Friday, December 23, 2016

හොරට බොන කතන්දරකාරයා, සඳවතියගේ දැවෙන ඇස් සමග මීගමුවේ සිරි සුබ නත්තල්

අද ලියන්නට උන්නේ එකක් ය..ඒත් ලියවෙන්නේ අනෙකක් ය. කලින් පෝස්ටුවේ මහ වැස්සේ සිදුවූ ඒ සිදු නොවීම ගැන එකිනෙකා අනේකවූ කතා කිව්වෝය. හැලපයා නම් දුරකථනයෙන් පවා මා අමතා ඒ මග හැරුණු අවස්ථාව සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. කොච්චියාගේ අතීතය දන්නා ඇතමුන් එය එසේ සිදු නොවීම කොහෙත්ම පිළිගත නොහැකි බවත් ඩොමෙස්ටික් සෙන්සර් වලට හසු නොවනු පිණිස සැබෑ සිද්ධිය විකෘති කර ඇති බවටත් සැක පළ කළෝය.


මේ සියල්ල අතරේ එක් බ්ලොග් කාරියක් මගේ කතාව තුල ගැඹුරටම කිමිදී මගේ හැඟීම් ඇගේ වචනයෙන් ලිව්වාය. මහනුවර ට සිහිනමය ප්‍රේමයක වෙලී ඉන්නා ඇය මගේ රළු පරලු වූ ප්‍රකාශනය මට සිළුටු කර ඇගේ බ්ලොගයේ ලියා දැම්මාය.  මේ කිව්වේ කවි සඳැල්ල ලියනා සොඳුරු සඳවතිය ගැනය.


සඳවතියගේ සොඳුරු වූත් ආත්මීය වූත් සරාගී වූත් කවි වලට කොච්චියා හැමදාමත් ප්‍රිය කළේය. ඒ ගැන ඈට දමනා කමෙන්ටු වලද සඳහන් කර ඇත්තේය. ශෘංගාරය මිශ්‍ර වූ හැඟීම් වල අන්තිම තුඩ සියුම්ව අකුරු වලින් චිත්‍රණය කිරීම ඈ දන්නීය.


මේ නත්තල් සමයේ ඕමානයේම ඉන්නට වීම නම් සතුටට කාරණයක් නොවන්නේය … මීගමුව ආශ්‍රිතව නත්තල් සැමරූ කොච්චියාට ලංකාවේ උනත් වෙනත් ප්‍රදේශයක ඇති නත්තල නත්තලක් නෙවේ වගේ දැනෙන්නේය.  තරු හෝටල් මෙන්ම පල්ලි වලද නත්තල් කැරොල් හා වෙනත් ඉවෙන්ට්ස් ද ඇති මුත් ඕනෑම උත්සවයක සිරිය දැනෙන්නට නම් එය සමාජගත වී තිබිය යුතු බව කොච්චියා අදහන්නේය. අළුත් අවුරුදු සමරන්නට එකල මා ගාල්ලට හා නුවරට ගියේද ඒ නිසාය..මීගමුවේ ඇති අළුත් අවුරුද්දක් නැත්තේය..ඕමානයේ ඇති නත්තලක්ද නැත්තේය ...





දෙසැම්බර් 24 හවස කියන්නේ මීගමුවට සුවිශේෂී වරුවක් ය. කලබලයෙන් ෂොපින් කරන්නෝ මෙන්ම අවට සිරිය මෙන්ම නත්තල් ෆීලින්ග් එක වෙනුවෙන් නගරයේ සැරිසරන්නෝද එදාට බහුලය. රටබීම අලෙවි සැල් වල පෝලිම් ය. ආපිකෝ සහ කාගිල්ස් මෙන්ම කීල්ස් සුපර් ද ලං වන්නට බැරි තරම් පාරිභෝගිකයන් ගෙන් පිරිලාය..කුඩා කාලයේ පටන් 24 වෙනිදා හවස කොච්චියා අම්මා එක්ක මීගමුවේ කැරකෙන්නේය. නත්තල් සැරසිලි වගේ පොඩි දෙයක් පමණක් මිලට ගන්නා එදාට කුඩා මගේ හිත පිරෙන්නේ නත්තල් අසිරිය දැකලාය.


නත්තලේ පණිවිඩය මෙය නොවේ කියා කොච්චියා දන්නේය. ඒත් පණිවිඩය මොකක්දැයි දන්නා උන් පූජකයන් අතර පවා නැති ලොවක අසිරිය කියන එක හඳුනනා මිනිසුන් සිටීම මට නම් වටින්නේය. බුදුන් දෙසූ දේ නොදන්නා සංඝයා මෙන්ම යේසුස් ඉගැන්නූ දේ නොදන්නා පාදිලියෝ ද සිටි නිසා ලොවට මේ කියනා ආගම් පහළ වී ඇත්තේය. ශාස්තෲ ඉගැන්නූ දේ ඉන් පසුවටත් දෙසුවා නම් ආගම් ඇති නොවන්නේය..ආගම් ඇති කිරීමේ අදහසක් උන්නාන්සේ ලාගේ තුන් හිතකවත් තියෙන්නට නැත්තේය.


යේසුස් අද සිටියා නම් ඒත් කියන්නේ ආදරය ගැන විතරමය. කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කරන්නට කියන එකම විතරය. දුක නැතිව ජීවත් වෙන එක පමණමය.. ඒ කියන්නේත් නිර්වාණය ගැන මය..දැන් මහා පඬිවරු අභිධර්මය ගැන මෙන්ම පටිච්ච සමුප්පාදය ගැනද මහා විස්තර කියා ගෙන ඔය දෙක වෙනස් කියා ගෙන එන්නට එපාය..මේ ලෝකයට ඕනා කොයි මාර්ගයෙන් හෝ දුක නසනා ක්‍රමයක් ය. හැමදේම ග්ලෝබලයිස් වන අද කොච්චියා නම් හිතන්නේ සියලු ඉගැන්වීම් ද ග්ලෝබලයිස් විය යුතු බවය..


කාදිනල් ට නත්තල් ගහ ප්‍රශ්නයක් උනාට යේසුස්ට එසේ නොවන බව කොච්චියාට ෂුවර් ය.. මොකෝ උන්නාන්සේ ආවේ ඔය වගේ සිල්ලර කතිකාවකට නොවන නිසාය. දුප්පත් මිනිසුන්ට ගෙවල් හදා දෙන්නට ඕනා කම කාදිනල් ට තිබ්බාට යේසුස්ට ඒකත් ඕනෑ නැතිය..උන්නාන්සේට ඕනා දුගියාට නැති කම ගැන මෙන්ම පෝසතාට ඇති කම ගැන ඇති හැඟීම යන දෙකම ශුන්‍යය කරන්නටය... හදන්නේ ගෙවල්ද නත්තල් ගස්ද යන්න මත එය තීරණය වන්නේ නැතිය.


ඕවා කෙසේ වෙතත් අර කලින් පෝස්ටුවේ කියූ මූසල දෙසැම්බරයේ උදාවූ නත්තල කොච්චියාට ගෙනාවේ සතුටක් නොවේය. තනිකම කියන්නේ මොකක්ද යන්න මෙන්ම ලෞකික සතුට කියන්නේ මොකක්ද කියාත් ඒ 24 වෙනිදා මා තේරුම් ගත්තේය. දුකසේ සිය බිරිඳ හා දරුවන් සමග…. දරු දෙදෙනා ලගේජයේ දමා ගෙන යන්තම් එලවලු මාලු ටිකක් සහ ගල් කාලක් මෙන්ම ලාබ නත්තල් සැරසිලි කීපයක්ද මල්ලක දාගෙන බයිසිකලයක් පැද ගිය මිනිසෙක් දැක මට මා ගැන මහත් දුකක් මෙන්ම ඒ මිනිසා ගැන තදබල ඊර්ෂ්‍යාවක්ද හට ගත්තේය...ඉන් නොනැවතුණු මගේ ඊර්ෂ්‍යාව රාත්‍රියේ පල්ලියේ මිදුලේ සිට සිය ගැහැණිය සමග පූජාවට සහභාගි වූ යාචකයෙක් කෙරේද එල්ල වුණේය.


සරල ගණිතය ඇතුලේ එක බින්දුවෙන් බෙදූ කල පිළිතුර අනන්තය යැයි කීවාට අනන්තය තනිව ඩිෆයින් කළ නොහැකි කල්හි බින්දුව සහ එක පවා සැබවින් පවතින්නේ නැතිය. ඕවා අවකලනය ඇසුරින් පහදන්නට වෙලාව මෙය නොවේය..ශුන්‍යත්වය මෙන්ම පරිපූර්ණත්වය ද සැබවින් පවතින්නේ නැතිය..එකල ඔහේලාට හා මට අත්කර ගන්නට හෝ නැති කරගන්නට දෙයක් නැත්තේය..යේසුස් මෙන්ම බුදුන්ද පුන පුනා කීවේ මෙය ය.එදා කොච්චියා මේවා තේරුම් ගෙන තිබ්බේ නැතිය..කලකිරීම,දුක හා ඊරිසියාව හට ගන්නේ එවිටය.


දැන් ටිකකට කලින් හැලපයා මා ඇමතුවේය. නත්තල් පාටියේ තත්වය ගැන විමසුවේය. නෝනා හදන්නට ඉන්නේ මොනවාදැයි ඇසූ අතර දෙකක් දමා තනියෙන් අනුමත වී ඇති බවද කීවේය. මාද ඒ වන විට අනුමත වීම අරඹා තිබූ අතර මතක් වූයේ කලක් කතන්දර කිවූ රසිකවය. රසික අන්තිමට ලියූවේ හොරට බොන හැටි ගැනය.. ජීවිතයේ අද වෙන තෙක් හොරට නොබිවූ කොච්චියා හෙටද එසේ බීමට බලාපොරොත්තුවක් නැත්තේය.බොතොත් බොන්නේ බොක්කෙන් ය.. මා බොන්නේ වෙරි වෙන්නටය. වෙරි නොවී ඉන්නට නම් කොච්චියා නොබී ඉන්නේය. එසේ නොබී හිටියත් මගේ වටේ ඉන්නා කිසිවෙක් අහිතක් නොසිතන්නේය.. එහෙම හිතෙනා උන එක්ක සෝෂල් ඩ්‍රින්ක් නොගන්නා කොච්චියා ඒ වෙනුවට ගෙදර ඉඳන් තනියම බොන්නේය..හරියට නිකන් අද හැලපයා බිව්වා වගේය. රසික ගේ පෝස්ට් මා කියවන්නේ මහත් ආසාවකින් ය.. ඒත් හොරට බොන්නට ඉගැන්වූ ඒ පෝස්ට් එක මට අල්ලන්නේ නැතිය.. ඒත් ඒ මිනිහාගේ හැටිය. සමහර විට අපට ඔවදන් දුන්නාට රසික ඊට වඩා බොක්කේ පොරක් වෙන්නටද පුලුවන් ය. පේරාදෙණියේ උගත් රසික..මරදානේ ඉස්කෝලේ ගිය රසික අපට එසේ කිව්වාට ඌ එසේ නොවේ යැයි හිතන්නට කොච්චියා ආසාය. රසිකගේ පොරත්වයේ පැවැත්ම කොච්චියාගේ පැතුමය…


නත්තලට තව ඇත්තේ පැය ගණනක් ය. ඔහේලා බහුතරයක් ආගම් බේදයෙන් තොරව ඒ ආතල් එක ගන්නා බව මා දන්නේය. සාමය හා සතුට ඕනෑ නත්තලේ පමණක් නෙවේය. සදහටමය. ඒ සඳහා පල්ලියෙන් හෝ පන්සලෙන් ලැබෙනා ඉට්ටක් නොමැති බව කොච්චියා සහසුද්දෙන්ම දන්නේය. එහෙත් අපට ඕනෑවූ ඒ සාමය හා සතුට ගැන දෙසූ යේසුස් ගේ උපත සමරන මේ නත්තල ඔබ සැමට සතුට පිරි එකක් වේවා යැයි කොච්චියා පතන්නේ බොක්කෙන්මය… පල්ලියේ පිල්ලියෙන් ඉවත්වී ශුද්ධ ලෙස යේසුස් දෙසූ ආදරය වැළඳගන්නට අපට හැකිවූ දිනෙක සතුට අප සතු වනු ඇත්තේය...දුක පහව යනු ඇත්තේය..එදාට අළුත් අහසක් හා අළුත් පොළවක් දැකිය හැකි වනු ඇත්තේය.


ඔබ සැමට සුබ නත්තලක් වේවා!

45 comments:

  1. අපිනං ගෙදර සිට තනියම බීම කලක සිට කරගෙන එන්නේ උගත් පාඩම් කොමිසමේ ප්‍රතිඵලයක් නිසාය.
    එක ආගමකම එල්ලී නොයිද සෑම ආගමකම හරය මොකක්දැයි කියා සොයා බැලුව පුද්ගලයා කිසිම දිනක ආගමක් නොඅදහනු ඇතැයි මට සිතේ.

    කොච්චියාටත් පවුලේ සැමටත් සුබ නත්තලක් පතමි.

    ReplyDelete
    Replies
    1. ආගම් ඇදහීම කියා දෙයක් නැත. එය මුලාවක් ය.

      Delete
  2. ඔය විදිහට මුු අපිටත් ඉරිසියා කරනවද දන්නැ

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල දැක්කා නම් ආයෙ එකෙන්ම

      Delete
  3. අපිත් ඉතිං හැලප සීයා වගේ තමා.... බොන්ඩ හිතුනද මොකෙක්වත් නැත්තං කොහේ හරි මඟුලක, තනියෙන් හරි බොනවා.....

    ආතල් එක පිරි සුබම සුබ නත්තලක් වේවා......

    ReplyDelete
    Replies
    1. අච්චර අර දාසයයි මාසයෙ කොල්ලාට නේද සීයා කිව්වෙ..අද පිරිත් අහන්න යනවා කිව්වා. මේක දැකලා පොර මහණ වෙයිද මන්දා

      Delete
  4. දිළි දිළි නැගෙන තරු අහසේ රැස් වෙච්චී
    සිලි සිලි සීත නත්තල් දින ළං වෙච්චී
    වලි වලි නොවී සාමය හද ඇති වෙච්චී
    ජොලි ජොලි රැඳේවා නත්තල් සිරි කොච්චී....!

    සාමය, සතුට පිරි, සල්ලි රැඳෙන ජොලිබර නත්තලක් වේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරා කවිය මචෝ...බොහොම ස්තූතියි

      Delete
  5. අර ප්‍රසන්න කිව්වා වගේ මමත් තනියම අඩියක් පුඩියක් ගහන වැඩේට කැමතියි. ඒකේ ඉතින් අඩුවෙන් බොනවට වඩා ටිකක් වැඩියෙන් පෙවෙන වෙලාවල් තමයි තියෙන්නේ. ගනන් කර කර බොන්න අමාරුයි.

    මට මගේම ආගමක් තියෙනවා. ඒක ෆලෝ කරන්නේ මම විතරයි. ගුරොත් නැහැ..ගෝලයොත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආ..කියන්න බැරිවුනා. මමත් සඳවතීගේ බ්ලොග් එකට කැමතියි.

      Delete
    2. ආගම කියා කියන දේ තමුන්ගේම දෙයක් වීම අවශ්‍යය. සිදුවී ඇත්තේ එහි කණ පිටය.
      සඳවතිය ගේ බ්ලොග් එක කියවන්නට වටිනා එකක් ය.

      Delete
  6. සඳවතීගෙ බ්ලොග් එක දැකල තමයි මේ පැත්තට ආවේ... ඒ කතාව කියවන්න....

    මොන ආගමෙන් උනත් ගත යුතු දේ ගත යුතුයි.. ආගමේ එල්ලීගෙන ඉන්නේ වැඩි වැඩියෙන් හොර, බොරු, වංචා කරන මිනිස්සු කියලයි මට හිතෙන්නේ.. හරි වෙන්නත් පුලුවන්, වැරදි වෙන්නත් පුලුවන්.....


    කොච්චියාටත්, පවුලෙ හැමටත් සුභම සුභ නත්තලක් වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවාට.. ඔයා අදාල කතාව කියෙව්වද?

      Delete
  7. හැම්පරයක් දෙකක් පාත්විය..මට නත්තල් ලබා තිබේ..ඔබටත් එසේම වේවා යයි පතන්නෙමි...!

    ReplyDelete
    Replies
    1. වාසියි එහෙනම් කලින්ම...බොහොම ස්තුතියි

      Delete
  8. මෙදා පොටේ හැමෝටම නත්තල්. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහකයන්ට අඟල් 14 කළු සුදු රුපවාහිනීයක් පුරවා පටි ජෝක්කු වසර පුරා...

    (1) සිංහල බ්ලොග් අවකාශයේ මහා පොන්නයා යන විරුදාවලිය ලබා ඇත්තේ?
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) රසිකලොජි-කාකා
    (D) මතුගම අජිත් පී ජයසිංහ

    (2) "හතර දෙනාම පොන්නයෝ" යන සුප්‍රකට කියමන බ්ලොග්ගත කරේ?
    (A) හැලපයා
    (B) රාජ්
    (C) මාතලන්
    (D) හිස් අහස

    (3) මාතලන්ගේ සින්ඩියෙන් ඉවත්කිරීම නිසා හිට්ස් නැතුව වේලෙන බ්ලොග් අඩවියකි
    (A) ජෙනරාල් විචාරක මැතිතුමාගේ බ්ලොගය
    (B) අන්සතු දිනපොත බ්ලොගය
    (C) රාජ්ගේ බ්ලොගය
    (D) හැලපකඩේ බ්ලොගය

    (4) පොන්නයෙක් නොවන්නේ
    (A) රාජ්
    (B) රසිකලොජි-කකා
    (C) ඉකොනොමැට්ටා
    (D) කල්‍යාන මිත්‍ර

    (5) සිනුවර තට්ටයා- සමලිංගික පොන්නයා යනු කවුද?
    (A) රාජ්
    (B) හැලප
    (C) රසිකලොජි-කකා
    (D) මාතලන්

    (6) සිංහල බ්ලොග් ලියනා මානසික ලෙඩෙක්/අසහනකාරයෙක් නොවන්නේ
    (A) සාරස
    (B) අන්සතු දිනපොත-අමිල
    (C) රසිකලොජි-කකා
    (D) හැලපයා

    (7) හිටපු ජනාධිපතිතුමා වගේ හරි හුරතල් පේස් කට් එකක් ඇති පොරකි
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) අටම්පහුර
    (D) හැලපයා

    (8) ඇනෝ කොමෙන්ට් දමා මාට්ටු වී කුජිත වී ඇති අයෙකි
    (A) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා
    (B) රසිකලොජි-කකා
    (C) හැලපයා
    (D) අන්සතු දිනපොත-අමිල

    (9) මරා යලි බලයට එතැයි කියා හැම තැනම රෙන මානසික ලෙඩෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) සාරස
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) වෛද්‍යචර්ය රුවන් එම් ජයතුංග මැතිතුමා

    (10) සිංහල බ්ලොග් ලියනා අයගේ සහ ඇනෝවරුන්ගේ ඉමහත් ආදරයට පත්ව ඇති බ්ලොග් කරුවෙකි
    (A) කල්‍යාන මිත්‍ර
    (B) හැලපයා
    (C) මතුගම අජිත් පී ජයසිංහ
    (D) අන්සතු දිනපොත-අමිල

    ඔබේ පිළිතරු දැන්ම එවන්න. අවුරුද්දක් පුරා වටිනා පටි ජොක්කු දිනා ගණන වරම්.

    ReplyDelete
    Replies
    1. මාර ප්‍රශ්න සෙට් එකක්... මේවට කොහොම උත්තර දෙන්නද මන්දා

      Delete
    2. මාර ප්‍රශ්න සෙට් එකක්... මේවට කොහොම උත්තර දෙන්නද මන්දා

      Delete
  9. සුබ නත්තලක් වේවා මචං...!

    ReplyDelete
  10. ඔබට සුභ නත්තලක් වේවා.

    ReplyDelete
  11. කතාවට එකඟයි ඒ වගේම සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...ඔබටත් සුබ නත්තල්

      Delete
  12. කොච්චිගේ හැම කතාවක්ම වාගේ මේකත් අච්චාරුවක්මයි. අන්තිමට කොහෙන් ගියත් ඉවර වෙන්නෙත් විස්කි වඩියකින්මයි.අම්මෝ මගෙ කවි ගැන වර්ණනාව දැකලා මටම ලැජ්ජයි වගේ.කොහොම උනත් ස්තූතී මාව කියවනවට ලියන අපේ සතුට අන් අය කියවන එකමනෙ.

    ඔබට සුබ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා කියන්නෙ අච්චාරුව අවුල් කියලාද...
      විස්කි කියන්නෙ ජීවිතේ කොටසක් වගේ.

      Delete
    2. අපෝ නෑ අච්චාරු හොදයි මේ ලියන නිදහස් ආර හරිම ශෝක්.මට අරහං දෙශපාලන ලියවීම් විතරයි.

      Delete
  13. දවස් 10-15ක් තනියම බිවුවට මට ඒක එච්චර ෆීල් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ වැඩේ අතැරලම දැම්මා. ඔය කොයි විදිහට බිවුවත් මමනම් ආසන ඔය පිටකොටුවේ තියන බාර් වගේ අතිශ්‍ය කාර්‍යයබහුල ස්තානවල සෙට්වෙන්න. එක එක ජාතියේ මිනිස්සු, එක එක හැසිරීම් මාර කටගැස්මක්. අනුරාධපුරේ ඉන්න කාලේත් එහෙම තැනක් හොයාගන තිබුනා  මාර්කට් හංදිය කියන ප්‍රදේශයෙන්.

    සුබ නත්තලක් කොච්චියෝ...

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ බාර් වල මමත් බීලා තියෙනවා. ඔය කියන දේට එකඟයි. අනුරාධපුර පැත්තේ නම් බොන්න සෙට් වෙලා නැහැ

      Delete
  14. කොච්චියෝ. පහුගිය සතියම බිසී උන නිසා පොස්ට් කියෙව්වට කොමෙන්ට් කරන්ට බැරි උනා.

    මමත් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සෙම බොන්නෙ තනියම. මගේ පියතුමාත් මගුලකට සාදයකට ගියොත් ඇර බොන්නෙ තනියම.

    ලංකාවෙදි වගේම මෙහෙත් වැඩ කරන අය සමග (තුං දෙනෙක් ඇර) බීමට අකමැති හේතුව කෑ බිව් අවස්ථාවල වැඩපලේ උන් ගැන සේවා ස්ථානය ගැන අර කෙල්ල මේ කොල්ල ගැන කියවීම මට අප්‍රියම දෙයක්.

    දැන් නම් අවුරුද්දත් නත්තලත් ගැන කිසිම විශේෂයක් නැහැ. සාමාන්‍ය දවස් වගේම එව්වත් එනව ගෙවිල යනව.

    හැබැයි උබ කිව්ව වගේ මමත් ජිවිතේ ප්‍රශ්න පුළුවන්තරම් ඇතිකර ගැනීමෙන් වැලකිලයි ඉන්නෙ.

    ජීවිතේ කියන්නෙ සන්තෝසෙන් විනෝදෙන් ගෙවන්න තියෙන දෙයක් මිසක් විදවන්ට තියෙන දෙයක් නෙමෙයි කියල මට ලැබුන අත්දැකීම් වලින් මමම අවබෝද කරගත්ත දෙයක්.

    ඒක නිසා කිසිම මිනිහෙකුට මගේ ජිවිතේ වගේම මගෙ දෙමව්පියන්ගේ වගේම මගේ සහෝදරියගේ පවුලේ කිසිම කෙනෙකුටවත් මගේ දනුවත්කමට අනුව ප්‍රශ්න ඇති කිරීමට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැත. මගේ සතුට මගේ පවුලේ සතුට සමග සමීපව ඇති නිසා මම මගේ පවුල ආරක්ෂා කරනව.

    උබටත් උබේ පවුලටත් සතුට සම්පත පිරි නිරෝගිමත් වසරකට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මම බැලුවා ඔහේ මොකෝ බ්ලොග් ලෝකේ කොහෙවත් පේන්න නැත්තෙ කියලා...
      සුබ නත්තල්!

      Delete
  15. අපේ පැත්තේ නත්තල් නම් නැත. නිවාඩුවෙ කොළඹ ඒමට කැමත්තක්ද නැත. ඒත් අද දින රෑ නම් නත්තල් වැනිය. වසරකට වරක් පමුණුවන මහා රාත්‍රියක් අද ඇත. මාද ලෙවල් නැතිව සලූ වෙමි. හොරට බොන එකට මා ද බෙහෙවින් අකමැතිය.උනුන් සමග මාද බොන්නෙ ගානටය. ලෙවෙල් නැති මොකා එක්ක වුවද කාණූ පල්ලමක රින්ගන්න වුවද මා මනාපය. මන් දන්නා ජීවිතයේ මන් දන්නා දේවල් තුල තෘප්තිය සොයමින් සහ විදිමින් සිටීම මගේ හැටිය

    උඹටත් හැපි නත්තල් වෙව්වා.......

    ReplyDelete
    Replies
    1. උඹේ තේරීම් සම්බන්ධයෙන් මම එකඟය. නත්තල් ආතල් උඹටද ලැබේවා

      Delete
    2. උඹේ තේරීම් සම්බන්ධයෙන් මම එකඟය. නත්තල් ආතල් උඹටද ලැබේවා

      Delete
  16. ප. ලි.

    රත්නායක බේකරිය ට ටිකක් උඩහින් තියෙන නානායක්කාර ස්ටෝර්ස් එක ළඟ තියෙන ධම්මසිද්දි මාවතේ මම නතර වෙලා හිටිය අවුරුදු ගණනාවක්. ගාල්ලෙ ඉපදිලා අවුරුදු 20ක් වෙනකං ජිවත් වෙලා ඇසුරු කරපු යහළුවන් ගත්ත සුපිරි ආතල් දැන් ඉන්න සමාජයට බීච් පාටි අර නයිට් ක්ලබ් මේ නයිට් ක්ලබ් ගිහිල්ල සල්ලි බුරුතු පිටිං විසි කලත් ගන්න බෑ බං. මම දැන් ආශ්‍රය කරන වන් ඇන්ඩ් ඔන්ලි මිත්‍රයට අද කතා කලත් මුලින්ම අහන්නෙ "ආ... ටික්කා.. මොකද වෙන්න ඕන?" කියල. එහෙම ඇවුන් ආයෙ හොයාගන්නත් බෑ බං හොයන්නෙත් නෑ 👊🏽

    ReplyDelete
    Replies
    1. මොකෝ මම නොදන්නෙ ඔය කියන ඉසව්ව..

      Delete
  17. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
  18. Sorry I can't comment in sinhala on the phone.
    I know this sounds anti social but since I brought up the subject I will tell this. I enjoy a drink while reading a book or watching a movie much more than social drinking. I like a single drink alone than 4-5 drinks in a crowd. I can enjoy the taste aroma and effrctt of a drink when I drink alone. For me the purpose of drinking is not getting drunk but the effect and enjoyment of it while getting a slight buzz. Unless I drink with a friend who has very interesting conversation I'd drink alone every time.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. I agree that you can enjoy the taste and the aroma while drinking alone..especially with a good book or a classic movie.
      The last statement of yours... a good drink with a friend... a deep conversation for a snack...

      Delete
  20. කොච්චියා and PraJay,

    හොඳට වදින්ඩ ගහනවද (කොච්චියා) නැත්තං ලාවට පොඩි ආතල් එකකටද (PraJay) යන්න මම නම් වටපිටාවේ (environment) තත්වය අනුව එවෙලේ තීරණය කර ගන්නා දෙයකි.
    පුද්ගලිකව මා නම් Glenlivet SM Jameson TD වලට වඩා මනාප වෙයි. නමුත් Yuengling (america's oldest) or Tenets (scottish ) beer ද අවශ්තානුකුලාව අගනේය.
    මේ අගනා බීම සමග මෙවැන්නකුත් පරම සුඛ වේ!

    ඔබ සැමට සුභ නව වසරක් වේවා!
    (ඔරිජිනල් ග්රිටින්ග් එක මගේ වේලෙන බ්ලොගයේ දැමීමට අදහස් කරමි.)

    ReplyDelete
    Replies
    1. හැට්ටර්...එවන් සංගීතයකට පුලුවන් කික් එක තෙගුණ කරන්න.

      Delete
  21. දෙකක් නමාගෙන සිටි නිසා එදා ප්‍රතිචාරයත් යොදා නැති බ්ලොග් ලිපියකි.

    ජයවේවා.

    ReplyDelete