ලංකාවේ බහුතරයක් උපදින්නේම ආගමක් එක්කය.ඒ ඇත්තෝ තමන් උපතින්ම බෞද්ධ හෝ ක්‍රිස්තියානි කියන්නේ පට්ට මොරාල් එකකින් ය. හරියට ඉපදෙද්දීම රහත් වෙලා වගේය. රහත් බව ගැන කියද්දී දැන් ඔලු ගෙඩියට එන්නේ පිටිදූවේ උන්නාන්සේ ය. සමන්තබද්‍ර නොකියා පිටිදූවේ කිව්වේ කෝචොක් එකට හෙම නෙවේය..කොච්චියා උන්නාන්සේ අඳුනන්නේ බෝසතා කාලේ ඉඳලාය..බෝසත් කාලේ නම සමන් ය. ඒ සමන් ව අඳුනන්නේ නොයෙල් නොයෙල් නොහොත් නොයෙල් අංකල් නිසාය. නොයෙල් නොයෙල් ඉන්නේ කොච්චියාගේ සීදුවේ ගෙදර ඉස්සරහය. පිටිදූවේ උන්නාන්සේ සිය බෝසත් අවධියේ එනම් උසස් පෙළ කරනා කාලයේ හා කැම්පස් යන කාලයේ, සිය මාමා වන නොයෙල් නොයෙල් ගේ ගෙදර එන දිනක කොච්චියා සහ සෙට් එක සමග පාරේ වන්බම්ප් ක්‍රිකට් ද ගසා ඇත්තේය.නොයෙල් අංකල්ට නොයෙල් නොයෙල් කියන්නේ හේතුවකටය. දිග කතාවක් නිසා මෙතන කියන්නට බැරි නමුත් ඉදිරි පෝස්ටුවකදී ඒ ගැන කියන්නේය. මේ පෝස්ටුවේ අරමුණ පිටිදූවේ උන්නාන්සේ ගැන කතා කිරීම නොවුනාට සමහර විට ඇතමෙක්ට එසේම යැයි හිතෙන්නටද හැකිය.
වාසනාවකට වාගේ කොච්චියා උපන්නේ ආගමක් නැතිවය.. කොච්චියා ගේ තාත්තා උපතින් බෞද්ධ වූ අතර අම්මා උපතින් ක්‍රිස්තියානිය. උපතින් යැයි කීවේ උපතින් පමණක් නිසාය. කොච්චියා දන්නා කියනා කාලේ පටන් තාත්තා පන්සලකට ගොඩවී ඇත්තේ දෙපාරක් හෝ තුන් පාරකි.. ඒත් ඔය ගමේ ගිය විටෙක සීයාගේ දානයකට හාමුදුරුවෝ වඩම්මනවා වගේ සිල්ලර වැඩකට ය. සිය දරුවන් බෞද්ධයන් කිරීමේ තුන් හිතක වත් පෙරේතකමක් තාත්තාට නොතිබූ නමුත් ඔවුන් දෙන්නාගේම එකඟතාවය මත කොච්චියා මෙන්ම මල්ලී සඳුවා ද ඉස්කෝලේ දී උගත්තේ බුදු දහමය.
අම්මා පල්ලි ගියේද නත්තලට හා පාස්කුවට හා මහ සිකුරාදාට විතරය. ආච්චී නම් හැම ඉරිදාම පල්ලි ගියාය..සියලු සමිති සමාගම් වලත් උන්නාය. අම්මා ට පල්ලිය එපා වී තිබුණේ අභ්‍යන්තර පොලිටික්ස් නිසාය. සිය භද්‍ර යෞවනයේදී පල්ලියේ ඕගනය වාදනය කළ ඇය, දෙවියන් වහන්සේ නැත්තේ පල්ලියේ පමණක් බව කොච්චියා උපදින කාලය වෙද්දී අවබෝධ කර ගෙන සිටියාය. ඒ නිසාම ඈටද අපව නාමික ක්‍රිස්තියානිකාරයෝ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැතිය. නිදහසේ විවිධ දර්ශනයන් උගැන්මටත් ඒවා ප්‍රශ්න කරන්නටත් ඉඩ දුන් අම්මාත් තාත්තාත් කිසිදා අපව රාමු නොකළෝය.
ඔය කෙසේ වෙතත් කොච්චියා එදා සිට අද වන තුරුම ඒක දේවවාදීය. ඒ හැඟීම ආවේ කෙසේදැයි කියන්නට නම් නොදන්නේය.හැබැයි ඒ යුදෙව් හෝ ක්‍රිස්තියානියේ හෝ ඉස්ලාමයේ ඇති සංස්කෘතියේ මිශ්‍රණයක් වූ බංකොළොත් ඇදහිලි ක්‍රමවේද වලට හිරවූ විශ්වාසයක් නෙවේය. දුක නැති කල හැක්කේ කොන්දේසි විරහිත ආදරය තුල පමණක්ම බව කොච්චියා සරලව අවබෝධ කරගෙන ඇත්තේය. මගේ විශ්වාසයන් ගැන මෙතන ලොකුවට කියන්නට නොයන්නේ එය මේ කියනා කිසි කතාවකට අදාල නොවන නිසාත් එය මට පමණක් පුද්ගලික වූ, කිසිවෙකුත් විසින් දේශනා කළ දහමක ගෙඩි පිටින් කොපියක් නොවන නිසාත් ය.
එසේ ඒකදේවවාදී වූ කොච්චියා ඒ කාලයේ ඉතා සීමිත ඉල්ලීම් කීපයක් වෙනුවෙන් දෙවියන්ට යාඤා කර ඇත්තේය. ඉන් එකකට හේතු බීජය වූයේ රොශාන් මහානාමය. එකල කොච්චියාගේ ප්‍රියතම ක්‍රීඩකයා ඔහුය. රොශාන් පන්දුවට පහර දෙන්නට එන විට ඔහුට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා යාඤා කලේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේවා කියාය.කොච්චියා රොශාන් ට පිස්සු වැටුනේ 1987 රිලයන්ස් ලෝක කුසලානය බලනා කාලයේය. පොඩි කොල්ලෙක් වූ කොච්චියා ඒ තරඟ බැලුවේ සීයා එක්ක ය. කළු සුදු රූපවාහිනියෙන් ය. ඒ සුදු ඇඳුමින් ක්‍රීඩා කල අන්තිම ලෝක කුසලානයය. රොශාන් මහානාම පකිස්තානය ට එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කලේය. ලකුණු 89 කි. එය අදටත් ලෝක කුසලාන තරඟාවලියක ලාංකික පිතිකරුවෙක් ක්‍රීඩා කල හොඳම ඉනිමක් ය.අබ්දුල් ඛදීර් ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ ඒ තරඟය ලකුණු 15 කින් පකිස්තානය ජය ගත් නමුත් එවකට විසි එක් වියැති රොශාන් මහානාම විදෙස් විචාරකයන්ගේ නොමද ප්‍රසාදයට ලක් වුණේය.
ආයෙත් කොච්චියා ක්‍රිකට් බලන්නට ගත්තේ 1992 දීය.. ලෝක කුසලානයෙන් පටන් ගෙන රොශාන් ක්‍රිකට් වලින් සමු ගත් 1999 ලෝක කුසලානය වන තුරු තරඟ කොච්චියාගේ මනසේ දැනටත් ටයිම්ලයින් එකක් සේ පවතින්නේය. කොච්චියා එකල ක්‍රිකට්ලොව සහ සුපිරික්‍රිකට් සඟරා කට පාඩම් කරන්නේය. ඊටම හරි යන ගජයෙක්ද ඉස්කෝලේ හිටියේය. ගුණපාල මලලසේකරයන්ගේ මුණුබුරෙක් වූ චරිත් ය. මිනිහා ලඟ මා ලඟ නොමැති ක්‍රිකට් ලොව සඟරා මෙන්ම මා සතුව මිනිහා ලඟ නොමැති සුපිරි ක්‍රිකට් සඟරා තිබුණේ ප්‍රාදේශීය වශයෙන් ඔය සඟරාවල බෙදා හැරීම් හරි හැටි වී නොතිබූ නිසාය. ඒ අඩු වැඩිය අපි කියෙව්වේ හුවමාරු කර ගෙනය.
රොශාන් මහානාම |
රොශාන් මහානාම ට මා කෙතරම් ප්‍රිය කලාද යත් ඔය සඟරාවක තිබී සොයා ගත් ඔහුගේ හිල් ස්ට්‍රීට් හි ගෙදර දුරකථන අංකයට කොච්චියා කෝල් කළේය. එකල ඔහු පදිංචිව සිටියේ රොස්මිඩ් පෙදෙසේ වූ අතර ඔහුගේ මව හා පියා පමණක් හිල් ස්ට්‍රීට් හි විසුවෝය. ඒ මුල්ම ඇමතුම ගත්තේ ඉස්කෝලේ ඇතුලේ තිබූ කාසි දමා වැඩ කරන පොදු දුරකථනයෙන් ය. එය තිබ්බේ නව රඟහල අයිනට වෙන්නය. කිහිල්ලේ මයිලානන්ද උන්නාන්සේ ගේ කුටියට යාබදවය. ගෙදර ගිහින් ඇමතුම ගන්නට තරම් වත් ඉවසීමක් තිබ්බේ නැතිය.
එදා ගත් ඇමතුම මෙන්ම ඉන් පසු වාර ගණනාවකදීම ගත් ඇමතුම් වලදීත් කොච්චියාට කතා කරන්නට ලැබුනේ රොශාන් ගේ මව්පියන් වන ස්වර්ණා ආන්ටීත් උපාලි අංකලුත් සමග විතරමය. රොශාන් ඉතා කාර්‍යබහුල බවත් රොස්මිඩ් පෙදෙසේ ගෙදර නොම්මරය කිසිවෙකුට දෙනවාට ඔහු අකමැති බවත් කොච්චියාට කිව්වේ ස්වර්ණා ආන්ටිය. මගේ දුරකථන අංකය ඈ ඉල්ලාගත්තේ රොශාන් අයියා ආ විටක කෝල් එකක් දෙන්න කියන්නම් කියාය.ඒ කෙසේ වුවත් සිය පුත්‍රයා ගේ උමතු ක්‍රීඩා ලෝලියෙකු වූ කොච්චියා සමග ඈ බොහෝ වේලා කතා කළාය.
කොච්චියාට අමතක නොවන ඒ දුරකථන ඇමතුම ආවේ සතියේ දවසක රෑය. පවුලේ හිතවතෙකුගේ ගෙදර රෑ කෑමට ගොස් ආ විගසම ගෙදර දුරකථනය නාද වූ අතර ආන්සර් කළේ කොච්චියා මය.
“hello, could I speak to (kochchiya) malli please..”
“yes, speaking..may I know who is speaking there please..”
“ආ...මල්ලි මම මේ රොශාන් මහානාම, අම්මා කිව්වා මට ඔයා නිතරම කතා කළා කියලා.. සොරි, මෙච්චර දවස් ගන්න බැරි උනාට..”
මේ කතාව පැය බාගයක් පමණ වූ අතර ඔහු මගේ අධ්‍යාපන කටයුතු ගැන පවා විමසීමට කාරුණික වුණේය. වරින් වර රොශාන්ගේ වැඩිමල් දියනිය වූ රශ්මිකා අපේ කතාවට බාධා කලේ ඔහුගෙන් රිසීවරය උදුරා ගනිමින් ය. මේ වන විට විවාහ වී දරුවෙක් ද ඉන්නා ඈ එවකට කුඩා දැරියක්ය. ක්‍රිකට් ගැන වූ විවිධ ඕපාදූප මෙන්ම රසවත් කතාත් සහිත වූ ඒ පැය බාගය කොච්චියාට අතිශය සතුටුදායක වූයේය. දුරකථන ගාස්තු අධික එදා මා වැනි නාඳුනන පාසල් සිසුවෙක් වෙනුවෙන් එතරම් කාලයක් දුරකථනයෙන් ගත කිරීමම මට දැනුනේ ඉමහත් භාග්‍යයක් ලෙසය.
වසර කීපයක් එසේ ඔවුන් හා දුරකථනයෙන් පැවති සම්බන්ධය කෙසේ ද යත් කොච්චියාගේ සාමාන්‍ය පෙල විභාගයට පෙර දින රොශාන්ගේ මව හා පියා පමණක් නොව ඔහුගේ බිරිඳ ජීවා ද මට අමතා සුබ පැතීමට තරම් සුන්දර මිනිස්සු වූවෝය. තරඟ සංචාරයක් නිසා රොශාන් අයියා සිටියේ රටෙන් පිටය.
ජොන්ටි රෝඩ්ස් සමග සමකාලීනව ක්‍රිකට් ගැසූ රොශාන්, පන්දු රකින්නෙක් ලෙසින් ජොන්ටිට වඩා ඉදිරියෙන් සිටි බව කොච්චියා සිතන්නේය. බැක්වර්ඩ් පොයින්ට් හි පමණක් පන්දු රැකි ජොන්ටි අති විශිෂ්ටයෙක් වූ නමුත් එක්ස්ට්‍රා කවර් මෙන්ම ස්ලිප් හි සහ යාර තිහෙන් පිටද ඇදහිය නොහැකි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති රොශාන් මහානාම ගේ ළඟින් තැබිය හැකිවූ එකම පන්දු රකින්නා ලෙස මා සිතන්නේ රොජර් හාපර් ය.සුදු හමට පමණක් කඩේ ගිය විචාරකයන් උන් ඒ කාලයේ සුපිරි පන්දු රකින්නන් වූ මහානාම මෙන්ම හාපර් සහ හූපර් ද අසාරුඩීන් හා ජඩේජා ද ඇගයීමට ලක් වූයේ අසාධාරණවය.
පෝස්ටුව ලියන්නට හිතුවේ රොශාන් මහානාම ගැන උනාට හිතෙන්නේ සහ ලියවෙන්නේම සමන්තබද්‍ර උන්නාන්සේ ගැනමය.කොච්චියා අසා ඇති බණ සහ බුදුන් ගේ ඉගැන්වීම් අරගෙන බලනා විට චතුරාර්ය සත්‍යය ගැන සමන්තබද්‍රයන්ගේ එකදු දෙසුමක් වත් ප්‍රතික්ෂේප කල නොහැක්කේය. උන්නාන්සේ ගේ රහත් කම හෝ බුද්ධත්වය ගැන කොච්චියා ඉන්නේ මැදහත්වය. සිද්ධාර්ථ ගේ බුද්ධත්වය උනත් ඒ කාලේ ප්‍රශ්නයට ලක් නොවුනේ ඒ සමාජය කලින් බුදු බණ කියා වෙන වෙන බයිලා අසා නොතිබූ නිසාය. මනුස්සයා කියනා එකා කැමති ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිර වෙන්නටය… අච්චර මිනිස්සු ගොනාට අන්දන කිරිබත්ගොඩ උන්නාන්සේට වඩා පිටිදූවේ කුණු බැනුම් අසන්නේ ඒ නිසාය.
කෙසේ නමුත් තමාගේම පිලිමයක් නෙලාගෙන ආතල් ගැනීම නම් කොච්චියාට පේන්නේ විගඩමක් ලෙසටය. මේ ගැන උන්නාන්සේට දහසක් පැහැදිලි කිරීම් තියෙන්නටද හැකිය..ඒවා නුදුරේදීම ජනමාධ්‍ය හරහා එලියටද දෙනවා ඇත්තේය..මොකද බිඳහෙලිය නොහෙන explanation එකක් නැතිව පිටිදූවේ උන්නාන්සේ වාතයක් වත් පිට නොකරන බව කොච්චියා දන්නා නිසාය. මා මෙහෙම කිව්වා කියා උන්නාන්සේගේ අනුගාමිකයෝ කිපෙන්නට නම් එපාය..මා කියන්නේ මට හිතෙනා දේ මිස එසේ මට හිතෙනා දේ තිතට හරි කියා නෙවේය.
පිළිමය නෙලා ගැනීමෙන් සමන්තබද්‍රයෝ ඇද වැටුනේ අප මහා මහින්ද රාජෝත්තමයාණන්ගේ මට්ටමටය. එතුමාණෝ එකල ලයිට් කණුවක් ගානේ පනාව දමා ගෙන එල්ලිලා උන්නා වගේ ය.මීට කලකට පෙර ධාතු වන්දනාව කියන්නාවූ වෙළඳාමට තදින් පහර දුන් උන්නාන්සේ පිලිමයක් නෙලාගෙන එතනිනුත් අඩියක් බිමට වැටුණු බව කොච්චියාට හැඟෙන්නේය.. බෞද්ධ කියන ගෝත්‍රයට අයිති නොවන මට මේ ගැන කියන්නට ඇති අයිතිය ගැන ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නටත් පුලුවන් ය. ආයෙත් කියන්නේ එහෙම හිතන්නට එපාය..මේ කොච්චියාට දැනෙන දේය...එය වැරදි වෙන්නට පුලුවන් ය.
කොච්චියාට නම් සමන්තබද්‍ර කියන්නේත් තවත් ගුරුවරයෙක් ය. සිද්ධාර්ථ ගෞතම, යේසුස් හා මුහම්මද් කියන්නේත් ගුරුවරුමය. ඔය ඇත්තන් ඉගැන්වූ දෙයින් මගේ හිතට දුක ඇතිවන ක්‍රමය අවබෝධ වනවා මෙන්ම ඒ දුක නැති කරන ක්‍රමයක්ද ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එච්චරය. සිද්ධාර්ථ බුදු වුනාද යන්න හෝ යේසුස් කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ද යන්න වත් කොච්චියාට අදාල නොවන්නේය .. එහෙව් එකේ සමන්තබද්‍ර රහත් ද බුදු ද යන්න කොහෙත්ම අදාල නැත්තේය…. උන්නාන්සේ තමා දෙසන මග තුල ඉන්නවාද නැද්ද යන්න අපට වැඩක් නැතිය… ඒක හරියට ගණිත ගුරුවරයා ප්‍රමේයයක් ඉගැන්වූවා වගේය. ප්‍රමේයය ඉගැන්වූවාට ඒ ගුරුවරයා ට ඊට අදාල ගැටලුවක් විසඳා ගත නොහැකි වන්නට පුලුවන් ය...එහෙත් ඒ ගැටලුව ඔහේ හෝ මා පහසුවෙන් විසඳන්නටද ඉඩ ඇත්තේය … දැන් මෙය මෙසේ වූවා කියා ගුරුවරයා ගේ ගුරු භාවය නැති වන්නේ නැතිය...එමෙන්ම ඔහේට හා මටත් බුදු වෙන්නට පුලුවන් කියා ද හිතන්නට පුලුවන් ය.hA
අද ලියන්නට උන්නේ සමන්තබද්‍රයෝ පසුබිමේ තබාගෙන රොශාන් මහානාම ගැනය...සිද්ද උනේ එහි අනෙක් පැත්තය....කෑවේ බතුයි පරිප්පුයි ද පරිප්පුයි බතුයි ද කියා තීරණය කළ යුත්තේ ඔහේලාය.
I can remember that coin box next to junior library. It came into existence in 94 or 95 I think. Also Kihille mailananda...and the way he teaches...or the way he changes tracks rather... haha good times
ReplyDeleteBefore that as I remember..92/93 I think.
DeleteReally ..those were the times.
උඹලා කිහිල්ලේ මයිලානන්ද කීවේ ජර්මන් බාසාව උගන්නපු දීපානන්ද හාමුදුරුවන්ට ද?
Deleteඒ පොඩි හාමුදුරුවෝ නේද...මෙයා ලොකු හාමුදුරුවෝ
Deleteපොඩිහාමුදුරුවෝ මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේය!
Deleteඑහෙනම් හරි...ඔව් ඔව්..දීපානන්ද තමයි.
DeleteYes machan Deepananda. :)
DeleteThanks.. i really forgot the name.
Delete//පිළිමය නෙලා ගැනීමෙන් සමන්තබද්‍රයෝ ඇද වැටුනේ අප මහා මහින්ද රාජෝත්තමයාණන්ගේ මට්ටමටය//
ReplyDeleteමහින්දව අල්ල ගන්නේ නැතුව පඩයක්වත් ඇරහල්ලකෝ
+++++++++++++
Deleteහිතලා කලා නෙවෙයි බන්... කොටින්ම පිටිදූවේ උන්නාන්සේ ගැනවත් ලියන්න හිතාන පටන් ගත්තා නෙවෙයි ඕන්
Deleteමහනාම ගේ කතාව සිත් ගත්තා. පොර ලියූ රිටයර්ඩ් නොට්(?) හර්ට් පොත අරගන්න හිටියත් කවදාකවත් ඒක ගන්න වුනේ නෑ.
ReplyDeleteමම ඒකෙ සිංහල සහ ඉංග්‍රීසි පොත් දෙකම කියෙව්වා
Deleteසමන්තට නම් තියෙන්නේ දැන් පෙළහරක් පාලා ජනතා කුකුස නැති කරන්නයි!
ReplyDeleteබුදු සාදුත් යමා-මහ පෙළහර පෑවාය කියවානේ ශාඛ්‍යයින් ගේ මානය බිඳින්න.
කුකුස ඇතිවීම ස්වභාවිකයි.එදත් අදත්.. තමන් එසේ යයි කියනවා නම් එය ඔප්පු කල යුතුයි..
Deleteශ්‍රී ලංකාවේ බහුතරයක් උපදින්නේ ආගමක් එක්කය කියන එක අවලංගු තර්කයකි. ඒ තත්වය ලංකාවට පමණක් සීමාවූවක් නොවේ. ශ්‍රී ලංකාව හා සසඳන විට, ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාවක් උපදින්නේ ආගමක් සහිතවය.
ReplyDeleteබෞද්ධ පවුලක කිසිවකු නොතේරෙන වයසේදී බුද්ධාගමට බඳවන්නේ නැත. එහෙත් බෞතීස්ම කිරීම හෝ සුන්නත් කිරීම එවැනි බැඳවීමකි.
බෞද්ධයා යනු බුද්ධිමත් තැනැත්තා මිස, බුද්ධාගම අදහන්නා නොවෙයි.
බෞද්ධ දර්ශනයේ එන උච්ඡේදවාදය යන්න පිළිබඳව කියවා බැලුවහොත්, ඔබ කියන දේව හෝ ආදර සංකල්පය කුමක්ද යන්න අවබෝධ වනු ඇති.
සමන්තභද්‍ර වැනි භික්ෂූන් බුද්ධ කාලයේත් සිටියා. නමුත් පිරිසිදු බෞද්ධ දර්ශනයට එයින් හානියක් වන්නේ නැහැ. පිරිසිදු බෞද්ධ දර්ශනය අදටත් පවතින අතර, බුද්ධිමත්ව සොයාබැලීමෙන්, ඒ දර්ශනය දන්නා භික්ෂූන් සොයාගත හැකියි.
දුක නැති කලහැක්කේ ආදරය තුලිනි යන්න, කිතු දහමේ සංකල්පයකි. කිතු දහම ලොව පුරා කෝටි ගණනක් ජනතාවගේ විශ්වාසය දිනාසිටී. එබැවින් ඔබ නිර් ආගමිකයකු යයි කීමද අවලංගු තර්කයකි.
ඒක දේව සංකල්පය පැරණි භාරතයේද තිබුණි. ඔබ රොෂාන් මහානාම වෙනුවෙන් දෙවියන් යැද්දේ, ඔබේ උප විඥ්ඥාණය තුළ, කතෝලික දහම කුඩාකල සිට තැන්පත්ව තිබුණු බැවිනි. එය වරදක් නොවේ.
මමනම් බෞද්ධයකු වීම ගැන ආඩම්බර වන්නේ, අද දක්වා, බෞද්ධ දර්ශනය බොරු යයි කීමට, කිසිදු හේතුවක් නොදකින බැවිනි.
බෞද්ධ සාහිත්‍යය සහ බෞද්ධ දර්ශනය පටලවාගත් බොහෝ දෙනා, බෞද්ධ දර්ශනයට ගැරහීම, එදත් අදත් හෙටත් තිබෙනු ඇති.
1. අවලංගු නැත. බෞතිස්මයක් වැන්නක් නැති උනාට වැඩිහිටියන් තුල ඒ අවශ්‍යතාව පවතී.
Delete2.බෞද්ධ යන්නේ ඔබේ අර්ථගැන්වීම අද වන විට වචන හරඹයක් පමණි.
3.බැඳීම් දුකක් වන්නේ ඒ තුල ස්වයං ලෙස පවත්නා කොන්දේසි නිසාය. කොන්දේසි විරහිත ආදරය කියන්නේ ඒකය. ඊට ආගමක් ගාවා ගැනීම ගෝත්‍රික තත්වයකි.
4.මා නිර් ආගමිකයෙක් යැයි කොහේවත් කියා නැතිවා මෙන්ම එසේද නොවෙමි. Religious වීම තුල spiritual නොවීම සිදු වනවා යන්න විශ්වාස කරමි.
5.රොශාන් වෙනුවෙන් දෙවියන් යැද්දේ ඔබ කියූ හේතුව තුල නිසාය. ඔබ නිවැරදිය.නමුත් එය මීට ගැඹුරින් වෙනත් පෝස්ටුවක් හරහා ඔබ සමග සංවාදයට ප්‍රියය.
6.කිසිදු ආගමක් හෝ දර්ශනයක් ගැන ආඩම්බර වීම එය තුල අප නොමැති බවට මූලික සාධකයක් ය.
7.මගේ පෝස්ටුව තුල එවැන්නක් වී නැතිවා මෙන්ම...අඩුම ගානේ සමන්තබද්‍ර හට පවා මගේ ගෞරවය ඔහුගේ දේශනා ගැන ලබා දී ඇත්තේය.
ඔබේ ඉතා වටිනා අදහස් දැක්වීම ගැන බොහෝ ස්තූතියි ...අප සියල්ලෝ බ්ලොග් ලියන්නේ මෙවන් සංවාද වෙනුවෙන් ය.
// 6.කිසිදු ආගමක් හෝ දර්ශනයක් ගැන ආඩම්බර වීම එය තුල අප නොමැති බවට මූලික සාධකයක් ය //
Delete+++++
ඔහේ ගැන ආඩම්බරයි හිටන්!
ආගමිකත්වය විවිධ අවස්ථාවල විවිධ මට්ටම්වලින් පවතින්න පුළුවන්.
Deletehttp://raj1st.blogspot.com/2013/09/blog-post_18.html
1. මා කියන්නේ ආගමකට බැඳගැනීමක් නොවේ. උපදිනවිට ආගමකට අයත්ව ඉපදීම බලහත්කාරයෙන් වන දෙයක් නොවන බවයි. ඔබේ උප්පැන්න සහතිකයෙන් ආගම යන්න කටුගා තිබේද?
Delete2. ධර්මය සහ එහි හරය ගැන අනවබෝධයෙන් දී ඇති පිළිතුරකි. වචන හරඹ කරන්නෝ අනවබෝධයෙන් ක්‍රියාකරන්නෝය.
3. බැඳීම් දුකක් විනා කිසිදු කොන්දේසියකට යටත් නැත. චතුරාර්ය සත්‍යයේ කොතනකවත් කොන්දේසි කියා දෙයක් නැත. අන්න එතනයි අනවබෝධය ඔබට බලපා තිබෙන්නේ.
4. Religious කියන්නේ ආගමකට බැඳුනු හෝ ආගමකට බර කියන එක තමයි. spiritual කියන්නේ ප්‍රාතිහාර්යයන් විශ්වාසකිරීමයි. බෞද්ධ දර්ශනයේ ප්‍රාතිහාර්යයන් නැත. බෞද්ධ සාහිත්‍යය පටලවාගත් අය තමයි එවැනි දේ බෞද්ධ දර්ශනයේ ඇතැයි සිතන්නේ.
5. ඇත්තෙන්ම 'කොච්චි මිරිස්' සංවාදය තමයි, අපේ බුද්ධි මණ්ඩල පුළුල් කරන්නේ. ඔබ හොඳ කාලීන මාතෘකාවක් ගැනයි කතා කරන්නේ.
6. ආඩම්බර වීම අහංකාර වීමක් නොව, නිහතමානීව සතුටට පත්වීමකි.
7. සමන්තභද්‍ර ධර්මය විකෘති කිරීම නිසා පාරාජිකා වී ඇති බව නිබයව කියමි.
ඔබ දුන් පිළිතුරු වලට ස්තුතියි.
1.උපදිනකොට ආගමකට බැඳෙනවාම ය.
Delete2.මා පිලිතුරු දුන්නේ ඔබ කල අර්ථකථනය ටය.
3.බැඳීම් දුකක් යන්න මා ප්‍රතික්ෂේප කර නැති අතර එය එසේ වන්නේ විවිධ බැඳීම් සමග අපේ ඇති ස්වයං කොන්දේසි නිසා බවයි මා කීවේ.
යම් ඉගැන්වීමක් තුල පට්ට ගැසෙනා වචන වලට එහා වචනයක් ...(ඇතැම් විට වෙනත් ඉගැන්වීමක පට්ට ගැසෙනා) පාවිච්චි කලා පමණය.
4.religious වන්නා සීමා මායිම් ඇතුලේය.බන්ධන වලට යටත් ය. Spiritual තැනැත්තා අසීමිතය..ඔහු සොයන්නේ විශ්වීය අවබෝධය ය..එය කොහෙන්ද යන්න අදාල නැතිය.
5.ඔබ ගේ සංවාදශීලීත්වය හරිම අගෙයි.
6.නිහතමානී සතුට කියා දෙයක් ප්‍රායෝගිකව නොපවතී.
7.ඒ ගැන කියන්නට තරම් මා මුහුකුරා නැතිය.
ස්තූතියි..
6. තියනවා අනේ. ඒක පිටට පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන්. මම සෑහෙන්න අත්විඳලා තියනවා. විශේෂයේ රෑ නින්දට ගියාම, අද මම කරපු හොඳ දේවල් ගැන හිතලා, නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද මම ඒවා කාටවත් කියන්නේ නැහැ.
Deleteආගම් හරියට ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් වගේය. තියෙන බිස්නස් එකෙන් පොඩි හෝ කොටසක් කඩාගැනීමට බිස්නස් ෆීල්ඩ් එකට අලුතෙන් එන අය උත්සාහ කරන්නේ එහි ඇති අධික ලාභයෙන් පොඩි හෝ කොටසක් තමන්ට කඩාගැනීමටය. ආගමික පූජකවරුන් (බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්) පවතින ආගමෙන් කොටසක් කඩාගෙන නිකායවල්, සභාවල්, තමන්ගේ ශිෂ්‍ය පරම්පරා හදාගැනීමට උත්සාහ කරන්නේ ආගම තුළ පවතින අධික ලාභයෙන් කොටසක් අත්කරගැනීමටය. (සමාජ ගෞරවය, ධනය, බලය, කීර්තිය........ වැනි)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමල් මල්ලී ඇත්ත කියා ඇත්තේය...
Deleteහැබැයි ලංකාවේ ඉන්නා ආගමික වෙලෙන්දන් එක්ක ගනිද්දී සමන්ත කියන්නේ පොළේ වෙලෙන්දෙක් නම් නෙවේය... හෙතෙම විකුණන්නේ ප්‍රතිරූපය ය..
අනේ මංද බං මම ක්‍රිකට් වලටවත්, ආගම් වලටවත් ආස නෑ.
ReplyDeleteප්‍රසන්නයියේ මේ ගැන ඔහොම කතා කරන්න බෑ ... රත් වෙන්න මොනවත් තියෙන්න ඕන :)
Deleteආගම් වලට කොච්චියාගේ ද කිසි මනාපයක් නැත්තේය
Deleteකණ්ඩා උඹ ලංකාවට යන්නේ කවද්ද
Deleteහැක්... හම්බඋනොත් වෙලාවක රත් වෙමු.
Deleteකොච්චියා නම් රත් වෙන්න ඕනෑ වෙලාවක ලෑස්තිය
Deleteඕන් අරක්කු ගැන එහෙම ලිව්වා නම් බලන්න එපෑ ප්‍රසන්න ලොක්කා ගේ උනන්දුව
Deleteදෙසැම්බර් 15 සිරි ලංකාවෙ
Deleteමොන අච්චාරුවක්ද බන් මේක ... ? මේකට ඔබාමා ගැනයි ග්ලෝබල් වෝමින් ගැනයි ටිකකුත් දැම්ම නං වැඩේ ගොඩ !
ReplyDeleteමචෝ ආගම් කියන්නේ වැසිකිළි වලවල් .... අත දැම්මොත් එලියට එනකොට සුවඳේ බැරුවා :D
එහෙම අච්චාරු කළේ පොඩි ආතල් එකක් මට ගන්නටය
Deleteඅනේ උඹයි .. උඹේ ආතල් එකයි, අපිනේ කියවන්නෙ 😡
Deleteදැන් කියපන්කො එහෙනං කියවන්න එපා කියල 😁
ආයෙත් අහලා...උඹ කියවන්න එපා.
Deleteආයෙත් අහලා...උඹ කියවන්න එපා.
Deleteමහානාම බුන්දුවට යන්නේ උඹට යාඤා කරන්න අමතක උන දවසට වෙන්ටෑ..
ReplyDeleteමට නම් ෂුවර් සමන්තභද්‍ර බුදු වෙලා කියලා. මොකෝ ඒයා කියනවනේ ඒයා බුදු වෙලාය කියලා. සිද්ධාර්ථ බුදු උනා කියලා දන්නෙත් එයා කියපු නිසා නේ. අනික සිදුහත්ගෙයි මුන්නාන්සෙගෙයි පැවැත්මෙත් කිසි වෙනසක් නෑ. අනික බුදු බව මනින්න මීටර් තියේය. සිද්ධාර්ථ කියන්නේ මුනිවරයෙක්. සම්න්තභද්‍රත් එහෙමයි.
බිංදු කතාව ගැන උත්ප්‍රාසය එසේය..මා හිතුවේ එදාට මගේ යාඤාව ෆේල් කියාය.
Deleteකොච්චියා කිසි විටෙක සමන්තබද්‍ර බුදුවී නැත්තේ නොකියන්නේය. ගෞතම යන් ගත කළේද මෙවන් රටාවක් විය හැකිය. මට මුන්නාන්සේ ගැන අවුල නම් ආමිසය විකුණන්න පටන් ගැනීමය..එය පසුගාමීය. මට ඇත්තේ ඒ ගැන කණගාටුවක් ය.ඒ කණගාටුවට හේතුව මා හෙතෙම ගැන පනවා ගෙන ඇති කොන්දේසි ය.
ර(හ)ස ඇත්තේ ආමිසයේ ය.
Deleteඔය යාඤා සීන් එක මුලින් දන්නව නං අර යෙහෝවා බැටෑලියන් එකම බස්සන්න තිබ්බ 😁 දෙයියම්පා!
Deleteආමිසයේද කිසිඳු වෙනසක් මා නම් දකින්නේ නැත. සිද්ධාර්ථද වැඩ උන්නේ සිටුවරුන්ගේ ආරාම වලය.. මහා උපාසක උපාසිකාවන්ද එසේමය.. එහෙන් මෙහෙන් සුනීත සෝපාකලාද පැත්තකින් සිටි.. නැත්නම් අවුල් නේ
Deleteඋන්නාන්සේ සැප විඳීම ගැන නම් මට අවුලක් නැතිය. සිද්ධාර්ථ ගෞතම හිටියේත් එහෙමමය. මගේ අවුල ප්‍රතිරූප විකිණීම ය.
Deleteකණ්ඩා ...ඔය යෙහෝවා සෙට් වලට එකල කොච්චියා පන්න පන්නා ගේම ඉල්ලුවේය..ඒ තවත් ආගමික හිඟන්නන් කොටසක් ය.
Deleteමචං ආගමක් නිකායක් කිව්වොත් ඉතින් ගූ ගොඩක් මය.. හැබැයි පුද්ගලික විශ්වාසයන් කියන්නේ ඒවාට නෙවේය.
රොශාන් මහානාම ගැන කථාව නියමයි. යම් කටයුත්තකට මේ ලඟදී හමුවුණා. එකල මෙන්ම තවමත් ඒ නිහතමානී පුද්ගලයාමයි. පිටිදූවේ හිමියන් අවුරුදු 10 කට පෙර හමුවී තිබෙනවා. මට මතක එකල ඔහුත් ඉතා නිහතමානී කෙනෙක් ලෙස තමයි මට මතක. දැන් දකින දේවල් නිසා එම අදහස වෙනස් වෙලා.
ReplyDeleteරොෂාන් ව දුටු කාලයක් මතක නැත. පිටිදූවේ හාමුදුරුවෝ අන්තිමට දැක්කේ වසර හතකට පමණ පෙර ය.
Deleteරෝෂාන් මහනාමගේ කතාව සිත් ඇදගන්නා සුළු කතාවක්.මිනිහගේ තිබුණෙ අමුතු ස්ටයිල් එකක්,මන් අන ඒකට මාර කැමතියි...දිලිසෙන් හෙල්මට් එක එහෙම මාර ගති.හයක් හතරක් නොදන්න ක්‍රිකට් පිස්සො විදියට මට ඒ කාලේ මතක ඕවා තමයි.අර සමන්තභද්‍ර ගේ සමහර දේවල් වලට මන් එකග නෑ
ReplyDeleteරොෂාන් ගෙ බැටින්ග් ස්ටයිල් එක වගේම මිනිහා ගෙ පර්සනැලිටි එක උනත් ජාත්‍යන්තර මට්ටමේ තිබ්බා..අපේ ගොඩක් ක්‍රීඩකයො ඒ කාලෙ ඒ අතින් පිටිපස්සෙන් හිටියෙ..
Deleteසමන්ත ගැන අපිට විවිධ මත තියෙන්න පුලුවන්...
This comment has been removed by the author.
Deleteරොෂාන්ගෙ අයිය කෙනෙකුත් හිටිය. දේවක මහානාම. ඉස්කෝලෙන් පස්සෙ අවුරුද්දක් දෙකක් විතර පී. සරා ගැහුව. මට මතක විදිහට සී.සී.සී. ටීම් එකට.
ReplyDeleteරොෂාන්ට මුල් දවස්වල තිබ්බ බොහොම ඉක්මනට ක්‍රෑම්ප්ස් එන ලෙඩක්. තිහක් හතළිහක් ගැහැව්වද දෙන්නෙක්ගෙ කරේ එල්ලිල තමයි ආපහු පැවිලියන් එකට එන්නෙ.94 විතර ඇලෙක්ස් කොන්ටූරි ෆිසියෝ විදිහට ආවට පස්සෙ තමයි රොෂාන්ගෙ ඒ අසනීපෙ හොඳ වුනේ.
94 විතර අර්ජුන අරවින්ද එහෙම මොකක් හරි කචල් එකක් දාගෙන අයින් වුනාට පස්සෙ එක ටුවර් එකකට ( මට මතක විදිහට නිව්සීලන්ඩ්) රොෂාන් කැප්ටන් කලා. ඒකට අර්ජුන ආපහු ආවට පස්සෙ සෑහෙන්න රොෂාන්ට කැපිල්ල දැම්ම. රොෂාන් වැඩ කාරය හින්ද අයින් කරලම දාන්ට බැරිවුනා. අර්ජුන කපල දාපු හොඳ දක්ෂතා තියන කොල්ලො සෑහෙන්න ඉන්නව.
සමන්ත බද්දර ගැන කොච්චියගෙ ඇනලයිසිස් එකට එකඟයි. මාතලන් කියනව වගෙ සිද්ධාර්ථ ගෞතම බුදු වුනාය කියල අපි කියන්නෙත් එයාම කියපු නිසානෙ. අනික බුදුවුනාය කියන්නෙ මොකක්ද? කවුරුවත් හරි උත්තරයක් දන්නෙ නැති ප්‍රශ්ණයක්...අර කිව්වත් වගෙ බුදු මීටරයක් කියල එකක් නෑනෙ මැනල බලන්ට ...නැද්ද?
This comment has been removed by the author.
Deleteඔව්..දේවක කියන්නෙ රොෂාන් ට වඩා ටැලන්ටඩ් ක්‍රීඩකයෙක්.
Deleteරොෂාන් ගෙ ක්‍රීඩා ජීවිතය විනාශයක් කරන්න හැකි උපරිමය අර්ජුන කලා.
සමන්තබඩ්ඩ නං බුදුවෙලාද කියල සැකයි. බුදු/රහත් වෙච්ච බව පරික්ෂා කරන්න නං පුළුවන් ඉඩ දෙනව නං. පොඩි කෙමක් කරන්න තියෙන්නෙ.
ReplyDeleteමහානාමගෙ කතාව වෙනම දැම්ම නං හොඳයි අරූ මේක අස්සට දාන්නෙ නැතිව. ඒ දවස්වල මහානාම ජනප්‍රිය වුනේ පන්දු රැකීමෙන් තමයි. මතකද අර සෑහෙන්න දුරක් දුවල බිම දිගේත් ඇදිල ගිහිල්ල ගත්ත කැච් එක?
ඒ මොකක්ද කෙම? අතුල ගේ කෙමක් නෙවෙයි නේද?
Deleteමහානාම ගේ උඩ පන්දු ගොඩක් තියෙනවා මතකේ අදටත් තියෙන
නෑ. අර යක්ෂයෙක් සැරියුත් හාමුදුරුවො චෙක් කලා වගේ :-)
Deleteබුදු දහම ගැන ඔයාගෙ අදහස කියන්න
ReplyDeleteචතුරාර්‍ය සත්‍යය ට එහා මට අදාල නැහැ. මගෙ අදහස මට ප්‍රායෝගිකව වැදගත් වෙන ප්‍රමාණයයි.
Deleteබුදු දහම කියන්නේ චතුරාර්ය සත්‍යයමනෙ
ReplyDeleteඊට ඇර මොනාද බුදු දහම තියෙන්නේ
එහෙනම්..ඔබගේ අදහස මගේ අදහසත් එක්ක ගැලපෙනවා වගේ..
Deleteඋඹටත් හැලපයගේ ලෙඩේ බෝ වෙලා.. ඒ අතිං රොෂාන් ග්‍රේට් නේද බං. දැං ඉන්න උනුත් එහෙමටය කියල නරක නෑ. පොඩි පොඩි අව්ල් තිබුනට.. අර්ජුනයි සනතුයි ඇර
ReplyDeleteඒ මොකක්ද හැලපයාගෙන් බෝ වෙච්ච ලෙඩේ
Deleteමේ හැලප ඉස්ටයිල් එක අතඇරලා, කොච්චි හරි හෝ මිරිස් හරි කමක් නෑ වෙන ඉස්ටයිල් එකකින් ලියහංකො....ප්ලීස්...!
ReplyDeleteඑහෙම හිතලා මතලා ස්ටයිල් එකක් ෆලෝ කරන්නෙ නම් නැහැනේ .. හිතට එන දේ ඔහේ ලියනවා ඉතින්
Deleteකමක් නෑ ඉතින්...නිකමට කිව්වේ...!
Deleteමහානාම හා රෝඩ්ස් සංසන්දනය කලාම කොච්චිට හිතෙන්නෙ නැද්ද ඒ දෙන්නාගේ ෆීල්ඩින් ස්ටයිල්ස් දෙකක් කියලා. මහානාම ඉතා වේගයෙන් පැනලා අත දික් කරලා කැච් එක ගන්නවා හුඟක් වෙලාවට එක අතකින් . රෝඩ්ස් ඊට වඩා ඇන්ටිසිපේට් කරලා අඩි දෙක තුනක් අරගෙන කැච් ගන්නවා බොහෝ වෙලාවට අත් දෙකෙන්. ලංකාවෙ රෝඩ්ස් වගේ ස්ටෙප්ස් අරගෙන කැච් ගන්න කෙනෙක් මා ද්ක තියෙන්නේ රුවන් කල්පගේ.
ReplyDeleteසමන්ත්‍රභද්‍රට නම් දැන් එර්දියෙන් කැච් ගන්න පුලුවන්
ඔව්...සියුම් පැහැදිලි කිරීමක්. ස්ටයිල්ස් දෙකක්.රුවන් කල්පගේ ගැන ඔබේ මතය එක්කත් මම එකඟයි. 90 දශකයේ මුල් භාගයේ අපේ ටීම් එකේ පන්දු රැකීම අති විශිෂ්ට මට්ටමක තිබ්බා. රොෂාන්,හෂාන්,කල්පගේ සහ සනත්...අරවින්ද උනත් අත හරින්න බැහැ.මම තාමත් ආදරය කර්නවා ඒ යුගයට.
Deleteහොඳ වෙලාවට ඒ කාලෙ අපි එක්ක සෙල්ලම් කරද්දි සමන්ත බෝසත් ලෙවල් එකේ උන්නෙ...නැත්නම් අපිට පෙලහර පාලා අවුට් කර ගනියි.
සමන්ත රහත්ද නැත.බුදු වීද නැත.පැවිද්ද ද නැත.මෙවැනි අය ගැන කතා කිරීමට කාලය ගැනීමද දුකකි
ReplyDeleteමොහු මිත්‍යා දෘෂ්ටිකයෙකි, බෞද්ධාගමේ හතුරෙකි.
Deleteඔහේ කොහොමෙයි ටක්කෙටම කියන්නෙ
Deleteහැලපයා හැඟීම්බර වෙලාද මන්දා...
Deleteපුද්ගල සන්තානය ගැන විග්‍රහ කරන දර්ශනයකට හතුරෝ නැතිය.ඉන්නට බැරිය.
රොෂාන් මහානාම රහත් වෙලා වන්බම්ප් ගහලා සැමන්ටාබද්‍ර ඩයිව් කරල කැච් එකක් ගත්තු පෝස්ට් එක මරු...!
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි
Deleteහැලපයා සමඟ ඵකඟයි මෙවට ඉඩදීල ඉන්න මහනායක උන්නාන්සේලා ඒ පට්ටම ....... දුන්නා නම් හොදයි
ReplyDeleteමහානායක හාමුදුරුවෝ ඔයිට වඩා බලු වැඩ දෑසින් බලන් උන්නු අය..
Deleteවිචාරකයො කළුහමට සලකපු විදිය ගැන කතාවටනම් එකඟයි.
ReplyDeleteගොඩක් විශිෂ්ඨයන්ට අසාදාරණයක් වුණා මේක.
ඔව්...ඒ කාලෙ ඕස්ට්‍රේලියන් එකෙක්ට වාතයක් ගියත් පට්ට සුවඳයි උන්ට..
Deleteඑකම මැච් එකේ මහානාම ගත්තු සුපිරි කැච් එකක් හරිම දොදොල් කමෙන්ට්‍රියක් එක්ක දෙපාරක් වගේ රීප්ලේ පෙන්නුවා..මාක් වෝ ගත්තු බොහොම සිම්පල් කැච් එකක් උඩ දදා පෙන්නුවා ලැජ්ජ නැතුව
එකඟයි
ReplyDelete/////දුක නැති කල හැක්කේ කොන්දේසි විරහිත ආදරය තුල පමණක්ම බව //////
ReplyDeleteමමත් ගොඩක් දුරට හිතන්නේ මෙහෙම තමයි.
ඕව බොන්න වෙන පස්න අෆ්පා
ReplyDeleteබොමුකො අප්පා
Deleteබොන්න උඹ මෙහෙ ඉන්න එකක්යෑ (එක අතකට ඒකත් හොදා බං අරක්කු වලට වඩා රත්තරං බොහොම පොඩ්ඩයි මිල වැඩි.) සිකරටි මං හිතන්නෙ ඊට වඩා පොඩ්ඩක් වැඩී.
Deleteආගම ගැන ඉතිහාසයේ ඉදන්ම එන ඇදහීම හා විස්වාසය කියන්නෙ මහ විකාරයක්.. මාතලන් කියනව වගේ කාටද කියන්න පුලුවන් සිද්ධාර්ථ බුදුවුණා කියලා..උණ කට්ට හොම්බ යටට අල්ලල උන මනිනව වගේ අර කිව්වත් වගේ ඕක කොමෙහාම දැනගන්නද මිනිස්සු මායාව ප්‍රිය කරන්නෙ යථාර්තය කටුක වුනාම.. ඇයි අපි ඒක වටහ නොගන්නෙ
ReplyDeleteඒකම තමයි මගේ මතයත්. අපිට බුද්ධත්වය මනින්න බැහැ. හැබැයි ඔය කාගෙ දෙසුම් වුනත් අපිට පාවිච්චි කරගන්න පුලුවන් .. හැබයි සමන්ත තමුන්ගේ ඉගැන්වීම් වල රැඳෙන්නෙ නැහැ
Deleteඔය කිරිකට් වලට මම ආව නැති උනත් රොශාන් මහානාම හොද මනුස්සයෙක් බව මාත් අහලා තියෙනවා. සමන්ත බ්ඩ්ඩ ගැන නම් කියලා වැඩක් නෑ. මෙහෙත් ඇන්කරේ ගැහුවා ඕන්.. ජය වේ !
ReplyDeleteබොහොම ස්තුතියි කැප්ටන්
Delete