Tuesday, November 15, 2016

හැලපයා ගේ සංවත්සර සාදය සහ සැඟවී ගිය අලි ඔලුකාර උඩු රැවුලා

කොච්චියා ඕමානයට ආදා පටන් නිතරම යන එන එක්තරා සුවිශේෂී කාර්යාලයක් ඇත්තේය.එහි සිටින සියළු නිලධාරීහු කොච්චියාව හොඳින් හඳුනන්නෝය. එකට කා බී ඇතිවා මෙන්ම දුටු තැන සිනා සී කතා කරන්නෝය. මේ අතරේ කොච්චියාට දිරෙව්වේම නැති එක් අලි ඔලුකාරයෙක් සිටියේය. මනුස්සකමට මුහුණට මුහුණ හමුවූ විට සිනාසුණත් මුහුණ නොබලන, දැක්කත් අහක බලා ගෙන යන පාංශු දේහධාරී උඩුරැවුල් කාරයෙක්ය. කාටවත් ඕනාවට වඩා දෙන්නට නොයන කොච්චියා වරක් දෙවරක් මේ මිනිහාගේ ආඩම්බර බැලූ නමුත් ඉන් පසු මිනිහා එන විට හිතා මතාම අහක බලා ගන්නට පුරුදු උනේය.

අමිල සහ කලනී කියන්නේ කොච්චියා ලංකාවේ ඉන්නෙද්දී පටන් දන්නා කියන ජෝඩුවක්ය. කලනී වැඩ කරන්නේද උක්ත කන්තෝරුවේය. පහුගිය අවුරුද්දේ  දිනක ඔවුන්ගේ නිවසේ පැවති සාදයකදී අමිල සහ තවත් මිතුරන් කීප දෙනෙක් සමග සුහද සාමිචියේ යෙදී සිටියදී ප්‍රධාන දොරෙන් මතුවූයේ මට දිරවන්නේම නැති අර පාංශු දේහධාරී උඩු රැවුලා ය.ආ වෙලේ පටන් අතේ ගෙනා කුඩා කැමරාවකින් පින්තූර ගත් රැවුලා මා ළඟින්ම ඉඳගෙන සිනහවක් සහිතව මට "හෙලෝ" කීවේය. ඒ කොච්චියා මිනිහා හිනා වෙනවා දැක්කාමය. වටින් ගොඩින් කතා කරමින් යන අතරේ බෝතලයක අඩක් පමණ හිස් වෙද්දී වාගේ  දැනගන්නට ලැබුනේ කොච්චියා දැඩි කැමැත්තෙන් කියවන්නාවූ එක්තරා බ්ලොගයක අයිතිකරුවා මේ රැවුලා බවය. 

එදා හඳුනාගත් රැවුලා ඉන් පසු කීප වතාවක්ම අමිලගේ නිවසේ පැවති සාදයන් හි හමුවූ අතර කොච්චියාට බ්ලොගක් ලියන්න කියා ඒ හැම දිනකම උනන්දු කළේය. අවුරුද්දක් පුරාවටම ලියන්නේ මොනවාද සහ ඒවා කොයි ආරක විය යුතුදැයි සිතමින් සිටි කොච්චියා ලියන්න ගත්තේ 2016 අග බාගයේදීය. මගේ මුල් ලියමනේම මේ රැවුලා ට ප්‍රණාමය පුදන්නේත් ඒ නිසාය. උන්දෑ නොවන්නට කොච්චියා බ්ලොග් ලියනු නැත්තේය. 2009 දී ඉංගිරිසියෙන් වදන්තදයේ බ්ලොග් ලියූ කොච්චියාට යම් පුද්ගලික හේතූන් මට බ්ලොග්කරණය එපා වී හිබුණේය.

මෙසේ උඩු රැවුලා සහ කොච්චියා අතර ක්‍රමයෙන් ඇතිවූ හිතවත් කම අද වෙන විට ඇත්තේ සැලකිය යුතු බෝතල් ගණනක් හිස් කර ඇති මට්ටමකය. එසේම ඒ සෑම හමුවකම අපට පොදුවේ කතා කළ හැකි මාතෘකාද නොඅඩුව තිබුණේය.

මේ උඩු රැවුලා ලියන්නාවූ හැලප කඩේ බ්ලොගයට නොවැම්බර් එකොළොස් වන දාට අවුරුදු හතරක් පිරුණේය... ඔය සංවත්සරය ගැන රැවුලා… එනම් මෙතැන් සිට හැලපයා….මා දැනුවත් කලේ පහුගිය සතියේය. ඩොමෙස්ටික් සෙන්සර්ෂිප් වලට යටත්ව ලියා ගන්නට දෙයක් නැතිව උන් හැලපයා එදා කිව්වේ හතරවෙනි වසර සපිරීම වෙනුවෙන් පෝස්ටුවක් ලියනා බවය. මෙය සැමරිය යුත්තක් නිසාම ඒ වෙනුවෙන් සාදයක් දැමිය යුතු බව කොච්චියාගේ මතය වූයේය. ඊට එකඟ වූ හැලපයා ගේ බ්ලොග් සංවත්සරය ගැන දැන් දිග හැරෙන්නේය.

පාටියට අවශ්‍ය රහමෙර වලින් නම් කිසි අඩුවක් හැලපයාට නැති බව හොඳින් දන්නා කොච්චියා කේක් ගෙඩියක් මෙන්ම කටගැස්ම වෙනුවෙන් කට්ලට් ද හදාගෙන ඒම බාර ගත්තේය. හැලපිට සහනයක් වනු වස් අවශ්‍ය නම් රෑ කෑම සාදා ගෙන ඒම සඳහා ද දායක විය හැකි බව පැවසූ නමුත් ඒ බව කියන්නට ගොස් හැලපයා හොඳ හැටි අසා ගෙන ඇති බව ආරංචි උනේ පසුවටය.

නෝනාට කියා කේක් ගෙඩිය සාදාගන්නට සිතුවාට ඉතා වෙහෙසකර සතියකට පසු ආ සිකුරාදා දවසේත් ඈව වෙහෙසීම නොකළ යුත්තක් බැවින් කඩෙන් කේක් එක මිලට ගැනීමට මා තීරණය කළේය. කේක් සඳහා අපේ පළමු තේරීම වන cake gallery වෙත ගියාට තිබූ ඒවා හිතට ඇල්ලුවේ නැතිය..ඉන් පසු ගියේ Bread Talk එකටය..කේක් එක ගත්තාට වැඩේ ඉවර නැත්තේය...හැලපයා කියා ලියා ගත යුත්තේය..එහි සිටි පිලිපීන කෙල්ල ගත් කටටම කීවේ ලිවිය හැක්කේ ඉංගිරිසියෙන් පමණක් බවය. ඇතුලේ හිටි අනෙක් කෙල්ල එතනට ආවේ කොච්චියාගේ වාසනාවටය..”හැලපයා” යන්න ලිවීම අපහසු නොවන බවත් බලාගෙන නොලියා බලාගෙන අඳින ලෙසත් මා කළ ආයාචනය ඈ කෙසේ හෝ බාර ගත්තාය..වැඩේ ගොඩය.

කිව්වා සේම රෑ අට වෙද්දී කොච්චියා , නෝනා, ඩිස්ති සහ ජහුටා Al Khuwair හි පිහිටි හැලප භවන වෙත සම්ප්‍රාප්ත වූවෝය. අපව ආදරයෙන් පිලිගත් හැලපයා හා හැලපිය ඒ වෙන කොටත් රෑ කෑම සාදා අප බලාපොරොත්තවෙන් සිටියෝය. මේ සාදයට ආරාධනා කරන්නට අප ඕමානයේ ඉන්නා තවත් බ්ලොග් ලියන්නන් සෙව්වත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැතිය.

ගෙට ගොඩ වෙනවාත් එක්කම තමා ම සෑදූ ෆෘට් කොක්ටේලයකින් සංග්‍රහ කළේ හැලපයා ය.. හැලපිය කිව්වේ ආපු මිනිස්සුන්ට පොඩ්ඩක් ඉඳ ගන්න දෙන්න කියාය… හැලපිය නොදන්නවා උනාට අපේ හැලපයාට ඕනෑ වූයේ ඔය පොඩි පොඩි සීන් ඉකමනට ඉවර කර අදාල කාර්‍යයට එන්ටර් වෙන්නට බව කොච්චියා දන්නේය.

ඉටිපන්දම් පත්තු කර..හැපි බර්ත් ඩේ කියා කේක් ගෙඩිය කැපූ හැලපයා සිය බිරින්දෑට කේක් කවන්නට යද්දී ඈ කීවේ ඒක කොච්චියාට කවන්න කියාය.. හේතුව ඇසූ කල ඈ කීවේ,

ඕක දැන් බ්ලොග් එකේ දැම්මම හැමෝම අන්න හැලපි අන්න හැලපි කියයි” කියාය.

කෙසේ හෝ ඈට කේක් කැවීමෙන් පසු පින්තූර කීපයක් ගත්තේ ඔහෙලාට පෙන්නන්නය. මොකෝ පස්සෙන් පහු ඕවා ගන්නට කෙනෙක් නැති වෙනවා මෙන්ම ගන්න ඒවායේ කොලිටිය ගැන වග කියන්නට කෙනෙක්ද නැති වන බව අප දන්නා නිසාමය.

හැලපයා ගේ කේක් ගෙඩිය..පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ හැලපයාය

කේක් එක ටීපෝවේ තියෙද්දීම හැලපයා බෝතල් වැඩැම්මෙව්වේය. පින්තූර පහලින් අලවා ඇත්තේය. Lord Scott, Vat 69 හා නැපෝලියන් අධිරාජයාගේ බ්‍රැන්ඩි එකක්ද තිබුණේය.  කොච්චියාගේ නෝනාගේ අභිමතය අනුව Lord Scott එකෙන් ආරම්භ කළ ඒ අනුමත වීම නැවතුනෙ බ්‍රැන්ඩි බෝතලයද ඉවර කරමින් Vat 69 එක ටීපෝව මත තනි කරමින්‍ ය. වාහනය පදවාගෙන ගෙදර යා යුතු බව නෝනා මතක් නොකළා නම් ඒ බෝතලයටද යම් සාධාරණයක් ඉටු වෙනවා මෙන්ම ඒ වෙනුවෙන් කතා කරන්නට ඇති පදම් මාතෘකාද අප සතුව තිබුණේය. ඒ වන විටත් සාහිත්‍යය .. සිනමාව.. ලෝක ආර්ථිකය මෙන්ම බජට් එකද අපට ආතල් ලබා දී තිබුණේය.

වැට් එක හැරෙන්නට අනෙක් දෙකටම සාධාරණය ඉටු වුණේය


කෑම මේසය ඇර ඇති බවත් ගොඩේ කෑම වේලක් හැදූ බවත් හැලපි කිව්වා වාගේ ලාවට මතකය. කොච්චියාට ඒ වන විට බඹර පදම් ය. හැලපයාද කෑම බෙදා ගන්නවා කියා හැන්දක් දික් කරගෙන එහෙට මෙහෙට වෙනවාද දැක්කේය. ඩිස්ති තව පොඩ්ඩෙන් පිඟානටම අයිස්ක්‍රීම් බෙදා ගන්නේය.. ජහුටා පොඩි එකා උනාට දෙකක් දා ගැනීමට අකමැත්තක් නැතිය..ඒත් හැලපයා වැනි වැඩිහිටියෙක් ඉදිරියේ එසේ කිරීම හොඳ මදි යැයි සිතා බයිට් පමණක් ගිල්ලේය.

කෑම ටික පංකාදු පහට තිබූ බව කිව්වේ නෝනා සහ ජහුටා ය. ඉඳි ආප්ප බර ගානකට කොච්චියා වැඩේ දුන් බවත් ඩිස්ති ගේ පිඟානේ බත් තිබූ බවත් හැලපයා ඉඳිආප්ප හා බත් එකට බෙදා ගෙන කෑ වගත් ලාවට මතකය. මා වැරදි නම් නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටින්නේ හැලපයාගෙන් ය. ගෙදර එන්න පිටත් වෙන්න පෙර අපේ ගෘහ සේවිකාව වූ විතාන ටත් කෑම පාර්සලයක් දෙන්නට තරම් හැලපිය කාරුණික වූවාය.

මේ පෝස්ටුව ලියන්නේ මූදු වෙරළේ ශීෂා එකක් අදිමින්‍ ය. පට්ට සීතලේ හඳේ හාවා ලොකු වෙලා ඉන්න හැටි බලන්නට ඇවිල්ලා ය. හාවා කෙසේ උනත් කොච්චියා දැන් ඉන්නේ ශීෂා සැර වැදී හඳේය. ටයිප් කරද්දී සීතලට ඇඟිලි වෙව්ලන්නේය.

හැමදාම බ්ලොග් කීපයක්වත් කියවන මට දැනෙන ආකාරයට හැලප කඩේ කියන්නේ සුවිශේෂී බ්ලොගක්ය. කෙනෙක්ට පල්හෑලි ලෙසින් අර්ථකථනය කළ හැකි වුවද ජීවිතයේ ඔය තරම් සිද්ධි සමුදායක් මේ තරම් විස්තරාත්මකව මෙන්ම විශ්ලේෂණාත්මකවද ලිවීම අති දුෂ්කර කාර්යයකි.වඩාත් වටින්නේ අඛණ්ඩව ලිවීමට තරම් කතන්දර ඔහු සතු වීමය. හැලපයාට වඩා වසර ගණනාවක් වයසින් බාල වූ මා හට මගේ අවුරුදු 15-20 කාලයේ ඇති මතකයන්ට වඩා ඉතා අධික සිද්ධි සහ අවස්ථා ගැන මතකයක් තිබීම ඇතැම් විට පුදුම එලවන සුළුය.තව අවුරුදු ගානක් උනත් මේ රටාවෙන්ම ලිවිය හැකි කතා රැසක් හැලපයා සතුව ඇත්තේය. ඕමාන් ජීවිතය ගැන පමණක් ලිවිය හැකි පෝස්ට් සියයක්වත් ඇති බව මට ඉඳුරා කියත හැක්කේය.

කොච්චියා දන්නා පරිදි විප්‍රවාසය කියනා වචනය සිංහල බ්ලොග් අවකාශයට ගෙනත් අත හැරියේ හැලපයාය. අද වන විට එය සිංහල බ්ලොග් ලෝකයේ පට්ට ගැසෙනා වචනයක් ය. කතන්දර ලියනා බ්ලොග් කාරයෝ බොහෝ ඇත්තෝය..ඒ ගොඩක් ඒවා කොපි කළ ඇත්තෝද නැත්තේ නොවේය. එහෙත් හැලප කඩේ වැන්නක් ලිවීම පමණක් නොව කොපි කිරීමද පහසු නැතිය. හැලප කඩේ තැම්බෙන හැලප ඊටම ආවේණිකය. දශක කීපයක ජීවිත කතා යුගයෙන් යුගයට ගලපා ලිවීම වෙනම අභ්‍යාසයක් ය. උඩු රැවුලා ඒ කලාව මැනවින් ප්‍රගුණ කර ඇත්තේය.

පෝස්ටුව ඉවර කරන්නට මත්තෙන් ආයෙත් හැලපයාට සුබ සංවත්සරයක් පතන්නේය. හැලපිගේ සෙන්සර් වලට හසු නොවී වැඩි වැඩියෙන් පැණි රස දෝරෙ ගලනා පෝස්ට් ලිවීමේ හැකියාව ලැබේවායි පතන්නේ බොක්කෙන්මය…

ප.ලි - ඇතැම් පින්තූර පල නොකරන ලෙස ලැබුණු ඉල්ලීමක් මත ඒවා ඉවත් කර ගෙන ඇත්තේය. හැලපිගේ සෙන්සර් කොච්චියාවද ආක්‍රමණය කර ඇත්තේය. හැලපයාගේ බ්ලොග් අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කිරීමට කොච්චියාගේ අමනාපයක් නැත්තේය.

79 comments:

  1. අනේ අපි නොදන්න රැවුලගේ රහමෙර බීම

    ReplyDelete
  2. හැලපයට මේරි ක්‍රිස්මස් කිව්ව. අපිත් ඉන්නෙ මස්කට් කිට්ටුව තමයි හොඳේ. කථා නොකලාට අමනාප නොවෙමි. 👊🏽

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තව කට්ටිය..කොයි හරියෙද ඇත්තටම

      Delete
    2. බලහං ඔය මස්කට් එකේ කජු මදයක් තියෙනවද කියල. මෙයා ඇත්තෙ එතන තමයි. හැක්..

      Delete
    3. ඇඩෝව් සන්‍යක නයන්න..!! මස්කට් වෙනුවට හදනව උබගෙන් මටන් කොත්තු රොටියක්.. 😜😜😂..

      ඒත් බෑනේ. උබල අපි කොමෙන් කරුවො උන මනුස්සයෝනේ හිටං 👍🏽

      අඩෝ කොච්චියෝ.. මම මෙහේ..!! අර අල්ෆදාන් හරියෙ 🙈

      Delete
    4. උඹ අල්ෆර්ෆ්දාන් ඇතුලේ ද ඉන්නෙ? ඒ අවට ද... මාත් වැඩි ඈතක නෙවෙයි

      Delete
    5. වෙලාවක අපේ ගෙදර හරි කොච්චියගේ ගෙදර හරි සැට් වෙලා කතා කරමු. උඹ මෙහෙ ඉන්නව කියල අපි දන්නෙ නෑනෙ. නම්බර් එක මට මේල් කරපං.

      Delete
    6. බඩු හරි. හැක්..

      Delete
    7. Blog කියවන අය පාටියක් දානවානම් අපිත් මෙහෙ ඉන්නවා. හැලප කඩේටත් කොච්චි මිරිසටත් ජය වේවා.

      Delete
  3. අර කේක් එකේ පින්තුරේ පිටිපස්සෙන් ඉන්නේ හැලපයා කියලා ලියලා තිබ්බට යාන්තමින් කකුල් දෙකක් විතරයිනේ පේන්නේ කොච්චී...:) :)

    ReplyDelete
    Replies
    1. මම යටින් ලියලා තියෙනවා නේද හේතුව...මූණු එපා කිව්ව නිසා තමයි වෙනත් කොටස් එක්ක දැම්මෙ

      Delete
  4. සංවස්තරය නියමට තිබිල. ලිවීමේ ශෛලියත් මරු

    ReplyDelete
  5. හැලප කඩේ නම් මරුතමයි.

    හැබැයි කොච්ච්යාව blog ලියන්න ගෙනාපු එක ඊටත් වඩා මරු

    ReplyDelete
    Replies
    1. කොච්චියා සදා ස්තූති කරනවා හැලපයාට ....

      Delete
  6. හතරවෙනි සංවත්සරේ දීල නේද ඇස්ටි හැලෙන්නම...
    ජය වේවා කොච්චි සහ හැලපේ දෙන්නටම...

    ReplyDelete
  7. "හැලපිගේ සෙන්සර් වලට හසු නොවී වැඩි වැඩියෙන් පැණි රස දෝරෙ ගලනා පෝස්ට් ලිවීමේ හැකියාව ලැබේවායි පතන්නේ බොක්කෙන්මය…"
    මටත් කීමට ඇත්තේ එයමය....සංවත්සරේට සුභ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. රස කතා හැලපෙ ඉන්නෙ හංගා ගෙන

      Delete
  8. මම හිතන්නේ උත්සව තියලා දෙන සම්මාණවලට වඩා වටින්නේ මේ වගේ සම්මාණ. මෙහෙම බ්ලොග් සම්මාණයක් ලද ප්‍රථමයා හැලපෙ වෙන්න ඕන මයෙ හිතේ.

    හැලපේ කියන්නේ මනුස්ස කම උතුරා ගිය හදවතක්. ඒ වගේම හැලපි හා හැලපැට්ටා. එක පාරක් මේ ගුණමකු බ්ලොග් ලියන්නන්ට මඟුල් ගෙයක් වගේ කෑම මේසයක් ඇරලා තිබුනා ඔය හැලපි. එහෙම හාමිනාලා ලබන්නත් පින් කරන්න ඕනා.

    හැලපයා මගේ බ්ලොග් ලිපි සෑහෙන ප්‍රමාණයක් පසු පස ඉන්නවා.. අපිට ඔහුගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝමයි.

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2015/08/smirnoff-absolute-vodka.html

      http://maathalan.blogspot.com/2015/07/atamaas-party-at-helapayas-place.html

      Delete
    2. හැලපයා සම්මානයට සුදුස්සෙක්..මාතලන් අයියා කිව්වා වගේම ඔහුගෙන් උගැන්මට දේ එමටය.
      යටින් දමා ඇති පෝස්ට් දෙකම කොච්චියා එකල කියෙව්වේය. මාතේ ගේ ලිවිල්ලත් සුපිරිය.. ඒ ආවේගයට ද කොච්චියා මනාපය.

      Delete
  9. හැලපයා කියන්නේ මාව බ්ලොග් ලියන්න උනන්දු කරවපු හතර දෙනාගෙන් කෙනෙක් (හැලපේ, ගුරු මාතලං,අටමා, සයුරී). මගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ට් එක දැම්මෙත් හැලපයා. මම කියවපු දෙවැනි බ්ලොග් එක තමයි හැලප කඩේ. කවදාවත් කථාබහ කරලා නැති උනත් සුහද හදක් ඇති කෙනෙක් කියලා බොක්කටම දැනෙනවා. හැලපයියේ, හැලපි, හැලපැට්ටෝ උඹලාට බුදු සරණයි, දෙවි පිහිටයි. කවදා හරි ලංකාවෙදි හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ප.ලි. ඡායාරූප පල නොකිරීම ගැන බලවත් විරෝධය ප්‍රකාශ කරමි.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ මුල්ම කමෙන්ට් එක දැම්මෙත් හැලපයා..අටමා කියන්නෙ බ්ලොග් ලියන හැමෝවම දිරිමත් කර්න්න උදේ හවා වෙහෙසෙන එකා නොවැ..
      ඔය පින්තූර ගැන නම් ඉතින් හැලපයා තමයි මට වාරණ දැම්මෙ

      Delete
  10. හැලපේ සහ පවුල හැබැහින් දැකලා නැහැ. හැලපේ ගේ පුතා ගැන කිවූ දෙයක් මතක් වුණා. 1996 ඉන්දියා - ශ්‍රී ලංකා ලෝක කුසලාන සෙමි ෆයිනල් තරඟෙදී ටෙන්ඩුල්කර් දැවී ගියාම අඬපු එකම ශ්‍රී ලාංකිකයා හැලපෙගෙ පුතා.

    ReplyDelete
  11. උඩු රැවුලා කියන්ඩ එපා යකෝ..... වෙන එකෙක් මතක් වෙනවා....

    ReplyDelete
  12. හැලපය.... අනේ මිනිහගෙ බ්ලොග් ලියවිල්ල. එක කතාවක් එක දිගට ලියාගෙන යන්න පුලුවන්ද. කොමෙන්ට් කරන අපිනෙ අමාරුවෙ වැටෙන්නෙ.
    ඔය මනුස්සය කියවන අයව චූන් කරන්න කතාව ලියාගන ගිහිල්ල අන්තිමට ඔක්කොම පැතුම් විනාස කරල දාල තමයි කතාව නවත්තන්නෙ.

    ReplyDelete
    Replies
    1. හුටා... ඇනෝ දාන්න හිටපු එක ප්‍රෝපයිල් එකෙන්ම වැටිලනෙ. හැක්..

      Delete
    2. ඔය මනුස්සයත් අර විචා අංකල් වගේ මාව අතුරුදං කරන්න බලාගෙන ඉන්න හින්ද ඔන්නොහෙ තිබ්බාවෙ.

      Delete
    3. අපිත් ඉතින් කියෝනවා අර එලුවගෙ අහවල් එක වැටෙන කන් පස්සෙන් යන බල්ලා වගේ

      Delete
  13. හැලපය කියන්නෙ ඉතිං එක්දාස් අටසිය ගනං වල කාලෙ කතා හිටං මතකෙන් ලියාගගෙන යන්න පුලුවන් පොරක්නෙ. (ඔවු මිනිහ එච්චර වයස තමයි). මට හිතාගත්තැකි උඹල බෝතලේට සෙට් උනාට පස්සෙ මාතෘකා අනුභව කරපු හැටි.

    මොනව උනත් පාටිය ජයටම ගිහිල්ල තියෙනව වගෙයි. තව ෆොටෝ නොදැම්ම එක ගැන මගේ බලවත් විරෝධය මේ අවස්ථාවෙ ප්‍රකාශ කරන්න කැමතියි.

    හැලපයාටත් පවුලේ සැමටත් බ්ලොගටත් දීර්ඝායු පතමි.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ අඩු වීම සම්බන්ධයෙන් හැලපයා වග කිව යුතුයි.

      Delete
  14. අඟහරුවාද දානව කිවුව පෝස්ට් එක තාම නැත්තෙ හැලපයිය තාම නිදි ඇති නෙහ්..

    ReplyDelete
    Replies
    1. පොර ඒ පෝස්ට් එක මගෙ පිටින් දාලා ඉන්න හදන්නෙ

      Delete
  15. හැලපේ, සඳරු බොගක් ඇද බාල කියලා දැක්කොත් ඉතිං දුව ගෙන යන්නේ කියෝලා එන්ඩ! එහෙව් එහෙම එකෙක්ගේ හතර කියන්නේ සුළු පටු හතරක් යැ!

    ReplyDelete
  16. මං හිතුවෙ ඔය හාදය හිනාවෙලා කතාකරල ඉන්න මනුස්සයෙක් කියල. බැලින්නං බුම්මගෙන ඉන්න පොරක්නෙ.
    කොච්චියා උඹ බුකියෙ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ රස්සාවෙ හැටියට එහෙම ඉන්න එක ලේසියි ...
      ඔව්..බුකියෙ ඉන්නවා.උඹ මාව දැකලා ඇති

      Delete
    2. කොච්චියෝ බුකී මාර්ගයෙන් මාවත් සම්බන්ද කරගනු මැන ~

      fb.com/agni.dragon

      Delete
  17. හැලපෙ හතරට සුභ පැතුම් !
    අපිත් ඔය හිටපු ගමං අල් කුවේර් පැත්තෙ කරක්ගහනව සැහ් පොටෝස් ටිකක් දැම්ම නම් මගෑරල ඉන්න තිබ්බා :D :D

    ReplyDelete
    Replies
    1. උඹත් නම්බර් එක මට මේල් කරපං.

      Delete
    2. හැලපයා ඌවත් සෙට් කර ගන්නයි යන්නෙ..එල

      Delete
  18. හපොයි ඔය හැලපයා මහ අනක් ගුණක් නැති මුඩුමයා.. කොච්චියා නොදන්න උනාට මේ අහිංසක මටත් දුසකයා කියල නං රෙජිස්ටර් කරේ ඔය නහරයම තමා..

    හැලපයා බොනවා.. මක්කා.. හැක් හැක්..

    මාතා කිව්ව වගේ කොච්චියාගේ උදව්වෙන් බ්ලොග් සංවත්සරය සැමරූ මං දන්න එකම බුවාත් හැලපයා තමා. ජය වේවා.. අනේ ඔය යකා ලියන ලිවිලි.. බල්ලෙකුට කියවන්න ඇහැක... හැක්

    ReplyDelete
    Replies
    1. ඔහේට දූසකයා කියලා තියෙනවා නම් මමත් දැක්කා...

      Delete
  19. හැලපයට මගෙනුත් සුබපැතුම් හැම හදවතක් තුලම බොහෝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා.

    ReplyDelete
  20. ශහ්ඃ... අන්න නියම ගුරු පඬුරු.
    අළුත් පරණ අනං මනං නැතුව බ්ලොග් කියවනවාට අමතරව කොමෙන්ටුවකින් පෝස්ටුව ගැන අදහසත් කියල යන හැලපයියා සිරා බුවෙකි.ඒ සිරාකම කොතෙක්ද නම් කොච්චියාටත් රා කල සොලසක්ම පොවා ගේමට බැස ඇත.. ඉතින් නියමය.
    සෙට් එකටම උණුසුම් සුභපැතුම් ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැලපයා යුතුකම් ඉටු කරනා පොරකි

      Delete
  21. ඔන්න හැලප කඩේටත් ගොඩ උනා ඔබතුමාගේ මඟ පෙන්වීමෙන්.කියවන්නනම් සෑහෙන දේවල් තියෙන පාටයි හිමිහිට කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අප්පේ...මාසයක් විතර යයි කියවලා ඉවර කරන්න

      Delete
    2. සහතික ඇත්ත! මමත් ටිකක් කියෙව්වා, දැන් විභාග කාලෙ නිසා වැඩේ පොඩ්ඩකට නැවැත්තුවා !

      Delete
  22. සුබ පැතුම් හැලප (අංකල්)

    ReplyDelete
    Replies
    1. අට වසරෙ අපේ මකරා පුතා ත් ඇවිත් තියෙන්නෙ

      Delete
    2. ඒක නෙවි කොච්චි ( අංකල් ) ඔයා කොහොමද දන්නෙ මං අටේ කියලා. මේව රට්‍ටු හිනස්සන වැඩ හැක්.. හැක්..

      Delete
  23. වැට් 69 නම් ජරා බීමක් වගේ තමයි මතක. ඔතැන තියෙන Lord Scott මං මීට කලින් දැකලා නැති එකක්.

    ReplyDelete
    Replies
    1. මගෙ නම් වැට් 69 වලට ඇති අකමැත්තක් නැහැ...අපේ නෝනාට තමයි පේන්න බැරි

      Delete
  24. කොචිචියා

    අර හැලපතුමා නාහෙන් අඩ අඩ 15 දානව කිව්ව පෝස්ට් එක කෝ???

    ReplyDelete
    Replies
    1. මොනවා හරි ලියනවා වගේ... මං හිතන්නෙ සඳුදා උදේ වෙද්දි යමක් කරාවි

      Delete
    2. මොනවා හරි ලියනවා වගේ... මං හිතන්නෙ සඳුදා උදේ වෙද්දි යමක් කරාවි

      Delete
  25. අර කෙල්ල සිංහල අකුරු කොටු කරලා. අපරාදෙ එච්චර ලොකු කේක් එකක් ගෙනිච්චෙ. අපරාදෙ මේ පොටෝ එකත් නොදා ඉන්න තිබ්බෙ. හැලපයියා සදා දිනේවා !

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මේකත් නොදා ඉන්න තිබ්බෙ කියන්නෙ

      Delete
  26. අර කෙල්ල සිංහල අකුරු කොටු කරලා. අපරාදෙ එච්චර ලොකු කේක් එකක් ගෙනිච්චෙ. අපරාදෙ මේ පොටෝ එකත් නොදා ඉන්න තිබ්බෙ. හැලපයියා සදා දිනේවා !

    ReplyDelete
  27. හැලපයියාට අපගේ හඳුන් පොත පතුලෙන්ම නැග එන ප්‍රණාමය සහ සුභ පැතුම් !

    බලාගෙන යනවිට ඩොමෙස්ටික් සෙන්සර්ශිප් ගෙවත් ගෘහස්ත වාරණ කොහෙත් එකය ... කණ්ඩා හාමිනේත් ඔයිට දෙවෙනි නැත්තේය !

    කල් නොයවාම හාමිනේලා නිසා දුක් විඳින අහිංසක බෝග්කරුවන් වෙනුවෙන් හඬක් නැගීමට පෙළ ගැසිය යුතු බව කණ්ඩා යෝජනා කරන්නේය ...!

    කරුණාකර සභාවෙන් කවුරුහරි හිටං මේක ඉස්තිර කොරන්ඩලා ...

    ReplyDelete
    Replies
    1. සභාවෙන් අවසරයි. එක්කෝ ඕනෙ නෑ. හැක්.. හැක්..

      Delete
    2. ඕවා කලා වගේ නෙවේ...හාමිනේලා සුදු වෑන් එව්වොත් කාරිය

      Delete
    3. අපි යෝජනා කරනවා විතරයි, එයිට පස්සේ අපි අන්ත්රස්දහන් .... ඉතින් ඔකේ කැඳවුම්කරු විදිහට දාන්නේ උඹව කොච්චියෝ !

      උඹ ඔය දෙන තවුසන්ඩ් ටෝක් නොනලටත් දීපන් හෙක් .. හෙක්.. :D

      Delete
    4. පිස්සුද බන්....මගුලක් කතා නොකර හිටපන්

      Delete
  28. තව පොටෝ කෑලි ටිකක් තිබ්බනන් මරුනෙ අනෙ...
    කොච්චි මිරිස් බලන්න පාර හොයාගත්තෙත් හැලප කඩෙන් තමයි...

    ReplyDelete
    Replies
    1. ගොඩ උනාට ස්තූතියි ... පින්තූර නොදැම්මේ හැලපයා ගේ ඉල්ලීමට අනුවය

      Delete