Sunday, October 23, 2016

සමුද්‍රා මැරූ වීදිය බණ්ඩාර,කෝපි පිස්සුව සහ හාඩ්කෝර් කොච්චියාගේ නෝනාගේ උපන් දිනය

කලින් පෝස්ටුවේ කොච්චියා සිය ඇබ්බැහිවීම් ගැන ඉඟි දුන්නේය. එයින් එකක් නම් කෝපිය. කොච්චියා කෝපි බීමට මනාපය.  ඒ අදක ඊයෙක නොවේය. කොච්චියා හිච්චියා සන්දියේ සිටම මහ ගෙදර වත්ත පිටිපස්සේ තිබ්බේ කෝපි ගස් ය. පරණ කෝපි ගස් වල දෙබල වල් මත හිද කුඩා කොච්චියා අපමණ පොත් කියවා ඇත්තේය. ඉන් අමතක නොවන පොතක් නම් වීදිය බණඩාරය. කතුවරයා අමතකය. ජයෝ බණ්ඩාර මරා සමුද්‍රා අත් පත් කර ගන්නා වීදිය නොහොත් වේධය මට වීරයෙක් වූවේය. මායාදුන්නේ හා ටිකිරි බණ්ඩාර රාජසිංහ ව කම්පනය කළ වේධය … සමුද්‍රා දියේ ගිල්වා මරා දැමූ වේධය… දෙමළුන් හා පරංගි පෙති ගැසූ වේධය...ජාති වාදී ආගම් වාදී වේධය...මට වීරයෙක් උනේය… ඒ කෝපි ගසක් උඩ හිද ගෙන පොත කියවද්දීය. කොච්චියා පිස්සු වැටුනේ ඒ නිර්භීත කමටය… ළමා කාලයේත් කොච්චියා වීර ප්‍රේම කතා වලට ප්‍රේම කළේය… එදා සූරිය දේවිය කොච්චියාගේ සිහින කුමාරිය වූවාය...ඈ මායාදුන්නේ ගේ දියණියය...කිරි සුවදට පෙර ලේ සුවදට පෙම් කළ ටිකිරි බණ්ඩාර ගේ සොයුරියය...ඈ සිය රාජ්‍යයේ සතුරාට පෙම් කළාය...විවාහ වූවාය… ඔහු බේරා ගැනීමට උමගක් කැණුවාය…එදා කොච්චියා සිහින මැව්වේ එවන් ගැහැණියක්‍ ය…


කෝපි බීමට එකල කොලොම්පුරේ තිබූ හොදම තැන බැරිස්ටාවය….කොච්චියා එහි කෝපි බීම උමතුවක් කර ගත්තේය…  උණුවෙන් එස්ප්‍රෙසෝ ඩබල් ෂොට් එකක් ය… කෝපි බොන්නේ ඒ තද ඇරෝමාව විද ගන්නටය.. ලතේ(latte) වගේ ලාමක ඒවා කොච්චියාට හරි යන්නේ නැත… කොච්චියා hardcore පොරක්‍ ය… සෙක්ස් කිව්වත් කොච්චියා කැමති hardcore ය… එහෙම කිව්වාට environmental variables මත රසය වෙනස් වන අවස්ථා ද නැත්තේම නොවේය… ඉදලා හිටලා අයිස්ඩ් කැෆේ ලතේ ද කොච්චියා බොන්නේය… සෙක්ස් ද ඒ වගේය.. කොෆී ෆ්ලේවර්ඩ් හොට් චොක්‍ලට් උනත් අවස්ථාව අනුව බොන්නේය….සමහර විට ඊට උඩින් විප්ඩ් ක්‍රීම් ද තිබ්බොත් හොදය... හැබැයි බයි ඩිෆෝල්ට් කොච්චියා හාඩ්කෝර් ය.


අදටත් මා කෝපි පිස්සෙක්‍ ය.. ස්ටාර්බක්ස් හෝ කොස්ටා හෝ කොෆී බීන් කියා නැත්තේය...කෝපි එකක් එක්ක පොතක් කියවීම තෘප්තිය දෙන්නක්මය..අද ලංකාවේ ගොඩ දෙනෙක් කොෆී ෂොප්ස් වලට යන්නේ පොෂ් වෙන්නය.. ලව් කරන්නට වටාපිටාවක් සොයා ගන්නටය.ගිහිල්ලා බොන කෝපියක් නැතිය...තොල ගාන්නේ ජූස් ය..තාමත් ලංකාවේ හරි හමන් කෝපි සංස්කෘතියක් නැත්තේය.


ලෝකයේ ඉස්තර්ම්ම කෝපි රැසක් රස බලා ඇති කොච්චියා අදත් ආසා කරන්නේ ගෙදර කෝපි ගස් වලින් රතු පැහැ ගෙඩි කඩා  අවුවේ වේලා ගෙවල් තුනකට එහායින් සිටි ඇමී ආච්චී නම් ගැහැනිය විසින් කොටා දෙන ලද ඒ හෝම් මේඩ් කෝපිය… කොච්චියා ඒ සුවද අදත් සිතින් විදින්නේය. කෝපි වලට පෙම් කළ..ඒ නිසාම කෝපි වැවූ කොච්චියා ගේ ආදරණීය ආච්චීත් අසල්වැසි ඇමී ආච්චීත් දෙදෙනාම අද ඇත්තේ සුර ලොව යයි සිතීමට කොච්චියා මනාපය. ආච්චී හදා දුන් බිත්තර කෝපි රසය අදටත් මනසින් කොච්චියාගේ රස නහර ස්ටිමියුලේට් කරන්නේය.

කොච්චියා ඉස්සර සීදුවේ නෑයන්ගේ මළගෙවල් වල නයිට් ගැසීම ඉතා උනන්දුවෙන් කළේය. කැරම් අතක් ගසමින් හෝ ඕමියක් බලමින් ඉන්නා අතරේ අහල පහල ගෙවල් වලින් ගෙනෙනා කෝපි කෝප්පය ගෙන එන්නේ දිව්‍යමය සැපයකි.දැන් දැන් කොළඹ පමණක් නොව ගමේ ගොඩේ ද බොහොමයක් මල ගෙවල් වල නිදි මරන්ට කිසිවෙක් නැතිවා මෙන්ම එහා ගෙදරින් ගෙන ආ කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය.


සිරි පොද ඇද හැලෙන නුවර ටවුමේ හැන්දෑ යාමයන්හි පරණ බේක් හවුසියේ ආලින්දයේ කොච්චියා කෝපි බී ඇත්තේය.. වරක් දෙවරක් නොව කීපවරකට වඩා වැඩි වාර ගණනක්ය. කෝපි කෝප්පය තොල ගානා අතර එලිය බලනා කොච්චියාට පෙනෙන්නේ තෙත සුවදට ඇද හැලෙනා පොද වැස්සය...කුඩ ඉහලා ගෙන යන ඔසරි හැදි ළදුන්‍ ය.. එකී මෙකී හැඩ තල කොච්චියා ගේ මන දොළ පිරවූ අතර කෝපි කෝප්පය ඒ දැකුම් හැගුම් සේ අවදි කරවූයේ නැතුවාද නොවේය.. නුවර ළදුන් හැඩකාරය. කෝපි වලට වඩා සෞම්‍ය ය..එනම් hardcore නෙවේ වගේය…. ඒත් බැලූ බැල්මට පෙනෙන දේ පිළි නොගත යුත්තේය. කෝපි වුනත් බීලාම බලන්නට ඕනාය.ඇතැම් තද කලු කෝපි සැර නැති අතරම ලා පාට කෝපි තද සැර වන අවස්ථාද ඇති බව කෝපි ලෝලියෝ දන්නවෝය.


වීදිය බණ්ඩාර සමග මුහුණට මුහුණ සටන් කළ හැක්කෙක් එදා ලක් දිව නොසිටියේය. රාජසිංහ මෙන්ම අසවේදු ද ඒ නම අසා දෙදරුවෝය.. හත්වෙනි බුවනෙකබා ගේ හයිය වීදිය බණ්ඩාර ය...පොන්නයා යයි නම් ලද දොන් ජුවන් ධර්මපාලගේ පියා ඔහුය...වේධය යාපනයේ වාගරාජගේ සෙබළුන් අතින් මරා නොදැමුණා නම් හා ජුවන් තම පියාව ඈත් කර නොගත්තේ නම් අද දොන් ජුවන් කියා පොන්නයෙක් ගැන අප අසන්නේ නැත්තේය...ඒ වෙනුවට අසන්නේ සීතාවක රාජසිංහට පහරට පහර ගැසූ ධර්මපාල ගැනය...වේධය එසේය… ඔහු ලේ පිපාසිතයෙක්ය...රාජ ලේ පරංගි ලේ හෝ දෙමළ ලේ ඔහුට අදාල නූයේය… ලේ නම් ලේය.. පිපාසා නම් පානය කළ යුත්තේය..මා හැදෑරූ..දැන ගත් වීදිය බණ්ඩාර එසේය.. වීදිය බණ්ඩාර ගේ අවසන් සටන ඔහුගේ වීරත්වයේ ක්ලයිමැක්ස් එකය. සිය මිතුරු බංගෙයි රාල හා එක්ව සතුරන් සියයකට වඩා තනිව පොලු ගැසූ වීදිය බණ්ඩාරව මුහුණට මුහුණ සටන් කර පැරදවිය නොහැකි බැව් අවබෝධ කර ගත් සතුරු සෙබළෙක් සියඹලා ගසක් මතට නැගී පසු පසින් ගැසූ හෙල්ල පහරකින් මහ පොළව සිප ගත්තේ එදා මෙදා තුර ලංකාවේ බිහිවූ දරුණුතම සටන් කරුවා යැයි සිතන්නට කොච්චියා කැමතිය.

කෝපි ගැන කියනා විට කොච්චියාගේ සිත් ගත් අනෙක් කෝපිය නම් තුර්කි කෝපිය. Turkish coffee කියන්නේ වෙනම සංගිස්කුරුතියක්‍ ය..Espresso එකක රළු බව, ලාංකීය අපට හුරු මඳක් සෞම්‍ය ඇරෝමාවක් ඔබ්බවා ඇති තුර්කි කෝපි කොච්චියා බොන්නේ සීනි නැතුවය.. මේ දාලා ඇත්තේ එහි පින්තූරයක් ය.



ශීෂා කියන්නේ හූකා වලටමය..දැන් දැන් ලංකාවේද හූකා කැෆේස් තියෙන්නේය..ඇපල් මින්ට් රස කැවූ දුම්කොල දුම උරමින් බොන තුර්කි කෝපි එක ඔබව දිව්‍ය ලෝකය කරා ගෙන යන්නේය.. ශීෂා ගැන වෙනම ලිවිය යුත්තේය. අර්ධ දහනයකට ලක් වන දුම්කොළ වලින් එන ඒ සැර ටද කොච්චියා මනාපය..කාලයක් හැම බ්‍රහස්පතින්දාම කොච්චියා නෝනාත් සමග ශීෂා උරන්නට ගියේය..ශීෂා ගසමින් තුර්කි කෝපි බොමින් රමී ක්‍රීඩා කළ යුගය අමතක නොවන්නේය. . එදා සහ අදත් ඕමානයේදී ශීෂා වලට කොච්චියා යන්නේ ඇඩ්‍රස් කැෆේ එකටය. එතන අපට ගෙදර වගේය. ඇඩ්‍රස් කැෆේ එක සබැඳි කතාද එමටය. ඒ හා බැඳි චරිතද ක්‍රීඩාවේ උන්මත්තක භාවය ගැනද ඉදිරියේදී ලියවෙනවාය.



කොච්චියාගේ හිත ගත් ඊලග කෝපිය නම් අරාබි කෝපි ය..අරාබි කිව්වාට මෙහේ වැවෙන කෝපියක් නැත්තේය..රට ඉදි හැරුණාම තණකොල වත් නොවැවෙනා අරාබිකරයේ කෝපි කියන්නේ උන්ගේ සංගිස්කුරුතියේ ප්‍රධාන අංගයක් ය. ඕමානයට ආ මුල් කාලයේම කොච්චියා හොඳම අරාබි කෝපි සෙවීමට වෙහෙසුණේය.දවසක් කොච්චියා හිතවත් ඕමානියෙක් ගෙන් ඇසුවේ හොදම kahwa (කෝපි) හොයා ගන්නේ කෙසේද කියාය..මිනිහා කීවේ කඩේට ගොස් කහ්වා සිලානියා ඉල්ලන්නට කියාය. බලාගෙන ගියාම මේ කියන්නේ අපේ ලංකාවේ කෝපිය. ඒ කෝපි වලට විවිධ කුළුබඩු එක් කර බ්ලෙන්ඩ් කර සාදන්නකිය මේ අරාබි කෝපි. අරාබීන් කෝපි නොහොත් කහ්වා බොන්නේ කුඩා කෝප්ප වලය..රට ඉදි හපමින් කෝපි බොමින් හවස් වරු ගත කරන අරාබි ගැහැනුත් පිරිමිත් කොච්චියාට හුරු පුරුදුය. ඔය අරාබි කෝපි බීමේ ද එක් එක් රීති තියෙන්නේය..කෝපි වක්කරන්නේ ගෙදර මූලිකයා ය. කෝප්පය ඉවර වූ සැණින් ආපහු පුරවන්නේය. දැන් ඇති නම් කෝප්පය සෙමෙන් සෙලවිය යුතුය. නැත්නම් ආයෙත් පුරවනු ඇත්තේය.


වීදිය බණ්ඩාර ගැන වූ ඒ පොත කොහේට උනා දැයි නැත්තේය. එය කියවා වසර විසි පහකට වැඩිය...තවමත් ජයෝ බණ්ඩාර හා වීදිය බණ්ඩාර අතර සටන සිතින් මවා ගත හැකි තරම් ඒ පොත ප්‍රබලය. ඒකට වෙච්ච දේ ගැන හිතමින් මේ මොහොතේ කොච්චියා ඉන්නේ ඉන්දීය අවන්හලක් ඇතුලේය. පෙර පෝස්ටුවක කිව්වා වගේ සිකුරාදා පාතරාසය ගන්නට ඇවිල්ලාය. කොච්චියාගේ ඉදිරියේ දැන් තියෙන්නේ තවත් කෝපි කෝප්පයක්‍ ය. ඒ එදා පෝස්ට් එකේ කිව්වා වගේ ෆිල්ටර් කෝපි එකක් ය. ෆිල්ටර් කෝපි රසය නිකන් විදින්නට බැරිය. දකුණු ඉන්දීය ගිතෙල් රසය දිවේ යට තියෙද්දි ෆිල්ටර් කෝපි වඩා රසය.
වීදියේ බණ්ඩාර ව බැක්ග්‍රවුන්ඩ් එකේ තබාගෙන කොච්චියා ලියූ කෝපි කතාව මෙසේ නිම වෙනවාය. සෙක්ස් සහ විස්කි ගැනත් මේ විදියට ලියවෙන්නේය. සුරුට්ටු සහ හූකා ගැනත් ලියනවාය...සිගරට් ගැන කොච්චියා දන්නේ අබැටක් තරම්ය. නොදන්නා නිසා ඒ ගැන ලියන්නේත් නැත්තේය. කෝපි ගැන අන්තිම ට ආයෙත් කියන්නේ මූඩ් එක හා කාලගුණය වගේම වේලාව වගේ variables පදනම් කරගෙන තෝරා ගැනීම කල යුතු බවය.


පසු සටහන :  මේ පෝස්ටෙක ලියා නිම කළේ සිකුරාදා පාතරාසය සමග මය.සෙනසුරාදා කොච්චියාගේ නෝනා ගේ උපන්දිනය යෙදී තිබුණේය. ඈට සුබ පතා වෙනම පෝස්ටුවක් ලියන්නට කොච්චියා සිතා සිටියේය. ඉරිදා වැඩ දවසක් බැවින් අපි ඇගේ උපන් දිනය සිකුරාදා රෑ සැමරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොච්චියා සෙනසුරාදා කිසිවක් ලියා ගත හැකි මට්ටමක නොසිටියේය. ඒ ගැන සාක්ෂි දරන්නට හැලපයා ඇත්තේය.
කොච්චියාට නෝනා ගැන කියන්නට අපමණ කතා ඇත්තේය..නමුත් මේ විතරක් කියා ඈට සුබ පතන්නේය. කොච්චියා සමග පවුල් කෑම පහසු නැත්තේය..ජීවිතය ගැන කිසිම බරක් නැතිව ඒ මොහොතේ පමණක් ජීවත් වන මිනිහෙක් සමග වාසය ගැහැණියකට පීඩනයක්ය.උද්දච්ච, වගකීම් විරහිත කොච්චියා ආදරය කිරීමම ඉතා වටින්නේය. ඒ ගැන කීමට වචන නැත්තේය..
මගේ ආදරණීය නෝනාට සුබම සුබ උපන්දිනයක් වේවා!

50 comments:

  1. ඔබගේ බිරිඳට සුභ උපන් දිනයක් වේවා. කථාව රස වින්ඳා

    ReplyDelete
  2. කතාව රස නොවින්දෙමි....බිරිදට සුබ උපන්දිනයක් වේවා කියා සුබ පැතුම් එක්කල බව කරුනාකර දැනුම් දෙන්න

    ReplyDelete
  3. අදනං මෙලො රහක් නැ

    ReplyDelete
    Replies
    1. පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කලා. අපි යමක් ඉගෙන ගන්න ඕන තැත් වරද ක්‍රමයෙන් නෙ.

      Delete
  4. ඔබේ බිරිඳ ට සුබම සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  5. බිරිඳට සුබ උපන්දිනයක් වේවා!
    වෙලාවක සීසා එක්ක කෝපි එකකුත් ගහල බලන්න ඕන වැඩේ කියන්නෙ සීසා පොට් එකකට ගියාම වෙන වෙන ඒව සෙට්වෙනවනෙ :D

    ReplyDelete
    Replies
    1. ඔබේ ශීෂා ෆ්ලේවර් එක මත turkish coffee එකේ සීනි ඇති නැති බව තීරණය කරගන්න

      Delete
  6. Replies
    1. Irish coffee ගැන විස්කි ගැන ලියද්දි දාන්නම්. Irish whisky ගැනත් කියන්න එපෑයැ

      Delete
  7. මමත් කැමතිම බීම කෝපි. හැබැයි ගෙදර වේලලා හදන කෝපි. ලංකාවේ හරිස්චන්ද්‍ර එකත් වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ රහට කඩෙන් ගන්නවා නම් ඉතින් හරිස්චන්ද්‍ර තමයි .. ඉස්සර කොල්ලුපිටියෙදි ඉන්ලන්ඩ් එක ලගින් එන කෝපි සුවදත් මරු

      Delete
    2. එතැන තියෙන්නේ අයිලන්ඩ් කොෆී. මම තවමත් එතනට ගිය වෙලාවට කෝපි පැකට් එකක් අරන් යනවා. දැන් ඒවා සුපර් මාකට් වලත් තියෙනවා. ගෙන්නා ගන්නත් පුළුවන් මට හිතෙන විදියට.

      Delete
  8. මද්දාද කොපි පෙරේතයෙකි.

    \\කෝපි ෆ්ලාස්ක් එක වෙනුවට ඇත්තේ කසිකබල් නෙස්කැෆේ මැෂිමක්ය. \\
    දැන් නම් ගොඩක් වෙලාවට කෝපි ඉල්ලූ විට ලැබෙන්නේ නෙස්කැෆේය. එහෙම ගෙනාවිට උන්ගේ ඔලුව කෑමට තරම් තරහය.


    එනිවේ උබේ වයිෆ්ටත් හැපි බර්ත් ඩේ එකක් වේවාය.

    ReplyDelete
    Replies
    1. තවත් කෝපි පෙරේතයෝ ඇති බව ඇසීමත් සතුටකි. සුබ පැතුමට තුති..

      Delete
  9. අපිනං කෝපිය කියා බොන්නේ හරිස්චන්ද්‍ර කෝපිය පමණි.
    කතාව අගනේ ය. වීදිය බණ්ඩාර කෝපි බීවාදැයි සොයා බැලිය යුතුය. හැක්..

    කොච්චියාගේ බිරිඳට සුබ උපන්දිනයක් පැතීමට මාත් එක්වෙනවාය.

    ReplyDelete
    Replies
    1. හරිශ්චන්ද්‍ර කෝපිත් නරකම නැත. කඩෙන් ගන්න තියෙනා හොඳම කෝපි නම් හරිස්චන්ද්‍රය.කොල්ලුපිටියේ ඉන්ලන්ඩ් එකේද හොඳ කෝපි තිබේ.එතන පසු කරන විට එන සුවඳ ද කදිමය.
      වීදිය බණ්ඩාර ගේ යුගයේ කෝපි තිබ්බාද?

      පැතුමට ස්තූතියි

      Delete
  10. ඊළඟට උපන්දින සාදයේ කතාවද?

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නැහැ . දිනුශයා ඒකටත් ගේමක් ඉල්ලයිද දන්නෑ

      Delete
  11. KOPI LUVAK(CIVET COFFEE)සහ බ්ලැක් අයිවරි (ELEPHANT DUNG COFFE) ගැන අහලා තියෙනවද. මේ එකක් උරුලෑවගේ අසුචි සමග පිටවෙන කෝපි ඇට වලින් හදන්නේ. කෝපි පොත්ත දිරෙව්වට ඇටේ දිරවන්නේ නැහැ. නමුත් කෝපි ඇටය යම් ප්‍රතික්‍රියාවකට ලක්වෙනවා බඩ ඇතුලේ. අනිත් එක අලි බෙටි සමග පිටවෙන කෝපි ඇට. මේ දෙකම ඉතාම ඉහළ මිලක්.

    කහ්වා සමග හල්වා කොහොමද....

    ReplyDelete
    Replies
    1. ඔව්..KOPI LUVAK කියන්නෙ ලෝකෙ මිල අධිකම කෝපි. හොයාගන්න අමාරුයි.කහ්වා සමග හල්වා කියන්නෙ මගේ ෆේවරිට් කම්බිනේෂන් එකක්. දියවැඩියාවෙන් ලාවට පෙලෙන නිසා හල්වා කෑම අඩුයි.

      Delete
    2. මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු පොස්ට් එක

      ඔබත් කෝපි ප්‍රේමියෙක්ද

      Delete
  12. ගූ හතයි ගූ කෑලි පාවෙයි ගන්දස්සාරේ බෑ

    ReplyDelete
    Replies
    1. ගන්දස්කාරය කියන්නෙත් යම් දැනීමක්... ගොඩක් ගදයි කියන්නෙ ගොඩක් දැනෙනවා කියන එක. වටින්නේ ගද සුවද නෙවෙයි..දැනීම. ස්තූතියි

      Delete
  13. මේක කියවනකොට පරණ ඇත්දැකීමක් එක්ක ජර්මන් කාරයො බොන උකු තිත්තම තිත්ත අජූත කලු කෝපි රහ කටට දැනුන ! ඔහොම කෝපි බොනකොට පස්සා පැත්තේ ආඩම්බර බලන්න වෙනව!

    ReplyDelete
    Replies
    1. ජර්මන් කාරයො ප්‍රිය කරන්නෙ අමෙරිකානෝ වර්ගයේ කෝපි වලට...තද කලු සැර කෝපි.
      මට නම් කණ්ඩෝ රෑ එලි වෙනකන් කෝපි බිව්වත් පස්ස පැත්තෙන් කරදර නැහැ

      Delete
  14. උඹව මනුස්ස ලෝකෙට එවනකොට අඟල් කීපෙක පීවීසී බටයක්ද කොහෙද ප්‍රඩක්ෂන් ලයින් එකේදි හයි කරල තියෙන්නෙ හික්... හික්...😁

    ReplyDelete
  15. මමත් කෝපි බොන්න ගොඩාක් කැමතියි. අපේ ගෙදර නම් කෝපි තියනව. ඉතින් වේලල කුඩු කරගන්නව. හැබැයි කඩේ තියන කෝපි වලට නම් වැඩි කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගෙදර වේලපු කෝපි තමයි සුපිරි..

      Delete
  16. මමනම් පොඩි කාලේ ඉදන්ම කෝපි වලටත් වඩා ආස කෝපි මල් සුවඳට, මීට අවුරුදු 20කට විතර කලින් අපේ ආච්ච්ලගෙ ගෙදර කෝපි ගස් හත අටක් තිබුනා නිවාඩු කාලෙට එහෙ ගියාම පාන්දරට කෝපි මල් සුවඳ දැනෙනකොට හිතට දනුනේ පුදුමාකාර හැඟීමක්.කෝපි සුවඳ කිව්වමනම් ඉතින් ඉස්සෙල්ලම හිතට එන්නේ කොල්ලුපිටිය පහුකරනකොට දැනුන කෝපි සුවඳට, දැන්නම් කාලෙකින් එතනින් යන්න උනේ නෑ ලේසියට Marine Drive එකෙන් යන නිසා.හැබැයි ඉතින් කොල්ලුපිටිය කිව්වම කානිවල් අයිස්ක්‍රීම් එකයි කෝපි සුවඳයි තමයි තාමත් ඉස්සෙල්ලම හිතට එන්නේ.
    කෝපි රස කිව්වමනම් ඉතින් මමනම් වැඩි හරියක් දන්නේ හරිස්චන්ද්‍ර රසයයි, නෙස්කැෆේ රසයයි, හත් අට පාරක් Queen's Cafe එකෙන් බීල තියෙන ලතේ එකයි විතරයි.

    ReplyDelete
    Replies
    1. සොඳුරු සඳවතීට කොල්ලුපිටිය කිව්වම ඉන්දු සිලෝන් එක මතක් වෙන් නැද්ද....බොම්බේ ස්වීට්....ක්‍රීම් හවුස් එහෙම මතක්ද?

      Delete
    2. සදවතී කියන ඔය සුවද මමත් ආස කල දෙයක්. ඉන්ඩො සිලෝන් එක ලග ඉන්ලන්ඩ් එකෙන් තමා කෝපි සුවද එන්නෙ. කොච්චර අයිස්ක්‍රීම් කාලා තිබ්බත් අදටත් කානිවල් තමයි ඔලුවට එන්නෙ ... ඒ කාලෙ සතියට දවස් දෙකක් වත් කානිවල් එකේ අයිස්ක්‍රීම් කනවා..කෙල්ලො එහෙමත් එමටනෙ ඇතුලේ..ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මෙතෝ කෙල්ලො පිරිලා

      Delete
    3. මොකද අමතක ඉන්ඩෝ සිලෝන් එකෙනුත් ගමකට කාලා තියෙනව ක්‍රීම් හවුස්නම් එච්චරම නෑ,ඒත් මම කොල්ලුපිටියෙ ආසම... ආදරේම කානිවල් එකටයි කෝපි සුවඳටයි.

      Delete
  17. ඇරබික් කොෆි සහ අරවා මේවා බීල තිබුනත් මට හරි යන්නේ ලංකාවේ කෝපි එක...

    විදියබණ්ඩාර මගෙත් ෆේවරිට් ඩයල් එකක්...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කෝපි තමයි අපේ රස නහර ඇතුලෙ තියෙන්නෙ.

      Delete
  18. වීදිය බණ්ඩාර අදටත් ඔබතුමාගේ වීරයෙක් කියලා දැනගන්න ලැබුණු එක හරි ස්තුටුයි. දැන් ඉන්න ළමයි වීදිය බණ්ඩාරව දන්නේ නෑ. මං එක වැඩසටහනක දැක්කා පාසල් යන ගෑණු ලමයෙක්ගෙන් ජාතික වීරයා කවුද කියලා ඇහුවහම ශාරුක් කාන් කියල කියනවා. සමහර ලමයි ජාතික වීරයින්ව දන්නෙත් නෑ.
    කෝපි ගැනනම්, පාඩම් කරන්කොට එහෙම බොන්න හොද පානයක්. නමුත් දොස්තරලා කියනවනේ වැඩිපුර බොන්න යන්න එපා කියල. කැෆේන් ශරීරයට වැඩිපුර අන්තර්ගත වීම අහිතකරලු.
    දිගටම ලියන්න. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඉපදෙන්න අම්මා හොස්පිට්ල් එකේ ඉන්න කොට අපේ තාත්තා ගමේ නාට්ටියේ වීදිය බණ්ඩාරට රඟපානවලු. මරු පොරවල් බං ඒ දවස්වල ඉඳලා තියෙන්නේ. අම්මා නම් බනිනවා ඕවා මතක් කරපුවාම.

      Delete
    2. ජොනියා....කෝපි ගැන කවර කතාද බන්...දොස්තරලා කවද්ද කිව්වේ අරක්කු බොන්න කියලා.....අපි බොනවනේ ඒ උනාට..කෝපිත් මට නම් ඒ වගේ..
      දැන් උනත් ඕවා දන්න දරුවො නැතුවම නෙවෙයි

      Delete
  19. මට හිතෙන්නේ මගෙයි, කොච්චියාගෙයි සමානකං ගොඩක් තියෙන පාටයි. ඉතිහාසයේ කතා කැමති අයට මෙන්න මේ කතා මාලාව නියමයි.
    ස්වර්ණපාලි

    මමත් පොඩි කාලේ ඉඳන් කෝපි ප්‍රේමියෙක්. දැන් ඉතිං ලාබෙට තියෙන්නේ නෙස්කෆේ නිසා දවසට තුන් පාරක් බොනවා ක්‍රීමර් එකත් එක්ක. කිරි මට ඇලජික්. මැලේසියාවේ විවිධ වර්ග සීයක් විතර තියෙනවා. මම ගිය වෙලාවට රස බලලා අරං එනවා. ෆලෝ පාරක් දැම්මා. දිගටම කියවන්නම් ඉඩ ලැබෙන විදියට.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේකත් කෝපි ගැන

      අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්

      මේ දවස් වල දෙරණේ යන මුතුකුඩ කියන ටෙලි මාලාවත් ඔය කියන යුගය පදනම් කරගෙන ටිකිරි රත්නායක කරපු එකක්.
      Delete

      Delete
    3. බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
      කෝපි ප්‍රේමීන් ... ඉතිහාසකාරයන් වගේම මම වගේ උන් මේ බ්ලොග් ලෝකෙන් මට තව තව මුණ ගැසේවා

      Delete
    4. බොහොම ස්තුතියි ආවාට මේ පැත්තේ..
      කෝපි ප්‍රේමීන් ... ඉතිහාසකාරයන් වගේම මම වගේ උන් මේ බ්ලොග් ලෝකෙන් මට තව තව මුණ ගැසේවා

      Delete
  20. ඉතිහාස ප්‍රේමය, සාහිත්‍ය ප්‍රේමය සහ සෞන්දර්යවාදය අපට පොදු සාධකයක් සහෝදරයා..

    ReplyDelete