Sunday, November 6, 2016

මීගමුවේ තානායම, අටවෙනි හෙන්රි සහ අඹුවගෙන් බැට කෑ ජොරා

කොච්චියා මුල් වතාවට රහමෙර තොල ගෑවේ වැල්ලවත්තේ මුහුදු තීරයේය. ඉස්කෝලේ මිතුරන් එක්කය. උසස් පෙළ කරන කාලයේ ඉන්ටවල් එකේදී එලියට පැනලාය. එකල අපි ගේට්ටුවෙන් ආවේ උදේටය...එලියට ගියේ තාප්පයෙන් ය. එකල අපට තිබූ පොකට් මනී එකතු කර මිලට ගත හැකි මිලකට තිබුණේ අති විශේෂ නොහොත් ගල් ය. ඒ කාලයේ ප්‍රතිපාදන සීමිත නිසා විස්කි ගහන්නට බැරිය...විස්කි වෙනුවට අපේ අත පොවන මානයේ තිබ්බේ ගල් ය..සෙක්ස් කිව්වත් ඒ කාලේ තිබ්බේ ගල් මය. කුණුහබ්බ වගේ පෙනුනාට පට්ට ඇත්ත ඒකය. මෙය කියෝනා බවලත්තු හැර කොල්ලන් හෝ කොල්ලන්ව සිටි හැමෝටම මේ පොදු ය.

ඉස්කෝලෙන් පසු උසස් අධ්‍යාපනයේ යෙදෙන කාලේ බිව්වේ ඕල්ඩ් රිසර්ව් නොහොත් ඕආර් ය. කුප්පි දැම්මේද කාල් බාග එක්කය. අපේ ගොඩක් එවුන් එකල මෙන්ඩිස් අංකල්ගේ විවිධ රස විඳි අතර කොච්චියා හා මෙන්ඩියා කිසිදා පෑහුණේ නැතිය. මේ ගැන කියා කණ්ඩා ඇතුළු සෙට් එකක් බ්ලොග් අවකාශයේ කොච්චියාට කෝචොක් දැම්මා වගේ මතකය. කෙතරම් ලොකු ජාති බිව්වත් සිරි ලංකාවට ගොඩ බසිනා වාරයක් පාසා ඕල්ඩ්‍ රිසර්ව් බොන්නට කොච්චියා අමතක කරන්නේ නැත්තේය. මුලදී කොකාකෝලා සමග බිවූ ඕආර් පසු කාලීනව බිව්වේ ඇල් වතුර එක්කය.

කාලයක් කොච්චියා ලෙමන් සහ ඩ්‍රයි ජින් ආසාවෙන් බිව්වේය. ජින් බොනවා නම් බයිට් එක සී ෆුඩ් ය. කොච්චියා ඇස්කොට් ලෙමන් ජින් මුලින්ම බිව්වේ මීගමුවේ ලැගූන් වීව් නොහොත් කලපුදිසි තානායමේය. මීගමු කළපුව අසබඩ පිහිටි තානායම අදටත් මීගමුවේ නීතීඥයන් රැසකගේ තිප්පොළය. කොච්චියාට ඔතන පුරුදු කළේ සරත් ය. මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ සරත්ගේ වෙබ් අඩවි හතරක් හොස්ට් කර තිබුණේ කොච්චියාගේ සර්වර් වලය. සරා ලිනක්ස් විරෝධියෙක් වූ නිසා වැඩි මිල ගෙවා වින්ඩෝස් සර්වර් එකක සිය වෙබ් අඩවි හොස්ට් කර ගත්තේය. කැරකෙන උඩු රැවුලක් තිබූ සරා සමග කොච්චියා මුල් වරට කලපුදිසි තානායමට ගියේ සරාගේ නීති ප්‍රශ්නයකට විසඳුම් සොයනු පිණිසය. අදාල නීතිවේදීන්ගේ නම් නොකියන්නේ මතු ආරක්ෂාව වෙනුවෙන්මය. උදේ දහයට පමණ පටන් ගත් බීම නැවතුනේ රෑ අටට පමණය. අප ලෙමන් ජින් බීවේ ලෙමන් යුෂ සහ හෝම් මේඩ් ලෙමනේඩ් එක්කය. බයිට් එක බැදපු තෝර පෙති..අළුත් ඉස්සන් හා දැල්ලන්‍ ය. බැටර් ෆ්‍රයි කළ දැල්ලන් සහ මයොනීස් සමග කළපු සුවඳ හමන සුළං රැල්ල ගෙනෙන්නේ  අමුතුම රහක් ය. ඉස්සරහින් පේන්නේ මාලු බෝට්ටුය. හමන සුළග පවා ගෙනෙන්නේ වෙරි ගතියමය. මීගමුව කියන්නේ ලංකාවේ බොන්නට යා යුතු හොඳම නගරයය. සී ෆුඩ් කන්නට යා යුතු එකම තැනත් මීගමුවය.

මීගමුවේ ලපුදිසි තානායම

එදා තානායමේ කොච්චියා සමග එකට බිවූ ඇතමුන් ඉතා වයසය. අද වෙද්දී ඔවුන් කීප දෙනෙක්ම මෙලොව හැර ගොස් ය. එකල නීතිය ගැන මෙලෝ හසරක් නොදැන සිටි කොච්චියාට මෙන්ම සරත් ට ඒ අංකල් ලා සෙට් එක එකිනෙකා නොපරයන මට්ටමේ උසාවි ජෝක් කීවෝය. අට වෙනකන් බිවූ කොච්චියා අධික බීමතින් රිය පදවාගෙන ගෙදර ආවේය. එක් අංකලයෙක් කීවේ කොතනදී හෝ පොලීසියෙන් නැවැත්තුවොත් සිය නම කියන ලෙසටය. මිනිහා කවුදැයි එදා හරි හැටි නොදත් මුත් කටුනායක චෙක් පොයින්ට් එකේදී මට වෙරි පිට මිනිහාගේ නම කීමේ අවස්ථාව උදා උනේය. පරිස්සමින් යන්න කියා ඒ පොලිස් මහත්තයා කොච්චියාගේ කාර් එකේ දොරද සියතින්ම වසා දුන්නේය. එදා රහ වැටුණු ජින් බීම කොච්චියා කාලයක් කරගෙන ගිය නමුත් අතර මග නැවතුනේ ජින් වලට ආසා පාට්නර් ලා ඉතා හිඟ වූ නිසාය.

මීගමුවේ තානායම ඇතුලේ එදා කතා කළ මාතෘකාවක් අද කොච්චියාගේ පට්ට ඉන්ටරෙස්ට් එකක් වී ඇත්තේය. ඒ අටවෙනි හෙන්රි ය. හෙන්රි  හිටියේ පුනරුද සමයේ එංගලන්තයේය. ටියුඩර් රාජ වංශික හෙන්රි රජ වෙන්නේ යන්තම් අවුරුදු දාහතෙන්‍ ය. විවාහ වන්නේ අයියාගේ වැන්දඹු බිරිඳ සමගය. විසි හතර වසරක් වලංගු විවාහයක් පවත්වාගත් ඈ ඇරගොන් හි කැතරින් ය. රෝම අධිරාජ්‍යය සිය බලය ආගමේ නාමයෙන් රැකගැනීමට වෙර දරද්දී හෙන්රි ආලයේ නාමයෙන් රෝම අධිරාජ්‍යයට මෙන්ම රෝමානු කතෝලික පල්ලියටද අභියෝග කළේය.

රාජ්‍යය සහ ආගම එකක් නොව දෙකක් විය යුතුම බව පසක් කර ගැන්මට ඉතිහාසය හදාරනවා නම් කොමාවක් සමග නතර විය යුතු නැවතුමක්‍ නම් හෙන්රි ගේ පාලන සමය ය.ඔය දෙක එකක් වූ කල එහි භයංකාර බව බලා ගත හැකි කැඩපතක්ය හෙන්රි ගේ පාලන සමය.

නීති නොකඩා නීති නවනා පොලිස්පතිවරු ඉන්නා ලොවේ මීට වසර පන්සීයකට පෙර හෙන්රි බලය සහ ආලය වෙනුවෙන් ආගම නැව්වේය. සකල යුරෝපයටම ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති වලින් අභියෝග කළේය. තානාපතිවරුන් ගෙන් උපරිම ඵල නෙලූ පාලකයෙක් වූ හෙන්රි ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ප්‍රංශයෙන් සහ රෝමයෙන්  එක වර ගේම ඉල්ලුවේය. හත්වෙනි ක්ලෙමන්ට් පාප් වහන්සේගේ බලයට ප්‍රසිද්ධියේ අභියෝග කළේය. එහෙත් ආත්මාර්ථය උදෙසාය..පතිවත රැකි බිසවක් එලවා කාම ධේනුවක් ලං කරගන්නටය.

කොච්චියා මේ දවස් වල උනන්දුවෙන් කියවනා පොතක් ය. “The Other Boleyn Girl” . මේ කියන්නේ හෙන්රි ගේ දෙවෙනි බිරිඳ ඈන්ගේ සහෝදරිය මේරි ගැනය. ඈන් බොලෙයින් ට පෙර හෙන්රි සමග නිදි වදින්නේ ඈය. ඇයව ඊට පොළඹවා ගන්නේ ඇගේම පියාය. මේරිට රමණ රහස් කියා දුන්නේ සොහොයුරිය වූ ඈන් ය.  ඒත් මේරි ෆේල් ය.. නොපසුබස්නා වූ ඒ පියා..තෝමස්..විල්ට්ශයර් හි ආදිපාදවරයා ඊලග තුරුම්පුව එලියට දැම්මේය.. රති දෙව්දුව වන් ඈන් ය..බල තණ්හාව ඒ වගේය...තාත්තා දරුවා හඳුනන්නේ නැතිය. ඈන් ගෙන් ලොවට සිදුවූ යහපතක් ඇත්නම් පල්ලියේ බලතල සීමා කිරීමය. ලූතර් වාදිනියක වූ ඈ ඒ වෙනුවෙන් ක්‍රියා කළාය. එංගලන්ත සභාව ඇති කිරීමේ පුරෝගාමී වූවාය. අවසානයේ හෙන්රි ට ද්‍රෝහි වී හිස් ගැසුම් කෑවාය.


හෙන්රි සහ බිසෝවරු

අටවෙනි හෙන්රි කොච්චියාට සිහි කරවන්නේ ජොරා වය. ජොරා සහ හෙන්රි ටිකක් එක වගේය. හෙන්රි ගෑනු හයක් සහේට ගත්තේය...ගමේ බයියෙක් වූ ජොරා අටක් ගත්තේය. ඔහේලා ජොරා ගැන දන්නේ නැත්නම් කොච්චියා කියන්නට ලෑස්තිය.

ගෑනු සොඬෙක් වූ ජොරා ගමේ එකල උන් මැරයෙකි. ඇහැට කණට පෙනෙනා එකියක් වූවොත් හොඳින් හෝ නරකින් ඈ සහේට ගැනීම ජොරාගේ සිරිතය. මෙසේ ජොරා අඹු කමට ගත්තවුන් ගණනින් සතක්‍ ය. ගෙනෙනා එකිය එපා වූ කල තලා පෙලා ඈ එලවන්නේ මේ මැර ජොරාය.
ජොරා අටවෙනි වතාවේ උස්සන් එන්නේ ඌටම හරි යන නෑම්බියක් ය. බැන්නොත් බනින්නත් ගැහුවොත් ගහන්නත් පසු බට නොවූ ඈගෙන් ජොරා ලෙසටම මට්ටු වුනේය.

රෝගී වූ ජොරා දිනක් ගියේ වී බැද්දේ රාළ නම් වූ වෙදා වෙතටය..රෝගය පිරික්සූ කවියෙක්ද වූ වෙදා බෙහෙත් සීට්ටුවක් ලියා දුන්නේ ජොරාටය.

“කුට මතනා ගෙන අඹු සොඳ කටකා රී
අට අඹු ගෙනා සිටි අඹු එකෙකුට බේ රී
අට දින තනා සුණු ලා බී කල නොහැ රී
අට වන ජොරා බැට කාගෙන යයි බේ රී”

නූගත් ජොරාට වෙද රාළගේ සීට්ටුව හරි හැටි නොතේරුණාට එහි වූ කටකාරී,අට අඹු ගෙනා,අට වන ජොරා වැනි පද යෙදුම් ගැන සැක සංකා සිතුණේය… දණ්ඩෙන් පහර ලත් නයෙක් සේ කිපුණේ වී බැද්දේ රාළ තමාට කෝචොක් එකක් දැම්මා යැයි සිතාය. සිනාවෙන් ජොරා ගේ කෝපය පිළිගත් වෙදා කවිය පැහැදුවේ මෙසේය.

“කොට්ටම්, රසකිඳ ,අමු ඉඟුරු,කලාඳුරු,කටුවැල් බටු යන මේවා සමව ගෙන වතුර අට පත එකට සිඳුවා තිප්පිලි කුඩු දමා බොනු. අෂ්ඨ විධ ජ්වරයටම ගුණ ලැබේ.”

මේ ඇසූ ජොරා චොර වී කර බා ගෙන ගිය අයුරු සිංහල ජනප්‍රවාදයේ ඇත්තේය. අට වන ජොරා මට්ටු වූයේ අට වෙනි අඹුවගෙන් උනාට අට වන හෙන්රි ට එච්චර දුර යන්න ලැබුණේ නැතිය. සිය හය වෙනි අඹුව වූ කැතරින් පාර් සමග විවාහයේ තුන් වෙනි අවුරුද්දේ හෙන්රි  අකාලයේ මියැදෙන්නේ කාලයක් තිස්සේ වද දුන් රෝගී තත්වයකින්‍ ය. සුව නොවනා දරුණු තුවාලයක් සහිතව හෙන්රි මියෙන විට අධික ස්ථුලතාවයෙන් යුතුව සිටියේය. ඔහුගේ ඉන අඟල් 54 වූවා යැයි සඳහන් වී ඇත්තේය.

රහමෙර සමග මිශ්‍ර කර ගත් එංගලන්ත ඉතිහාසයේ විසූ රැඩිකල්ම රජුත් සිංහල ජනප්‍රවාදයකුත් එකට ගැටලා කොච්චියා ලියූ මේ පෝස්ටුව මෙසේ නිම වෙනවාය.  

ප.ලි
ඒ වගේම මාතලන් කියනා පරිදි හිංගල පොෂා ලාගේ වීරයා වූ මගේත් ප්‍රියතමයෙක් වූ වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා මහතාගේ අභාවය ගැන ශෝකය ද ප්‍රකාශ කරනවාය. එතුමා සුරලොව යනවාට කොච්චියා කැමැත්තේය.



67 comments:

  1. මේක බලපන්..
    The Tudors
    අටවෙනි හෙන්රිගෙ කතාව..
    නියමෙට තියෙනව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ මචං. මම ඕක full series එක දෙපාරක් බැලුවා. පට්ට series එක. පොත් කියවලා search කරලා මවා ගත්තු චිත්‍රය ගෙඩිපිටින් ඇස් දෙකෙන් දකිද්දී පට්ට ත්‍රිල්..

      Delete
    2. වහාම ක්‍රීයාත්මක වන පරිදි හොයාගෙන නැරබිය ඉයුතු ලිස්ටි එකට දමා ගත්තෙමි.

      Delete
    3. මද්දා...Netflix වල තියෙනවා.

      Delete
    4. මද්ද එචිචර සල්ලි කාරයෙක් නෙමෙයි ටොරන්ට් පිහිට තමා

      Delete
  2. හැම එකාටම තියනවා මෙනවහරි රහමෙරක් එක්ක අාත්මීය බැදීීමක් ඔහෙට ජින් එක්ක ඕල්ඩ් රිසව් එක්ක වාගේ ...මට හැනපියර් එක්ක

    ReplyDelete
    Replies
    1. Gin ගහන එක දැන් නැත්තටම නැති වෙලා වගේ. Bombay Sapphire තමයි දැන් නම්..එහෙමත් නැත්නම් Tanqueray..විස්කි තමයි දැන් ඉතින්

      Delete
    2. මද්ද නම් D D තමයි.

      Delete
    3. DD ත් සුපිරි පානයක් තමයි. ලෝකල් නම් මගේ අංක එක

      Delete
    4. අම්මේ ඉතින් බීවට ගද නෑ කට ඉම්බත්.

      Delete
    5. DD ගද නෑ තොට පිස්සුද

      Delete
    6. නෑ අටමෝ බීවට පස්සෙ අපෙන් ගදක් එන්නෑ,
      DD ඉබින්න ගිහින් බීම අප්පිරිය කෙරෙ ගන්න එපා ෆට්ට ගදයි.

      Delete
  3. If you drink more and more Gin, weather it is dry or Lemon, for sure you will loose the performance of your 'Tool Kit'.

    ReplyDelete
    Replies
    1. As it was in the prime youth I was in craze with Gin,hope I didnt feel any of such consequences. Anyway I agree with you. Those spirits can cause such.

      Delete
  4. wine, women & song කියන්නෙ ඕකටනෙ.

    නියමයි කොච්චි

    ReplyDelete
  5. කටුස්සාත් ඉස්සල්ලාම රහමෙර පානය කරන්නේ වැල්ලවත්තේදීය. උසස්පෙල අමතර පංති කට්කර තවත් මිතුරන් 5 දෙනෙකු සමගින්‍ ය.සියල්ලෝම කෝඩු කාරයන් නිසා අරක්කු බ්‍රෑන්ඩ් පිළිබඳ කිසිදු දැනීමක් තිබුනේද නැත. දන්නේ ගල් බිවුවොත් ගඳයි- ගඳ ආවොත් ගෙදරට අහුවෙයි කියා පමණි. පිහිටට ආවේ කටුස්සාගේ පියාය. කටුස්සාගේ පියාගේ නිල පානය වන රොක්ලන්ඩ් ඕල්ඩ් බ්ලැක් ලේබල් බෝතල් එකහමාරක් මිලදීගන සැපත්වුනේ එකල වැල්ලවත්ත මුහුදු තීරයේ තිබූ කුඩා පෙට්ටිකඩයක් වන බට්ටී අක්කාගේ කඩය වෙතය.කඩයට පැමිණිවහාම බෝතල් තිබූ බෑගය බිමවැටී එකහමාරෙන් බෝතලය නිවන් දුටුවේය. #කලා හමාරය.බාගය ප්ලාස්ටික් බෝතලයක් නිසා යහතින් තිබුනි. අතේ සල්ලිද නැත.වෙලාවට එකෙක් අතේ පන්ති කාර්ඩ් එක ගන්න ගෙනාව රු.600ක් තිබුනි.එයත් රැගෙන බාර් එක වෙත ඔයනවිට වෙලාව උදේ 8ත් නැත.බාර් එක අරිනකන් සිට බෝතලය හා සැන්ඩි රැගෙන එනවිට මින් පෙර බියර් බීලා තියනවායි පම්පෝරි ගැසු සඳුන් , බෝතලේ බිඳුනු දුකට භාගය අමුවෙන්ම ගසා තව ශොට් දෙකක් පමන ඉතිරිව තිබියදීම බිම පෙරලීගනය.ඉතිරි පස්දෙනා බෝතලය අනුමත කරනවිට අවුල වූවේ බයිට් එකය. පාන්දර ජාමයේ සිට හිස්බඩින් සිටි උන්ට මුරුක්කු දිරෙවුවේම නැත.වෙන බයිටක් මිලදීගන්නට අතේ මුදල්ද නැත. අපගැන අනුකම්පාවෙන් බට්ටි අක්කා ලොකු කිරිබත් පිගන් දෙකකින් අපේ මංගල බීමට  අනුග්‍රහය දැක්වීය.වැඩේ නැගලා ගියේය. අවසන බිම වැටී හුන් සඳුන්වත් කරගහගන දෙහිවල තෙක් පයින් ගොස් දෙහිවලින්  163 බස් එකේ නැගලා සියල්ලෝම සතුටින් විසිර ගියෝය.

    ඔක්කොම හරිය කියපියකෝ.ඒත් අර අච්චර සුන්දර, මනහාර, සවන් පිනවන, මන පුබුදුවන මෙන්ඩිස් වලට කියා තිබෙන තුප්පහි කතාව තරයේ හෙලාදකිමි.

    ReplyDelete
    Replies
    1. ඔය අතීතෙ අපි ගොඩ දෙනෙක්ට පොදුයි.
      මම කලිනුත් කිව්වා වගේ මෙන්ඩියා හා කොච්චියා කිසි කල පෑහුණේ නැතිය.

      Delete
  6. මටනං ජින් අල්ලන්නේ නැතිය.
    ගල්, සංස්තා ඕල්ඩ් සහ IDL බ්ලැක් ලේබල් ප්‍රියතම බ්‍රෑන්ඩ වෙයි.

    ඔය මොන හෙන්රි මොන සෙල්ලං දැම්මත් හොඳ ගෑණියෙකුට මාට්ටු උන විට සල්ලං වෙයි. හැක්..

    ReplyDelete
  7. https://www.goodreads.com/book/show/16117978-wolf-hall-bring-up-the-bodies

    ReplyDelete
    Replies
    1. මම ඔය පොත හොයමින් ඉන්නේ. ..

      Delete
    2. පොත් දෙක වෙන වෙනමනම් ලංකාවෙ තියනවා. පොත් කඩවල සහ කොලඹ පබ්ලික් ලයිබ්‍රරි එකේ. ලයිබ්‍රරි එක ගැන කිව්වාම මතක්වුනේ ඔබතුමාට ඒ ගැනත් කතා ඇතිනේ. ඩොමෙස්ටිc සෙන්සර්ගෙන් සෙන්සර් කරගෙන ලියන්න

      Delete
    3. ඔහේ කොහොමෙයි ටක්කෙටම කිව්වෙ ලයිබ්‍රරි එක ගැන කතා ඇති කියලා...
      ඩොමෙස්ටික් සෙන්සර්ෂිප් ප්‍රශ්න අවම කරන් තමයි මේ ගොඩක් ඒවා ලියන්නේ

      Delete
    4. ඔබතුමාගේ බැක්ග්‍රවුන්ඩ් එක හා ඇන්ටික්ස් සැලකීමේදී පබ්ලික් ලයිබ්‍රරි එක මිස්වීමට ඇති චාන්සස් ඉතා අල්ප බැව් පසක්වීමට දිව්‍ය ඥානය අවශ්‍ය නොවේ.
      තව බොහෝ කොමන් සහ පැරලල් (කාලයේ වෙනසක් සහිතව ) ස්ථාන හා අත්දැකීම් ඇති බව මගේ බැක්ග්‍රවුන්ඩ් හා ඇන්ටික්ස් නිසා මට සිතේ.

      ඒ කෙසේ වෙතත්, Philippa Gregory ගේ පොත් කියවන්නේ නම් Margaret George ගේ ටියුඩර්ස් ගැනද කියවන්න. https://www.amazon.com/Margaret-George/e/B000AQ3VTG

      Delete
    5. ඔව්..ඒ කියන්නෙ ඔහේ කොච්චියාගෙ ලියුම් සීරුවට කියෝලා තියෙනවා. හරි සතුටුයි.
      පබ්ලික් ලයිබ්‍රරිය ආශ්‍රිත කතා ඔය කිව්වත් වගේ එමටයි. පාඩම් කරන්න ආපුවා..වල බහින්න ආපුවා වගේම එතනින්ම හෙමීට එහා වත්තට දක්කපුවත් නැතුවා නෙවෙයි.
      ඒ ගැන ලියන්න මතක් කල එක වටිනවා හැබෑට..
      පොත් ගැන දුන්න හින්ට් නම් වටිනවා..ගෙන්න ගන්න ඕන

      Delete
  8. සලාපුරයත් මේ රහමෙර කර්තව්වයට නරකම නැත. පෙරකී අදාළ දේ සියල්ල එහිද ඇත.

    ReplyDelete
    Replies
    1. කොච්චියා සලාපුරයේත් වැඩ අල්ලා ඇත. අලුත් මාලු සමග බොන්නට නරක නැතිය

      Delete
  9. බ්ලොග් ලියන හෙන්රියා ඇරෙන්න ඔය අට වෙනි හෙන්රි ලොක්ක ගැන වැඩිය දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. හෙන්රි ගේ පාලන සමය අද අපේ රටේ ආගම් රාජ්‍යය හා පටලන්නට දත කන්නවුන්ට පාඩමක් ය.

      Delete
  10. අනේ මන්දා ඉතින් අපි වගේ ස්ත්‍රී පරාණ මේවා කියවලා මොනවා කමෙන්ට් කොරන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ...දැන් බලන්න ජොරාගේ අටවෙනි අඹුව.. ඒ වගේම තමයි හෙන්රි ගේ විවිධ බිරින්දෑවරු මිනිහව විවිධ විදියට නටවපු හැටි.. ස්ත්‍රිය කොයි තරම් ප්‍රබලද කියලා ඔයාට The Tudors බැලුවොත් තේරේවි.
      හෙන්රි ගේ දුවලා දෙන්නෙක් ම ඔටුන්න හිමි කර ගන්නවා. Bloody Mary නොහොත් මේරි සහ පළමු එලිසබෙත්..
      අන්න ස්ත්‍රී පරාණ

      Delete
    2. හා.. හා... මම කිව්වේ උන්දලා ගැන නෙවෙයි. මේ බීම සම්බන්ධව මමනම් ඉතින් කැමතිම baileys වලටයි රෙඩ් වයින් වලටයි තමා කැමතිමත් නෙවෙයි ඉතින් තවම බීලා තියෙන්නේ ඔය දෙක තමා.

      Delete
    3. ඔයා baileys කැමති නම් amarula ට්‍රයි කරලා බලන්න. මගේ නෝනාගේ ෆේවරිට්. රෙඩ් වයින් විතරක් නෙවෙයි හීනියට රස කොක්ටේල් එකක් දෙකක් හදා ගන්න.

      Delete
  11. මද්දටත් මෙන්ඩ සෙට් වෙන්නම් නෑ තමයි.

    ඇස්කොට් ලෙමන් නම් වරදක් කියන්න බෑ.

    ReplyDelete
  12. හෙන්‍රිට වඩා ජින් ගැන ලියන්න හිතුනා.

    මමත් ඒ කාලේ කැමතිම බීමක් තමයි රොක්ලන්ඩ්ස් ලෙමන් ජින්. ඩ්‍රයි ජින් එකක් තිබුනොත් ලෙමන් කෝඩියල් හොයාගන්නවා. මරු කම්බිනේශන් එක. ඒත් දැන් නම් ජින් ඇන්ඩ් ටොනික් තමයි. බොම්බේ සැෆයර් හොඳ ජින් එකක්. මෙහේ තියනවා ප්ලිමත් ජින් කියලා එකක්. වරදක් නැහැ. අපෙ දුව ඉගෙණගත්තේ ප්ලිමත් නිසා එහේ ගියාම මම ප්ලිමත් බොනවා. මම ඒ ඩිස්ටිලරිය බලන්න ගියා. මම කොහෙ හරි ගියොත් ඒ පලාතේ නිශ්පාදන රහ කර බලනවා. මේ රටේ පලාතෙන් පලාතට වෙනස් රස තියෙන ඒල් වර්ග තියෙනවා. ඒවා සුපර් මාකට්වල් නොතිබුනාට ලෝකල් පබ් එකකට ගියාම බොන්න පුලුවන්.

    කොච්චියෝ...ඒ දවස්වල ලංකාවේ තිබුන හොඳම සීෆුඩ් රෙස්ටොරන්ට් එකක් තමයි ලා ලැන්ගුස්ටරි...ගල්කිස්සේ. විදේශිකයන් අතර හරිම ජනප්‍රියයි. මම කාලයක් ඕකේ වැඩ කරා. මගේ ෆස්ට් ජොබ් එක.

    ReplyDelete
    Replies
    1. අරුණ උඹට මේ පැත්තෙ ඇවිත් යන්න අදහසක් හෙම නැද්ද?

      Delete
    2. බලාපොරොත්තුවක් තියෙනවා මචං.

      Delete
    3. අරුන ඕමාන් හිටියා කියලා හැලපෙ කිව්වා. මේ පැත්තෙ එන්න තියෙන බලාපොරොත්තුව ඉටු වේවා..

      Delete
    4. අරුන ඕමාන් හිටියා කියලා හැලපෙ කිව්වා. මේ පැත්තෙ එන්න තියෙන බලාපොරොත්තුව ඉටු වේවා..

      Delete
    5. ඔව් 1987 ඉඳන් 2000 වෙනකම් වගේ අපි හිටියා. මගේ හොඳ යාලුවෝ තාම ඉන්නවා.

      Delete
  13. අරුණ හොඳ රසවතෙක් බව පේනවා. මමත් කැමතිම දෙයක් තමයි ප්‍රාදේශීය සංස්කෘතීන් හැදෑරීම ... ඒකට හොඳම ක්‍රමයක් තමයි ආහාර සහ බීම ගැන අධ්‍යයනය කිරීම.
    රෙස්ටොරන්ට් එකක වැඩ කලා කියන්නෙ..රස සුපිරියට විඳපු කෙනෙක්..මම ගිහින් නැති උනාට ලා ලැන්ගුස්ටරි ගැන හොඳට අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මෑත කාලයක් වෙනතුරු මගේ වෘත්තිය වුනේ කෑම සහ බීම. ඒක රසවත් රැකියාවක්. වයසට යනකොට ඒක එපා වෙනවා. මහ වාතයක්. කෙනෙක්ව කෑමෙන් පිනවනවා කියන්නේ අමාරු රාජකාරියක්. අපි කවුරුත් කැම බීම වලදි අලුත් රස හොයනවා. ලෑම ගැන නම් මම එච්චර දන්නේ නැහැ :D

      Delete
    2. කෑම බීම සහ ලෑම කියන්නෙ අලුත් රස සෙවිය යුතුම කාරණා නේ. හැබැයි ඉතින් එකම සතා උනත් බැදලා..උයලා..ඩෙවල්..ස්ටු..ස්ටේක්...සහ නා නා විදියට හදලා රස විඳින්න පුලුවන්නේ... මම මේ කිව්වෙ ලෑම ගැන

      Delete
    3. /////හැබැයි ඉතින් එකම සතා උනත් බැදලා..උයලා..ඩෙවල්..ස්ටු..ස්ටේක්...සහ නා නා විදියට හදලා රස විඳින්න පුලුවන්නේ... මම මේ කිව්වෙ ලෑම ගැන //////

      අන්න හරි කොච්චි. එතකොට එකම කිචන් එකේ ඔක්කොම රස බැලුව හැකි. ඒක තමයි කරන්නත් ඕන. ඒක හොඳ සූප වේදියෙක්ගේ ගති ලක්ශන. රහට උයන තරමට රහට කතෑකි. මම කියන්නේ කෑම ගැන :D

      Delete
    4. එතන තමයි සූපවේදියා සහ පෙරේතයා අතර වෙනස...

      Delete
    5. ලෑම ගැන නම් මම එච්චර දන්නේ නැහැ :D පව් චුච්චං බබා

      Delete
    6. /////හැබැයි ඉතින් එකම සතා උනත් බැදලා..උයලා..ඩෙවල්..ස්ටු..ස්ටේක්...සහ නා නා විදියට හදලා රස විඳින්න පුලුවන්නේ... මම මේ කිව්වෙ ලෑම ගැන //////

      තොපි දෙන්නා කියන එව්වා කරන්ඩ ගියොත් ගෑණි මාව එලියට දායි

      Delete
    7. අටමා උඹ ඒ කියන්නෙ විවිධ රස උඹ විවිධ හෝටල් වල හොයනවා කියලද.. එහෙම නැත්නම් එකම හෝටලෙන් හොද්දයි බතයි විතරක් කාලා ඉන්නවා කියලද...බොගේ ඔය ප්‍රකාශය ඇතුලේ ඔය ඔප්ෂන් දෙක තමා පේන්නෙ

      Delete
    8. ප්‍රාදේසීය සඟිස්කුරුතිය පස්සේ පන්නනවා නම් ලංකාවට ගිය ගමන් දන්කොටු, සීදුවේ සුදුව ... වගේ එක එක නං වලින් ඔය හැම පැත්තටම විසේස ඒවා තියෙන්නේ ...

      Delete
    9. සීදුවේ සියලු රස ඇත්තේය

      Delete
  14. ඕන වෙලාවක ඇදල අරින්න නම් සංස්ථා ඔල්ඩ් මසුරං වටී.ඕල්ඩ් රිසව් නම් හිස් බෝතලයක් උනත් කබ්බා ගෙන්නන්න සමත් තරම් අපුල ය. එක් වරක් ගල් භාගයකට ඕල්ඩ් රිසව් බෝතලයක් මාරු කරගන්නේත් ඒ අවුලට මය.
    එක එකාගේ හැටිය..
    කොච්චියාගේ ලිවිලි නියම ය.රස බයිටක් වගේ ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අරක්කු වල උනත් හැටි එහෙමය. එක එකාට හරියන්නේ එක එක ඒවාය.
      ලියවිල්ල අගය කලාට හිත පුරා ස්තූතිය

      Delete
  15. මරු ඈ...වැදෙනවනම් කරන්ට් එක හෝ ඇතිය...එනමුත් මෙන්ඩිස් අන්කල්ට මාත් අකමැතිය.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා ට අකමැති උන් බ්ලොග් අවකාශයේ සෑහෙන්න ඇති බැව් පෙනේ

      Delete
    2. අවුරුදු 15 වේ එකක් දාල බලපන් අනිත් ඒව නං ඉතිං හරි යනවා අඩුයි !

      Delete
  16. අපි නම් දන්න කියන උන් එක්ක ගහන්නේ ගල්ය... අනෙක් වෙලාවට ඕනෑම දෙයක් ඇදලා අරිනවාය.. මෑතක සිට මෙන්ඩිස් අයියාගේ ඔල්ඩ්ට පෙම් කරමි.. කසියා වුවද අවුලක් නැත..

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන එකා එක්ක කසියා බොන්නටද කොච්චියාත් ලෑස්තිය. හැබැයි දිරවන්නේ නැති උන් සමග ජොනී අයියාගේ නිල් පාට ලේබලය දුන්නත් බොන්නට හිතක් නැත්තේය.

      Delete