Wednesday, October 5, 2016

කණ්ඩාගේ කොලම , ඇටයා සමග නයිට් ක්ලබ් යාම සහ ඉරාන ජාතික ගණිකාව

පහුගිය සති දෙකේ හනි හනිකට ලිපි හතරක් පහක් දා ගත්තා. එක හුස්මට ලියන්න කතා තිබ්බට කෝක මුලින් ලියන්නද කියලා හිතමින් තමයි ඊයෙ පෙරේදා උන්නෙ. සෙනසුරාදා රාත්‍රියෙ බෝතලයක් එක්කම අපේ ගෙවල් පැත්තේ ආපු හැලපයියා එක්ක කරපු කතාබහෙන් පස්සෙ තව මාතෘකා කීපයක්මත් ඔලුවට වැටුණා. ඒ අතරෙ සේන තෝරදෙණිය ලියාපු “බණ්ඩර මැරූ උන්” ගැනත් ඊට පාදක වෙච්ච ඇතැම් ප්‍රදේශ වල කොච්චියා කරක් ගහපු හැටිත් ගැන තමයි මූලික උනේ. කොහොම උනත් ඒක මම කියවපු අතිශය අසාර්ථක පොතක් කියලා නොකියම බැහැ. පොත පුරාවටම තිබ්බෙ සේනගේ පණ්ඩිතකම් විතරයි.


ඔහොම ඉන්න අතරෙ හදිසියෙ මූණුපොතේ සැරිසරද්දි දැක්කා පෝස්ටුවක්, පේජ් එකකට ආපු ඉන්විටේෂන් එකක් විදියට…. “කණ්ඩාගේ කොලම” , බලන් යද්දි මේක ලියන්නෙ කොච්චියාගේ පරණ යාලුවෙක් වෙච්ච රංගන කණඩම්බි. මිනිහා දැනට ඉන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.දෙපාරක් නොහිතාම පේජ් එකටත් ලයික් එකක් දාගෙනම ගොඩ උනා බ්ලොගේට.


ඔය තියෙන්නෙ අපූරුවට. ඕන් ඇලෙව්වා ගිහින් මගේ බ්ලොග් රෝලෙත්.. කොහොමත් කණ්ඩා කතන්දරකාරයා..ඔන්න ඒ පාර "කොච්චියා හම්බ උනා" කියලා පෝස්ට් එකකුත් දාලා. මට මතක හැටියට අපි අන්තිමට මුහුණට මුහුණ හම්බ උනේ අවුරුදු 10ට විතර කලින්. ඒ රුවන් ගේ වෙඩිමට සතියකට විතර කලින්. එදා දවල් බියර් ගහන්න කියලා බම්බලපිටිය මැලේ රෙස්ටෝරන්ට් එකේ ලෑලි උඩ තට්ටුවට නැගපු අපි සෙට් එකේ අමල් නොහොත් ඇටයා, සමුද්‍ර, ජනත් සහ මමත්, කණ්ඩා සහ රුවනුත් හිටියා මතකයි. ඒ කාලෙ අපේ සමකාලීනයො හැමෝටම වගේ හුරුපුරුදු තැනක් තමයි මැලේ රෙස්ටෝරන්ට් එක. ඔතනින් නාසිගුරං එකක් කාලා බියර් එකක් නොබීපු එකෙක් අපේ එවුන් අතර නම් හිටියෙම නැහැ.


කණ්ඩා ගේ බ්ලොගේ ගැනයි අපි දෙන්නගෙ මැද හිටපු ජනා ගැනයි ලියන්න හිතාගෙන ඉද්දි මේන් අද හවස මූ දාපු පෝස්ට් එක  නිසා මගේ වැඩෙත් ඉක්මන් උනා.කොහොම උනත් ජනත් ගැන නම් එක පෝස්ට් එකකින් කියලා ඉවර කරන්න බැහැ. ඒ තරමටම අපි දෙන්නා කරපු අවලං වැඩ තියෙනවා.සමහර ඒවා බ්ලොගේ කොහොම ලියන්නද මන්දා..


කොච්චියා NIBM එකේ උපාධිය හදාරන  අතරවාරයේ තමයි STG  කියන ඉන්දියානු තොරතුරු තාක්ෂණ විද්‍යායතනය ගැන දැන ගන්නෙ. ඒ වෙනකොට ඔවුන් සතුව තමයි රටේ හොදම Java සහ Oracle පාඨමාලා තිබුනෙ. අයන් මුකර්ජී සහ රාම් තමයි අපේ දේශකයො වුනේ. ජනත් මට මුණගැහෙන්නෙ ජාවා කරද්දි. එතනදි හමු වුනු අනෙක් සගයා තමයි සමුද්‍ර . හරියටම කටුගේ ඉස්සරහට වෙන්න ඒ කාලේ ග්ලාස් හවුස් එකට එහා පැත්තෙ තමයි තිබ්බෙ STG එක. දේශන නැති දාට පවා ඔතන අපි සෙට් වෙන තැන බවට පත් වුනා.ඔතන අපි එක්ක හිටපු සෙට් එකේ ශෝබනා කියලා ඉන්දියන් කෙල්ලෙකුත් හිටියා. ඒ වගේම NIIT එකේ දේශකයෙක් වෙච්ච කයිලාශ් කියලා තවත් අලි ඔලු කාර ඉන්දියන් කාරයෙකුත් අන්තිම කාලේ අපිට සෙට් වුනා.


දැඩි උනන්දුවෙක් වූ සමුද්‍ර සහ පට්ට ප්‍රෝග්‍රැමර් කෙනෙක් වූ ජනාත් සම්පූර්ණයෙන්ම එකෙනෙකට වෙනස් චරිත තුනක් උනාට අපිව එකතු කළේ ජාවා උණ කිව්වොත් හරි. අපි එකතු වෙලා පොඩියට සොෆ්ට්වෙයාර් ලියලා විකුණන ව්‍යාපාරයකුත් ජනාගේ කාමරේ පටන් ගත්තෙ ඔය අතරෙමයි. ඒකෙ නම උනේ Star Microsystems. ඔය නම පිටිපස්සෙ තිබ්බෙත් ජාවා උණ.. Sun Microsystems තමයි ඒ කාලේ අපේ සිහිනය. කොහොම නමුත් ඔය ආයතනය කෙටි කලකදි බිද වැටුනා.  අපේ මුල්ම ප්‍රොජෙක්ට් එක කිරිබත්ගොඩ Ray Ban ආයතනයට accounting/inventory/payroll අඩංගු පද්ධතියක් නිර්මාණය කිරීම.  ඊට පස්සෙ ඉන්ධන පිරවුම්හල් කීපයකටම පද්ධති නිර්මාණය කලා. අපි අතර මිතුරු කමේ ප්‍රශ්නයක් නොවුනත් ව්‍යාපාරයක් විදියට අපේ හවුල ඇතුලේ අවුල් පටන් ගත්තා. ඒකෙන් මේකෙන් උනේ මම ආයෙමත් පූර්ණ කාලීනව අධ්‍යාපනය ට යොමු වූ අතර ජනා රැකියාවක් සොයා ගැනීම. සමුද්‍ර ගේ රැකියාවේ වැටුප් ප්‍රශ්නයක් නිසා වැඩි කල් නොගොස් ජනා තමා සිටි ආයතනයටම සමුද්‍ර වත් ගත්තු බව තමයි මතක. ඔන්න ඔතනදි තමයි ජනත් සහ කණ්ඩා සෙට් වෙන්නෙ...ඇටයා සහ රුවන් වැඩ කලෙත් එතන. කාලයක් Virtusa එකේ වැඩ කරපු ඇටයා දැන් ඉන්නෙ ඇමරිකාවේ. සමුද්‍රයාත් මේ දවස් වල ඔටු දේසෙක වාසේ කියලා ආරංචියි.


ඇටයා අවසන් වරට හමු උනේ රාත්‍රී සමාජශාලාවක.සිකුරාදා උදේක මට කෝල් එකක් එනවා ජනත් ගෙන්, ඒ රෑට H2O යමුද අහන්න. ඒ විතරක් නෙවෙයි ඇටයාට කෙල්ලෙක් සෙට් වෙලා ලු...අද රෑට ඈ එක්ක තව කෙල්ලො දෙන්නෙකුත් එනවලු. H2O තමයි ඒ කාලෙ අපි කැමතිම ක්ලබ් එක. ඩයලොග් හෙඩ් ඔෆිස් එකේ එහා වත්තෙ තමයි .H2O එක තිබ්බෙ.තාම තියෙනවද එතනමද තියෙන්නෙ කියලවත් දැන් නම් දන්නෙ නැහැ. උඩින්ම වැඩේට ග්‍රීන් සිග්නල් දුන්නු කොච්චියා පුරුදු පරිදි ජනාව මුණගැහෙනවා පරණ පාක් වීව් ඉන් එකේ. රෑට කන ගමන් ඉතාලියානු Cinzano වයින් බෝතලයකුත් හිස් කරලා හෙමිහිට H2O පැත්තට යද්දි මේන් ඇටයා ඉන්නවා ගිනිකිකිළියො තුන් දෙනෙක් එක්ක. උගේ කියලා කියපු එක ඌට තියලා දැන් ජනා සහ මම ඉතුරු දෙන්නා දිනා ගැනීමේ මහා මෙහෙයුම දියත් කලා. ඒ වෙනුවෙන් වියදම් උනු corona extra බියර් ගණන මෙතැකැයි කියන්න බැහැ … තැබෑරුම් දෙකක් මෙන් බියර් බිවූ කෙල්ලන් දෙන්නා බොනවා මිසක් නටන හැඩක් නම් නැහැ. කීප සැරයක්ම ඇටයා තම කෙල්ල සමග ඩාන්සින් ෆ්ලෝ එකට ගියත් අපට ඒ වාසනාව උදා උනේම නැහැ. වෙනදාට එතැනින්ම කෙල්ලන් සෙට් කර ගත්තත් අද එවැන්නකට පෙළඹීමෙන් අතේ ඉන්නා කිරිල්ලියන් නැති වේ යැයි බියෙන් අපි උන් සමගම ගැවසුනා. අපේ සියලු පැතුම් සුණු විසුණු කරමින් රාත්‍රී 1 ට පමණ ඇටයා නොහොත් අමල් අප හට චාලීස් ඒන්ජල්ස් සිහි කරවමින් කෙල්ලන් තිදෙනාම සමග කොහේ හෝ ඉගිලුනා.


කලකිරීමේ උපරිමයට පත්වූ ජනා තනිවම නැටුම් බිමට පිවිසි අතර මම පසෙක සිටි ඉරාන ජාතික ගණිකාවක් හා කතාවට වැටුනා. පාපන්දු උමතුවෙන් පෙලුණු ඇය ඊට පෙර දිනයේ ලෝක කුසලාන මූලික තරගයකදී මෙක්සිකෝව අතින් ඉරානය පරාජය වීම ගැන කම්පාවෙන් සිටියා.ලෝක දේශපාලනය ගැන හසල දැනුමකින් කතා කළ ඇය දැඩි අයතුල්ලා කුමේනි විරෝධියෙක් ද වුවා. ඔවුන්ගේ 1979 ව්‍යවස්ථාව ගැනත් 1989 ඇතිවූ සංශෝධන ගැනත් මා හට දීර්ඝ දේශනයක් දුන් ඇය ගනුදෙනුකරුවෙකුගෙන් ලද දුරකතන ඇමතුමකින් පසුව මගෙන් සමුගත්තා.


පාන්දර තුනට පමණ පිටත්වූ ජනත් සහ මම පොලිස් ඇස් වලට වහං වෙමින් ජාඇල ජනත්ගේ නිවසට ලඟා උනේ තවත් අඩියක් දෙකක් ගසන අදහසින්. බීමතින් රියපැදවීම කිසිසේත් නොකරන මම කුමක් හෝ හේතුවකට එදා මෝටර් රථය පදවාගෙන ඇවිත් තිබුණා.අඩියෙන් අඩිය චෙක් පොයින්ට් තිබූ එකල බීමතින් රිය පැදවීම ටැප් තියෙද්දී ඇදගෙන නෑමක්ම වුනා.එම නිසාම මෙවන් දවස් වල අපි සාමාන්‍යයෙන් 688 කුලී රථ සේවාවේ පිහිට පැතුවා.

බයිට් කිසිවක් නොවූ අතර ගෙදර ඉතුරුව තිබූ ඕල්ඩ් රිසර්ව් කාලකට ටිකක් වැඩි ප්‍රමාණය හිස් කළේ උම්බලකඩ කෑල්ලක් පමණක් සපමින්.තවත් වාසියක් වූයේ ජනාගේ දෙමාපියන් ගෙදර නොසිටීමයි. ඔවුන් ඒ දිනවල සිය දියණිය දැකගන්නට කැනඩාවට ගොස් සිටියා.අපේ තාත්තා මෙන්ම රහමෙර කටේ නොතියූ ගුරුවරයෙක් වූ ජනත් ගේ තාත්තා ද එදවස සිය පුතුන්ගේ බේබදුකම් ගැන හාංකවිසියක් දැන සිටියේ නැහැ.

36 comments:

  1. මචං...ලියපන්කෝ ඕමාන් ලයිෆ් එක ගැන...අපිලටත් එතකොට කොමෙන්ට් එකක් දෙකක් දාතෑකිනේ...

    ReplyDelete
    Replies
    1. ලියන්නම්. ඕමාන් ජීවිතය ගැනත් කතා තියෙනවා සෑහෙන්න.

      Delete
  2. මමත් සෑහෙන කාලයක් ඩුබායිවල වැඩකලා. හැබැයි මට පේන්න බෑ ඔය අරාබියන්ව. ඒත් දැන් මැදහත් සිතින් බලනකොට හිතෙනවා, හැම තැනම , හැම දෙයකම හොඳ සහ නරක සම-සමව තියනවා කියලා. හැමදේම සාපේක්ෂයි, ඔක්කොම ජීවිතේ අත්දැකීම්. ඉගෙන ගන්න පාඩම් බොහොමයි.

    මම කැමතිම අර ඉරාන් කෙල්ලගෙ කොටසට. ඉරාන් අය හරිම අකමැතියි, එයාලට අරාබි කියල කියනවට. ඇත්තත් ඒක තමා ඉරානියො ආසියාතිකයො, ආගම විතරයි ඉස්ලාම්. ආගම තමා උන්ව නැතිකලේ. ‍රැකියාව ඔ‍ටුන්නක්මෙන් පළඳින සම්ප්‍රධායික ලාංකික සමාජයෙ , තරුණ පරපුර අතරෙ සම්මතයට පිටින් සිතන අය ඉන්න බව දණගන්න ලැබීමත් සතුටක්.

    තව ලියන්න. ජය

    ReplyDelete
    Replies
    1. ප්‍රතිසංස්කරණ වලට කලින් ඉරානය හරිම නිදහස් රටක්.

      Delete
    2. පෙන්නේ නැති දෙයක් දිහා උඩ බලාගෙන ගොහින් පාර වරද්ද ගන්න කලින් ඉරානය, ඇෆ්ගනිස්තානය, ලෙබනනය ආදී රටවල් බොහොම නිදහස් ප්‍රගතිශීලී අදහස් තිබුන ඉතාම ලස්සන රටවල් ! අද වෙන දේවල් දිහා බැලුවම තුර්කිය, සිරියාව මේ ආදී පාරේම යන එක තම කණගාටුව !

      Delete
    3. http://www.alarabiya.net/articles/2011/10/09/170927.html

      Delete
    4. @රංගන

      ලංකාවට ත් තව ටික කාලයක්යනකොට ඔය ටිකම තමයි, එච්චර කාලයක් යන එකකුත් අවුරුදු සියක් යන්ඩ කලින් වෙනවා සමහරක්විට අපේ ජීවිත අවසන් වෙන්ඩ කලින් දැකගන්න පුලුවං , මොකද අපේ දේශපාලක උත්තමයෝ ඡන්ද පෙරේත කමට තත්ත්වය ඔඩු දුහනකං බලාගන ඉන්නවා , ඔය කියපු රටවල් වල මුස්ලිම් විය්‍යප්ති වාදය පතුරන්ඩ උඩ ගෙඩි දුන්න , මුස්ලිම්ලව රෙද්ද අස්සෙ දාාගන ගුටිකන බටහිරත් දැං ආපස්සට හැරිලා ,අපේ එවුන් නොදැක්ක නොදන්න ගානට ඉන්නවා

      Delete
    5. දේසපාලුවෝ තමන්ගේ මනාප වැඩි කොරගන්න සම-හරක් අන්තවාදී මුස්ලිම් දේසපාලු හැත්තට (බදුර්දීන්, අසාද් සාලි, හකීම් වැනි) තම තමන්ගේ පශ්චාත් භාගය දෙන එකෙන් අපිට විඳවන්න වෙනවා කියන එකට මම සම්පුර්නයෙන් එකනඟයි. මේක ප්‍රේමේ, සැටලයිට් නෝනා සිට මහ රජා දක්වාත් අද ඉන්න හිටං උත්තමය සහ කොලපාට පලා බබාත් කරන දෙයක් !

      හැබැයි පුද්ගලයින් විදිහට වෙන වෙනම ගත්තම අටමෝ උන් ඔක්කොම හොඳත් නැහැ ... ඔක්කොම නරකත් නැහැ. සිංහල, දෙමල හා මුස්ලිම් කවුරුත් ඔය වාගේ ! මේක තමයි ඇත්ත !

      අනික් පැත්ත ගත්තහම ඕනෑම රටක අගම, ජාතිකත්වය, අධිකරණය, දේශ පාලනය කියන දේවල් කලවන් කරගන්නේ නැතිනම් දියුණු වෙනවා. ඔය ටික අච්චාරුවක් උනොත් එතන අවුලක්ම තමයි ! (අද අපේ රටේ වෙන්නෙත් ඔය ටිකමයි )

      ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය දියසේන කුමාරයෙක් නෙමෙයි තරාතියම, පාට ජාතිය නොබලා හරි දේ කරන, බඩ වැඩ ගන්නේ නැතුව රට ගැන හිතල දේශ පාලනය කරන මිනිස්සු !

      Delete
    6. රාජ්‍යය සහ ආගම පටලා නොගෙන ජනතාව විසින් පාලනය වන ආණ්ඩුවක් තමයි රටකට අවශ්‍ය. ජනතා පරමාධිපත්‍යය රැකෙන අධිකරණය,ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බලය තුලනය වන ආකාරයට රට පවතී නම් එයයි ජයග්‍රහණය. පක්ෂ පාට හෝ පුද්ගලයන් වැදගත් නොවේ.

      Delete
    7. @රංගන

      ඔහෙගේ බ්ලොග් එකට දාන කමෙන්ට් කොහෙද හලෝ යන්නේ ‘ එහෙම නැතිනම් ඒකේ පලකරන්නේ නැදැයන්ගේ සහ පවුලේ කමෙන්ට් විතරද හේ හේහ් හේ්්

      Delete
    8. අනේ එහෙම කරනවද අටං තුමාට ... දාන කමෙන්ට් හොඳ උනත නරක උනත් පිලිගන්නවා .... පොඩි කොස්සකට තියෙන්නේ ... මට අටං තුමාගෙන් මොකුත් හම්බ උනේ නැහැනේ ... කොහෙටද දැම්මේ ? වදන් තදයටද, මුහුණු පොතටද ? එහෙමත් නැත්නම් ගූගොල් + එකටද ?

      Delete
    9. කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට් වල..බලපන්

      Delete
    10. කොහොම උනත් පොඩි අවුලක් තියෙනවා උඹේ බ්ලොගේ කමෙන්ට් වල..බලපන්

      Delete
  3. පෝස්ට් ටික ලේබල් කරන්ඩ පේනවනේ හැලපයගේ පරණ පෝස්ට් එකක් හොයාගන්ඩ තියන කරදරය

    ReplyDelete
    Replies
    1. ඔව්...ලේබල් කරන්න ඕන. ස්තූතියි අටමෝ

      Delete
  4. කොච්චි මිරිස් දාපං ලුණු ඇඹුල් ඇතුවම
    ජයවේවා......අටංට

    ReplyDelete
    Replies
    1. ජය වේවා කිව්වේ මටද අටංටද?
      කොහොම උනත් ඔබට ස්තූතියි

      Delete
  5. ඕං උඹ අපේ පටි රෝල් කරනව එහෙම නෙමෙයි , කිව්වත් වගේ ජනායි ඇටයයි ගැන පොතක්ම ලියපන්න බැරි කම නෑ !!!.... සමුද්‍ර උපාසක තැනත් එක්සත් අරාබි එමීර් රාජ්‍යට හොද බැහැල දැන් කාලයක් ! තවමත් උපාසක බළලා වගේ තමයි සද්ද නෑ ..හීන් නූලෙන් වැඩ :-D

    ReplyDelete
    Replies
    1. පටි රෝල් නොකර තමයි සමහර තැන් වලින් නැවැත්තුවෙ.

      Delete
    2. හික්... හික් ...මැලේ ජොයින්ට් එක දැන් දෙහිවල හිල් ස්ට්‍රීට් එකට තල්ලු කරලා කියල තමයි ආරංචිය හැබැයි ඉස්සර තිබුන තරම් ලකයක් නැතිලු...!

      Delete
    3. ඔව්..මටත් ඊයේ දැනගන්න ලැබුනා. අතන ambience එක බොන්න මරු

      Delete
    4. උඹ මේ ල... එම්බියන්ස් එකක් ගැන කියනවා, මම නම් කැමතිම දෙක තුනක් වැඩි වෙච්ච දවසට අතුරේ යනවා වගේ හින් දාඩිය ගෙන පඩි පෙළ බහින එකට... පහලට එනකොට වෙරි බැහැල !

      Delete
  6. ජයවේවා

    ReplyDelete
  7. ලියපං ලියපං දිගටම මරු

    ReplyDelete
  8. //සමහර ඒවා බ්ලොගේ කොහොම ලියන්නද මන්දා..//
    ලියහං ලියහං. අතිං පයින් යන එකක්යැ. හැක්..

    ReplyDelete
    Replies
    1. කොහොම කියන්නද බං....මුන් පවුල් වෙලා නේ දැන්

      Delete
  9. මම කාලයක් බම්බලපිටියේ ජීවත්වුනා. මැලේ හෝටලය දාපු කාලේ අසූගණන්වල. මනි පිට්ටු, බාබත් නැගලා ගියා ඒ කාලේ. බියර් විතරයි තිබුනේ. ඕකේ කාලා බීලා පල්ලෙහාට බහින්න ගියාම තමයි කකුල් ගිටාර් ගහන්නේ. සුන්දර නගරයක් ඒ කාලේ. ලයන් හවුස්, මිල්ක් බෝඩ්, මැජෙස්ටික් එක බස් හෝල්ට් එක අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්

      Delete
    2. ඇත්ත ...අමතක නොවන තැන් බහුල පෙදෙසක්

      Delete
  10. තවත් රජ ඉස්කෝලෙ එකෙක් ...
    එල එල ....

    ReplyDelete
  11. ඔන්න මමත් ගොඩ වැදුනා මේ පැත්තට, අර බණ්ඩර මැරූ උන් නවකතාව ගැන කියලා තියෙන දේට මමත් එකඟයි.මම කියවපු අතිශය අසාර්ථක කතාවක් තමා ඒක

    ReplyDelete
    Replies
    1. හරි ලස්සන ප්‍රදේශයක්. මම සේනගේ නෑයො කීප දෙනෙක් දන්නවා ඔය පැත්තෙ. මිනිහා පණ්ඩිතයා
      ඔයා පැමිණි එක සතුටක්

      Delete