Monday, November 28, 2016

සත්‍යාගාරයේ පච වූ සුමනදාස, හොර කේන්දරකාරයෝ, නොස්ට්‍රදාමුස් සහ ආසිරිගේ පාන්

සිකුරාදා උදේ ටීවී එක දා ගත්තේ යූ ටියුබ් එකේ මොකක් හෝ සිංදුවක් දමා ගෙන බලමින් අසන්නටය. එහෙම කිව්වේ දැන් සිංදුවක් සම්පූර්ණ වෙන්නේ ඒකට වීඩියෝවක්ද තිබ්බොත් නිසාය. එහෙම තෝරන අතරේ උපුල් ශාන්ත සන්නස්ගල ගේ මූණත්තහඩුවද කොහෙන්දෝ පෙනුණු නිසා කොච්චියා ඒ මත ක්ලික් කළේය. ඒ පාර ආවේ සත්‍යාගාරය ප්‍රෝග්‍රෑම් එකේ රනිල් වික්‍රමසිංහ හිටපු එපිසෝඩ් එකය..එය මීට පෙර බලා ඇති බැවින් පොඩ්ඩක් එහෙට මෙහෙට කළ විට හිටපු රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන සිටි එපිසෝඩ් එක ආවේය. මිනිහා ආතල් දෙන්නට දෙයියා බව දන්නා කොච්චියා උදේ පාන්දර ලේ පිරිසිදු කර ගන්නටත් හිතා ගෙන ඕක බලන්නට ගත්තේ දෙකකුල් ද ටීපෝව උඩින් දමා ගෙනය. නෝනා නැගිටලා නැති නිසා ඒ වාගේ විනය විරෝධී වැඩ කරන්නට ඒ වේලාව ආරක්ෂිතය.


හිනාවෙන්නට කියා හිතුවාට ටික වෙලාවක් බලද්දී කොච්චියාට දුක හිතුණේය. ඒ තරමටම සුමනදාස ලොක්කා අසරණ වුණේය. මහා දෛවඥයා අට වසරේ කොල්ලෙක් ටත් වඩා පහළට වැටුණේය. කොච්චියාට ඔය සුමනදාසයා පෙන්නන්නට බැරි නමුත් මෙතනදී නම් මිනිහා කෙරේ පැහැදිලි අනුකම්පාවක් ඇති වුණේය. සන්නා කොහොමත් ප්‍රශ්න අසා මිනිස්සු අමාරුවේ දාන්නට රුසියා බැව් කොච්චියා දන්නේය. ඒත් ගොඩක් උන් අමාරුවේ වටෙන්නේ උන්ගේ ජිල් මාට් නිසාය...එහෙමත් නැත්නම් එක් එක් තැන්හි කියා ඇති විවිධ බොරු පටලවා සන්නා ප්‍රශ්න අහන නිසාය..ඒත් මිනිහෙක් තමාගේම විෂය ඇතුලේ අසරණ උනා මේ දැක්කාමය. ඒකත් මේ වගේ එක එක පැත්තට කරකවා බයිලා ගැසිය හැකි සබ්ජෙක්ට් එකක් වූ ජ්‍යෝතිශය ගැනය. ජ්‍යෝතිශය ගැන අබමල් රේණුවක දැනුමක් නැති පාසල් යන පොඩි කොල්ලෙක් ට කිසි ගේමක් නැතිව ගොඩ දා ගත හැකි මට්ටමේ ප්‍රශ්න වලට සුමනදාසයා වටේ ගියේය. මෙහෙව් ගොනෙක් රාජකීය දෛවඥයා කර ගත් ඒ මහරජ තෙමේ කවර බුද්ධිමතෙක් දැයි කියාද හිතුණේය. ඒ ගැන කතා කළොත් වැඩේ දිග්ගැස්සෙන අතර හැම දාමත් වාගේ “ රජතුමා ගාව ගන්නෙ නැතුව උඹට ලියන්නම බැරිද” කියා අටමා අසනවා ඇත්තේය. මොනවා උනත් අටමා හොඳ එකා නිසා කොච්චියා ඌ එක්ක රජතුමා ට විරුද්ධව හා වදන්තදයට පක්ෂව කතා නොකිරීමට සිතා ගෙන ඉන්නේය..මොකෝ ඒවායින් අටමා ගේ ලාමක සිත රිදුනොත් ඒ පව කොච්චියාටය.


කාලයක් කොච්චියා සහ නෝනා නුවර පලාතේ පදිංචි වී සිටියෝය. වටපුලුවේ ය. පොල්ගොල්ල ඩෑම් එක අසබඩ පට්ට ලස්සන තැනකය. අසාර්ථක වූ ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මාස කීපයක් නුවරට වී නාස්ති කළ ඒ කාලය අපේ ජීවිතවල සුන්දරම කාලය කිව්වත් නිවැරදිය … කරන්නට විශේෂ වැඩක් නොතිබූ ඒ දිනවල  අප දෙදෙනා කේන්දර කාරයන් පසු පස ගියේ උන් කියනා බොරු අහන්නය. ඒ අතර ප්‍රසිද්ධ හාමුදුරුවරු මෙන්ම බොහෝ මැති ඇමතිවරුන්ගේ විශ්වාසවන්ත දෛවඥයෝද උන්නෝය. කොච්චියා ගේ නෝනා ජ්‍යෝතිශය සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කළ ඇත්තියක් ය. ඒ ගැන ඇති විශ්වාසයක් නිසා නොවන මුත් විෂයයක් ලෙස එය දැන ගනු පිණිසමය. ඈ ඒ සඳහා ඉන්දියාවට පවා ගොස් ඇත්තේ නිවැරදි ලෙස ඒ දැනුම ග්‍රහණය කර ගන්නටය.වෙළඳපොළේ අලෙවි වන ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ගේ  ගේ දැනුම ගැන මෙන්ම ඔවුන් සිය දැනුම ප්‍රායෝගිකව පරිශීලනය කරන ආකාරය පර්යේෂණයට භාජනය කිරීම අපේ අරමුණ වූයේය.

අප මුලින්ම ගියේ ඩී එස් සේනානායක වීදියේ, ට්‍රිනිටි කොලීජිය ඉස්සරහට වෙන්නට තිබූ තැනකටය..මැදි වියේ වැදගත් පහේ මහත්තයෙක් කොම්පියුටරයක් භාවිතයෙන් සිය ජ්‍යෝතිශ කටයුතු කරගෙන යන්නේය. එතන වැඩ හරි වේගවත්‍ ය. කොම්පියුටරය නිසා වෙලාව හරියට දුන්නොත්  කේන්දරය නම් තිතට හරි ය. වැඩි විස්තර කථනයකට වෙලාව ගන්නේත් නැත්තේය..පොඩි ඩිස්පැන්සරියක් වගේය...කට්ටිය පෝලිමේ ඉන්නා නිසා සියලු විස්තර සහිත ප්‍රින්‍ටවුට් එක පාරිභෝගික අවශ්‍යතාව ඉටු කරන්නේය. මිනිහා ළඟට වැඩියෙන් එන්නේ පොරොන්දම් බලන්න ටය. කොම්පියුටරය විසින් දෙන්නාගේ ගැලපීම ප්‍රතිශත වශයෙන් දක්වන්නේය. එක් එක් පොරොන්දම සියයට කීයක් ගැලපේද යන්න බලා ගන්නට පුළුවන් ය. කොච්චියා හා නෝනා ද අතින් කයිට් වී එය බලවා ගත්තා මතකය. හොඳකට තිබ්බේ ඒ අංකල් බොරු නොකීමය..හැබැයි කේන්දරයක් ගැඹුරින් විග්‍රහ කිරීමට තරම් දැනුමක් නම් උන්දෑට තිබුණේ නැතිය.

ඔය කාලයේ බොහෝ දින වල හැන්දෑවට අපි ලොකු අප්පච්චිලාගේ දිහෑ යන්නේ ෆ්ලෝටර් ගසන්නටය.. ෆ්ලෝටර් කියන්නේ කාඩ් කුට්ටමෙන් කරනා රමී පන්නයේ සෙල්ලමක් බව කොච්චියා මීට පෙරද කියා ඇත්තේය. ඔය යන අතරේ ලේවැල්ල යක්ගහපිටිය පාරේ වෙල් යායක් අයිනේ පොඩි කඩමණ්ඩියක අටවා ගෙන ඇති ජ්‍යෝතිශ සේවා බෝඩ් ලෑල්ලක් දුටු අපි වහාම තීරණය කළේ ගිහින් බලමු කියාය. ඇතුලේ උන්නේ බුලත් විටක් හපමින් හිටි උඩු රැවුලක් සහිත කාලවර්ණ පිරිමියෙකුත් පැහැපත් සරාගී පෙනුමැති ගැහැනියකුත් ය. මිනිහා ජ්‍යෝතිශවේදියා වූ අතර ඒ ගැහැණිය සහායිකාවය. උපන් වේලාව අසා ගෙන මිනිහා එවේලේම ගණන් සාදා මගේ කේන්දරය හදා ගත්තේ ගෙඩි පිටින්ම වැරදියටය. ඉන් නොනැවතී මා ඉපදී ඇත්තේ වටිනා යෝග රැසක් සමග බවත් පැවසුවේය..ඇත්ත නම් කොච්චියාට ඇත්තේ කුජචන්ද්‍ර යෝගයක් හා ශනිචන්ද්‍ර යෝගයක් ය...මේ දෙකම නොම්මර එකේ මංගල දෝෂ ය.

තැන්නෙකුඹුරේ ප්‍රසිද්ධ පන්සලක ස්වාමීන්වහන්සේ නමක් ද ඉතා දක්ෂ ලෙස වෙලාව බලන බවත් ප්‍රසිද්ධ දේශපාලකයන් රැසක් එහි යනෙන බවත් ආරංචි වී වරක් අප ගියේ එහිමියන් බැහැ දැකුමටය. අපට කේන්දර නොමැති බවත් අලුතෙන් සාදා ගතයුතු බවත් පැවසූ කල උන්නාන්සේ කීවේ උපන් වෙලාව ලියා මුදල් දී යන ලෙසත් පසු දින පැමිණෙන ලෙසත් ය. නියමිත ලෙස දෙවෙනි දින උන්නාන්සේ හමු වූ අතර බොහෝ බැරෑරුම් ලෙස කේන්දරය විග්‍රහ කර දුන් නමුත් නවාංශකයේ ගණනය කිරීම් තදබල ලෙස වරද්දා තිබුණේය. ග්‍රහයෝ හිටියේ කොටු පැනලාය. එනම් අනුන්ගේ කොටු වලය.

එක් අසල්වැසි කාන්තාවක් අපේ නෝනාට තවත් ඔත්තුවක් දී තිබුණේය. ඒ හල්ලොලුව පැත්තේ ගෑනු කෙනෙක් ගැනය. උන්දෑ කිව්වොත් කිරිගහට ඇන්නා වගේ ය. නොම්මර අරගෙන පෝලිමේ ඉන්න ඕනෑය...කියාද ඒ පණිවිඩය දුන් තැනැත්තිය පවසා තිබ්බාය. කොච්චියා හා නෝනා දිනක් උදෙන්ම අවදිවී අදාල ස්ථානය වෙත ගියේ පෝලිම් අරහං නිසාය..භක්තියෙන් යන එකාට පෝලිම පවා සැප වුනාට අපි යන්නේ ආතල් ගන්න නිසාම ඒ ආතල් පෝලිම් වල ලැගලා කඩා ගන්නට අපට උවමනා වූයේ නැතිය. ඒ යද්දීත් කීප දෙනෙක් එහි පැමිණ සිටි අතර අදාල උත්තමාවිය පැමිණියේ ප්‍රමාද වීය. කුසගින්නේ හිටි අප දෙදෙනා ළඟ කඩේකින් ක්‍රීම් බනිස් කෑවා මතකය. අපේ වාරය ආ අතර හුඹහක් වැනි කාමරයක සිටි ඈ සිටියේ ඔසරියකින් සැරසිලාය. ඈත ගමක කුඩා පාසලක විදුහල්පතිනියක සිහි ගැන්වූ පෙනුමක් තිබුණද ඇගේ මුහුණේ සිනා පොදක් වත් මා නම් දැක්කේ නැතිය. උපන් වෙලාව දුන් පසු පහුවදා එන ලෙස දැන්වූ ඇය ඊලඟ දවසේ පැවසුවේ තදබල අපල ඇති නිසා අප දෙදෙනාම යන්තර පැළඳ ගත යුතු බවය. ඒ සඳහා ඇඩ්වාන්ස් එකක් ද එතුමිය ඉල්ලුවේ අපේ ඒ ගැන අදහස විමසන්නටත් කලින් ය. කොච්චියාට පෙර කට ඉස්සර කළ නෝනා කීවේ සල්ලි ගෙනාවේ නැති බවත් හෙට එන්නම් කියාත්‍ ය. අපේ දුරකථන අංකය ඉල්ලාගත් ඇගේ සහායකයෙක් දින කීපයක්ම අප අමතා මතක් කළේ මුදල් සමග පැමිණෙන ලෙසය.

අවංක සහ දක්ෂ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ද හමු නොවුනා නොවේය. එසේ හමු වූවෝ සැඟවුනු චරිතය. ජ්‍යෝතිශයෙන් හම්බ කර ගැනීම අරමුණ නොවූ වෙනත් රැකියා හා කර්මාන්ත වල නියැලෙන්නෝය. අහම්බයෙන් මෙන් හමුවූ එක් අයෙක් සිටියේ ලොකු අප්පච්චිගේ ගෙදරට හූවක දුරින් ය. කුඩා කන්දක් පහල වූ ඔහු තුල සුපැහැදිලි දැනුමක් වීය. හෙතෙමේ නමින් හුලංගමුවය..දෙගල්දොරුව පන්සලට කිට්ටුවෙන් ය. කොච්චියාගේ කේන්දරය බැලූ බහුතරයක් දක්ෂයන් මෙන්ම හුලංගමුව මහතා ද අපහසුතාවට පත් වුණේය.. කොච්චියාගේ උප්පත්ති කේන්දරයේ ඇති මංගල දෝෂ සලකා බලන කල විවාහය කඩාකප්පල් වන බව නොකියාම බැරිය. සතුටින් තමා වෙත ආ ජෝඩුවකට කටක් ඇර මේ බව කියන්නේ කෙසේදැයි ජ්‍යෝතිශවේදියා ඇඹරෙන්නේය. හුලංගමුව ගේ දක්ෂතා ගැන අසා එකල ඔහුගේ සේවය ලබා ගත් අය අතර එවකට නවක නිළියක්ව සිටි නදීශා හේමමාලි ද සිටියාය. ඈ ගැන කවර මතයක් මා දැරුවත් මහා බලගතු පිරිමින් සුමනදාසලා පස්සේ යද්දී සිය දෛවඥයා ලෙස සැබෑ දැනුමකින් යුත්තෙක් තෝරා ගැනීමට තරම් ඈ දක්ෂ වූවාය.

අනාවැකි කියනවා නම් කියන්නට ඕනෑ නොස්ට්‍රඩාමුස් වගේය...අවුරුදු ගානක් ගිහිල්ලාත් එකින් එක සැබෑ වෙන විදියටය. නොස්ට්‍රඩාමුස් කියලා කිව්වාට මිනිහාගේ නම “Michel de Notre Dame” ය. ප්‍රංශ ජාතික නොස්ට්‍රඩාමුස් ගේ මුල්ම ලොව කැළඹූ අනාවැකිය වූයේ ප්‍රංශ රජු වූ දෙවෙනි හෙන්රිගේ කෲර මරණයයි. නැපෝලියන් මෙන්ම හිට්ලර් ගැනත් චාර්ල්ස් ඩ් ගෝල් මෙන්ම ඩයනා සහ කෙනඩි ගැනත් පමණක් නොව 9/11 ප්‍රහාරය සහ හිරෝෂිමා නාගසාකි බෝම්බ ගැනත් නොස්ට්‍රදාමුස් දිවැස් වැකි කියා ඇත්තේය. හැබැයි ඒ ද කිසිම දැනුමක් හෝ ශාස්ත්‍රයක් මත පදනම් ව නොවේය. ඒ නිසා මිනිහා ගෙඩි පිටින්ම අනාගත වක්තෘ කෙනෙක් ය.

නොස්ට්‍රදාමුස් හා ඔහුගේ ලෝ පතල "Prophecies"












ලංකාවේත් ඔය වගේ අනාවැකියක් කීවේ කොත්මලේ ගණිතයා ය. කොත්මලේ ගණිතයා සහ දොඩම්පේ ගණිතයා ගැනත් අප්‍රමාණ කතා සිංහල ජනප්‍රවාද වල ඇත්තේය.විවිධ බ්ලොග් කාරයෝ ඔය කතන්දර පට්ට ගසා ඇති නිසා කොච්චියා ඒවා කියන්නට යන්නේ නැතිය. නැකැත් තරුවක් දැකීමෙන් පසු වරෙක පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කළේය. අනාගතයේ කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොර කන්දත් එකක්ව රටට ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බවත් ඉන් රටේ අභිවෘද්ධියක් ඇති වන බවත් නැකැත්තා පවසා ඇති බව ජනප්‍රවාදයේ එන්නේය.ඉන් වසර ගණනාවකට පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය  අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරය තෙක් ගෙන යන ලෙසින් කොත්මලේ ජලාශය ඉදි වූ අතර ජලාශය ඉදිකිරීම නිසා නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. අනාවැකියෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍යයක් වී ඇත්තේය.

කොච්චියා ජීවිතයේ කිසිම කලෙක ජ්‍යෝතිශය සිය ජීවිතයට අදාල කර ගත්තේ නැතිය. එය හැදෑරීමක් වනුයේ එතුල ඇති දැනුම් සම්භාරය නිසාවෙන් මිස අනාවැකි කීමේ හැකියාවක් නිසා නොවේය. ග්‍රහ පිහිටීම් ඉතා සංකීර්ණ වන අතරම ඒවා යේ පිහිටීම් වල සිදුවන වෙනස් වීම් සෑම තත්පරයක් පාසා සිදු වෙන්නේය. සෑම ග්‍රහ වස්තුවක්ම චලනය වනුයේ එකිනෙකට සාපේක්ෂවය. එසේ චලනය වන ග්‍රහ වස්තූන් පාදක කර ගෙන අනාගත වාක්‍ය කීම විහිළුවක් මය. උප්පත්ති කේන්දරය මත පුද්ගලයෙක් ගේ චරිතය හා සම්බන්ධයෙන් විග්‍රහ කිරීම කොච්චියා පිළිකෙව් කරන්නේ නැතිය. මන්ද ඒ මොහොත define කල හැකි නිසාය...අදාල මොහොතේ සියලු ග්‍රහයන්ගේ පිහිටීම ද  ජ්‍යෝතිශය ට අනුකූලව ඒවායේ බලපෑම් ද පැහැදිලි  කළ හැකි හෙයින් ය. නමුත් ජ්‍යෝතිශය තුල සාමාන්‍ය මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ අනාගතය ගැන අනාවැකි මිස අනෙකක් නොවේය. ඉතින් වෙළෙඳපොළ ඇත්තේ එතනය..අපේ දෛවඥයෝ cater කරන්නේ එතනටය.

සුමනදාස පමණක් නොව මෑත කාලයේ චාටර් වූ දෛවඥයන් අතර මංජුල පීරිස් සහ ඉන්දික තොටවත්ත වැන්නෝද තවත් කවුදෝ ඍෂිවරයක්ද සිටියෝය. මොනතරම් පීචං වූවත් මේ කිසිවෙකුගේ වෙළඳපොළ වටිනාකම අබමල් රේණුවකින් වත් පහත නොවැටී තබා ගැනීමට අපේ රටේ ජහමනයා මනා සේවයක් කරන්නෝය.ඉන්දික තොටවත්ත වරක් රූපවාහිනියෙන් කීවේ මිනිහාට ලැබුණු දිව්‍ය වරමක පිහිටෙන් ඕනෑම වසරක ඕනෑම දවසක් ඉරිදා ද සඳුදා ද ……. ලෙස කිව හැකිය. ඒ සඳහා ඇත්තේ සරල mathematical formula එකක් මිස අනෙකක් නොවේය. මනෝමයෙන් ගණන් සෑදිය හැකි ඕනෑම කෙනෙකුට ෆෝමියුලා එක තිබේ නම් තත්පර දහයක් ඇතුලත ඔය මැජික් එක පෙන්නන්නට හැකිය. කොච්චියාට නම් ඕක ඇත්තෙන්ම ටොයිස් ය. භයානක ඇත්ත නම් ඉන්දිකයා ඔය මැජික් එක පෙන්නා සිය මාකට් එක සෑහෙන්න expand කර ගත්තේය. වරද උගේ නෙවේය….ජහමනයා ගේ මය.

පාන් ගෙඩියක් හාරා කෝටිපතියන් බිහි කරනා ආසිරි වනිගරත්නයෝද මිනිසුන් අතර දෙවියෙක් ය. පාන් හෑරූ අනුගාමිකයෝ කෙසේ වුවත් ආසිරි නම් අද වන විට අග්‍රගන්‍ය කෝටිපතියෙක් බවට පත්වී අවසන් ය..මිනිහා හෑරූ එක පාන් ගෙඩියක් වත් නැතිය..පොර හෑරුවේ ලංකාවේ බුද්ධිමත් යැයි කියා ගන්නා ශ්‍රේෂ්ඨ සිංහල ජාතියේ මොළ පමණක්ය. සිංහල මොළ යැයි කීවේ ෆෙන් ශුයි ආතල් ගන්නට මුසල්මානුවෝ නොයනා බව කොච්චියා හොඳින්ම දන්නා නිසාය. අති මහත් බහුතරය සිංහල බෞද්ධයෝමය.

ප්‍රශ්න සහ කඳුළ විකිණීම තරම් හම්බ කර ගැනීමට වෙනත් මගක් නැත්තේය. මිනිසුන් තුල ඇති බය සමග සෙල්ලම් කිරීම කියන්නේ සල්ලි උල්පතක් ය.බයේ ඉන්නා එකා හදන්නේ බය නැති කර ගන්නට නෙවේය...තව බය වෙන්න ක්‍රම පාදා ගන්නා එකය. ආගම් වල දර්ශනය ජහමනයාට වැඩක් නැතිය...ඒවා උගන්වන්නේ තමාව ශුන්‍ය කර ගන්නටය...මිනිස් සන්තානය එසේ නොවේය...හදන්නේ සිය වටිනාකම වැඩි කර ගන්නටමය...ඒ තෘෂ්ණාවමය...බිය උපදින්නේ එයින් ය. ඒ බිය වැඩි කර පෙන්වා ඉන් ගොඩ යන්නට බලන් ඉන්නා ඉහත කී ආකාරවල චරිතයන් සීරුවෙන් ඉන්නේ ඔහේලා අපි වගේ මැට්ටෝ උන් වෙතට එන කල්ය.




78 comments:

  1. සමබර ලිපියක්. එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  2. උඹ කොච්චර නැතෙයි කිව්වත් උඹ මේක පිලිගන්නවා. මෙහෙම ළිපි ලියන්නෙ සහ ඒවා ගැන කොමෙන්ට් කරන සියල්ලන්මත් එහෙමයි. මේක හරියට දන්න මනුස්සයට නිවැරදිව සියල්ල කිව හැකියි. මාතලන් ඒ දේ අත්දැකිමෙම දන්නවා.

    එම් බී බී ඇස් එකෙකුට වෛද්\ය සාස්ත්‍රයේ සියල්ල කරන්න බැහැනේ. එහෙම විශයයක් තමඉ මේකත්.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරන සියල්ලන්ම නෙමෙයි මචෝ

      Delete
    2. මම බය නැතිව කියනවා මද්දා, කොච්චි මිරිස්ටත් වඩා කේන්දර පස්සෙ යනවා කියලා. ගොඩක අයට තියෙන්නේ ඒ පිළිබඳ ඉඡ්චා භංගත්වයක්. හේතුව හොරුන්ට අහු වීම.

      Delete
    3. මම පිලිගන්නෙ නැහැ කිව්වෙ නැහැ මාතලන්. මම ගියපු හැම එකාටම වඩා ඔය ශාස්ත්‍රය මගේ බිරිඳ දන්නවා. අපි ගියේ research එකකට වගේ.
      ඒත් කේන්දරය මත depend විය යුතු නෑ කියලයි මම හිතන්නෙ. අපේ කේන්දර පරීක්ෂා කරලා නැහැ වසර 5 කින් වත්..

      Delete
    4. පිටරටදි සියල්ල වෙනස් වෙනවා... අනික ඕවා බලන්නේ කෙල උනාම නේ..

      Delete
    5. මගේ ජීවිතේටම කේන්දරය බැලුවෙ ඔය කියන මාස හතර ඇතුලෙ විතරයි. මගේ එක විවාහයක් වත් කලේ වෙලාව බලලා නෙවෙයි..මගේ කේන්දරය හැදුවෙ මගේ බිරිඳ...බැන්දටත් පස්සේ. ඊට පස්සෙ

      Delete
    6. උඹ මද්ද ගැන දන්නෑ මාතේ.
      කතරගම දේවාලෙ මිදුලටම ගිහින් දේවාලෙ යන්නෙ නෑකියල බය නැතිව කියපු එකෙක් තමයි මද්ද. (මේක ජෝතිෂය සම්බන්ද නෑතමයි)
      අනිවාරෙන් යන්න කීව වාහන හැප්පෙයි නීව එ්ව කීව මේව කීව.
      අව්ලක් නෑ මොකද මද්දට නැතිවෙන්න දේවල් නෑ ඉතින් මද්ද දෙයියොන්ටයි කේන්දර වලටයි බය නෑ.

      Delete
  3. මද්දටත් කේන්දර 2ක්ම අම්ම හදල දෙයියන්ගෙ පිහිටෙන් ලග්න දෙකයි කේන්දර දෙකේ.
    මද්දගෙ පූරුවෙ පිනක් පල දුන්න දැං ඉතින් අ‍ම්මගෙන් කිසිම කරදරයක් නෑ.

    mathematical formula පල කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ෆෝමියුලා අවශ්‍ය නෑ සොෆ්ට්වෙයාර් තියෙනවා ඕන තරම්..

      ඔතන අපි බලන්න ඕන.. ආගම් බිහිවෙන්නත් කලින්, ග්‍රීසියේ ගනිතඥ්ඥයෝ බිහි වෙන්නත් කලින්, හටි ටක්කෙටම මේ ෆෝමියුලා දැන ගත්තෙ කොහොමද කියන එකයි..

      Delete
    2. කොම්පියුටර ප්‍රෝග්‍රෑම් වලින් පොරත්වය හදාගන්න බැහැනේ. අදාල formula එක පොඩ්ඩක් තනියෙන් ප්‍රැක්ටිස් කරලා වැඩේට බැස්සම හරි..ඉදිරියේ මම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්.කොහොමත් google එකෙන් හොයා ගන්න පුලුවන්.

      Delete
    3. මාතේ...අන්න එතනයි වැදගත්. මේ දේවල් මොන තරම් ගැඹුරු ලෙස හදාරන්න ඇතිද..නිරීක්ෂණය කිරීම් වලට මොන තරම් ඉවසීමක් තියෙන්න ඇත්ද

      Delete
    4. මද්දට නම් ඕනි ඔය මෝඩය කරේ තියන් ඉන්න උන් ඉස්සරහ කොර කරල පොර වෙන්න. හික්ස්! (සිරාවටම මද්ද ඕවත් එක්ක තරහයි. ඒකට යම් හේතුවක් තියනව ඒක කියන්න තරම් මද්දගෙ කොන්ද පන නෑ.)

      Delete
  4. හිටපිය කුඩප්පොච්චි රජවෙනකන් interpol ලව්වා ජංගි කෙටියෙන් ඇදගන ඇවිත් ඇටකුඩුකරල ඇතිකරන මෝරුන්ට කන්න දාන්න

    ReplyDelete
    Replies
    1. බය බෝවේ දේවයන්වහන්ස..බලු ගැත්තාට අනුකම්පා කරන සේක්වා!

      Delete
  5. සන්නා දවසක් අර මංජුලද කවුද එකාවත් ඔයවගේ අසරණ කළාලු.
    මංජුල සන්නාගෙන් උපන් වෙලාව උල්ලුවාම සන්නා වෙලාව දුන්නාලු.
    මංජුල අනාවැකිය කියන්න පටන්ගත්තාලු. ඉහලටම යනවා, කට නිසා තමයි ප්‍රශ්ණ ඇතිවෙන්නේ. හැබැයි කට නිසාමයි ඉහළට යන්නෙත් වගේ අනාවැකි ගොඩක් කියාගෙන ගිහින් කිව්වාලු මේ කිව්ව ඒවා හරි නේද? කියලා.
    සන්නා කිව්වාලු කිව්ව ඔක්කෝම දේවල් හරි. හැබැයි මං දුන්නේ මං ඉපදුණු වෙලාව නෙවෙයි බොරු වෙලාවක් කියලා..
    හැක්.

    ReplyDelete
    Replies
    1. මම නම් බලලා නැහැ ඔය කියන එක. නමුත් කවුරුහරි මටත් කිව්වා ඔය ගැන..මංජුල කියන්නෙත් පල්ම හොරෙක්

      Delete
    2. වීඩි්යෝ කෑල්ලක් එහෙම නෑ?

      Delete
  6. මම සුමනදාස මහතා කිහිප විටක්ම හමුවී ඇත. ඒ කේන්දර බැලීමට නොව කථාබහ කිරීමටය. ගාල්ලට ගියහොත් ඔහුගේ නිවසට ගොඩවැදී ඒම එකල මගේ පුරුද්දක් විය. ඔහු ඉතා අහිංසක චරිතයක් බව මගේ හැඟීමයි. සාදයකට ගියවිට මත්පැන් ස්වල්පයක් කටගෑවිට පොඩි ළමයෙකු මෙන් නැටීමට පටන් ගනී. එකල ඔහුගේ නිවසේ ආහාරපාන පිලිගන්වන්නේ මස් මාලු වලින් තොරවය.

    ඔහු මට මහින්ද රාජපක්ෂ මහතා ගැන කී කථාවක් ඇත. ඒ සුමණදාස මහතාගේ පියාත් මහින්ද රාජපක්ෂ මහතාගේ පියාත් මිතුරන්ය. සුමණදාස මහාතාගේ පියා ඉන්දියාවට යන අවස්ථාවක සිය දරුවන්ගේ කේන්දර පරීක්ෂාකරගෙන එන ලෙස පවසා කේන්දර කොපි සුමණාදාස මහතාගේ පියාට දී ඇත.

    ඒවා පරීක්ෂා කළ දෛවඥයා “මෙන්න මේ කේන්දරේ තියෙන ළමයා කවදා හරි ලංකාවේ රජවෙන“ බව පවසා මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය පෙන්වා ඇත. මේ බව සුමණදාස මහතාට පැවසූ ඒ මහතාගේ පියා ඔහුට දන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමග හිතවත්ව සිටිනා ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණි මුල් කාලයේ සුමනදාස මහතාගේ නිවස ඉදිරිපිට “අපේ රටේ අනාගත නායක මහින්ද රාජපක්ෂ .....“ යනුවෙන් නිවස ඉදිරිපිට අතින් අඳින ලද විශාල කටවුට් එකක් ප්‍රදර්ශනයට තබා ඇත. (මෙම කටවුට් සිදුවීම සත්‍ය බවත්, ඒ කාලයේ ඔවුන් පාසැල් යන විට මෙම කටවුට් එක දැක ඇති බවත් ඔවුන්ද “කවුද බං මේ මහින්ද රාජපක්ෂ කියන්නේ සුමණදාසකාරයාට පිස්සුද කොහෙද“ කියමින් බැණවදිමින් ගිය බවත් දැනටද දේශපාලනයේ නියුතු එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ මාගේ මිතුරෙක් මා සමග පැවසුවා)

    ReplyDelete
    Replies
    1. ඔහු අහිංසකයෙක් වෙන්න පුලුවන්. එදා මිනිහා කිච වෙද්දි මට කණගාටු හිතුනෙත් ඒකයි .. පොර ටෝක් දුන්නෙ නැහැ ..අසරණ උනා මිසක්

      Delete
  7. // නදීශා හේමමාලි ද සිටියාය. ඈ ගැන කවර මතයක් මා දැරුවත් මහා බලගතු පිරිමින් සුමනදාසලා පස්සේ යද්දී සිය දෛවඥයා ලෙස සැබෑ දැනුමකින් යුත්තෙක් තෝරා ගැනීමට තරම් ඈ දක්ෂ වූවාය.//

    ++++++

    Well said!
    I have a similar experience with her!!

    ReplyDelete
    Replies
    1. She is a real intelligent successful business woman..

      Delete
    2. සික්.... හිත කියන දේට මහ නරක දේවල්මනෙ හිතෙන්නෙ අප්පා...

      Delete
    3. ගස්ලබ්බො...බොට මොකක්ද හිතුනේ

      Delete
    4. //I have a similar experience with her!! //
      //She is a real intelligent successful business woman..//
      මේව එකිනෙක ගලපලා සාරසලා,මාතලංලා අර ඇමැටිටුමා වගේ සිල් බිඳගනවද්දෝ හෝ යි කියා හිතට සැක නැඟෙන බව ප්‍රසිද්ධියේ කියන එක හරි නෑනෙ කොච්චියෝ.

      Delete
    5. ඒවා අපි දන්නේ නැහැ ..හැබැයි ඒ ඇත්තීව එසේ access කිරීම හිතන තරම් පහසු නැතිය.

      Delete
  8. කොච්චිය කියල තියෙනව වගේ ඔය සාස්තරේ හරියටම දන්න මනුස්සය සල්ලි පස්සෙ යන්නෙ නෑ. මටත් තාම මගේ ලග්නෙ මොකක්ද කියන එක හොයාගන්න බැරුව ඉන්නෙ. මොකද උපන්නට පස්සෙ දෙන්නෙක්ම බලල හදපු කේන්දරේ තියෙන ලග්නෙ නෙමෙයි ඔය කොම්පියුටර් සොෆ්ට්වෙයා වල පෙන්නන්නෙ ඊට කලින් තියෙන එක.

    ගෙදර පොදුවෙ කරන වැඩකදි කාටහරි ඕන නිසා වෙලාවල් බැලුවට මගේ තනි වැඩකදිනං කවදාවත් වෙලාවල් බලන්නෙ නෑ.

    චීනෙත් නැති චයිනීස් වගේ චීනෙත් නැති ෆෙංෂුයි තමයි ලංකාවෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ෆෙං ෂුයි නෙමෙයි බුද්ධාගමත් ඒමමයි...

      Delete
    2. ඇත්ත. එහෙන් මෙහෙන් අරන් අපේ කරගත්ත ඒවයින් ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් එක විතරයි වැඩකට තියෙන්නෙ.

      Delete
    3. \\ෆෙං ෂුයි නෙමෙයි බුද්ධාගමත් ඒමමයි...\\ 100% agreed

      Delete
  9. කොච්චියෝ. ඔව්ව නිසා මමත් හොඳම එකෙන් කෙලවගත්ත. දැන් මම මගේම කියල ආගමක් කෝඩින් කරල එරස් හදල හොඳ ප්ලැට් ෆෝම් එකක ටෙස්ට් රන් එකක් එහෙම දීල එන්ක්‍රිප්ට් කරල හොඳ වයිරස් ගාර්ඩ් එකකුත් දාල තියෙන්නෙ. ඒ රිලිජන් එකේ නම ඩෝන්ට් ගිව් අ ෆක්. ඒකෙ පේටන්ට් නම තමයි බුඩිස්ට් පන්ක්.

    අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න පුළුවන් බං. ආගම ඕපන් සෝර්ස් උනහමත් නෑදෑ පරම්පරාවට ෆුල් ඇක්සස් දුන්නහමත් සිස්ටම් එක ඩවුන් වෙනව විතවුට් වොර්නින්.

    ජය වේවා. 👊🏽

    ReplyDelete
    Replies
    1. උඹේම කියලා ආගමක් තමයි තියෙන්න ඕන. Be spiritual ...not religious

      Delete
    2. නෑ මචෝ. පීපල් ආර් පොයිසන්. මෙතන එෆ් බී එකේ වගේ ඉමේජ් කොමෙන්ට් තිබ්බනම් කියල හිතෙනව වෙලාවකට.. 👊🏽

      Delete
  10. උඹ මොකෝ අර අටමාට ඔලුව අත ගාල ටොකු අනින්නේ .... ?

    ඔය මළදාන ගැන නම් මට කිසිම විශ්වාසයක් නැහැ බන් ... ඒ මට අර අන්තිමට ලියපු ලිපියේ කිව්වා වගේ තියන පුද්ගලික අත්දැකීම් නිසා ... :)

    ඔය වැඩ කරන්න වෙලාව බලන රෙද්ද මට පෙන්න බැහැ .. අපේ මඟුල් ගෙදර දවසෙත් ඔය අල්ල පනල්ලවල් පටලා ගත්ත අපේ හාමිනේගේ පැත්තේ උදවිය ... ඔය හන්ද අදටත් මට මතක් වෙන වෙලාවට යකා නගිනවා :(

    ReplyDelete
    Replies
    1. රජා ගැන වගේම අටමා ගැනත් නොලිව්වොත් මොකක්ද වගේ..ඒත් මේකා මලටද කොහෙද තාම කමෙන්ට් එකක් වත් දැම්මෙ නැහැ

      Delete
  11. මට ගැලපෙන්නේ ඕක් හාර්ට් එකක්ද , ටෙකීලා එකක්ද කියලා බලා ගන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. උඹට ගැලපෙන්නේ ඕක් හාර්ට් එකක් කියලා මම පුද්ගලිකව හිතනවා...

      Delete
    2. ඒවුනාට මිස්ටර් ට්‍රේන් චිලී මට ලඟදි ඉඳලා දෙහි ලුණු සමහ ටෙකීලා නැගලා යනවා - ගන්න සල්ලි තියනකොට.
      ඒක නෙමෙයි, මං මේ මෑතක දැන ගත්තේ අපිට හම්බවෙන්නේ හොඳ ටෙකීලා නෙමෙයි කියලා. ටෙකීලා සමග පොරොන්දම් ගැලපුනාට පස්සෙ මං ඉන්ටර්නෙට් සර්ච් එකක් කලාම දන්නෙ.
      හඳහන මා ගාව තිබුනනම් බලව ගන්නවා 100% blue Agave ටෙකීලා ලැබෙන්න සෙත් සාන්තියක් කරවගන්න

      Delete
    3. මෙහේ නම් එච්චර අපහසුවකින් තොරව අපි ටිකීලා ගන්නවා. මගේ ලඟ ස්පයිස්ඩ් ටිකීලා එකක් තියෙනවා දැන් කාලෙක ඉඳන්... හරි මූඩ් එකක් නැතුව ඒක කඩන එක අපරාදෙ

      Delete
    4. ඕකේ. හෙට මම උබලයි ගෙදර එන්නං. අල්ෆ්දාන් වලින් ගනිං මාව. 🍻

      Delete
    5. බලමු වීකෙන්ඩ් එක දිහාට...උඹ අල්ෆර්දාන් ද ඉන්නෙ?

      Delete
  12. Michel de Nostredame (Latinised as Nostradamus)
    Notre Dame is the Cathedral in Paris (also the University in USA)

    ReplyDelete
  13. සුමනෙත් එකයි. ඉන්දිකයත් එකයි. නොස්ත්‍රඩාමුසුත් එකයි. (දැක්කද නොස්ත්‍රදාමුස්ගෙ වැරදිච්ච ලිස්ට් එක?) හොරුන්ට සල්ලි නොදී හිට‍පං. ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. http://freakonomics.com/podcast/how-to-be-less-terrible-at-predicting-the-future-a-new-freakonomics-radio-podcast/

      Delete
    2. Research එකක් කරන්න බැහැ මචෝ සල්ලි වියදම් නොකර. කවුරුත් උඹට නොමිලේ reveal වෙන්නෙ නැහැ

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සන්නා දුන්නා හොදටම.මාත් බැලුවා සෙට් එකම. කේන්දර මමනම් විශ්වාස කරන්නෙත් නෑ. එකම එක පාරක් වෙන්න බිරින්දැට ඕනෙ කියලා බැලෙව්වා.
    ඒත් දැනුමක් ඇතිව ඒ පිළිබදව සොයාබලා විචාරීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. සන්නා එක්ක හිර වෙනවා බයිලා කාරයෙක් නම්

      Delete
  17. කෙල වේගන කෙල වේගන කෙලවේගන යන කාලෙට පිදුරු ගහෙත් එල්ලෙනව බොස්... එලියට බහින්න කලින් කුඩේ අරන් යනවද නැද්ද කියල බලලම යන එක හොඳයි තමුන් යන්නෙ 'වැදගත්ම උත්සවයකට අන්තිම මොහොතේ තමන් සතු එකම ඇඳුම ඇඳගන' වගේ අවස්ථා උදා උනාම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතික්ෂේප කරන්න බැහැ ඔය තර්කය

      Delete
  18. කරන්න වෙන වැඩක් නැති කාලෙක විනෝදාංශයක් ලෙස ඔය වැඩ කළ හින්දා හොඳයි. නැත්තං අපරාදේ සල්ලී!

    ReplyDelete
    Replies
    1. මම ඒකයි කිව්වෙ රසික..අපි හුදෙක් පර්‍යේෂණාත්මක අවශ්‍යතාවයක් මත තමයි ඒ අය ළඟට ගියේ.
      නමුත් කී දාහක් නම් ඔය මත්තේ මුදල් විනාශ කර ගන්නවද

      Delete
  19. ආවෙමි කියෙව්වෙමි.... හඳහන මත නො යැපෙමි.

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියවපු එකට ස්තූතියි...

      Delete
  20. මේ රටේ ඉන්න ගොබ්බ අම්මන්ඩිලාහැමදාම අදිනවා. අන්ව දේවාල ඇතුලෙ දුසනය කලත් ඒත් දෙය්යො පස්සෙ යන්නෙ. මිනිසුන්ගෙ අහිංසක කම් මුන් බිස්නස් එකට අරන්.. ගහල පන්නන්න ඒන.. වැදගත් කාලින ලිපියක් මලයෝ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ගහලා පන්නන්න ඕන ප්‍රසිද්ධියේ.. ඒත් අපේ අම්මට සිරි මාධ්‍ය උන්ගේ පුකට කිස් කරලනේ වඩම්මන්නේ. මෝට *** මාජ්ජ.

      Delete
    2. රටේ මිනිස්සු මේවාට පුදුම විදියට ඇන්දිලා. ඒ තරමටම මානසිකව බංකොළොත්

      Delete
    3. පන්නයි මේන් කියලා මේ රටෙන්..මේවා සංස්කෘතිය කියාවි..ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවි...කොටින් ම අපුච්චා මේ වෙනුවෙන් පෙරට ඒවි..පංචායුධය හඬ නගාවි...

      Delete
  21. අපේ පවුලේ අය ඕවා මහාලොකුවට විශ්වාස නොකරන නිසාම හොදයි.නැත්තන් එහෙම මටත් කවදාවත්ම මට ඕනේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිවෙනවා.මගෙත් උඹේ හඳහනේ වගේම මංගල්ල කොටුව හරි දරුණුයිලු.

    හඳහන් විතරක් නෙමෙයි බං.මනුස්සයෙක්ට කෙලවුනහම කියන ඕනේ දෙයක් පස්සෙන් යනවා.

    ReplyDelete
    Replies
    1. මට ඔය මංගල්ල දෝස තියෙනවා කියලා දැනගත්තෙ මුල් කසාදෙ කැඩිලා දෙවෙනි එකත් කර ගත්තට පස්සෙ

      Delete
  22. කාලෙකට පස්සෙ කියවපු හොඳ පෝස්ට් එකක්. මමත් තදින්ම විශ්වාස කරනව. කේන්දරය කියන්නෙ ජීවිතේ තීරණය කරන එකම සාදකය නෙමෙයි කියල. උත්සහ කලොත් අපේ අනාගතය වෙනස් කරගන්න අපිටම පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ප්‍රමාදයට. බොහොම ස්තූතියි ඇගයුවාට.

      Delete
  23. කුෂ්වන්ත් සිංහ් ගේ මල්බෙරි ට්‍රී කියන කෙටිකතාව කියවන්න මනුෂ්‍යයා මිත්‍යාව පස්සෙ යන්නෙ ඇයි කියන එක ගැන මාර විග්‍රහයක් තියෙනවා වෙලාවකට මිත්‍යාව විවේචනය කරන කෙනොම එහි ගොදුරක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්...මම කියවලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක.

      Delete
    2. ඔව්...මම කියවලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක.

      Delete