Friday, February 3, 2017

පොන්නයාට සාධාරණයක්, චෙෆාකි හා සඳවතියගේ රස්තියාදුකාර ආදරය, එරන්දී හමුවීම සහ නෙල්ලි ප්‍රින්ස් ගේ බ්ලොගාගමනය

මේ දවස් ටිකේ කොච්චියාගේ ඔලු ගෙඩියේ වැඩ කළේ සොඳුරු සඳවතී හා චෙෆාකිගේ  මනසේ සිත්තම් වූ ඒ රස්තියාදුකාර ආදරය ය.


ඕවා ඔය තරම් මා හට බොක්කටම වැදුනේ කොච්චියා බොක්කෙන්ම රස්තියාදුකාරයෙක් නිසාය. හැසිරීම කෙසේ වෙතත් හිත පතුලෙන් ම රස්තෙක් ය. ඔහෙලා හැමෝම ලස්සනට මාතෘකාවක් අලලා ලියද්දී කොච්චියා අච්චාරු ලියන්නේ ඒ නිසාය. මගේ හිත හැමවිටෙකම සැරිසරන්නේ ඉබාගාතේය. එය පිළිවෙලකට හසුරුවා ගන්නට ඕනෑකමක් ඇත්තේද නැතිය. එසේ හැසිරුව හොත් ඒද මා නෙවේය. මා ජීවත් වන්නේ මම වෙනුවෙන් මය...එසේ නම් මා රස්තියාදුකාරය. එසේ කියන්නේ මා නොවේය. තර්ක ශාස්ත්‍රයේ හා සරල ගණිතයේ මූලයය.

“ එකම රාශියකට සමාන රාශි එකක් අනෙකට සමානය”

කොච්චියා කිසි දාක බේසික්ස් බිඳින්නේ නැතිය.ඒවාට ගරු කරන්නේය. බේසික්ස් වල ඉන්නා එකා රස්තියාදුකාරයෙක් වෙන්නේ කෙසේ දැයි කව්රුන් හෝ අසන්නට හැකිය.. ඒ ඇත්තන්ට මා කියන්නේ බේසික්ස් නැවිය හැක්කේ ඒවායේ කෝර් එක හැදෑරූ එකෙක්ට පමණක් කියාය.. ඒ නිසා මා කියනා සෑම ප්‍රකාශයකටම වග කියන්නේය.

කොච්චියා ගැහැණුන්ට ආදරය කර ඇත්තේය. බහු වචනයෙන් කීවාට දෙදෙනෙක්ට පමණක් ය. වරෙක මා ආදරය හා සෙක්ස් කියන්නේ එකක් කියාත් පසුව දෙකක් කියාත් ආයෙත් එකක් කියාත් නැවතත් දෙකක් කියාත් සිතා යථාර්ථය නම් එය දෙකක්ම යැයි කියාත් හිතන්නේය. මේ කතා කරන්නේ පොළවේ පය ගසා කරන ආදරය මෙන්ම සිරුරේ රසායනිකයන් ප්‍රායෝගිකව ඇති කරන්නා වූ හැඟීම් ගැනත් ගැඹුරෙන් ම සිතීමෙන් පසුවය. කොච්චියා ගැහැණුන් ගැන සිතනා ආකාරය නෝනා හොඳින් දන්නේය.. ඒ ගැන ඈ පසු ගිය දාක හැලපයා ඉදිරියේද කීවාය. මා රාගය හා කාමය ගැන මෙන්ම ආලය හා ආදරය ගැනද පට්ට අවංකය. එය නිරාවරණය කිරීම හුදෙක් කුපාඩිකම හෝ වනචරකම ලෙස නොව අවංක කම හා නිරවුල් කම ලෙස සාධාරණීකරණය කරන්නට මා කැමැත්තේය.

රස්තියාදුකාර පෙම්වතුන් කියා ජාතියක් ඇත්තේ හෝ නැත්තේ නැතිය. කොණ්ඩය ජෙල් කර පමණින් හෝ ඩෙනිම ඉනට පහළින් ඇඳි පමණින් මිනිහෙක් රස්තෙක් වන්නේ නැතිය. ගංජා මලක් ඉරූ පමණින් හෝ වලියකට ගොස් ඉල්ලන් කෑ පමණින් ම ඌ රස්තෙක් වන්නේ නැතිය. ඔය ස්ටයිල් එකේ ඉන්නා බහුතරයක් එවුන් මනසින් ෆුල් සෙට්ල් ය. උන්ට ටාගට් ඇත්තේය. කොච්චියා උන් ගැන හොඳින් දන්නේය. අද වෙන තුරුත් මා තරම් රස්තියාදුකාරයෙක් මට උන් තුලින් හමුවී නැත්තේය.

සඳවතිය ගේ රස්තියාදුකාර පෙම්වතා හා කොච්චියා අහසට පොළව වගේය. කොච්චියා සමාජ භාවිතය තුල ප්‍රාමාණික උගතෙක් ය.. අකුරු අමාරුවෙන් අමුණන සමාජය මෙන්ම විශ්ව විද්‍යාල  ඇකඩමියාවද එකසේ හුරුය.. ගමේ කෝපි කඩය මෙන්ම හිලටන් හෝටලයද ගෙදර වගේය...ගංජා බීඩි මෙන්ම ලෝකයේ ඉහළම මිලැති සුරුට්ටු ද කසිප්පු මෙන්ම ප්ලැටිනම් ලේබල් ද දෙවරක් නොසිතා ගසන්නේ ය…

රස්තියාදුකාරයෙක් හදන්නට බැරිය. සඳවතිය පවුල් බර දමා රස්තාව මිනිහෙක් කරන්නට තනන්නේය. එසේ කළ හැක්කේ පොත්තේ රස්තියාදුකාරයන් වය. බොක්කේ එවුන් එසේ හැදෙන්නේ නැතිය. උන්ගේ මනස සැමදා ඉබාගාතේය. උන් ලෝකයට අනුව සාර්ථක මෙන්ම අසාර්ථක වෙන්නටද පුලුවන් ය. ඒ උන්ට සෙට් වෙන මාර්ගය මත මිසෙක උන්ගේ අවශ්‍යතාවයක් මත නම් නොවේය. සැබෑ රස්තියාදුකාරයෙක් සිය පෙම්වතිය තමා මෙන් වීම පතන්නේ නැතිය. ඌ ඕනෑම විදියක ගැහැණියකට තමන්ට ඕනෑ නම් ඒ විදියට ආදරය කරන්නේය. රස්තෙක් පවතින්නේ මොහොත තුල පමණක් ය. Instance කියන එක instance එකකට වඩා දික් කර ගන්නා එකා රස්තෙක් නොවන්නේය.

කොච්චියා සිය නෝනාට ආදරය කරන්නේ ගැඹුරු හේතුවක් නිසාය. එනම් මොහොතින් මොහොතට ආදරය කරනා එකාට එකදිගට ප්‍රති ආදරයක් අඛණ්ඩව කරනා නිසාය. ලක්ෂ්‍ය කීපයක් එකදිගට යා කළ පසු හැදෙන්නේ රේඛාවක් ය. එනම් රස්තා පවා එවන් විටෙක අඛණ්ඩ ලෙස ආදරය කරනා බව ලෝකයට පෙනෙන්නේය. ඒ රේඛාව හැදුනේ ලක්ෂ්‍ය යා කිරීමෙන් බව දන්නේ ඒ රස්තියාදුකාර පෙම්වතා පමණක් මය.

ජීවිතය කිකලෙකවත්  සරල රේඛීය ශ්‍රිතයක් නොවන්නේය… එය පරාවලයෙනුත් එහා ගිය බහුවලික ශ්‍රිතයක් සේ දකිනා මා ඉහත කී කිසිදු ලක්ෂ්‍යයක නිත්‍ය පැවැත්මක් ද නොපතන්නේය. අවබෝධය කියන්නේ වෙනස්වීම් කියන්නේ ස්වරූපය බව උගැන්මය. ඕකෙන් කියවෙන්නේ ජීවිතය ස්වභාවයෙන්ම රස්තියාදුකාර බවය. එය සෙට්ල් කර ගෙන මානවයා කරන්නේ ප්‍රකෘතිය විකෘතියක් කරගෙන ඒ විකෘතිය සම්මතය කර ගැනීමය.

ඊළඟ කතාව චෙෆාකිගේ ය. මිනිහා අද හෙටම ඕමාන් එන බව සැක හැර කීවේ හැලපයා ය. ගිය සතියේ මට චෙෆාකි ගේ වීසා පවා පෙන්නුවේය. චෙෆාකි ගේ සංයුක්ත කවි සෑහෙන ප්‍රමාණයක් මා කියවා ඇත්තේය. ඔය සංයුක්ත කවි ලියනා ගොඩක් එවුන් පට්ට කපටියෝය. බහුතරයක්  උන් ලිව්වේ මොකක්ද කියා බලා ගන්නේ කියවන එවුන් ගේ විචාරයන් ගෙන් ය. චෙෆාකි කියන්නේ අකලට කෙස් පැහුණු කෙනෙක් නෙවේය. මිනිහා තුරුම්පු හැලිය යුතු තැන මෙන්ම වෙලාවද දැනුමෙන් හා අත්දැකීමෙන් උගත් පඬියෙක් ය. මිනිහාගේ කවි ද එසේය...ආ විට පසිඳලන්නට කවි කීපයක්ම ඇත්තේය.. සිම්පල් වගේ පෙනුනාට ඔය මට්ටමේ පොරක් ඕවා ලියන්නේ ආවාට ගියාට නම් නෙවේය.

ඒ අස්සේ ගිය සතියේ මට මරු කවියෙක් සෙට් උනේය. මාසයක දෙකක කාලයක සිට දැක කතා බහ කර ඇතුවාට සැලකිය යුතු මට්ටමේ හඳුනා ගැනීමක් දක්වා දික් ගැසුණේ පහුගිය බදාදාය. කොළ හා පොත් වල කවි ලියනා ඒකා ට බොගක් දැමීමට කොච්චියා බල කළේය. ඒ එක්කම කියවන්නට කියා දුමී ගේත් සඳවතීගේත් එරන්දි ගේත් බ්ලොග් වල ලින්ක් ද දුන්නේ මිනිහාව තවත් දිරි ගැන්වෙනු පිණිසය. අද මිනිහා මට කීවේ අනිවාර්යයෙන්ම බ්ලොගක් පටන් ගන්නා බවය. ඒ වෙනුවෙන් කොච්චියා කොයිතරම් ගේමක් දුන්නා දැයි තේරුම් යන්නට උදාහරණයක් මිනිහාගේ කවියකින් ම පෙන්වා දෙන්නේය. මේ කවිය සතියකට පෙර මිනිහා මගේ නෝනාට එවා ඇත්තේය.

//
අක්කේ නුඹේ සැමියා ඇණයක් වෙන්නේ
Blog එක අරින තුරු වසනට නොම දෙන්නේ
අවසන ඔහුට පැරදී දිනුමක් දෙන්නේ
දිවියෙත් මෙහෙමමද ඔහු නුඹ ජයගන්නේ
//

පහුගිය සතියේ නෙල්ලි ප්‍රින්ස් සිය බ්ලොගය දොරට වැඩැම්මෙව්වේය. ඕමානය සිංහල බ්ලොග් ලෝකයට සෑහෙන්න සමීපය. එහි පුරෝගාමී වූවෝ නම් හැලපේ හා චෙෆාකි ය. නෙල්ලි ප්‍රින්ස් එහි අලුත්ම පුරුක ය. මා සිතුවේ මිනිහා කවියකින් වැඩ අරඹාවි කියාය...ඒත් අභියෝගාත්මක ලෙස සිය හුරු පුරුදු රටාවෙන් මිදී මුල්ම පෝස්ටුව ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය ය.  ඒ ප්‍රශංසාව කරනා අතරේම නෙල්ලි ප්‍රින්ස්ට මා කියන්නේ අපට උඹේ කවි ඕනා බවය.. නිමිති නම් ඕනෑවටත් වඩා ඇත්තේය ...ඒවා කවි කිරීම හැමෝටම නොහැකිය.

සිංහල බ්ලොග් ලෝකයේ කවියන් ගතහොත් කොච්චියා හැමදාමත් එරන්දී කියෙව්වේය. ඈගේ කාව්‍ය ප්‍රතිභාවද කිසිවෙකුට දෙවෙනි නොවන්නේය… නොපෙනෙනා මානයන් හෙළ බසේ උපරිමාලංකාරයන් සමගින් නිමිත්තක් නොමැති වීම ම නිමිත්තක් කර ගෙන ලිවීමට ඈට ඇත්තේ උපන් හපන්කමක් ය. මේ එරන්දී කවුදැයි තිතටම දැන ගත්තේ ඊයේ ය. ඇගේ කවි හා නිසඳැස් මා මුලින්ම කියෙව්වේ මීට දශක දෙකකට පමණ පෙරය.
අහම්බයකින් ඈ අලුතින් හඳුනා ගැනීමට ලැබීම භාග්‍යයක් සේ කොච්චියා දකින්නේය.

මේ පෝස්ටුව දැන් මුල සිට කියවූ මට මේ නම් තවත් අච්චාරුවක් ම නේදැයි සිතුණේය..ඒ මදිවාට මේ හුදෙක් බ්ලොග් කාරයන් කීප දෙනෙක් හා ඔවුන් ගේ ලේඛන මත පදනම්ව ලියූවක් ද වන්නේය. එය එසේ වූවා මිස සිතා මතා කළ දෙයක්ද නොවේය. මේ පෝස්ටුව ම ගෙඩි පිටින් රස්තියාදුකාරය. ඉබාගාතේ ගිය එකක් ය.


දින ගණනකට පෙර වොඩ්කා සමග ඇරඹූ මේ ලියමන අද විස්කි සමග ඉවර කරන්නේය. කාර්‍යබහුල බව මෙන්ම අලුතින් ලද පොත් කීපයක්ද කොච්චියා ගේ පමාවට හේතු වීය. අනුර හෙට්ටිගේ ලියූ පණ්ඩක පුත්‍ර වස්තුව මා සිත් ගත්තේය. නොදකින මානයක් ජනවහරේ පොන්නයෙක් ගේ ඇසින් බලා ලියූ සමාජ විවරණයක් වූ එය මානව චින්තනයේ සියුම් මානයන් සීරුවට ස්පර්ෂ කර ඇත්තේය. සාමාන්‍යයෙන් කතෲවරුන් කතා ලියන්නේ චරිතය තුලට ආවේශ වීමෙන් ය. හත්පෙති මලේ ශේන්යා ට ආරූඪ වී ශේන්යා තුල ඉන්නා පොන්නයාට අනුර සාධාරණයක් කළා යැයි කොච්චියා ට දැනෙන්නේය.

73 comments:

  1. සැපවේවා මලේ 'ඇන්ටන්' අපේ කොච්චි
    තනියෙන් උඹ ගැහුව එහෙනං ස්කොච් විස්කි
    උඹට හොඳ වැඩේ තනියම බොනවට ඔන්න චෙෆාකිය ළඟදීම එනවලු ඔමානෙට ඇවිල්ල තොපි සේරම අල්ලාගෙන කුදලාගෙන ගිහින් හිටං (හැට්ටර්ගේ රැප් කෑල්ල හොඳේ)
    හවසට තෝව අඹරයි (උගෙ) සම්බෝලේට කොච්චි

    Have fun Bro!

    ReplyDelete
    Replies
    1. තනියෙන් නෙවෙයි බන්. ඔය නෙල්ලි ප්‍රින්ස් කියන අලුත් හාදයා වගේම මගේ හොඳම මිත්‍රයා ත් මගේ නෝනාත් සහභාගි උනා වැඩේට.

      Delete
  2. //ඔය සංයුක්ත කවි ලියනා ගොඩක් එවුන් පට්ට කපටියෝය. බහුතරයක් උන් ලිව්වේ මොකක්ද කියා බලා ගන්නේ කියවන එවුන් ගේ විචාරයන් ගෙන් ය//

    සහතික ඇත්ත

    ආ විට පසිඳලන්නට කවි කීපයක්ම ඇත්තේය

    // කොරයි කියල තමා බය ... මොකක්හරි හීං කතාවක් කියලා බේරෙයි //

    ReplyDelete
  3. කවිය රස ලුණු සැරද පදමට මැවෙයි නිති චෙෆ් ආකිගේ
    කවිය සෙනෙහස නහර විනිවිද දැනෙයි ඒ සඳ වතියගේ
    කවිය රැකගෙන සිහල බස ගුණ එරන්දිය පෙන්වන රඟේ
    කවිය නැතුවට රස්තියාදුව වටියි බ්ලොගයට කොච්චිගේ.......

    කවි නොලිව්වත් කොච්චිගේ රස්තියාදු ලිපිය මරු. නෙල්ලි රසත් වෙලාවක ගිහින් බලන්න ඕනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී හැමදාමත් වගේ මේ පෝස්ට් එක ඉවර උණු ගමන් මගේ ඔලුවට ආවෙ ඔහේ කොයි විදිහෙ කවියක් මේකට දායිද කියන එක. ස්තුතියි

      Delete
  4. //ඔය සංයුක්ත කවි ලියනා ගොඩක් එවුන් පට්ට කපටියෝය. බහුතරයක් උන් ලිව්වේ මොකක්ද කියා බලා ගන්නේ කියවන එවුන් ගේ විචාරයන් ගෙන් ය//

    සහතික ඇත්ත

    ආ විට පසිඳලන්නට කවි කීපයක්ම ඇත්තේය

    // කොරයි කියල තමා බය ... මොකක්හරි හීං කතාවක් කියලා බේරෙයි //

    ReplyDelete
    Replies
    1. comments copyright සුරකිමු හිටං ....කෝ මේ සාරසතුමා

      Delete
    2. හුටා....එහෙමත් එව්වා තියේද..??
      ඉතිං මගේ කමෙන්ට් එක උඹ දැම්මාම වෙන මොනව කොරන්නෙයි...!
      සොරි වියයුතුය...!

      Delete
    3. චෙෆාකි ... මේ මූ කියනවා වගේ ඔහේ ආඳෙක් ද

      Delete
    4. චෙෆාකි යනු

      හිට්ලර්, ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජිප්සීස් සුනිල් මිශ්‍රිත කොක්ටේල් එකකි..

      Delete
    5. මුණගැහිලා ම බලන්න වෙයි වගේ

      Delete
    6. හිට්ලර්, ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජිප්සීස් සුනිල් මිශ්‍රිත කොක්ටේල් එකකි + මිස්ටර් බීන්

      Delete
    7. බොලා මොනා කීවත් මම රණසිංහ රාලාමිගේ දෙවෙනි පුතා විතරමයි....!

      Delete
    8. හිට්ලර්, ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජිප්සීස් සුනිල් මිශ්‍රිත කොක්ටේල් එකකි + මිස්ටර් බීන්+හොද යාලුවෙක්

      Delete
  5. පිටතින් මම රස්තා උනත් ඇතුලින් මම රස්තෙක් නොවෙමි හිටං.

    උබේ පොස්ට් අච්චාරු උනාට පට්ට බං.

    මගේ නම් ප්‍රතිපත්තියක් විදිහට විස්කි හෝ බියර් සිගරට් වලින් එහාට අඩිය නොතියමි. ජොයින්ට් එකක් අවසාන වරට පානය කර ඇත්තේ මීට වසර තුන හතරකට කලින් පමණි. හැබැයි ඇත්තම කියනවනම් දෙමව්පියන් වත් මේ දෙය විශ්වාස කරන එකක් නැත.

    මිනිස්ට්‍රි ඔෆ් සවුන්ඩ් එක කලක් මගේ ප්‍රියතම ස්ථානය විය. (එහි ගොස් ඇත්තේ හතර වරක් පමණි) එයත් නවතා අවුරුදු තුන හතරකි.

    ටැටූ ගැසීම මගේ ෆෙවරිට් එකය. (හැබැයි අදටත් එලියට හෝ රස්සාවට යන්නේ කිසිම ටැටූ එකක් නොපෙනෙන්න ඇඳගෙනය) සහ මේරටේ හෝ ලෝකයේ වෙනත් රටක G P S සහ මැප් මගින් සංචාරය කිරීම මගේ අනිත් ප්‍රියතම කාර්යයයි.

    රොක් ෆෙස්ටිවල් පිස්සුවක් හැදුන නිසා පසුගිය අවුරුදු දෙකම ෆෙස්ටිවල් කැම්පින් ගිය බැවින් විදේශ සංචාර අමතක වූ නිසා මේ අවුරුද්දේ සංචාරයක් ප්ලෑන් කොරනකොටම මගේ ටැටූ ආටිස්ට් මැසේජ් එකක් එව්වේ ඔහු ඔක්තෝම්බර් මස මෙහි එන බවයි. එමනිසා මම ඔහුට දකුණු අතේ උරහිස සිට පහලටම ඔහුට පුජා කිරීමට පොරොන්දු වූ නිසා සංචාරය අත්හිටවුවාය.

    රස්තියාදු ජිවිතයට මම ගොඩක් මනාපය. සමහරක් නීති මම මා වෙතම දාගෙන ඇත්තේය.ඒ නම් සමාජයේ මිනිස්සුන්ට අහු නොවී ජිවත් වීමටය. ඒ රූල්ස් ටක්කෙටම හරිය.පහුගිය වසර දෙක තුන දිහා හැරිලා බැලුවත් මා ගැන මටම අදහාගත නොහැක. කතාවෙන් ක්‍රියාවෙන් හැසිරීමෙන් වගේම සිතිවිල්ලෙන්ද මගේ පරණ "මම" නැමැත්තා වළදමා ඇත. සමහරක්වෙලාවට මේ මමද කියා මටම ෂුවර් නැත 🤔

    ඒත් උබ වගේ මමත් තවම රස්තියාදුකාරයෙකි.

    🤘🏽🤘🏽🤘🏽🤘🏽🤘🏽🙏🙏🙏🙏👊🏽👊🏽👊🏽

    ReplyDelete
    Replies
    1. උඹ පිටින් රස්තෙක් කියලා නෙ කියන්නෙ..මම බොක්කෙන්ම රස්තෙක්.
      උඹගෙ ටැටූ ආටිස්ට් ඉන්නෙ ඕමාන් වලද

      Delete
  6. ළඟදීම චෙෆාගේ ‍ගම්මිරිස් කොච්චියාගේ කොච්චි සමග අඹරා හැලප කෑමක් බලාගැනීමට හැකිවෙයි එහෙනං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. මේ මාසෙ කණ්ඩා ත් ඕමාන් එන කතාවක් තියෙනවා

      Delete
  7. හප්පා මගේ රස්තියාදුකාර පෙම්බරා කොච්චි නම් රස්තියාදුකාරයාගේ සිතිවිලි අවදි කරපු එකකම මදෑ.බේසික්ස් බිඳින්නේ නැතුව රස්තෙක් වෙන එකම හපන්කමක්නෙ.මගේ ඒ කවියේ ඉනේනම් පොත්තේ රස්තියාදු කාරයෙම තමා.ඒකනේ මම කිව්වේ රස්තියදු වර්ගත් දෙකක් ඉන්නවා කියලා.ඉතින් අවසානයේ මට කියන්න තියෙන්නේ ඔටු දේශයේ සොඳුරු රස්තියාදුකාර රසවතාණෙනි ! තවත් මේ වගේ අච්චාරු බ්ලොග් පෝස්ට් වලින් අපිව රසගන්වනු මැනවි.
    ආ... දැන් ඉතින් මදි පාඩුවට චෙෆ් තුමත් ආවම අපිට තව රස කතා කවි බලන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුතියි මට මේ ටොපික් එක ගෙනත් අත ඇරියට.
      පොත්තේ එවුන් වගේ නෙවේ..කොච්චියා වගේ බොක්කේ රස්තියාදුකාරයෙක් එක්ක පෙම් කරන එක ආදරය තුල පට්ට උනාට ජීවිත සිහින එක්ක හරි අපහසුයි.

      Delete
    2. ඒකට ඉතින් ඔය පස්සෙ කාලෙක කොච්චි නෝනට සම්මානයක් එහෙම දෙන්න බැරියැ

      Delete
    3. එයාට එහෙම එකක් දෙන්න ඕන ඇත්තෙන්ම

      Delete
  8. බ්ලොග් ලෝකෙ මෙච්චර සුන්දරයි කියලා විසිරිට හිතෙන්න ගත්තෙ දැන් නෙව..චෙෆාකි..සඳවති...දුමී....වගේම එරන්දි..කොච්චිගෙ ලියවිලි අතර මම අතරමං වෙලා කියවලාම...අපූරුයි...

    ReplyDelete
    Replies
    1. සුන්දර බ්ලොග් ළෝකේ අතරමං වුණාට අවුලක් නෑ විසිරී.

      Delete
    2. ඇත්තෙන්ම බ්ලොග් ලෝකෙ සුන්දරයි. ඔයා මගේ පෝස්ට් අතරෙ සැරි සරනවාට මගේ සතුට

      Delete
    3. උදේ පාන්දර උයලා පිහලා වැඩට යන්න කලින් බ්ලොගේ ටිකක් සැරි සරන එක දැන් පුරුද්දක් වෙලා.....

      Delete
  9. කවිය තමයි මගෙත් ප්‍රියතම මාධ්‍යය.. බුකියෙ නම් ඉන්නම් සුපිරිම කවියෝ...

    ReplyDelete
    Replies
    1. බුකියෙ ඉන්න පට්ට කවිකාරයො කීප දෙනෙක් ටම බ්ලොග් ලියන්න කියලා වාත වෙලා ඉන්නෙ මම මේ දවස් වල

      Delete
    2. අප්පෝ එයාල හරි ආඩම්බරයි

      Delete
    3. ඔව්...එහෙම අයත් ඉන්නවා

      Delete
    4. කවිකාරයෝ මන්දා මම නම් කවි ලියනව කිය්වන්නෙ නැතත් කවිරුත්. හ්ම්ම් බ්ලොග් එකෙත් ලියනවා. ඔහේ මැස්සෙක්වත් ඒ පැත්තේ නැහැ.
      අටම්පහුර ඔන්න මම නම් ආඩම්බර නැහැ කවි කාරයෙක් නොවී කවි ලියනවා වුනත්

      Delete
    5. ඔන්න අපි ඉතින් අද ආවා ඒ පැත්තේ.

      Delete
  10. කොමී... මේ නම් බලාපොරොත්තු නොවුතරමේ ඇගයීමක්.... බොහොමත්ම ස්තුතී මේ දිරිගැන්වීමට සහ සහෝදරකම් අළුත් කිරීමට.. ඔබ ගැන ඇති මතක අතර අළුත් වචන සමාජගත කරමින් ඔබ සමීක්ෂණ කළ ආකාරය මට තවම මතකය.
    ඔබ යනු ඔබටම පමණක් නිර්වචනය කළ හැකි අපුරූ චරිතයක් බව පමණක් කියන්නට කැමැත්තෙමිය :)

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු සතුටක් ඔබව අලුතින් මුණ ගැසීම.

      Delete
  11. නෙල්ලිPrinceFebruary 4, 2017 at 12:52 AM

    ගණිතය දිවිය තුල ගැලපුම හැමහට බැරිබව දන්නකි
    ගුණිතය වැරදුනොත් ආපසු සැකසුම අපහසු වන්නකි
    පනතය කියා නොම ලඝුවී ලියුමම අරුම දනවන්නකි
    නියතය රස්ත බව කරහත් ලියකම කිසිට නොදෙවෙන්නකි

    ReplyDelete
    Replies
    1. ඔය කවි වලට කවියෙන් උත්තරේ දෙන්න හිතුනට බැහැ නේ...

      Delete
  12. උඹත් මම වගේම ඇතුලතින් රස්තියෙක් බව පැහැදිලිය. මේ පෝස්ට් එකට මම කැමති ඒ නිසාම වෙන්නට ඇතිය. ඒ අභ්‍යන්තර රස්තියාට මම බොහෝ මනාපය.

    ReplyDelete
    Replies
    1. අරූ මම මේ අහන්ටමයි උන්නේ ඇයි ඒ පැත්තේ නාවේ ? එතකොට අර ඔබතුමාගේ වර්ඩ් ප්‍රෙස් එකට ඇනෝ නොවී කමෙන්ට් දාන හැටිත් කියල දෙන්නකෝ

      Delete
    2. පිස්සු හැදෙන සඳවති......අපි මේ දැනුත් ඉන්නේ යාලුවෙක් එක්ක සෙට් වෙලා. ඒ නිසා පරක්කු වෙනවා බ්ලොග්ස් බලන්න. වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් කරන හැටි මම දන්නේ නැහැ ලමයෝ. දන්න කෙනෙක් කියලා දෙන්න ප්ලීස්.

      Delete
    3. නෑ ඉතින් මම බැලුවා මගේ දස්කොන්ට කලින් දාපු එකටත් ඔබතුමාගෙන් කමෙන්ට් නැති නිසා සඳවතීට පිටුපාලද කියලා හි හී. මම අටං අයියගෙන් අහලා බලන්නම් එහෙනම් කමෙන්ට් කරන විදිය

      Delete
    4. ඔහෙත් රස්තියාදුකාරයෙක් කියලා මට දැනිලා තිබ්බා

      Delete
  13. ඕමාන් වල එවුන් එහේ අත ඇරලා මෙහෙ එයිද

    ReplyDelete
  14. කොච්චි......ඔමාන් වල ඉඳන් 2000 මුල් කාලයේ වගේ ඉඳන් සිඩ්නි බංඩාරනායක කියලා කෙනෙක් බ්ලොග් එකක් ලිව්වා. සැබෑම කවියෙක්. ඒ බ්ලොග් එක මට හොයාගන්න බැහැ. ඔහු අකාලයේ මිය ගියා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලින්ක් එක තිබ්බා නම් පරණ පෝස්ට් ටික හොයාගන්න තිබ්බා..archives වල තියෙනවා අනිවාර්යයෙන්ම

      Delete
    2. බ්ලොග් එකේ ලින්ක් එක තිබ්බා නම් පරණ පෝස්ට් ටික හොයාගන්න තිබ්බා..archives වල තියෙනවා අනිවාර්යයෙන්ම

      Delete
  15. නොකිව්වට අපිත් ඉතිං හැබෑම රස්තියාදුකාරයො තමා.

    ReplyDelete
    Replies
    1. හැලපයා හොඳම මට්ටමේ රස්තියාදුකාරයෙක් . ඒ නිසා තමයි මම ඔහේගෙ ඇසුර ප්‍රිය කරන්නෙ. මට එහෙම වදින්නෙ නැහැ ලේසියෙන් මිනිස්සුන්ව

      Delete
  16. මම කොච්චියා ගැන හිතාගෙන හිටියේ මීට වෙනස් විදිහකට. දැන් නම් හිතෙනවා උඹ සිරාම රස්තෙක් කියලා. මම ඊටත් වඩා උඹට කැමති උඹ උඹ විදිහට ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. මේ මගේ හැටි තමා..දැන් උඹ මගේ ගැන කොහොමද හිතාන උන්නෙ

      Delete
  17. මට ඉරිසියයි උඹට තවමත් පොත් කියවන්න වෙලාව තියන එකට ... මං පොතක් කියවපු කාලයක් නැහැ ... දැන් වැඩිපුරම කරන්නේ පොත් පෙරලන එකනේ ... හෙක් ... හෙක් ...

    මට හිතෙන විදිහට පෙබරවාරි බොලාට සෑහෙන අමුත්තෝ එන මාසයක් වෙයි වගේ ... :) :) : )

    ReplyDelete
    Replies
    1. පොත් කියවන්න වෙලාව මම මොන ලෝකෙන් හරි හොයා ගන්නවා.
      උඹ මගේ sage මිටිය හොයා ගත්තද

      Delete
    2. මේ සතියේ අග අපේ ඉස්කෝලේ ග්‍රහයෙක් එනවා අපේ ගෙදර, ඒකට අඩුම කුඩුම ගෙන්න යන ගමන්ම වැඩේට බහිනවා :)

      Delete
  18. සුබ පැතුම් කොච්චි මිරිස් මම දවසෙ වැඩි හරියක්ම එෆ්. බී තමා. බ්ලොග් හ්ම්ම්ම් ලියනවා ඉතින් තවම සාර්තක නැහැ , වැඩේ කදිමයි ඔයාගෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... බ්ලොග් ලියන්න.

      Delete
  19. පෝස්ට් එක නම් පට්ට. සුබපැතුම් ඔයා ගෙ පෝස්ට් හරිම රසවත්.

    ReplyDelete
  20. ඔය සදවතීගේ කැවියට මුල් වුණ කවිය බැලුවද අර හිස් අහසේ....
    ඒකත් මන් පට්ටෙටම කැමැති කවියක්....

    ReplyDelete
    Replies
    1. මොකෝ නැතුව...සාටර් පෙම්වතා

      Delete
  21. //ඔහෙලා හැමෝම ලස්සනට මාතෘකාවක් අලලා ලියද්දී කොච්චියා අච්චාරු ලියන්නේ ඒ නිසාය. මගේ හිත හැමවිටෙකම සැරිසරන්නේ ඉබාගාතේය. එය පිළිවෙලකට හසුරුවා ගන්නට ඕනෑකමක් ඇත්තේද නැතිය. එසේ හැසිරුව හොත් ඒද මා නෙවේය.//

    අපි කමෙන්ට් කොරන්නේද එසේම බැව් කොචින් චිලීස් මැතිතුමාට ප්‍රීතියෙන් දැනුම් දෙන වගයි.


    //කොච්චියා සිය නෝනාට ආදරය කරන්නේ ගැඹුරු හේතුවක් නිසාය. එනම් මොහොතින් මොහොතට ආදරය කරනා එකාට එකදිගට ප්‍රති ආදරයක් අඛණ්ඩව කරනා නිසාය.//

    ඩොමෙස්ටික් සෙන්සර් නැමති අද්භූත බලවේගයක් ගැන කැන්ද කොලේ ඔතපු මහත්තයෙකුත් කිව්වා

    ReplyDelete
    Replies
    1. මට ඩොමෙස්ටික් සෙන්සර් බලපෑම් නැතිය. ඇත්තේ මා ලියනා දේවල් හි ප්‍රමිතිය සම්බන්ධ quality control ප්‍රශ්නයකි. ඈ කියන්නේ කියවන එකාට වැඩක් ඇති දෙයක් ලියන ලෙසය.

      Delete
    2. එහෙනම් ඉතින් මට නම් වැඩක් වුන බව තත්ව පාලිකාව වෙත ගෞරවයෙන් දැනුම් දෙමි. අඩු ගණනේ මගේ අතීතය හා වර්තමානය මතක්වීමම වැඩකි. (අනාගතය වැනි භයංකාර දේ නොවේ )

      Delete
    3. කැන්ද කොළේ මහත්තයා ටිකකට කලින් කෝල් කරලා කීවේ ඔය සෙන්සර් ගැන ලියාපං කියාය

      Delete
  22. කොච්චියෝ... ඔන්න මමත් බ්ලොග් එකක් ලිව්ව.. ගිහිල්ලම බලහං ..

    https://tikikatha.blogspot.co.uk/2017/02/me-myself-and-i.html

    ReplyDelete
    Replies
    1. ටික්කා...නියම පෝස්ට් එක මචෝ. ජය වේවා

      Delete
  23. //ජීවිතය කිකලෙකවත් සරල රේඛීය ශ්‍රිතයක් නොවන්නේය… එය පරාවලයෙනුත් එහා ගිය බහුවලික ශ්‍රිතයක් සේ දකිනා මා ඉහත කී කිසිදු ලක්ෂ්‍යයක නිත්‍ය පැවැත්මක් ද නොපතන්නේය. // සීරියස් කතාවක් නේ නේ ලියල තියෙන්නේ. එරන්දි, දුමියා හා චෙෆාකි කියන තුන් දෙනාගේම කවි වලට මම කැමතියි. නිදහසේ ගලා එනවා.

    ReplyDelete
    Replies
    1. ඕක සීරියස් කතාවක් උනාට...අති සරල ඇත්ත ඕකම තමයි.

      Delete
  24. පුරුදු පරිදි පමාවෙලා ආවට රසවිඳින්න නම් අවුලක් නෑ... කෝච්චියේ යන ගමන් කොච්චි දාපු වඩයක් කෑව වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
  25. කොච්චියෝ. එල්ලයට ලිවීමට වඩා අච්චාරුවට මම නම් ආදරය කරමි . අච්චාරුවේ ඇති අව්‍යාජ බව එල්ලයට ලියද්දී "ලොවෙත්" ගත නොහැකිය . ලිව්වත් ලියන්න වෙන්නේ පට්ටපල් බොරුය . හෙළ කතුවරයාට වැරදුනේ ඔතනය . රගන්න ඕන තැන් වල අඩන්නනත් අඩන්න ඕන තැන් වල රගන්නත් පමණක් වැටහීම සමහරෙකුගේ හැටිය වෙන්නතත් පුළුවන් .

    ReplyDelete