දෙසැම්බරය කියන්නේ කොච්චියා හිච්චියා කාලයේ සිට වඩාත්ම ප්‍රිය කළ මාසයය. මීගමුවට නුදුරේ ජීවත් වූ අපට දෙසැම්බර් ලැබුවේම නත්තල් අසිරිය දනවමින් ය. ඉස්කෝලේ යන කාලයේ දෙසැම්බරය අප කාටත් නිවාඩු කාලයක් මෙන්ම අලුත් ශ්‍රේණියකට සමත් වුණාවූ බලාපොරොත්තුවේ මාසයක්ද විය.
කොච්චියාගේ ජීවිතයේ එකම එක කාලකණ්ණි දෙසැම්බරයක්ද තිබුණේය. ඒ කාලකණ්ණි මූසල බව හිතින් මකා දමන්නට මා ලංකාව පුරා සැරි සැරුවා මතකය...මුහුදු වෙරළවල් හා කඳු මුදුන් මත මෙන්ම ගං ඉවුරු වලද කොච්චියා තමා සමගම කතා කරමින් උන්නේය. ජීවිතය කාලය සමග කෙතරම් පරිණත වෙන්නේ දැයි මට තේරෙන්නේ දැන් ය…. එවන් කම්පාවන් දහසක් මැද වුවත් මට නෙවේ වගේ ඉන්නට අද මේ ඉන්නා කොච්චියාට පුලුවන් ය.
ජීවිතයේ හැමදාමත් කොච්චියා මහනුවර ට ප්‍රිය කළේය. දුක මෙන්ම සතුට සමරන්නටද නුවර තරම් නගරයක් මට එදා මෙන්ම අදටත් නැතිය. අද කොච්චියා දුක සමරන්නේ නැතිවා මෙන්ම දුකට හිතේ ඉඩක් ඇත්තේද නැති ගානය. කොච්චියා අද උත්සහ කරන්නේ කොන්දේසි විරහිතව ආදරය කරන්නටය. කොන්දේසි විරහිත ආදරය තුල දුක සහ එයට හේතුව යන දෙකම ශුන්‍ය වන්නේය.ඒ කෙසේ උනත් සමීපතමයන් හා දිවි ගෙවනා විටදී ඔවුන් කම්පා වන දේවල් හිදී ඊට බණ නොදෙසා ප්‍රායෝගිකව හැසිරීමද අවශ්‍ය බව කොච්චියා උගෙන ඇත්තේය. මුල් වාක්‍යය හා ගැලපූ කල අද කොච්චියා නුවර යන්නේ සැප ගන්නටය..නුවර දී විවිධ සැපයන් ලෝකයේ අන් හැමතැනකටම වඩා වෙනස් ලෙස ගත හැකි බව මා කියන්නේ අත්දැකීමෙන් ය. විස්කි,සුරුට්ටු සහ කෝපි පමණක් නොව සෙක්ස් පවා එසේ ය.
මහත් වූ දුකින් සිටි ඔය කිවූ දෙසැම්බරයේ කොච්චියා නුවර ගොස් නැවතී සිටියේ ළඟම මිතුරියකගේ ගෙදරය. මගේ ආත්මයේ ගැඹුරුතම වේදනාව එදා ඈ තරම් තේරුම් ගත් කිසිවෙකු නොවූවේය.මගේ දුකට හේතුවූ ඒ කාරණය පසු පස ඇයගේ සැමියා ද සිටි නිසා ඈත්, සිය වරද තේරුම් ගත් ඔහුත් මා අස්වැසීම ඔවුන්ගේ වගකීමක් හා යුතුකමක් සේ සැලකුවෝය.
අස්ගිරි මහා විහාරය පසු කරගෙන ඉහළට යද්දී රත්නායක බේකරිය අසල වූ තරමක විශාල නිවසක් වූ එහි මගේ කාමරය තිබුණේ උඩු මහලේ වූ අතර එය ඔවුන්ගේ කාමරයට යාබද එක විය.. ඇඳුමක් සෝදා ගැනීමට වත් සිත නොදුන් ඒ කාලයේ ඇය මගේ ඇඳුම් සෝදා වේලා මැද දුන්නා මෙන්ම තුන්වේලටම ආහාරද මා ආසා ලෙස සාදා දුන්නාය. ඒ අතරේ ඔහු මට බොන්නට ඇති පමණ බියර් කේස් පිටින් ගෙනත් දුන්නේය. සිය ක්ෂේත්‍රයන්ගේ අතිශය ප්‍රසිද්ධ වෘත්තිකයන් දෙදෙනෙක් වූ එම දෙපළගේ නම් සඳහන් නොකරන්නේ එය ඉදිරියේදී ලියන්නට ඉන්නා පෝස්ට් වලදී ඔවුන්ගේ චරිතයන්ට හානිකර විය හැකි නිසාය.
වැඩි මිතුරු ආශ්‍රයක් නොවූ ඔවුන්ගේ ගෙදර නිතර ආගිය එක් තරුණියක් වූවාය. තරුණියක් කිව්වාට එකල ඈ එක්දරු මවක් වූ අතර සැමියා හමුදා නිලධාරියෙක් බවට මතකයක් ඇත්තේය. ඇය එවකට මහනුවර නගරයේ රූපලාවණ්‍යගාරයක් පවත්වා ගෙන ගියාය. වැස්ස වගේ නමක් තිබූ ඇගේ රූපශ්‍රීය කොච්චියා ව සෑහෙන්න අවුල් කළේය. ඇගේ දෑස් තුල වූ ගින්න එවකට ඉබාගාතේ යමින් සිටි කොච්චියාව දෙදරවා පුපුරවා හරිමින් තිබ්බේය.කොටින්ම ඈ දෙස හෙලූ නෙත් ඉන් ඉවතට ගැනීම ඉතා දුෂ්කර වූ අතර ඉන් ඇය ද රහස් සතුටක් ලැබුවාය. ඉතා පැහැදිලි ලෙස ඇය මට ආරාධනා කරමින් සිටියාය.
මා වඩාත්ම අපහසුතාවයට පත්වූ ඒ රාත්‍රියේ ඇය අධික වැස්සේ රිය පැදවිය නොහැකි බව පවසමින් එහි නැවතීමට තීරණය කළාය. සිකුරාදාවක් වූ එදා මැදියම තෙක් ඕමි ගසමින් අපි කෝපි බිව්වෝය. ඒ අතරේ වල්පල් ද කියෙව්වෝය. වැස්ස වගේ නමක් තිබූ ඇයට ඒ මහ වැසි වැස්සාවූ රාත්‍රියේ වෙන් කර තිබ්බේ පහත මාලයේ වූ කාමරයක් වූ අතර ඈට සුබ රාත්‍රියක් පතා කාමරයට ගිය මගේ දුරකථනයට ඒ වන විටත් එස් එම් එස් ගලමින් තිබුණේය.
“I’m scared...I can’t sleep”
“shall I make another coffee for we both?”
ඔහේලා කෙසේ සිතුවත් කොච්චියා වැස්සට නොතෙමී සිටියේය. හෙණ ගසමින් වැසි වැස්සාවූ ඒ රාත්‍රියේ කොච්චියා ඇගෙන් කෝපි වත් නොබිව්වේය. ඒත් අද මෙන්ම එදත් කලකට පසු වැටෙනා වැස්සේ සුවඳ විඳින්නට කොච්චියා ආසාය… ඒ වැස්ස වියළි පොළවේ වැදී නහයට දැනෙන්නාවූ ඒ සුවඳට ද ආසා ය.
………………………………………………
කොච්චියා ඔය කාලයේ කිසිදා නොලැබූ අත්දැකීම් හිතා මතාම වින්දේය. අලිමුඩුක්කුව ගැන නොදන්නා නුවර වැසියෙක් නැත්තේය …. ඔය අලිමුඩුක්කුව ඇතුලේ කම්කරු පන්තියේ තැබෑරුමක් තිබ්බේය..තාම තියෙනවා දැයි නොදන්නේය. වරක් කොච්චියා එහි ගියේ බියර් බොන්නට සිතා ගෙනය. නුවර ප්‍රසිද්ධ pub වල එකල නිතර ගැවසුණු කොච්චියාට ඒවායේ රහක් නැති බව වැටහෙමින් තිබුණේය. තමා තුලම රහ සෙවූ කොච්චියා නැවතුණේ අලි මුඩුක්කුවේය.. බියර් බොන්නට සිතා ගෙන ගියාට අවසානයේ අසෝක වීදුරු කීපයක් පිරෙන්නට ගල් අරක්කු බිවූ කොච්චියා මිතුරන් කීප දෙනෙක් දිනා ගත්තේය. ඉස්කෝලේ ලොකුව මෙන්ම අධ්‍යාපනය ද පඩ්ඩෙක් සේ කඩ්ඩ වැනීම ද ලොකු කර සැලකූ කොච්චියා පොළවේ පය තැබුවේ ඔය කාලයේය.
ඔය කාල පරිච්ඡේදය කොච්චියාව ඉස්කෝලය සහ දේශපාලනය මෙන්ම සිහින වලින්ද ඈත් කළේය. සිහින වලින් මුදනු ලැබූ මා නිකමෙක් ය යන්න මගේ මනුෂ්‍ය ස්වභාවය ඇතුළේ අදටත් මා පෙළන්නක් ය...ඒත් දුකින් තොර ජීවිතය මට දැන් දැන් සිහින එපා කරවන්නේය. මේ කියන්නේ කොච්චියාගේ ආත්ම කථනයක් වෙන්නටද පුලුවන් ය...ඒත් එය විග්‍රහ කිරීමට කාලය වැය කිරීම මේ පෝස්ටුව පස්සට ඇදීමක් හෙයින් ඒ ගැන සිතීමද ඔහේලාටම පවරන්නේය. මට සාර්ථක මිනිසෙක් වීමේ ආසාවක් දැන් ඇත්තේම නැතිය...ඒ ආසාව මුලාවක් බව මා පසක් කර ඇත්තේය. දුක නොදැනෙනා ජීවියෙකු වීම ම ප්‍රමාණවත් බව මා අවබෝධ කර ඇත්තේය.
එදා අලි මුඩුක්කුවේ අමුතු සතෙක් සේ සැරි සැරූ කොච්චියා අද එහි ගියොත් උන්ගෙන් එකෙක් සේ හැසිරීම ප්‍රගුණ කර ඇත්තේය. ඊට වඩා අතිශය පහළට මෙන්ම ඉතාම ඉහළටත් එක සේ හැසිරීම අද මා දන්නේය. අධ්‍යාපනය කියන්නේ ඕකම බව තාත්තා වරක් කිව්වා මතකේ ඇත්තේය. තැනේ හැටියට ඇණේ ගැසීමද මගේම හැටියට කර ගත හැකි බව අද මා දන්නේය.. සංවේදී කොච්චියා නරුමයෙක් වී ඇත්තේ අවබෝධය මත පමණක් ය. ඔය අවබෝධය අන්තිම කොනටම ලැබූ සිද්ධාර්ථ හා යේසුස් වැන්නෝ මොන තරම් දුරට නරුමයන් වූවාද කියා හිතෙන්නේ අපි වැනි ගොබ්බයන් අවබෝධය තුල කෙතරම් හැඟීම් විරහිත නරුමයන් වී ඇතැයි සිතෙන කලටය.
අර වැස්ස වගේ නම තිබූ ඇත්තිය කාලෙකට පසු මතක් වුනේ අහම්බයෙන් ය.අද ඈ මූණුපොතේ වත් සොයා ගන්නට නැතිය..ඒත් ඈ කැන්ගරු දේශයේ සිට ආපසු සිරි ලංකාවට සැපත් වූ බවට කොච්චියාට ඉව වැටී ඇත්තේය.ඔය සිද්ධිය අද වෙනකන් නෝනාට පවා කියන්නට අමතකව තිබූ මාතෘකාවක් ය. අද බොන අතරේ කියන්නට හිටියාට ඈ කලින් නින්දට ගිය නිසා ඒ ද හබක් ය..හෙට උදේ ඇගේ මූඩ් එක මත කියන ආකාරය තීරණය කරන්නේය.
මේ මොහොතේ කොච්චියා ඉන්නේ සින්ගල් මෝල්ට් ග්ලෙන්ෆෙඩික් බෝතලයක් එක්කය.ඒ මා වඩාත්ම ආසා කරනා බෝතලය ය. කොච්චියා ග්ලෙන්ෆෙඩික් බොන්නේ අමුවෙන් මය. රස මැරීම පාපයක් ය. ඇරෝමාව මෙන්ම රසයද මාව ගෙනියන්නේ අනන්තයටය. වැස්ස වගේ වූ ඒ ගැහැනිය මගේ ජීවිතයේ එක රැයකටවත් මගේ නොවුනාට මගේ යෙහෙළියගේ සැමියා ඒ වැස්සේ තෙමුණේය.
මේ දැන් ජහුටා උගේ ශීෂාව මට දී මගේ එක ඌ ගත්තේය. ඌට ඒක සැර වැඩිය… කොච්චියා සැර නොතකන්නේය..රස පමණක් තකන්නේය. රසේ ස්වරුපය කොච්චියාට වැඩක් නැතිය. කැමැත්තෙන්ම උගේ ශීෂාව මගේ කර ගත්තේය. මූඩ් එකේ ඉන්නා විට මා හට ඕවා nothing ය.
මේ පෝස්ටුව අච්චාරුවක් සේ ඔහෙලාට පෙනෙන්නට පුලුවන් ය. කොච්චියා අච්චාරු වලට මහත් ආසාවක් ඇත්තෙක්ය. මගේ පෝස්ට් වැඩි හරියක් ලියවෙන්නේ වෙරි පිටය. ඒවා පහුවදාට එඩිට් කරන්නේද නැත්තේය. මේ ලියන බයිලා ඔහෙලාට කියවන්නට අමාරු නම් හෝ රහ නැති නම් මට සමා වෙනවා හොඳේය. එහෙමය කියා මගේ බයිලා මා නවතන්නේද නැතිය. ඒ කොච්චියාගේ හැටිය.
බහිරව කන්ද මෙන්ම හන්තාන මුදුනේද දුක දිය කළ ඒ කාලය මතකයට ගෙනා මේ පෝස්ටුවද මෙසේ නිම වෙන්නේය. ඇත්තක් මෙන්ම නැත්තක්ද නැති මෙහි මගේ ජීවිතයේ එක් රාමුවක පැතිකඩක් ලාවට වාගේ කියලා ඇත්තේය. කොච්චියාගේ ජීවිතයේ ඇතැම් පරිච්ඡේදයන් ගැඹුරින් කිව්වොත් අද සමාජයේ බැබළෙන සමහරුන්ගේ රෙදි ගැලවී උන් හෙලු වෙන්නෝය.. ඒ නිසා සීමා මායිම් එක්කම කතා කීමට කොච්චියා පුරුදු වී ඇත්තේය.
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහෙට උදේ නෝනගේ මූඩ් එක හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තට ආවාම කවියක් නොදී යන්නේ කොහොමද ?
Deleteආපි උදෙන් බ්ලොග බලන්න නිදිමතයිනෙ තාම
කාපි පොළොස් ටික කිව්වලු රහ බේරෙයි බෝම
දාපි කොමෙන්ටුව කොච්චිගෙ ලිපියට මම මේම
කෝපි නොබී සීතල රැය ගෙව්වෙද නුඹ කෝම........
ජයවේවා!!!
බොහොම ස්තූතියි දුමින්ද කවියට..
Deleteමටත් අද හිතා ගන්න බැහැ එදා කෝපි නොබී හිටියෙ කොහොමද කියලා
මුකුත්ම නොලියන විදියට උඹ හැමදේම ලියන විදියට මම ආසයි.
ReplyDeleteස්තූතියි මචෝ
Deleteඋඹ ජිවිතය හොදට විදල තිියනවා වාානේ . තවත් විදිිමින් ඉන්නවා දිිගටම අාතල් එකේ හිටහං
ReplyDeleteකොච්චියා දුකට ආසා නැතිය. හැමෝම දුකට ආසා නැතිය. ඒත් දුකට හේතු සොයා යන්නෝය
Delete.කොච්චියා හේතු වලට කොන්දේසි නැතිව ආදරය කරන්නට උත්සාහ කරන්නෙක් ය. එවිට සැපය පමණක් ඉතිරි වේ.
කොච්චියා මට පැහැදිලි උත්තරයක් දියන් ඇයි කෝපි බොන්න නොගියේ?????????? (සීරියස් උත්තරයක් දියහන්.තාම තේරුම් ගන්න බෑ.මට නින්ද ගියා වගේ ඒවානම් කියන්න එපා)
ReplyDeleteමාර ප්‍රශ්න නේ බන් උඹ අහන්නෙ, දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නෙ නැතුව...
Deleteමචං ඔය කාලේ මම මටම වාරණයක් දා ගෙන උන්නා..ඊලඟ පෝස්ට් එකක ඒ හේතු සහිත අර්ථකථනයක් දෙන්නම්
මාර ප්‍රශ්න නේ බන් උඹ අහන්නෙ, දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නෙ නැතුව...
Deleteමචං ඔය කාලේ මම මටම වාරණයක් දා ගෙන උන්නා..ඊලඟ පෝස්ට් එකක ඒ හේතු සහිත අර්ථකථනයක් දෙන්නම්
මට ඒක අහන්ඩ හිතිලා නාහා හිටියේ , දැං ඉතිං මු ඒක ඇහුවනේ ... මචං ඒ ලෙඩේට උඹ බෙහෙත් ගත්තේ කොහෙන්ද ....උඹට අසනීපය හොද වෙච්ච එකේ අපේ මුද්දට කියහං බෙහෙත් ගත්ත වෙදා ඉන්නේ කොහෙද කියල ....පව් බං ඌ
Deleteදැන් කෝකද ලෙඩේ...?
Deleteදැන් කෝකද ලෙඩේ...?
Deleteඅපි හිටපු ගල්කන්ද පාරෙ එහෙම ඇවිත් ගියෙ නැතෙයි?
ReplyDeleteමොකෝ නැත්තෙ...විහාර මාවත පැත්තෙ ඉඳන් මම ප්‍රිම්රෝස් පැත්තට පයින් යනවා සමහර දාට..
Deleteඒ යනකොට කට පුම්බලා උඹට විසිල් ගැහුවේ මු තමයි
Deleteවෙලාවට අටමා ඔය පැත්තේ නොහිටියෙ
DeleteThis comment has been removed by the author.
Deleteමමත් ආස මේ වගේ ජීවිතයකට බං. කාල බීලා පුලුවන් විදිහට අනුන්ට උදව්වක් කරගෙන ඉන්න ජීවිතේ මොන තරම් ආතල්ද. අද අපි දැලකට පැටලිලා වගේ දඟලන්නේ.
ReplyDeleteබලාපොරොත්තු කියන ඒවා තමයි අපිව දැලේ ඔතන්නෙ
Deleteඉස්කෝලෙන් ලබන අධ්‍යාපනේට වඩා සිය දහස් ගුණයක් වටින අධ්‍යාපනයක් සමාජ ආස්සරෙන් ලබන්න පුලුවන්. හැබැයි තමං ප්‍රවේසම් උනොත් විතරයි.
ReplyDeleteඅච්චාරුවක් උනත් මේ ලියවිල්ලෙ අවුලක් මටනං පේන්නෙ නෑ.
ඔය ප්‍රවේසම උනත් සාපේක්ෂව වෙනස් වෙනවා. ලියවිල්ල අවුල් නැත්නම් ඔහෙලාට කියෝගෙන යන්න ඇහැක් නම් එච්චරයි
Deleteනුවරට ආසා නැත්තේ එහෙ යන්න තියන පාර කරදර නිසා සහ ටවුන් එක ඇතුලෙ එලවන්න තියන අපහසුව නිසා, ඒත් වෙන තැන් වලට යනකොට නුවර හරහා යන්න වෙනවා බැන බැන ( ජීවත් වෙන්න, හවසට පයින් ඇවිදින්න හොඳ ඇති )
ReplyDeleteකොච්චිගෙ වැස්සත් හැලපෙගේ කතාවල වගේ හරියට තෙමෙන්න ඉස්සෙල්ලා පායනවා නේ? කොච්චර බීලා ලිව්වත් ඩොමෙස්ටික් සෙන්සර් in a corner of the mind :-D
විස්කිවලින් සිංගල් මෝල්ට්වලට කැමතියි, ඒත් ජේම්සන් ට්‍රිපල් ඩිස්ටිල්ඩ්වලට ඊට වඩා කැමතියි
මම නම් නුවර තියෙන හැම කරදරකාරි තත්වෙටමත් කැමතියි.
Deleteහැලපෙ තරම් මම ඩොමෙස්ටික් සෙන්සර් තකන්නෙ නැහැ..මට ඒ තරම් තද බලපෑමක් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් නැහැ ..හැබැයි නෝනා කැමති නැහැ මම ලියන පල් හෑලි වලට. එයා කියන්නෙ වැඩක් ඇති දෙයක් ලියන්න කියලා...මම ලියන්නෙ මට ආතල් දැනෙන විදියට.
ප්‍රදීප් ... ලංකාවට ආවම ඔහේ එක්ක බොන්න තද ඕනෑකමක් තියෙනවා
යාලුවෙක් Kraken Spiced Rum එකක් එවනවයි කියලා තියනවා. තාම දැකලත් තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ විතරයි !! කොහොමවුනත් කොච්චි එනකම් ඒක සර්වයිව් වෙයි කියලා හිතන්න අමාරුයි.
Deleteඑනිසා සිංගල් මෝල්ට් , ජේම්සන්, ඕක්හාර්ට්, ටෙකීලා (Blue Agave වැඩි තරමට හොඳයි ) - ඕල් වෙරි වෙල්කම්.:-D D
ඇත්තෙන්ම බොනවට වඩා කතාකරන්න දේවල් ඇති නිසා මෙහෙන් ඕනෙ මගුලක් අරන් කතා කරමු
කතා කරන්න ටොපික් තියෙද්දි ගල් නැත්නම් කසිප්පු උනත් අවුලක් නැහැ
Deleteහරි වැඩේ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි....
Delete//////මගේ ජීවිතයේ එක රැයකටවත් මගේ නොවුනාට මගේ යෙහෙළියගේ සැමියා ඒ වැස්සේ තෙමුණේය./////////////
ReplyDeleteමේවා නොවෙනවානම් තමයි බං පුදුමේ.
කොච්චියෝ ජීවිතේ කියන්නේ මහ පුදුම කතන්දරයක් බං. තමන් කවුද කියලා හරියටම වටහාගන්න හම්බවෙන්නේ කාලයත් එක්කම. නුවරට මමත් හරිම ආසයි. බ්‍රැඩ්බි එකට ඇවිත් පේමන්ට් ගානේ රස්තියාදුවෙච්ච දේවල්..කඩ ඉස්සරහ නයිට් ගහපු හැටි මතක්වුනා. ඕනම තත්වෙකට ඇජස්ටබ්ල් ලයිෆ් ස්ටයිල් එකක් මටත් තියෙනවා කියලා මම හිතනවා. ඒක හැදුනේ සමාජෙන්මයි. මම හිටිය සමාජෙට මම අදත් ගරු කරනවා.
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteබ්‍රැඩ්බි ඉවර වෙලා රෑට ගන්න නුවර ආතල් ගැන නම් කවර කතාද...හැමදාමත් කලින් නිදියන මහනුවරට නින්දක් නැත්තෙ බ්‍රැඩ්බි කැන්ඩි ලෙග් එකේදි තමයි
Deleteමුළු හිතම ඇදගත් පෝස්ට් එකක්. එදා වැස්සේ තෙමුණන් අද ඒ අත්දැකීම නොම්මරයක් පමණයි. නොතෙමීම ඒක සුන්දර මතකයක් වීමට හේතුව යැයි මගේ උපකල්පනය.
ReplyDeleteඉයන් එක්ක එකඟයි. ඒ වගේම හිත ඇදගත් පෝස්ට් එකක් වුනා නම් ඒක මට සතුටක්.
Deleteඉතින් අපි ඇයට වර්ෂායැයි කියමු.වර්ෂාගේ කෝපි නොබිව් එක හොදය.එසේ බිව්වානම් ඇය ගැන මුහුණු පොතේ හොයන්නට ඈ ගැන ඉව කරන්නට තරම් දෙයක් මේ වෙනකොට නැත්තේය.
ReplyDeleteනුවරට මමත් බොහොම පෙම් කරනවා. ඒක තමා මගේ හීන වල මම ජීවත් වෙන නගරේ.
Deleteශානි නුවර නෙවෙයි නේද?
Deleteනැහැ අනේ ඒකනේ මම හීනෙන් එහේ ජීවත් වෙන්නේ,ආ... මගේ ඊළඟ පෝස්ට් එක බොහෝ දුරට ඔයාගේ මේ අත්දැකීම අලලා ලියූවක් වේවි. එතකොට ඉතින් ඒකත් ලව් , ලස්ට් , රොමෑන්ස් තමා හි හී
DeleteWow...නියමයි..බලන් ඉන්නෙ එහෙනම් ඒක කියවන්න.
Deleteමොනවා වුනත් එදා ගැන දුකයි නේද?
ReplyDeleteඒ මොහොතේ දුකක් දැනුනේ නැහැ ... පස්සේ කාලෙක හිතුනා අපරාදෙ කියලා..අද නම් ඒත් දුකක් නැහැ
Deleteවැස්සේ නොතෙමුනු උඹට මාගේ බලවත් විරෝධය...
ReplyDeleteමේක දැම්ම වෙලේ ඉඳන් හැම එකාම ඕකම කියනවා...
Deleteමම නං කියන්නෙ අපරාදෙ රසවත් කෝපි එක කියල.
ReplyDeleteඅනිවාර්යයෙන්ම රසවත්..
Deleteනුවර?
ReplyDeleteතුහුප්පිතරක්... නුවර ටවුමෙ යන වාහන වලට එංජිම ඕන්නෑ ගොනෙක් බැඳගත්තං වේගෙ වැඩිත් එක්ක.
උඹ කෝපි නොබිව්වෙ පහුවදාට බඩ වේලයි කියලා බය උන හිංදා නේද ?
මම නම් නුවර තියෙන ඒ පට්ට ස්ලෝ ගතියට කැමතියි බන්..
Deleteකෝපි වලට බඩ වේලන කේස් එක මට නැහැ..මාර වාසනාවක්..මම කෝපි ගැනත් ලිව්වා වතාවක්
“I’m scared...I can’t sleep” ටෙස් එක ආවම ඉතින් උඹත් වෙවුල වෙවුල ලිව්වලු "me as well. (but no thanks for coffee)" කියල.
ReplyDeleteඅම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
DeleteYou are correct bro..
අම්මට හුඩු...උඹට විතරයි බන් තේරුණේ...
DeleteYou are correct bro..
කෝච්චියා අතීත කාමියෙක් වගෙයි මට නම් හිතෙන්නේ... ජයවේවා !!!
ReplyDeleteඅතීතකාමයෙන් තොරව කතන්දර ලියන්න බැහැ
Deleteඇත්ත හලෝ. වර්තමානය යනු ගඩොල් සහ සිමෙන්ති නම්, අතීතය එහි පදනමයි. වහලය ගසා ගැනීම අනාගතයයි. නැද්ද මං කියන්නේ...
Deleteඋඹේ මේ පොස්ට් එක මට මිස් වුණේ කොහොමද මන්ද, ආපහු ලියන්න ගත්තොත් මොකද ?
ReplyDelete