සිරිපාලගේ හිත මිනිහගෙ කණටම කොඳුරලා කිව්වෙ බුදු අම්මේ ඒකෙ සයිස් එක.... ගමටම කිරි දීලද කොහෙද.
බර වෙච්ච හිත ගසා බසා දාලා ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චිය අයිනෙන් ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ … හිතමද බර වුනේ කියලත් සිරිපාල ට නොහිතුනාම නෙවෙයි .
නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඬ ගහන්නෙ ඔය අතරෙ…වැඩි මිලට පෙපර්මින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න අතරේ සුද්දි ගෙ නිරුවත් කලවා දිහා බලන් හිටියේ අපිට කොහෙන්ද බූල් බල්ලො කියලා හිතාගෙන.
සිරිපාලට හදිසියේ මතක් උනේ දවල් වෙනකොට ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්න තමන්ගෙ පවුලට කෑම එකක් ගෙනියන්න ඕනෙ බව. කාලයක් තිස්සේ හතියෙන් පීඩා විඳපු සිරිපාලගෙ අඹුව ලෙඩ ඇඳටම වැටුණේ ගිය මාසේ…රාසිං දෙව් විද්‍යාලෙට යන කොල්ලො දෙන්නට ඕන කරන සල්ලි පංගුව නම් උදෙන්ම හම්බ කර ගත්තෙ උදේ සුසන්ත සර්ගෙ බයොලොජි පන්තිය අයිනේ ඉඳන් කඩයප්පන් විකුණලා..
ප්ලැට්ෆෝම් එකේ ඔහේ ඇවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙ..ඉස්ටේසමේ දකුණු පැත්තේ කොනට වෙන්න තියෙන වැසිකිළියේ දොර වහනවත් එක්කම සිරිපාලගෙ ඇහැ ගියේ ඒ මහතුන්ගේ වැසිකිළියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙටයි ඊට පල්ලැහින් ලියලා තිබ්බ කවි පන්තියටයි. පරණවිතාන මහත්තයලා ඔය එක එක බයිලා කීවට සීගිරි ගලෙත් ඇත්තෙ මේ වගේ කුණුහබ්බ වෙන්නැති කියලා සිරිපාලට හිතුණා...මොකෝ ඒ කාලෙ හිටියෙත් හිංගලයො ම නේ… අද කාලෙ ඉන්ටනැට් එකේ සෙක්ස් හොයලා කප් ගහපු හිංගලයන්ගෙ මහ උන් ඒ කාලේ එහෙම නොවී පුලුවනෑ...
විනාඩි පහකට විතර පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.

නුවර ඉස්ටේසමේ රෙන්න ගිය සිරිපාලගේ කතාව(18+)

සුදුහුම්පොළ ඉඳන් රේල් පාර දිගේ පයින්ම ටවුමට ගාටපු සිරිපාල ඉස්ටේසමට ගොඩ උනේ පැයක් හමාරක් එතන ගත කරලා දවල් වෙද්දි ගුඩ්ෂෙඩ් එක පැත්තට යනවා කියලා හිතාගෙන..සිරිපාල කරන්නේ නුවර ටවුමේ ටොපි විකුණන එක.. බස් ඉස්ටෑන්ඩ් එකට වඩා ඉස්ටේසමේ තමයි සිරිපාල වැඩිපුර රැඳෙන්නෙ. බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. කලු පාට බ්ලවුස් එකේ බොත්තම් අස්සෙන් තමන්ගෙ හිතේ ඉන්න යකා ඇස් බෝල දෙකෙන් විනිවිදලා යවාපු සිරිපාලගේ හිත මිනිහගෙ කණටම කොඳුරලා කිව්වෙ බුදු අම්මේ ඒකෙ සයිස් එක.... ගමටම කිරි දීලද කොහෙද.

බර වෙච්ච හිත ගසා බසා දාලා ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චිය අයිනෙන් ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ … හිතමද බර වුනේ කියලත් සිරිපාල ට නොහිතුනාම නෙවෙයි .

නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඬ ගහන්නෙ ඔය අතරෙ…වැඩි මිලට පෙපර්මින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න අතරේ සුද්දි ගෙ නිරුවත් කලවා දිහා බලන් හිටියේ අපිට කොහෙන්ද බූල් බල්ලො කියලා හිතාගෙන.

සිරිපාලට හදිසියේ මතක් උනේ දවල් වෙනකොට ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්න තමන්ගෙ පවුලට කෑම එකක් ගෙනියන්න ඕනෙ බව. කාලයක් තිස්සේ හතියෙන් පීඩා විඳපු සිරිපාලගෙ අඹුව ලෙඩ ඇඳටම වැටුණේ ගිය මාසේ…රාසිං දෙව් විද්‍යාලෙට යන කොල්ලො දෙන්නට ඕන කරන සල්ලි පංගුව නම් උදෙන්ම හම්බ කර ගත්තෙ උදේ සුසන්ත සර්ගෙ බයොලොජි පන්තිය අයිනේ ඉඳන් කඩයප්පන් විකුණලා..

ප්ලැට්ෆෝම් එකේ ඔහේ ඇවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙ..ඉස්ටේසමේ දකුණු පැත්තේ කොනට වෙන්න තියෙන වැසිකිළියේ දොර වහනවත් එක්කම සිරිපාලගෙ ඇහැ ගියේ ඒ මහතුන්ගේ වැසිකිළියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙටයි ඊට පල්ලැහින් ලියලා තිබ්බ කවි පන්තියටයි. පරණවිතාන මහත්තයලා ඔය එක එක බයිලා කීවට සීගිරි ගලෙත් ඇත්තෙ මේ වගේ කුණුහබ්බ වෙන්නැති කියලා සිරිපාලට හිතුණා...මොකෝ ඒ කාලෙ හිටියෙත් හිංගලයො ම නේ… අද කාලෙ ඉන්ටනැට් එකේ සෙක්ස් හොයලා කප් ගහපු හිංගලයන්ගෙ මහ උන ඒ කාලේ එහෙම නොවී පුලුවනෑ...

විනාඩි පහකට විතර පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.

Wednesday, June 28, 2017

ජොලි සීයාගේ ලලක්කා , වැව රවුමේ ස්විස් අක්කා සහ කොච්චියාගේ බාලගිරි දෝෂය

පෝස්ටුවක් ලියා ගන්නට බැරුව මාස ගණනාවක් පමණ ගතව ඇත්තේය. අද බොන්නට ගත්තේ කෙසේ හෝ අද නම් යමක් ලියනවා යැයි සිතා ගෙනමය. මේ කාලය මෙලෝරහක් නැති කොහේටවත් නැති කාල පරිච්ඡේදයක් වූයේය. බ්ලොග් ලෝකයේ සිටි මගේ අතිජාත මිතුරා වූ හැලපයා ඕමානයෙන් යාම නම් කොච්චියා ට දැඩි පාඩුවක් වීය. මිනිහා හිටියා නම් බල කරලා හෝ මේ වෙද්දී මගෙන් පෝස්ටුවක් දමා ගෙනය.


මනස එකලාසයක් නැති නිසා හෝ අධික කාර්‍ය්බහුල බව නිසාම හෝ ඒ දෙකම නොවන වෙනත් යම් හේතූන් හෝ හේතුවක් නිසා හෝ පෝස්ටුවක් ලිවීම දවසින් දවස කල් ගියේ දන්නේම නැතිවමය. බාලගිරි අද නෙවේ හෙට යැයි කියන්නාක් මෙන් කොච්චියා ද අද හිතට එන දේ අදම නොලියා හෙටට කල් දැමීමෙන් එසේ සිත් තුල පහළ උනාවූ අනේක වූ රසවත් හා වැදගත් අදහස් හා සිදුවීම් ලත් තැනම ලොප් කර දැමූවේ ඔහේලාට නොව මට පවා ඒ රසය නැවත විඳ ගනු නොහැකි ලෙසටමය. වරක් නොව දෙවරක්ම මගේ ලිවීමේ සීග්‍රතාවයේ පරිහානිය ගැන කමෙන්ට් හි පමණක් නොව පෝස්ටුවකින් පවා පහර දුන්නේ සොඳුරු සඳවතිය ය. යහපතකට තිබ්බේ ඒ පෝස්ටුවේ එකී දෝෂාරෝපණයට ලක්වූ එකම බ්ලොග් කරුවා කොච්චියා පමණක් නොවීම මුත් ඒ ලැයිස්තුවේ උඩින්ම මගේ ශ්‍රී නාමය ඇතුලත් කිරීම යම් කිසි නෝන්ඩි සහගත බවකට මා ඇද දැමූ බවද කීමට මනාය.


කීප සැරයක්ම මා හට ලියන්නේ නැත්තේ මන් දැයි ඇසූ අනෙක් තැනැත්තී එරන්දී ය. ඈට වූ පොරොන්දුවද ඉටු නොකළ කොච්චියා හට ඈ එදින තර්ජනය කළ පරිද්දෙන්ම අද වනතුරුත් කතා නොකළාය.


කොච්චියා පසුගිය දිනවල උනන්දුවෙන් ඇසූ ගීයක් වේ නම් ඒ ජොලි සීයා ගේ ලලක්කාය. ලලක්කා කියන්නේ පට්ටම ගීතයක් බව දැනෙන්නේ එය කීප වතාවක් බොක්කෙන්ම ඇසූ පසුවය. කෙටියෙන් කිව්වොත් මට නම් එය අමරසිරි ගේ ළඳුනේ ට වඩා පට්ටය. අමරසිරි ක්ලැසික් පොරක් ය.. ජොලි සීයා ක්ලැසික් නැති ය… ඒත් බජාර් එකේය. ඩීසන්ට් පොරක් වන සැබෑ ජොලි සීයා ද කොච්චියා හොඳින් දන්නේය… අමරසිරි වද එහෙන් මෙහෙන් දන්නේය. ඇත්ත කතාව නම් ජොලි සීයා කුහකයෙක් නොවූ සරල මිනිහෙක් බවය...එසේ සීයා ගැන පමණක්.කියා කොච්චියා නැවැත්තුවේ ඇයි දැයි ඔහෙලාට තේරෙන්නට ඕනාය. මා කාටවත් ගෙඩි පිටින් කුහකයා කිව්වේ නැතිය.


ඔය ලලක්කා ගැන අහද්දී මට මතක් වෙන්නේ වසර හයකට එපිටදී මට හමුවූ ස්විස් අක්කාය. ඒ කාලයේ මා නුවර ඔහේ නාස්ති වූ ආකාරය මීට පෙරද කියා ඇති නිසා වැඩි ටිප්පනි ඕනෑ නැතිය. රෑ හත වෙද්දී අන්ධකාරයේ ගිලෙනා නුවර ටවුමේ විවිධ ආලෝකයන් සොයා ගැනීම එක්තරා කලාවක් ය.


මීට පෙර වතාවක කියා ඇත්තාවූ ඒ එක් මූසල දෙසැම්බරයකට පසුව ආ ජනවාරියේ අග සතියේ කොච්චියා සිය සමීපතම මිතුරෙක් වූ මලියා සමග නුවර ගියේ රිලැක්ස් වෙන්නටය. මැරෙන්නට උනත් දෙපාරක් නොහිතා එන ජොකියෙක් වූ මලියා කාලයක් ජාතික කණිෂ්ඨ රගර් කණ්ඩායම ද නියෝජනය කල එකෙක් වූ අතර එකල රාජ කුමාරවරු සමගද ගැවසුනේ ක්‍රීඩාව නිසාමය. කොච්චියාගේ මල්ලී වු සඳුවාගේ ප්‍රාණ සම මිතුරා වූ මලියා කුපාඩි ක්‍රියා සඳහා පමණක් මා විසින් සහභාගි කර ගත්තේ රහස්‍යභාවය රැකීමේ ඇති හැකියාව මෙන්ම ඕනෑම රිස්ක් සිටුවේෂන් එකක් මැඩ පැවැත්වීමේ සහජ හැකියාවක් මිනිහා සතුවූ නිසාය.


මේ කියනා දින උදෑසනම නුවර බලා ආ මාත් මලියාත් සුපුරුදු පරිදි සැපත් වූයේ මගේ යෙහෙළිය ගේ ගෙදරටය. ඒ ගැන මෙන්ම ඈ ගැනද මීට පෙර ලාවට කියා ඇති නිසා අටුවා ටීකා අවශ්‍ය නැතිය. හැන්දෑ වන තුරු නිදා ගෙන නැගිට්ටේ ටවුමට යන්නටය. නුවර ටවුම හත වෙද්දී අඳුරේය. ඒ අඳුරේ වුවද එළිය ඇති තැන් කොච්චියා එකල දැන උන්නේය. එළිය කිව්වාම විවිධ එළි ඇත්තේය. ඒ ඒ මොහොත එළිය කරන්නට ඒ ඒ එළි අවශ්‍ය වන්නේය. ඉතිින් එදා රෑ මාත් මලියාත් නේක වූ එළි අතරින් අප සෙවූ එළිය සොයා සැරි සැරුවෝය.


වැව රවුම දිගේ ඉදිරියට යද්දී හදිසියේම අපේ ඉදිරියෙන් වූ ඩබල් කැබ් රථය සිය වේගය අඩාල කළේ ස්විස් හෝටලය පේන මානයේදී ය. වම් පැත්තේ එනම් වැව පැත්තේ පේව්මන්ට් එක දිගේ ඇවිද එන්නාවූ ඔසරියක් හැඳි වැදගත් පෙනුමැති මැදිවියේ කාන්තාවක් මෙන්ම ඈ ලං වත්ම කැබ් රියේ පාත්වූ කවුලුවෙන් යමෙක් ඇගෙන් කිසිවක් විමසනා අයුරුත් අප දුටුවෝය. කැබ් රථය නැවත ඉගිලුණේ අප ඉදිරියේ ඈ දර්ශනය වීමට සලසමින් ය. අප ඈට ලං වනවාත් සමඟම විනිවිද යන සුළු බැල්මකින් අපට සංග්‍රහ කළ ඒ අක්කා මලියා විසින් ඒ වන විටත් පහත් කර තිබූ වම් පස කවුලුවෙන් එබී බැලුවාය. ඒ වන විට වචනයක්වත් මලියා හා කොච්චියා අතර හුවමාරු නොවූවත් ජීවිතාබෝධය හා අත්දැකීම් තුලින් උගත් පාඩම් ඔස්සේ යමින් මලියා ඇසුවේ,


“ කීයද ගාන?”


ඇඹරෙමින් ඈ කීවේ ,


“තුන්දාහයි”


ඈ ඒ වෙද්දීත් කාරයේ පිටුපස වම්පැත්තේ දොර ඇරගෙනය… කොච්චියා සිය කුපාඩි කට ඇරියේ ඔය අස්සේය..


“වෙන කවුරුත් නැද්ද? ඔයා නැතුව?”


“ඇයි මහත්තයා අපේ මොනාද අඩු ? ඔය   කෙල්ලො වගේ නෙවෙයි අපි..යමුකො බලන්න”


මේ ගැහැනියගේ කට හොඳ නැති බව තේරුණද කොච්චියා ආයෙත් ඇහුවේ,


“නෑ මම මේ ඇහුවෙ තරුණ කවුරුත් නැද්ද..දහ අටේ විස්සෙ වගේ”


“සර් මේ…. දහ අටේ විස්සෙ එකක් මට වදලා තමයි දෙන්න වෙන්නෙ..වෙන වැඩක් නෙවෙයි මේක..”


කියමින් ගස්සා ගෙනම දඩෝං ගා දොර වසා දැමුවාය.
………………………………………………..


වසරකට පසු


ඒ වෙද්දී කොච්චියා නෝනා සමඟ නුවර පදිංචිව සිටියේය. පෙරද කියා ඇති පරිද්දෙන් වටපුළුවේය. භක්තිමත් කතෝලිකයෙකු වන නෝනා සෑම අඟහරුවාදා හා ඉරිදා ශාන්ත අන්තෝනි දෙව් මැදුරට යන්නේ යාචකයන්ට බෙදා දෙන්නට පාන් රාත්තල් පහක් ද සමඟය. පල්ලිය තියෙන්නේ සේනානායක  වීදියේ අග හරියට වෙන්නය. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ද ඒ අසලමය. පාන් ගන්නේ බේක් හවුසියෙන් ය. කොච්චියා ඉතා අගය කළ දෙයක් නම් ඒ පල්ලියේ පාන් බෙදනා පිළිවෙලය. කොච්චිකඩේ මෙන්ම ලියනගෙමුල්ලේද මීගමුවේ ද අඟහරුවාදා දවස් වල සාන්ත අන්තෝනි දෙව් මැදුරු වලින් පිටත යාචකයන් රැස් වන්නේ බෙදා දෙන ආහාර ලබා ගන්නටය. කිසි පිළිවෙලක් නැතිව සිදුවෙනා මේ ක්‍රියාවලිය නුවර පල්ලිය විසින් ඉතා ක්‍රමානුකූලව සකසා තිබුණේය. බත් පාර්සල් හෝ පාන් ගෙනෙනා අයට ඒවා දැමීමට විශාල පන් කූඩයක් තිබූ අතර පූජාවෙන් ඉක්බිති ඒවා අවශ්‍ය අයවලුන් හට නිසි ලෙස බෙදා දීම සිදු වූයේය.


ඔය කාලයේ නුවරින් කෙල්ලක් සෙට් කරගෙන සිටි මලියාද නිතර අපේ දිහාවේ ආවේය. සිකුරාදා රෑ ට මිනිහා එන්නේ බෝතලයක් ද සමඟමය. එසේ ආ සෑම විටකම මලියාද ඉරිදා අප සමඟ  පල්ලි යන්නට එන්නේය. කොච්චියා සහ නෝනා පල්ලියේ හැම දාමත් පුරුද්දක් ලෙස හිඳ ගන්නේ මැද හරියේ දකුණු පැත්තේ වූ බංකුවකය. පූජාව පටන් ගන්නා තුරු අප හිඳගෙන ඉන්නා අතරේ මලියා හදිසියේ මට ඇඟිල්ලෙන් ඇන්නේය..උගේ දෙස හැරුණාට ඌ බලා ඉන්නේ අනෙක් පැත්තය...සැණෙකින් හිස හරවා මගේ කණට කර..


“බලපන් බලපන් යකෝ අර ගෑනි”


“මොන...කොයි ගෑනිද ?”


“අර අරක බන්..ස්විස් අක්කා ස්විස් අක්කා”


කොච්චියාට දැන් තනි ඇහැට ඇඬෙන්නේය.. ඒ අක්කා මා දෙස බලා ගෙන ඉන්නේය..ඒ මදිවාට පල්ලියේ ගීතිකා කොළ බෙදන්නීය.


………………………………………………………………………………………………….


පසු ගිය මාස කීපය කොච්චියා ගත කළේ තමා ලෙස නොවේය.අනෙකෙක් ලෙස ගෙවූ ඒ කාලයේ මගේ ආත්මකථනයන් ලිවීම උචිත නොවන බැව් වරක් හෝ දෙවරක් ම මා නෙල්ලිප්‍රින්ස් සමගද පැවසුවේය. මා නොලියා සිටියේ ඒ නිසාය. මේ පෝස්ටුව ලිවීම පටන් ගත්තේ සෑහෙන්න කාලයකට පෙර මුත් ලියා අවසන් කිරීම පමා වූයේ ඒ නිසාය. මා මට වග කිව යුතුය. මා පෙරද කියා ඇතිවාක් මෙන් කොච්ච්චියා ලියන්නේ තමාට විඳින්නටය. එසේ නොහැක්කේ නම් නොලියා ඉන්නේය.


නැවත ලිවීම අරඹන්නට හැකි බැව් මා හට දැනෙන්නේය. එය ඉබේ විය යුත්තක්ම ය. කොච්චියා ජීවිතයට බල කරන්නේ නැතිය. ජීවිතයේ මහා සාරගර්භ යැයි සම්මත දේවලට පවා ඔහේ පාවෙන්නට ඉඩ හරින මා මෙහිදී ඊට වෙනස් වන්නේ නැතිය.මගේ මේ පෝස්ටුව හුදෙක් මා තවමත් බ්ලොග් ලිවීමේ කැමැත්තෙන් ඉන්නවා මෙන්ම ලියන්නට දේ ඕනෑ තරම් ඇති බවද කීම පිණිසම දැමූවක් මය. කියාගෙන ආ කතාව මග නතර කළේ එබැවින්ය. එහි ඊළඟ කොටස ඉක්මනින් ගෙනෙන්නේය.